ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ අටවන උපසිරැසිය අරගෙන ආව. මේක මම ඉස්සෙල්ල දුන්න සුපර් මෑන් චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මේ චිත්‍රපටය Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන අතර 1980 දෙසැම්බර් මස හතරවන දින පළමු වරට තිරගත වෙලා තියනවා. IMDb අගය 6.8 අරන් තියන කලාත්මක මෙන්න ක්‍රියාදාම වලින් පිරිච්ච චි…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ අටවන උපසිරැසිය අරගෙන ආව. මේක මම ඉස්සෙල්ල දුන්න සුපර් මෑන් චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මේ චිත්‍රපටය Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන අතර 1980 දෙසැම්බර් මස හතරවන දින පළමු වරට තිරගත වෙලා තියනවා. IMDb අගය 6.8 අරන් තියන කලාත්මක මෙන්න ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටයක් වන මෙය ඩොලර් මිලියන පනස් හතරක වියදමෙන් නිර්මාණය වෙලා මිලියන එකසිය අනුවක් අදායම උපයල තියන අතර ඔයාලට පළමු වතාවට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව දැන් තියනවා.
මේකේ කතාව මම ඔයලට විස්තර විදියට කියන්න යන්නේ නැ. මොකද ඔයාල දැනටමත් සුපර් මෑන් චිත්‍රපට සහ කාටුන් බොහොමයක් බලලනේ ඇත්තේ. මේ කතාව ඇතුලේ ලොයිස් ලේන් සහ ක්ලාක් කෙන්ට් ටික ටික ආදරයෙන් බැඳීම ලස්සනට පෙන්නනවා. කොටින්ම ලස්සන ආදර කතාවක් වගේ. ඒ අතරේ සුපුරුදු සුපර් මෑන් වීරක්‍රියා ඒ විදියටම සිදුවෙනවා. කොහොම උනත් ලොයිස් ට ආදරය කරන හින්ද එයා තමා සතු සුවිශේෂී බලය පවා එයා වෙනුවෙන් කැප කරන්න සුදානම් වෙනවා. ඒ අතරේ ක්‍රිප්ටන් ග්‍රහ ලෝකෙන් ආව අපරාදකාරයෝ ටිකක් පෘතුවිය බලහත්කාරයෙන් පාලනය කරන්න යනවා. ඒකට ඔයාලට පලවෙනි කොටසේ හමු උන ලෙක්ස් ලුතර් ගේත් උදව් ලැබෙනවා. ඉතින් තමාගේ බලය ලොයිස් ලේන් වෙනුවෙන් කැප කරාවිද එහෙමනම් මේ සතුරන්ගෙන් ලෝකය කොහොමද බේර ගන්නේ කියල දැන ගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. රුප රචනා කිරීමේදී ඉහලම තාක්ෂනය බාවිතා කරලා තියන හින්ද ඔයාලට කම්මැලි නැතුව මේ චිත්‍රපටය බලන්න පුළුවන් වේවි කියල හිතනවා.
මම ඊළඟට දෙන්නේ මේ චිත්‍රපට මාලාවේම තුන්වන කොටස. ඔයාලට වැඩි විස්තර ඕන නම් සුපර් මෑන් ගැන ලොකු විස්තරයක් බයිස්කෝප් මංසලේ දාල තියනවා. ඉතින් සුපුරුදු විදියට ඔයාලගේ අදහස් සහ යෝජනා මට කියන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම්.
බුදු සරණයි…..!
Superman (1978) | සුපිරි මිනිසා 1
Due to copyright issues, we do not provide any torrent links.
Superman.II.1980.720.BrRip.264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
562 downloadsDownload Superman-II-1980.Baiscopelk.com_.rar128 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
36 comments
Udara Damith B/K
Udara Damith B/K
මන් තමයි අද ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරෙත් කමෙන්ට් එක දෑම්මේත්
Vajira Rathnayake
හිතවත් අසංක,
අපි චිත්‍රපටි නරඹනවාට වැඩි වේගෙන් ඔබ උපසිරැසි නිර්මාණය කරනවා. කොහොම උනත් ඔබ තෝරා ගන්නා චිත්‍රපටි සියල්ල බොහොම රසවත්. ආසාවෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටි. උපසිරැසියට සුබ පැතුම්. මම අනිවාර්යයෙන්ම නරඹනවා. ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඉෂාන් මදුෂ
නියමයි.සබ් එකට ස්තුතියි සහෝ
ජය වේවා!Lahiru Lakmal
Thanks for sub...
Lahiru Lakmal
පුළුවන් නම් මම කැමතිම චරිතය වන බැට්මෑන් ගැනත් ලිපියක් දාන්නකෝ.
අසංක ප්‍රදීප් රණතුංග
මම මන්සලේ සුපිරි වීරයන් ගැන ලිපි දිගටම දෙනවා. මාවේල් සහ ඩිසි මාරුවෙන් මාරුවට. මම ඉස්සෙල්ලම මගේ ප්‍රියතම චරිතය වුල්වරින් ගැන ලිපිය දුන්නා. ඊළඟට සුපර් මෑන් ගැන ලිපිය. හෙට අනිද්දම ආපහු මාවේල් වෙනුවෙන් දොස්තර ස්ට්‍රේන්ජ් ගැන ලිපිය යාවි. ඊළඟට මම දෙන්න හිතන් ඉන්නේ බැට් මෑන් ගැන සහෝ. ඉතින් ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවි. මොකද මමත් සුපිරිවිරයෙක්ට පිස්සුවෙන් වගේ කැමති කෙනෙක්. ඒ හින්ද මම දන්නවා කැමති සුපිරි වීරයා තමන්ට කොච්චර වැදගත් ද කියල.
ඉතින් ලබන සතියේ බැට් මෑන් ගැන සම්පුර්ණ විස්තරය බලාපොරොත්තු වෙන්න.
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි …බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න.වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!
mithun
එකත් මාර ඉක්මනින් දිල අහෙනම් සබ් යකෙක් වගෙ......
ස්තුතියි බොහොම සහොmithun
සතුටුයි සහෝ ඔය මෙ සයිඩ් එකෙ කරන වෙනසට නම් great job
Kasun Widusha
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴
James DC
Saho oyata As good as it gets (1997) film ekata sub ekak denna puluwanda? Eka oscar awards kihipyak dinapu honda adayam warthawak tibba film ekak.
chathura
බොහොම ස්තුතියි...බ්‍රෝ....
Vikum08
බොහොම තුති සහෝ..! මං මේ series එකට සබ් දෙන්න කියලා හුඟ කාලෙකට කලින් ඔබතුමාට යෝජනා කලා. ඒක ඉටුවීම ගැන හුගක් සතුටුයි.
ජය වේවා..!hasantha
බොහෝම ස්තුතියි සහෝ sub එකට. බොහෝම පින්. පුලුවන්නම් විශිෂ්ට නිළියක් වන Elizabeth Taylor රඟන ශ්‍රීලංකාවේ රූගත කෙරුණු Elephant Walk කියන චිත්‍රපටයට sub එකක් දෙන්න. නැවතත් ඔබට බොහෝ පින්.
හැ withanage priyantha
"Elephant Walk" සිනමාපටය ගැන හසන්ත සොයුරා කළ යෝජනාව මමත් අනුමත කරනවා. මා ළඟ දැනටත් එහි වීඩියෝව තියෙනවා. ඔබගේ ඉහත දීර්ඝ කමෙන්ටුව මමත් කියවූවා, ඔබගේ නිර්මාණවල රැඳී සිටින බයිස්කෝප් රසිකයන් හැටියට අපි ඔබගේ වෙහෙසේ අගය හොඳින්ම දන්නවා. දිගටම අපට ඔබේ එම වේගයෙන්ම උපසිරසි ලබා දෙන්න. අප ඔබගෙන් හෝ මේ උපසිරසි කරන කිසිවෙක්ගෙන් නිවැරදි සිංහල හෝ ඉංග්‍රීසි පාඩමක් බලා පොරොත්තුවෙන්නේ නැහැ. සබ් එක අවශ්‍ය වන්නේ අදාළ වීඩියෝවට සාමාන්‍ය තේරුමක් ලබා ගැනීමට පමණයි. ඔබ මේ කරනා සේවයට අවංකවම ස්තුතිවන්ත වෙමි.
Hasanka Perera
මචං සබ් කරනවට නම් ස්තූතියි. ඒත් මේකනම් කියන්නම ඕනි. මෙහෙම සයිට් එකෙන් පලිගන්න වගේ සබ් කරන්නේ ඇයි බං ? ඒකත් කමක් නෑ කියමුකො උබේ සබ්වල වැරදි එමටයි. අර 50 ට කරපු TMNT 2 (2016) ෆිල්ම් එකේම අඩුපාඩු ගොඩක් තිබ්බා. කියන දේ සමහර තැන්වල ඉස්මතු වෙන්නෑ. සමහර තැන්වල ඇත්තෙත් නෑ. උබ 100 වගේම 150 ට මොනා කරන්න ඉන්නවද කියලා නම් දන්නේ. අනේ මචං කරුනාකරලා කොමික් ඒවා නම් කරලා වනසන්න එපා (* අනික් සුප්‍රසිද්ධ චිත්‍රපටි ඇතුලුව) ඔය තරම් සබ් කරලා දාන්න ආසා නම් ඔය පරන එකකින් කරහං . නැත්තම් කොලිටියට සබක් කරහං
mithun
උම්බ පුලුවන් නම් ලයින් 100කට විතර හරියට සබ් කරල පෙන්වපන් එකටම.. අහගනින් මචන් සබ් කරන්නෙ චිත්‍රපට බලන අයට තෙරුම් ගන්න පුලුවන් විදියට මිසක් උම්බ කියන විදියට නෙවෙ. TMNT 2 එක මාත් බැලුව එකෙ මෙ සහෝ කරල තියෙන සාදාරනය ඉහලයි නියම රස වින්දනයක් තියෙන එ සබ් එකෙ . උම්බට වැරදි අඩුපාඩු පෙනෙ නම් english සබ් එකක් එක්ක බලන්න ඔය.. අපි නිකන් කොමෙන්ට් දාන් නෑ කාට උනත් දෙන හැමදෙම තැනක් කි ගන්නෙත් නෑ . මෙ සහොදරය මෙ සයිඩ් එකට අපු වාසනාවන්ත උපසිරැසි කරුකෙක් විදියටයි මම දකින්නෙ. කලින් කිවුව වගෙ චිත්‍රපට වලට උපසිරැසි දාණ්නෙ චිත්‍රපට තෙරුම් ගන්න පුලුවන් විදියට එකෙ රස වින්දනය තියල බලන කෙනාට. මම හිතන්නෙ සබ් ගැන අද්දැකිම් තියෙන හැම උපසිරැසි කරුවෙක්ම එහෙමයි. එහෙම කියල english සබ් එකට අසාධාරණයක් වෙලා නෑ.කරන්නෙත් නෑ කිසිම කෙනෙක්. ඔයට චිත්‍රපටය එපා නම් ගන්නෙ නැතුව ඉන්න බලෙන් ගන්න කියල සබ් දාලා දෙන් නෑ ඔයලට මෙකෙ තියෙන අමාරුව දන්නෙ නැතුව නිකන් මිනිස්සුන්ට අපහස ක එප. පුද්ගලිකව මෙ සහොගෙ උපසිරැසි great . මෙ සහො මෙ සයිඩ් එකට කරන සෙවෙ ගැන හැමොටම වටිනව කියල මම හිතනව. ඔලුවෙ කුනු කන්දාරා තියම් චිත්‍රපට රස විදින්න බෑ මහත්තයො. හැමදෙම තියෙන්නෙ අපෙ රසවින්දනයට .. මෙයාලත් කරන්නෙ එහෙම සෙවයක්.. එකෙන් එයාලත් සතුටු වෙනව චිත්‍රපට බලන කෙනත් සතුටු වෙනව . එව සල්ලි දිල ගන්න බෑ මහත්තයො . උපසිරැසි කරුවන් ටොරෙන්ට් බාල උපසිරැසි ගන්වල මෙ අපෙ රසවින්දනයට කරන සෙවෙට ඔහොම කොමෙන්ට් දාන්න එපා. ලංකාවේ මෙ වගෙ සයිඩ් තියෙන එකට ස්තුතියි කරන්ම ඔන. එක වටින මිනිස්සු දන්නව එක .
Rumesh Nilantha Jayaweera.
ඔහොම කතා කරන එක වැරදී සහෝ. මේ අය ගොඩක් මහන්සි වෙලා නිදි මරාගෙන සබ් දෙන්නෙ අපි වෙනුවෙන්. අහම්බෙන් දෙයක් වැරදෙන්න පුලුවන්. මිනිස්සුනෙ. වැරැද්ද පෙන්නල දිරිමත් කරනවා වෙනුවට අපහස කරන්න එක හරි නෑනේ. හැමෝම අතින් වැරදි වෙනව.
Anton Perera
මචන් ඔහොම කතා කරන එක නම් වැරදියි. හේතුව මේකයි. ඔහොම සුළු වැරදි එක්කවත් සබ් එකක් කරගන්න බැරි අපි, තමන්ගේ වටිනා කාලය කැප කරගෙන ලාබයක් නැතුව මේවා කරලා දාන මේ වගේ සහෝලා අගේ කරන එකයි කරන්න ඕනා. මොනාහරි අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙනවා මිසක පුළුවන් නම් මේ වගේ ප්‍රසිද්ධියේ තරමක් අපහාස වෙන විදියට ඒවා ගැන කියන්න එපා. මන් මේ දේවල් කියන්නේ උඹ උපසිරසි කරන කෙනෙක් නෙමෙයි කියලා හිතාගෙනයි. හැබැයි උබත් උපසිරැසි කරන කෙනෙක් නම් අපිට වඩා දැනගන්න ඕනා ඒකෙ අමාරුව. සමහර අයගේ උපසිරැසි වල අඩුපාඩු මටත් මුණ ගැහිලා තියෙනවා. කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැනේ. ඒත් ඒ වැරදි ටික සලකුණු කරගෙන මේ උපසිරැසි කරන සහෝදරයෙක්ට මේල් එකක් දාගන්නවත් ලැබෙන්නේ නැතුව ඉද්දී එයාලගේ අඩුපාඩු ගැන මේ විදියට ටිකක් තදට විවේචනය කරන එක එච්චර හොද මදි වගේ නේද. මං කියනවාට උඹ උපසිරැසි කරලා නැති කෙනෙක් නම් එකක් කරන්න බලපන්. එතකොට උඹටම තේරෙයි ඒ වෙනුවෙන් වැය වෙන කාලය මහන්සිය එක්ක තත්වේ. උඹ උපසිරැසි කරන කෙනෙක් නම් මචං උඹ ගොඩක් වැරදියි මේ කියන විදිය මේ දේවල්. මොකද එහෙම නම් උඹත් දන්නවානේ ඒකෙ තියෙන අමාරුව.
අසංක සහෝ මේ වගේ විවේචන ඉදිරියේ සලේන්නෙපා සැලෙන්නේත් නැහැ ඒක අපි දන්නවා. සුභ පතනවා ඔයාගේ වැඩ වලට සහ මෙහෙම කාලේ කැප කරගෙන කරන මේ දේට පිං. අඩුපාඩු වෙන්න පුළුවන් කාගෙනුත්. පුළුවන් විදියට එහෙම නොවෙන්න උපසිරැසි කරමු ඒ ඇති. වැරදි අඩුපාඩු වුණා කියලා ඒ ගැන දුක්වෙන්නෙපා. ඉදිරි ඒවායේදී ඒවා හදාගන්න හැකි වෙයිනෙ. සුභ පතනවා 100 වෙනි එක දක්වා යන ගමනට.
Web-බුවා
TMNT 2 සබ ටිකක් විතර කෙලවෙලා තිබ්බේ, මෙතුමාගේ වරදකින් නෙමේ මගේ අදහස අනුව. මොකද මෙතුමා TMNT 2 සබ මුලින්ම කරේ hdts එකකට. hdts (කඩු) සබ පවා පට්ට අවුල්. (මුළින් hdtsවලට කෙළවෙන්න ඕන. මෙතුමව මේ වගේ පහත් තත්වයකට ඇද දැම්මට :x ) එහෙව් එකේ ඒක සිංහලට පෙරලෙද්දී අවුල් යන එක අහන්න දෙයක් ද bro? :o ඒත් ඒකෙන් ඔප්පු වෙන් නෑ. මෙතුමා කඩ්ඩ මොට්ට බුවෙක් බව. මෙතුමා පට්ට වැදගත් වැඩක් කරන් යන්නේ, ඒ වගේම මෙතුමාගේ අනික්වා හොඳා. බොරුනම් බලහන්කො බලලම. tremors එහෙම පට්ට හොඳයි. :) අපි දන්නවා ඉතිං ඔබතුමා 2017 දී 150ට වගේ marvel ලොකු අයියා ගේ film එක කරන්න ඉන්නේ කියලා. :D තරහට කියනවා නෙමේ බං ඒත් ඒක දෙද් දී hdtsවලට සබ් හදන්න එපා. ඒක පට්ට කාලේ කන වැඩක්. ඊට වඩා 10x හොඳයි hd rip වගේ proper එකකටම සබ් දෙන එක.
අසිත
සබක් ලියල බලහන් කොරන්න තියෙන අමාරුව
නිකන් දෙන දේට අගයක් නැති මැටි හරක්
TMNT 2 අවුලක් නෑ.
ඉක්මනට 100 ගහමු සහෝ
ජය වේවා!!!!
Rumesh Nilantha Jayaweera.
All-Star Superman (2011) sub deanna godak yaluwo baiscope eken illala thibba movie ekak ... Tales from the Crypt Demon Knight (1995) imdb 6.7 mekatath sub na
Rumesh Nilantha Jayaweera.
me film eka animation ekak lipiyak witharai thiyenne baiscope eke.. imdb 7.0
Rumesh Nilantha Jayaweera.
All-Star Superman (2011) me film eka animation ekak lipiyak witharai thiyenne baiscope eke.. imdb 7.0
Rumesh Nilantha Jayaweera.
pahalin hasanka perera dala thiyana comment eka ganan ganna epa kage athinuth waradi wena wane ewa hadagena api essarahata yamu....subta thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Deex
parana ewama karagena yanna.
api oyath ekka......................
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!අසංක ප්‍රදීප් රණතුංග
මම මේ කමෙන්ටුව දාන්නේ පහල තියන හසංක පෙරේරා සහෝදරයාගේ කමෙන්ටුවට පිළිතුරක් විදියට. පිළිතුරු කිහිපයක් ලැබිල තිබ්බත් මම හිතන්නේ හැම වැරදිකාරයාටම නිදහසට කාරනා කියන්න අවස්ථාවක් තියන හින්ද මටත් ඒක ලැබෙන්න ඕන.
ඉස්සෙලම ඔයාට ස්තුති කරන්න ඕන ඔයාගේ අවංක අදහස පල කිරීම ගැන. මට ඒ ගැන කිසිම අමනාපයක් ඔයා එක්ක නැ. ඇත්තටම මට සතුටුයි අවංකව හිතන දේ කියපු එක. මොකද මම එතකොටනේ ඔයාලගේ හිතේ තියන දේ දැන ගන්නේ. මම මේ කමෙන්ටුවත් දාන්නේ හොඳට කල්පනා කරලා. එතකොට මටත් නිදහස් මනසකින් පිළිතුරු සපයන්න පුළුවන් නේ. තව දෙයක් කියන්න ඕන ඔයාගේ කමෙන්ට් එකට මම වෙනුවෙන් ඉස්සෙලම පිළිතුර සපයල තියෙන්නේ මිතුන් කියන සහෝදරයා. ඔයා දන්නේ නැ එතුමා තමා මට මේ වෙබ් අඩවියේ ඉස්සෙලම බැනපු සහෝදරයා. මම හිතන්නේ මගේ හත්වෙනි හෝ අටවෙනි උපසිරසියේ. ඉතින් එයා වගේ කෙනෙක් මම වෙනුවෙන් කතා කිරීම මම ලබපු ජයග්‍රහණයක්. ඒ වගේම මම වෙනුවෙන් කතා කරපු ඔයාල ඔක්කොටම ස්තුතියි.
මම නිදහසට කරුණු කියන්න කලින් මම කොහොමද උපසිරසි සකස් කරන්නේ කියල ඔයාල ඔක්කොටම කියන්නම්. එතකොට පැහැදිලි වේවි මම කරන වැඩේ ගැන ඔයාලට. මම ඉස්සෙලම කරන්නේ ඔයාලට දෙන්න තොර ගත්ත චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරසි සහිතව රුපවාහිනියේ නැරඹීම. මම දෙන සමහර පැරණි චිත්‍රපටවලට නිවැරදි ඉංග්‍රීසි උපසිරසි නැ සමහර වෙලාවට. එහෙම ඒවාට මම කරන්නේ කුමක් හෝ යුරෝපිය බාසාවක් තෝරාගෙන එක ඉංග්‍රීසි වලට පරිවර්තනය කර ගැනීම. ප්‍රංශ බාශාව ගොඩක් සාර්ථකයි. මොකද ඒ බාසාවෙන් ඉංගිසි පරිවර්තනය වීමේදී වැරදි ගොඩක් අඩුයි. ඔයාට ගැටළුවක් වෙච්ච නින්ජා ටර්ටල් උපසිරසියත් එහෙම එකක්. ඉතින් කොහොම හරි මම ඉස්සෙල්ල රුපවාහිනියේ තමා බලන්නේ සම්පුර්ණ චිත්‍රපටය. එතැනදී මට නිසි තේරුම දන්නේ නැති වචනයක් ගියොත් මම ඒ වෙලාව සමග පොඩි සටහනක් දාගන්නවා නොට් පැඩ් ෆයිලයක. ඉන් පස්සේ මම පොස්ට් එකට අදාළ ලිපිය සකස් කරනවා.
ඉතින් ඊට පස්සේ තමා මම උපසිරැසිය හදන්න ගන්නේ. මට එකට ගොඩක් පහසුවක් වෙලා තියනවා මම බාවිතා කරන නිවසේ පරිගණකය. ඒක ඇත්තටම පරිගණක දෙකක්. මොනිටර් දෙකක් එක්ක නෙට්වර්ක් එකක්. සරලව කියනවා නම් වරක් ස්ටේෂන් පරිගණකයක් මගේ ක්‍රමයට හදා ගත්ත. ඔයාලා දන්නවා සමහර පරිගණක වැඩසහටන් නිර්මාණයේදී ඒවගේ එකක් ඕන වෙනවා. ඉතින් මම ඒ එක මොනිටරයක මම කලින් සකස් කල නොට් පැඩ් ෆයිලය සහ චිත්‍රපටය ඕපන් කර ගණන්ව. අනිත් මොනිටරයේ ඉංගිසි උපසිරැසිය නොට් පැඩ්ඒකෙ ඕපන් කර ගන්නවා. ඒ වගේම මදුර ඩික්ශනරිය. ඉතින් පස්සේ මම කෙලින්ම ඉංග්‍රීසි උපසිරැසිය උඩින් සිංහල ටයිප් කරගෙන යනවා. මම අර කියපු අමාරු වචනය තියන ටයිම් ලයින් එක ආවම ඒක මදුර එකෙන් බලනවා. ඒක නැත්නම් මලලසේකර එකෙන් බලනවා.
මම සම්පුර්ණ උපසිරැසිය එකපාරට හදන්නේ නැ. එකරාපාරට ලයින් සියක් තමා මම කරන්නේ. දෙවියන්ගේ පිහිටෙන් මට ගොඩක් වේගෙන් සිංහල ටයිප් කරන්න පුළුවන්. මම ලංකාවේ ප්‍රසිද්ද පොත් ප්‍රකාශන සමාගමක සිංහල ටයිපින් අමතර අදායමක් ලබාගන්න පුද්ගලික මට්ටමෙන් කරන හින්ද ඒ හැකියාව ලැබිල තියෙන්නේ. සාමාන්‍යයෙන් මට ලයින් සිය සම්පුර්ණ කරන්න යන්නේ පැය බාගයක් හෝ විනාඩි හතලිස් පහක් විතරයි. මම ලයින් සිය ටයිප් කර ගමන් පරිගණකයේ ඒ චිත්‍රපට කොටස බලනවා. හැබැයි මම පිලිගන්නවා මම කිසි වෙලාවක ඉංග්‍රීසි උපසිරසියේ තේරුම කෙලින්ම සිංහලට නම් ටයිප් කරන්නේ නැ. මම පුළුවන් තරම් කෙටි සහ සරලම මෙන්ම නිතර බාවිතා වෙන වචන තමා යොදා ගන්නේ. ඒවගේම මම දකුණු පළාතේ උපන්ගෙයි ඉඳල පුරුදු වෙච්ච සමහර වචනත් මගේ අතීන් ටයිප් වෙනවා. ඉතින් මම හිතන්නේ සමහර වෙලාවට ඉංගිසි උපසිරසියේ නියම තේරුම එන්නේ නැතිව ඇති ඔයා ඇතුළු ඉංගිසි හොඳටම දන්නා අයට. ඒ වගේම මම හිතන්නේ ඔයා වර්ඩ් ප්‍රෙස් ගැනත් හොඳටම දන්නවා. මොකද ඔයාගේ කමෙන්ට් එක HTML ටැග් එකක් එක්කනේ තිබ්බේ.
ඉතින් ඔහොම උපසිරැසිය සම්පුර්ණ උනාම මම එක කෙලින්ම ඊමේල් එකට ඇටැච් කරලා බයිස්කෝප් එකට එවනවා. මම පිලිගන්නවා මම සම්පුර්ණ සිංහල උපසිරැසිය එක්ක ෆිල්ම් එක ආපහු සම්පුර්ණ බලන්නේ නැ. මොකද ලයින් සිය. සිය සම්පුර්ණ එකම බලනවා නේ. ඒවගේම ඊට කලින් සම්පුර්ණ ෆිලුමම එකපාරක් බලනවනේ. ඉතින් දවසක් දෙකක් ඇතුලත එකම චිත්‍රපටය තුන් හතරපාරක් බලන්න කම්මැලියි. ඔන්න ඔහොමයි මගේ උපසිරසි ඔයාල වෙතට එන්නේ.
ඉතින් මම උපසිරැසිය සකස් කරනකොට ඒ ඉංග්‍රීසි සිංහල පරිවර්තනය කරන මගේ ක්‍රමය ඔයාල සමහර දෙනෙක් ට නොගැලපෙනවා ඇති. මම පිලිගන්නවා ඒක. ඉංග්‍රීසි හොඳට දන්නා ඔයාලට සමහර වචන වල තේරුම ඒකට වඩා වෙනත් එකක් කියල හිතෙනවා ඇති. මට සමාවෙන්න ඒකට සහෝ. මම හිතලා උපසිරසියක් වරද්දනේ නැ. මම හිතන්නේ පුළුවන් සරලව අපි නිතර බාවිතා කරන වචනවලින් කතාව කියුවම රසවිඳින්න තියන හැකියාව වැඩියි කියලයි. මම හිතන්නේ වැරදි විදියටනම් මට සමාවෙන්න. මම බයිස්කෝප් එකට උපසිරසි දෙන්න පටන් ගත්තේ මට ඇත්තටම පරිගණකය සමග දිනකට පැයක් දෙකක කාලයක් මේ වගේ දෙයකට වෙන් කරන්න හැකියාව තියන හින්ද. වේගෙන් සබ් දෙන්නේ වාර්තා තියන්න වත් බයිස්කෝප් එකෙන් පලිගන්නවත් නෙවි. මේක තමා මගේ වේගේ. ඒක මම හිතා මතා කරන දෙයක් නෙවි. අනික මම ගොඩක් පරණ උපසිරසි තොර ගන්නේ. එක හින්ද ඔයාල බයවෙන්න එපා, මම උපසිරසි දීල චිත්‍රපට විනාශ කරනවා නම් අලුත් චිත්‍රපට වලට මගෙන් ඒ හානිය වෙන්නේ නැ. මොකද මම පරණ ඒවානේ කරන්නේ. ඒත් එකම එක අලුත් චිත්‍රපටයක් මම හිතන් ඉන්නවා. මම ඒක කරන්න අවස්තාව ලැබුනොත් ඒක මම කරන කරනවා. මම අනිත් ඒවගෙන් පුළුවන් තරම අයින්වෙලා ඉන්න බලන්නම්. එතකොට මගේ මේ ක්‍රමය අලුත් චිත්‍රපට වලට නොගැලපෙනවා නම් , ඔයාලට හානියක් වෙන්නේ නැ.
ඉතින් සහෝ මම මේ කිසි දෙයක් කියුවේ තරහෙන් නෙවි. මම අවංකව ඔයාගේ අදහස් දැක්වීමට කැමතියි. ඒත් එහෙම වෙන්නේ ඇයි කියල හේතු පැහැදීමට මට අයිතියක් තියනවා හින්ද තමා මම හිතන්නේ බයිස්කෝප් අඩවියේ දැනට කෙනෙක් දැම්ම ලොකුම කමෙන්ට් එක වෙන්න පුළුවන් මේක ඔයාට දාන්නේ.
තව දෙයක් සහෝ මම මේ කමෙන්ට් එකේ පිටපතක් බයිස්කෝප් එකේ කන්ටැක්ට් එකට යවනවා. එතකොට ඇඩ්මින් සහෝදරයන්ට මම ගැන අදහසක් ගන්න පුළුවන් වේවි. මොකද මම පොඩ්ඩක් වත් කැමති නැ මගේ මේ වැඩේ ගැන එයාලත් වැරදි විදියට වටහා ගන්නවට. මොකද එයාලටත් මගේ උපසිරසි වල තියන ඒ වෙනස දැනෙන්න ඇතිනේ. ඒවගේම මං ඇඩ්මින් සහෝදරයන් ගෙන් ඉල්ලනවා මගේ උපසිරසියක් වැරදි නම් ඒක පල නොකර ඉන්න කියල. මොකද මට ඕන නැ බයිස්කෝප් අඩවියට මේ වගේ නරක නාම ගැවෙනවට.
අන්තිමට කියන්නේ ඔයාල ඔක්කොටම ස්තුතියි මගේ උපසිරසි ගැන අවංක අදහස් පළකිරීම ගැන. වරදක් උනා නම් සමාවෙන්න. හිතල කලේ නැ.
බුදු සරණයි ඔයාල ඔක්කොටම.
Web-බුවා
අදහසට පට්ට විදිහට ගරු කරනවා bro! :) ඒ වගේම ඒ කියලා තිබුණ තිබුණ ටික පට්ට හැගීම්බරයි. ඔබතුමා පට්ටයි. ඔය එක එකා කියන ඒවා ගණන් ගන් එපා. :x අනිවා ඔබතුමාට logan 2017 set වෙයි. එහෙම වෙන්න ඕන. මේකේ ඉන්න වුන් ඒක මෙතුමාගෙන් හොරකම් කර ගන්න එපා. මං පට්ට කැමැත්තකින් ඉන්නේ, logan සබ් එක ඔබතුමාගේ එහෙකින් බලන්න. :) මොකද බොලානේ wolverine. :o තමන් ගැන තමන්ට වඩා හොඳට දන්නේ කවුද නේ? :D
බුදුසරණයි!
එල්.සී. දමැල්
කියන්න ඕනෙ දේ නියමෙටම කියල තියෙනවා කට උත්තර නැති වෙන්න. අසංක සහෝ ඔයා කරන සේවය ගොඩක් වටිනව.
වැඩිය අදහස් නොලැබෙන්න ඇති වැටුණ අදහසුත් බැනපුවා වෙන්න ඇති. ඒත් ගණන් ගන්න එපා. මෙතෙක් කලක් උපසිරස කළෙත් ඔය පිස්සු දේවල් ගණන් ගත්තේ නැති නිසානෙ...
මමනං පුද්ගලිකව කැමතියි ඔයා අලුත් චිත්‍රපටි කරනවනං. මොකද පරණ චිත්‍රපටත් ඔයා සුපිරි වේගයකින් කරනවා. පරණ ඒවගේ තියෙන්නෙ පහසු ඉංග්‍රීසි නෙමෙයිනෙ. අලුත් ඒව එක්ක බලද්දි ඒවට වඩා ගොඩක් අමාරුයි පරණ ඒවට උපසිරස කරන්න.
ඉතින් අලුත් ඒව ඔයාට වෙඩි වගේ කරතැහැකි. ඒ වගේම මම අදයි දැනගත්තේ ඔයා වෙනත් භාෂා ඉංග්‍රීසියට හරවල සිංහලට හැරෙව්ව කියන දේ. ඒකත් හරිම අමාරු දෙයක්. මමත් ඔය දේ උත්සහ කළත් හරිම අමාරු දෙයක් වුණා.
ඉතින් අපි හිතනව දිගටම සහෝව බයිස්කෝප් අඩවියේ දකින්න ලැබෙයි කියල...
අසංක සහෝ ඔබට නැවතත් මේ සේවය වෙනුවෙන් ස්තුතියි......
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan
මචං උඹ සබ් දෙන වේගේ කාටවත් අදාල නෑ. උඹ සතියකට සබ් 1ක් දෙනවද 10ක් දෙනවද කියන එකෙන් කාටවත් ඇති වැඩක් නෑ. ප්‍රධානම දේ වෙන්නෙ උඹ ලබා දෙන සබ් එකේ ගුණාත්මක භාවයයි. ඒ නිසා සබ් කරනකොට මීට වඩා පොඩ්ඩක් සැලකිලිමත් උනා නම් හොඳයි තමයි. හසන්ක කියන කෙනා දාලා තියෙන කමෙන්ට් එකෙන් සබ් කරන හැමෝටම ගන්න හොඳ දෙයක් තිබෙනවා. ඔහු අදහස ප්‍රකාශ කරලා තිබෙන විදියෙයි වැරැද්ද තියෙන්නෙ. මොකද සබ් එකක් කරන්න කොච්චර මහන්සි උනත් වැඩක් නෑ, එකේන් බලන ප්‍රේක්ෂක පිරිස හොඳ රසවින්දනයක් ලබන්නෙ නැතිනම්.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) Old is goldනෙ ;)
ජය වේවා.!Arawinda Sunimal
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි අයියා .
එළකිරි..
තැන්ක්ස්
ස්තුතියි