“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි. ඉත…

“I’m just a friendly neighborhood Spider-Man.”
―Spider-Man―
අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි.
ඉතින් අද මම ආව කාරණාව කියන්න කලින් තව දෙයක් කියන්න ඕනා..
2019 අගෝස්තු 21 උදෑසන ආරංචි වූ පරිදි සෝනි සහ මාර්වල් ස්ටූඩියෝ අතර ස්පයිඩර්මෑන් සඳහා පැවති ගිවිසුම අවසන් වී තිබෙනවා. සෝනි සහ මාර්වල් ස්ටූඩියෝ සභාපති කෙවින් ෆෙයිජි අතර ස්පයිඩර්මෑන් ගිවිසුම සඳහා ඉදිරිපත් වූ නව කොන්දේසි හේතුවෙන් මෙම ගිවිසුම අවසන්වූ බව පැවසෙනවා.
මේ සඳහා ප්‍රධානම කාරණාව වන්නේ අවසනට පැමිණි ස්පයිඩර්මෑන් සහභාගි වූ සිනමාපට ද්විත්වයම බිලියනය පසුකල සිනමාපට වීමයි.. Avengers Endgame ලොව ඉහලම ආදායම් ලද සිනමාපටය වූ අතර, spiderman far from home සිනමාපටය ඉහලම ආදයම් ලද ස්පයිඩර්මෑන් සිනමාපටය මෙන්ම James Bond Skyfall පසු කරමින් ඉහලම ආදායම ලද සෝනි සිනමාපටයද වූවා. මේ නිසා සමාගම් දෙකම මේ ලාබ උපයාදෙන චරිතය තමන් වෙත රඳවාගැනීමට උත්සාහ දරනු ලබනවා..
මෙතෙක් පැවති ගිවිසුම අනුව සිනමා අයිතිය ඩිස්නි/මාර්වල් ස්ටූඩියෝ සහ මූල්‍ය අයිතිය සෝනි වෙතයි පැවතියේ. තනි සිනමාපට ආදායමෙන් 5% මාර්වල් වෙත හිමි වූවා (ඇවෙන්ජර්ස් වගේ ටීම්අප් වලදී සම්පූර්ණ ආදායම මාර්වල් වෙත). ආරංචි වන ආකාරයට ඩිස්නි සමාගම 50/50 මූල්‍ය ගනුදෙනුවක් සෝනි වෙත ඉදිරිපත් කර ඇති අතර සෝනිලා එකහෙලාම එය ප්‍රතික්ශේප කර තිබෙනවා (කවුද අකැමති බිලියනයේ ෆිල්ම් එකක් අයිති කරගන්න 😏) එ් වගේම සෝනිලා ගෙන ආ නව කොන්දේසි සහිත ගනුදෙනුව ඩිස්නිලා ප්‍රතික්ශේප කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරියට mcu තුල ස්පයිඩර්මෑන් දක්නට නොලැබෙන අතර සෝනිලාද මේ කපේට ඔවුන්ගේ ඉහලම ආදායම් ලද සිනමාපෙල වන ස්පයිඩර්මෑන් හිමිකම නැවත මාර්වල් හට ලබා නොදෙනු ඇත. ආරංචි වල ආකාරයට ටොම් හොලන්ඩ් සහිත තවත් සිනමාපට දෙකක් සෝනිලා නිර්මාණය කෙරෙන බව පැවසෙනවා.. පෙර සිනමාපට දෙකේ අධ්‍යක්ෂක Jon Watts සහබාගි නොවන බව පැවසෙනවා.
ඉතින් අපි බලමු තනියම බදාගෙන කන්නට ගොස් සෝනිලා ස්පයිඩර්මෑන් අනාගතය කෙසේ ගොඩනගයිද කියා..
එහෙනම් මාතෘකාව වෙත එන්නම්. අද ඉතින් මම කොමික් කතාව කියන්නේ නැහැ. දැනටම බොහෝ දෙනා ඒ කතා දන්නා නිසා. අද මං කතා කරන්නම් මාර්වල් සිනමා විශ්වයේ ස්පයිඩර්මෑන් ගැන. පීටර් පාකර් හෙවත් ස්පයිඩර්මෑන්ගේ කතාව දැන් හැමෝම දන්න දෙයක්. මොකද සෝනි සමාගම මේ වනවිට අධ්‍යක්ෂක දෙපලක් සමඟ නළුවන් දෙදෙනෙක් සමඟ සිනමාපට 05 ක් නිර්මාණය කරා. ඒ වගේම මාර්වල් සිනමා විශ්වය ඇතුලත සිව්වරක් දැකගන්නට ලැබුනා.
Sam Raimi යටතේ Spider-Man (2002) , Spider-Man 2 (2004) සහ Spider-Man 3 (2007) සමඟ Tobey Maguire දැකගන්නට ලැබුනා. පසුකාලීනව Marc Webb යටතේ Andrew Garfield විසින් The Amazing Spider-Man (2012) සහ The Amazing Spider-Man 2 (2014) සමඟ දැකගන්නට ලැබුනා. බොහෝ දෙනා දන්නා පරිදි ස්පයිඩර්මෑන් සිනමා අයිතිය හිමිව තිබෙන්නේ සෝනි සමාගම හටයි. එක්දාස් නමසිය ගණන් වලදී සෝනි හට හිමි වූ මේ සිනමා අයිතිය මේ කපේදීනම් නැවත මාර්වල් හට ලබාදෙන්නට සෝනි සමාගම එකඟ වන්නේ නැති බව පෙනෙන්නේ ස්පයිඩර්මෑන් චරිතය තුලින් ඔවුන් දැවැන්ත ආදායමක් හිමිකර ගන්නා බැවිනි. ඒ උනත් හැමෝම වගේ දන්නා විදියට සෝනි සහ මාර්වල් අයිතිය හිමි ඩිස්නි අතර 2015 දී ඇතිවුණු ගිවිසුමක් සමඟ ස්පයිඩර්මෑන් චරිතය මාර්වල් සිනමා විශ්වයට යොදාගන්නට හැකි වනවා. සෝනි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වන Amy Pascal ගේ අදහසක් අනූව තමා ස්පයිඩර්මෑන් චරිතය නැවතත් මාවල් ස්ටුඩියෝ එකටම හිමිවෙන්නේ. ඒ හිමිකාරිත්වය හමුවේ ඔයාලට මාවල් සිනමා විශ්වය තුල මුලින්ම Captain America: Civil War හරහා ස්පයිඩර්මෑන් දකින්න ලැබෙනවා. ඒ තමයි මේ චරිතය මාවල් සිනමා විශ්වයට ඇමිණු ආකාරය. ඉතින් පසුව Spider-Man: Homecoming සිනමාපටය තුලින් mcu තුල පළමු ස්පයිඩර්මෑන් සිනමාපටය නිර්මාණය වනවා.. පසුව Avengers: Infinity War සහ Avengers: Endgame තුලින් දැකගන්නට හැකි වනවා. Far From Home තුලින් තමයි mcu තුල දෙවන වරට මෙන්ම දැනට පැවසිය හැකි පරිදි අවසන් වරට තමන්ගේම සිනමාපටයකින් ස්පයිඩර්මෑන් මෙලෙස හමුවන්නේ. ඉතින් අවසානයේ ස්පයිඩර්මෑන් සිනමා හිමිකම නැවත සෝනි හටම හිමි වූයේ බෙදාගෙන කන්නට නොව බදාගෙන කන්නට යාම නිසායි.
අපි බලමු මාර්වල් සිනමා විශ්වය හෙවත් mcu හි පීටර් පාකර් හෙවත් ස්පයිඩර්මෑන් ගේ වතගොත ටිකක්.
නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස් හි තමයි පීටර් උපත ලබන්නේ. ඒ 2001 අගෝස්තු 10 වනදා. ළමා කලදීම දෙමව්පියන් මියගිය නිසා පීටර් හැදී වැඩෙන්නේ නැන්දා සහ මාමා වන මේයි පාකර් සහ බෙන් පාකර් සමඟ. පසු කලෙක බෙන් මියගිය පසුව මේයි පීටර්ව තනිවම උස්මහත් කරනවා.
කුඩා කල 2010 දී පීටර් Stark Expo (අයන්මෑන් 02) ප්‍රදර්ශනය නැරඹීමට යනවා. එහිදී ඔයාලට මතක ඇති අයිවන් වැන්කෝ ගේ රොබෝ සොල්දාදුවෙක් ඉදිරියේ සිටින අයන්මෑන් වෙස් මුහුණක් පැලඳ සිටින දරුවා.. ඉතින් ඒ තමයි මේ පීටර් පාකර්. එදා අයන්මෑන් අතින් දිවි බේරාගන්නා පීටර් පසුකලෙක ඔහු නිසාම ලොවක් ඉදිරියේ සුපිරිවීරයෙක් ලෙස තම දිවිය ගොඩනගා ගන්නවා.
“Nice work, kid.”
නොදැනුවත්ව වුවත් අයන්මෑන් පීටර්ට පවසන පළමු වදන එයයි.

පසුකලෙක Midtown School of Science and Technology වෙත ඇතුල්වන පීටර් හට ඔහුගේ අතිජාත මිත්‍රයා වන නෙඩ් ලීඩ්ස් සහ පාසල් කාලයේ සතුරා වන ෆ්ලෑෂ් තොම්ප්සන් පවා හමුවනවා.
අපිට mcu එක තුල පීටර්ට බලය හමුවෙන අවස්ථාව පෙන්වන්නේ නැහැ.. කෙලෙස කොයි වෙලාවේ මකුළුවා සපා කෑවාද කියා පෙන්වන්නේ නැහැ.. ඒ ගැන කියවෙන එකම අවස්ථාව වන්නේ හෝම්කමින් සිනමාපටයේ නෙඩ් විසින් පීටර්ට පහත පරිදි පවසන දෙබසයි.
“You got bit by a spider? Can it bite me? It’d probably hurt, right? You know what, whatever. Even if it did hurt, I’ll let it bite me. Maybe. How much did it hurt?”
“Spider’s dead, Ned.”
ඔයාව මකුළුවෙක් කෑවා කියලද කිව්වේ? ඌට මාවත් හපන්න පුළුවන්ද? ඒක එච්චරට රිදෙන එකක් නැහැනේ නේ? දන්නවා, රිදුනත් මොකෝ මම ඌට හපන්න දෙන්නම්. එක්කෝ කොච්චරක් විතරද රිදුනද ඉතින්?
ඒ මකුළුවා මැරුණා. නෙඩ්.
―Ned Leeds and Peter Parker
කෙසේ වෙතත් මකුළුවාගේ සපාකෑම නිසා පීටර් හට සුපුරුදු ලෙස ඔහුගේ සුපිරි බලය හිමිවෙනවා. ඒවාට දරාගැනීමේ ශක්තිය, වේගය, බිත්ති දිගේ නැගීමේ හැකියාව මෙන්ම තවත් බලයන් බොහොමයක් හිමිවනවා. මෙතනදී පොඩි දෙයක් විශේෂයෙන් කියන්න ඕනි.. අපි අතරින් සමහරක් කියන්න ගත්තා mcu එකේ ස්පයිඩි ට එයාගේ අයන්මෑන් හදලා දෙන ඇඳුම නැතුව මොනවත් කරන්න බෑ කියල. එහෙම කියන අයට කියන්න තියෙන්නේ සිවිල් වෝ හි ටෝනි පීටර්ව හමුවෙන්න ආව වෙලේ ප්ලේ කරලා පෙන්වන වාහන අනතුර හොඳට බලන්න කියලා තමයි. එතැනදී ස්පයිඩි පැයට කිලෝමීටර 64 ක ( 40 miles an hour) වේගයෙන් එන රාත්තල් 3000 ක් බර කාර් රථය කිසිඳු අපහසුවකින් තොරව අත් දෙකෙන් නවත්වනවා පෙන්වනවා. mcu ස්පයිඩි ට ඇඳුම නැතුව වැඩ බෑ කියනවනම් එයා එක්ක ඒ ගැන කතාව නවත්තන එකයි කරන්න වෙන්නේ…
හරි එහෙනම් ආපහු කතාවට එමු. ඉතින් පීටර්ට බලයන් හමුවුණාට පස්සේ එයා තමන්ම හදාගත්තු ඇඳුමක් සහ එයාම නිපදවපු කෘතීම දැල් විදිනයක් එක්ක නිව්යෝර්ක් නගරයේ අපරාධ වලට එරෙහිව සටන් වදිනවා. ඉතින් මේ විදියට ඉද්දි තමයි පීටර්ව ටෝනි ස්ටාර්ක් ගේ නිරීක්ෂණයට හසුවන්නේ. කොහොම උනත් ටෝනි පීටර්ව නිරීක්ෂණයේ යෙදුනත් කොයිම මොහොතකවත් මැදිහත්වීමක් කරන්නේ නැහැ. සිවිල් වෝ සිදුවීමේදී අලුත්ම බලයන් තිබෙන අයෙක් අවශ්‍ය වන නිසා තමයි අවසානයේ පීටර් හමුවට ටෝනි එන්නේ.
පීටර්ගේ පුද්ගලික වීරයා වන කැප්ටන් ඇමරිකාට එරෙහිව ස්පයිඩි ව ජර්මනියට ගෙනයන ටෝනි ඔහුට ස්ටාර්ක් තාක්ෂණයෙන් නිමවුණු ස්පයිඩර්මෑන් ඇඳුම ලබාදෙනවා. සිවිල් වෝර් ජර්මනියේ සිදුවීමෙන් පසුව ටෝනි පුද්ගලිකවම පීටර් ව නැවත නිව්යෝර්ක් වෙත කැඳවාගෙන එනවා. එහිදී ඔහුට තමා දුන් ඇඳුම තබාගන්නට අවසර ලබා දෙන්නේ ජර්මනියේ ක්‍රියා කල ආකාරය අනුව පීටර් එම ඇඳුමට සුදුස්සෙක් බව තේරුම් ගෙන හැපී ගේ නිරීක්ෂණය යටතේ සිටින බව පවසා ය.
ඉතින් තමාට ලැබුණු නවතම ඇඳුම සමඟ පීටර් බොහෝ උද්‍යෝගයෙන් කටයුතු කරනවා. නවතම ඇඳුම සමඟ සිටින පීටර් බලා සිටින්නේ ටෝනි සමඟ නැවත සුපිරිවීර ක්‍රියාවක නිරතවීමට ඇරයුම් ලැබෙන තෙක් ය.. නමුත් ටෝනි ඔහුව කරදර වලින් ඈත් කර තබන්නට කටයුතු කරනවා.. මේ නිසා අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් ලෙස පීටර් තම නගරයේ සැරිසරමින් කටයුතු කරනවා. 2012 චිටාවුරි ආක්‍රමණයේ සුන්බුන් වලින් සොයාගත් තාක්ෂණයන් උපයෝගී කරගනිමින් නීති විරෝධී ක්‍රියාවල මෙන්ම එම තාක්ෂණික උපකරණ කළුකඩ විකිණීමේ යෙදුනු එද්‍රියන් තෝමස් හෙවත් Vulture හට මුහුණ දෙන්නට පීටර් ට සිදුවනවා. Vulture පිළිඹඳ ටෝනි හෝ හැපී අවධානය යොමු නොකළ නිසා පීටර් තනිවම Vulture පසුපස හඹා යනවා.
Stark Cargo Plane තුල මෙන්ම Vulture සමඟ පීටර් ක්‍රියා කල ආකාරය නිසා ටෝනි අවසානයේ තීරණය කරනවා ඔහුව ඇවෙන්ජර් කණ්ඩායම වෙත එකතු කරගන්නට. ඒ දිනවල ඇවෙන්ජර් කණ්ඩායම මෙහෙයවන්නේ ටෝනි විසින්. ඒ කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ හි සිදුවීම් නිසා නීතියෙන් පලායන්නෙක් ලෙස නම්කර ඇති බැවිනි. ඒ වන විට ටෝනි සමඟ වෝ මැෂින් සහ විෂන් ඇවෙන්ජර් කණ්ඩායමේ සිටිනවා. හල්ක් සහ තෝර් පෘතුවියෙන් පිටතත්, කැප්ටන්, නටාෂා, හොව්ක්අයි සහ ෆැල්කන් නීතියෙන් පලායන්නන් බවටත් පත්ව සිටිනවා. ඒ වන විට සෙකෝවියා ගිවිසුම අත්සන් කර සිටින ටෝනි නිසා ඔහු සමඟ සිටින අනෙත් අයටද ගිවිසුමට අත්සන් කර තම අනන්‍යතාව හෙළිකර සිටින්නට සිදුවනවා. කෙසේ වෙතත් අවසාන මොහොතේ පීටර් තීරණය කරන්නේ තම අනන්‍යතාව එලෙසම තිබෙන්නට හැර ඇවෙන්ජර් කෙනෙක් නොවී නිව්යෝක් නගරයේ පුංචි වීරයෙක් ලෙස සිටින්නටයි. තත්වය තේරුම්ගන්නා ටෝනි පීටර් හට එලෙස කටයුතු කරන්නට ඉඩ සලසනවා. ඒ වගේම පීටර්ගේ නැන්දා ‘මේ පාකර්’ ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් කියල දැනගන්නවා..
මෙලෙස කාලය ගත කරන පීටර් ට නොසිතු ඇබැද්දියක් සිදු වන්නේ එක්වරමයි. බ්ලැක් ඕඩර් එක පෘතුවිය ට එන්නේ ඉන්ෆිනිටි ස්ටෝන් හොයාගෙනයි. එතනදී Black Dwarf සහ Ebony Maw ට එරෙහිව නිව්යෝර්ක් වලදී පීටර් සටන් වදින්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් බේරා ගැනීම සඳහායි. අවසානයේ එතනදී පීටර් ඔහුට එවේලේ හිමි වූ අයන් ස්පයිඩර් ඇඳුම සමඟ ටෝනි, ස්ට්‍රේන්ජ් සහ එබෝනි මා සමඟ අභ්‍යවකාශයට පිවිසෙන්නට සිදු වනවා. එම ගමන අවසානයේ නතර වන්නේ ගාර්ඩියන් ඔෆ් ද ගැලැක්සි කණ්ඩායම සමඟ ටයිටන් මතදීයි.. තානොස් සමඟ සිදුවන සටන දී දිවි බේරාගන්නා ඔහු අවසානයේ තානොස් ගේ ‘ස්නැප්’ එක හේතුවෙන් දුහුවිලි බවට පත්ව යන්නේ ඔහු තමාගේ පුතෙක් මෙන් සැලකු ටොනීගේ දෑත් මතදීයි.
“Mr. Stark? I don’t feel so good.”
“You’re all right.”
“I don’t– I don’t know what’s happening. I don’t… I don’t wanna go. I don’t wanna go, sir, please. Please, I don’t wanna go..”―Peter Parker විසින් Tony Stark හට ටයිටන් මතදී
වසර 5 ක් අවසානයේ ප්‍රොෆෙසර් හල්ක් විසින් සිදු කල ‘බ්ලිප්’ එක හෙවත් නැවත සකස් කල ඉන්ෆිනිටි හන්ලට් එකේ ස්නැප් එක හේතුවෙන් නැවත පීටර් ඇතුළුව දුහුවිලි බවට පත් වූ සියල්ලන්ම නැවත පැමිණෙනවා. ඉතින් මෙලෙස පැමිණෙන්න පීටර් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ උදව්වෙන් තානොස්ට එරෙහිව පැවති අවසන් සටන වෙත පැමිණ වීරයින් සියල්ලන් සමඟ එක්ව තානොස් හා ඔහුගේ හමුදාවට මුහුණ දෙනවා.. ඉන්ෆිනිටි ගන්ලට් එක සුරැකිව තබාගැනීම සඳහාද ඔහු බෙහෙවින්ම උපකාරී වනවා. අවසානයේ ටෝනිගේ ජීවිත කැපකිරීම සමඟ ඔහු වෙත යන පීටර් හට ඔහු මියයන අයුරු බලාසිටින්නට සිදුවන්නේ හදපිරි සොවිණි.
“Hey, Mr. Stark? Can you hear me?It’s Peter. We won, Mr. Stark.
We won, and you did it, sir. You did it.
I’m sorry… Tony…”පීටර් ටෝනිට පවසන අවසන් වදන් පෙල
ඉතින් මේ විදියට තමයි මාර්වල් සිනමා විශ්වයේ ස්පයිඩර්මෑන් ගේ කතාව ගලා යන්නේ.. endgame එකෙන් පසුව පීටර් ගැන කියන්න යන්නේ නැහැ මන් ඔයාලා මේ ෆිල්ම් එක බලලම ඒ ගැන දැනගන්නකො. එහෙනම් අද ලිපිය මෙතැනින් නවත්වන්නම්. mcu එකේ අවසන් ස්පයිඩර්මෑන් සිනමාපටය රසවිඳින්න එහෙනම්.. හැමෝටම සුබ දවසක්..
#Hail_Hydra

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි WEB DL / BR පිටපත් සඳහා අදාළ වේ.
90,908 downloadsDownload Spider-Man-Far-from-Home-2019-BR.zip140 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
279 comments
isuru srinath sjs
Navodani Thilini Sasanika
ඉක්මණට දුන්නට ගොඩක් ස්තූතියි!!!
Dushandc
ගොඩාක් ස්තුතියි
Lakith
Ikmanata Dunnata Godak Isthuthu (Spider.Man-Far.From.Home.2019.KOR.1080p.HDRip.H264.AAC-WHD)
Puluwannam Mekata Danna Spider-Man Far from Home.2019.HDRip.XviD.AC3-EVO Mea copy eka KOR subs na
ekaigihan perera
ස්තුතියි සහෝ....බලන් හිටපු ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Hasitha Madush
Sony pictures ලා වැඩේ අනාගනියි කියලා නම් හිතෙන්නෙ නෑ එයාලත් වැඩ්ඩො නේ බලමුකෝ mcu නැතුව spidy කොහොම වෙයිද කියලා හසා අයියේ සබට තුති
dsdkavishka
Thenks for sub
Nimesh sasanka
niyama lipiya saho. sub eka ikmanata genawata thanks
chanaka47
Sub ekath thanks macho.. Wistarathmaka lipiyata eeta wada thanks.. ️️️
Gathsara Umesh
Bhooooooooooom
Sthuthiiii................thilz
thank u4 the sub n letter
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයash1989
Thanks
Ayesh Prashan
Thank You... Bray Ekakma Balano
.Ruchikaliyanage
හරියටම ෆිල්ම් එක සර්ච් කරන්න පැයකට කලින් සබ් එක දාල..
බොහොම ස්තූතියි සහෝදරයාthanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
buddhikaudayam
Baiscopedownload wala film eka නෑනේ....
Lasith_2001
Sub ekata thnks brother ... supirima... jayen jayama wewa saho...
buddhikaudayam
දාන්නත් කලින් හොයලා...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
dee
thanx sub ekta ,puluwn nm mekta update denna . Spider-Man_Far_from_Home.2019.HDRip.XviD.AC3-EVO
Dulanja thimal
Thanks brother for sub!!!...good luck
vas0303
Thank you very much
arawindasunimal
thanks yaalu sub ekata
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Tharindu Lakmal Ekana6aka
Thanx ela
santhusha319
thanks saho!!!!!!!!!!!!!!!!!!!!
LC Nanayakkara
thanks broo
Dush_S
ස්තූතියි සහෝදරයා
ranga11112
thank you bro
tharidu16
හොද කොපියක් එනකල් ඉන්නවා. මේ කොපිය අවුල් නේද මචො. ෆිල්ම් එකේ කොලිටිය නැතුව බැලුවාම වැඩක් නැ. පුළුවන් නම් උඹලත් හොද කොයික් එනකල් සබ් නොදි ඉදපල්ලා. ඒක වටිනවා.
Amila...ushan
Media box එක තියනවා මචං ඔර්ජිනල් එක එකෙන් බා ගනින්
Blu ray ekat sub eka update karala dennako
darshana100
thanks saho
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!අමිල
නියම වැඩක්.තැන්ක්ස්
wnrodrigo
Good work friend, Thanks!
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo obata ...
Rohanvanderlan
thank u boss
nirmal de davin
thanks aiy
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයPasindu16022
Thanks bro..
Bandarajbandara
ස්තුතියි
mariyan12
jaya wewaa
tv malli
thank you bro...meka blu ray balannma ona film ekak
antonraveen6
Iphone ekn download krddi ai zip file ekak wdyta download now enne?
baiscopeshanukap
Thanks bokka...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nero99
Thanks bro
saamanala
thank saho
anushkawebnet
thank u broo...
tharinavo
thank u a lot....keep it up
MC
Thank saho keep up the good work
Sandeepmadushan
Enakm blan hitiye.. thamx saho
gayan215
bohoma sthuthi saho..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ටා නේ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. එලම..❤️