සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ තරමක් වෙනස් විදිහක කතාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොලිවුඩ් සිනමාවෙන් බැහැර වුණු ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි කියන රාමුවෙන් මිදුණු රියලිස්ටික් කතාවක්. එහෙනම් කතාව ගැන කියන්නට කලින්ම විස්තර ටිකක් දැනගෙනම ඉමු. මේ සිනමා සිතුවම එළි දකින්නේ 2…

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලුම දෙනාට,
මේ අරගෙන එන්නේ තරමක් වෙනස් විදිහක කතාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොලිවුඩ් සිනමාවෙන් බැහැර වුණු ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි කියන රාමුවෙන් මිදුණු රියලිස්ටික් කතාවක්. එහෙනම් කතාව ගැන කියන්නට කලින්ම විස්තර ටිකක් දැනගෙනම ඉමු.
මේ සිනමා සිතුවම එළි දකින්නේ 2019 ජනවාරි 18 වෙනිදා. නාට්‍යමය කියන වර්ගීකරණය යටතට වැටෙන මේ නිර්මාණයට හිමිවෙලා තියන imdb අගය 6.5 ක්. ඒ වගේම කුණු තක්කාලි දර්ශකය 94% ක් දක්වා කරකවන්නට මේ සිනමා පටය සමත් වුණා. විනාඩි අසූ දෙකක් පුරා දිවෙන මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළේ බෘස් තියරි. රඟපාන නළු නිළි කැල ගැන මතක් කළොත් James Franco, Rashida Jones, Jeff Wahlberg, Alyssa Elle යන අය රංගනයෙන් දායක වෙනවා. ජේම්ස් ෆ්රැන්කෝ කියන්නේ මම පෞද්ගලිකව ආසම කරන නළුවෙක්. 127 Hours, The Disaster Artist, Kill The Czar සහ Spider-Man ට්‍රිලොජියෙන් අපි ජේම්ස් ෆ්රැන්කෝ ගේ දක්ශකම් දැකලා තියනවානේ. ඉතින් මේ සිනමා සිතුවමට විශාල සම්මාන ප්‍රමාණයක් ලැබිලා තියනවා. ඒ ටිකත් බලාගෙනම කතාවට යමු.
- ලොස් ඇන්ජලීස් ෆිල්ම් ෆෙස්ටිවල් හිදී
– අධ්‍යක්ෂණය සඳහා ජූරියේ විශේෂ සම්මාන - සෞතම්ප්ටන් අන්තර්ජාතික සිනමා උළෙලේදී
– හොඳම වෘතාන්ත චිත්‍රපටය
– වෘතාන්ත චිත්‍රපටයක හොඳම සිනෙමාරූපණය - වුඩ්ස්ටොක් ෆිල්ම් ෆෙස්ටිවල් හිදී
– හොඳම වෘතාන්ත චිත්‍රපටය
-හොඳම සංස්කරණයට හිමි සම්මානය - තරුණ කලාකරුවන්ගේ සම්මාන උළෙලේ දී
-හොඳම තරුණ නිළියට හිමි සම්මානය
හොඳයි එහෙනම්, කතාව පැත්තට හැරෙමු.
කතාව ගෙතෙන්නේ කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයකයි. පවුල් දෙක තුනක් විතරක්ම ජීවත් වෙන මේ ප්‍රදේශයේ රැකියා සපයන එකම තැන වෙන්නේ කර්මාන්තශාලාව. ඉතින් එක දවසක හදිසියෙන්ම කර්මාන්තශාලාව වහලා දාන්න තීරණය කරනවා. තව දුරටත් මුකුත්ම නැති මේ කාන්තාරයට වෙලා එක තැන් පල් වෙනවාද නැත්නම් පුළුවන් තරම් ඈතකට පැනගන්නවාද කියන කාරණය ගැන තදින්ම හිතන පවුලේ රැකවල්ලු වෙන තාත්තලා අවසානයේ බැරෑරුම් තීරණයක් ගන්නවා. ඒ හඳට යන්න. තමන්ගේ පවුලේ ඈයෝ, පොඩි දරුවෝ, වගකීම්, මේ ඔක්කොම අමතක කරලා පිරිමි පාර්ශවය පැනලා යනවා. ඊටපස්සේ අවස්ථාව ලැබෙන්නේ එතකම් තාත්තා යටතේ ලොකු මහත් වුණු ළමයින්ටයි. ඊයේ පොඩි උන් ටික අද ඉදන් මහ මිනිස්සු වෙන්න ගන්නවා. ජීවිතේ විදින්න පටන් ගන්නවා. ඒ ඔක්කොටමත් වඩා තාත්තට වෛර කරන්න ගන්නවා. ඒත් තාත්තලා නැති තැන වගකීම ගන්න වෙන්නේ තමන්ටම බව දැනගත්තහම උන් මොනවා නම් කරයිද? මොනවා නොකරයිද?
මුළු කතාවම පදනම් වෙන්නේ සාධාරණීකරණය කිරීම් මාලාවක් මත. අපි අපේ පෞද්ගලික විශ්වාස තුළින් ඒ තාත්තලාට වරද පටවද්දි එයාලගේ පැත්තෙන් කතාව කොහොම වෙයිද? සමහරවිට වෙනස්ම කතාවක්, අපි නොදකින ගැඹුරක් තියෙන්න බැරි නෑ නේද? ඒ සියල්ල ඔබට බාරයි. මම නම් උපරිමයෙන් වින්දා. ඒත් හොලිවුඩ් විශ්මලන්තය ඔළුවේ තියන් බලන්න එපා. කවදාටවත් වඩා ලොකු බලාපොරොත්තු කඩ වීමක් වෙයි. රියලිස්ටික් කෝණයකින් බලන්න. ඔබව එතනට ආදේශ කරගන්න. විඳගන්න
ලැබේවි. ගිහින් එන්නම්. පනහත් අරගෙනම.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
2,455 downloadsDownload Dont.Come_.Back_.From_.The_.Moon_.2017.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
14 comments
හසිත මධුෂාන්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nivom
thanx malliyo
Hashan M. Priyadarshana
Thank you bro sub ekata.. :)
Jaya wewa.!wnrodrigo
Goos work friend, Thanks for the sub.!!
nish47
ස්තූතියි සහෝ
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බේනුක සහෝ.
ජයෙන් ජයම වේවා!prabth
thanks machan
Piumi ann
Wenas vidihe kathawakunath mama download kara balamu hodaida kiyala thank bro
YasasPerera
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks ...............good luck ................
නිමල් දිසානායක
තාරුණ්‍යයේ කතන්දරයක්.
දුගී බවේ- රැකවරණය අහිමි වීමේ ඛේදවාචකයක්.
හොඳ වැඩක් බේනුක!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!