හයයි කියලා පැය 24 ක් යන්න කලින් හතයි කියන්න කියල තමා ඔන්න සූදානම. මේ සැරේ දෙන්න යන්නේ අලුත්ම ඇනිමේෂන් වර්ගයේ ලස්සන කතාවක්. මේක ලොකු ලොකු ලේබල් යටතේ කරලියට අවේ නැති උනාට හරිම ලස්සන කතාවක්. ඇනිමේෂන් නම් ඕනේ එකක් ඔට්ටුයි මට නම්. මොකද මගේ පලවෙනි උපසිරස දෙන කොටත් ඒක මම කිව්වා. අපේ යාළුවො දන්නවා ඒවගේ තිය…

හයයි කියලා පැය 24 ක් යන්න කලින් හතයි කියන්න කියල තමා ඔන්න සූදානම. මේ සැරේ දෙන්න යන්නේ අලුත්ම ඇනිමේෂන් වර්ගයේ ලස්සන කතාවක්. මේක ලොකු ලොකු ලේබල් යටතේ කරලියට අවේ නැති උනාට හරිම ලස්සන කතාවක්. ඇනිමේෂන් නම් ඕනේ එකක් ඔට්ටුයි මට නම්. මොකද මගේ පලවෙනි උපසිරස දෙන කොටත් ඒක මම කිව්වා. අපේ යාළුවො දන්නවා ඒවගේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා. මේකේ නම තමා Tad the Lost Explorer, 2012 වසරේ නිකුත් වුන සලරුවක්. මේක ගැන වැඩිය කතා බැහැ නොවෙන්න හේතුව මම කියන්නම්, ඒක තමයි මේක මුලින්ම තිරගත කලේ 2012 අගෝස්තු මාසේ ස්පාඥ්ඥයේදී, ඒ ස්පාඥ්ඥ බාෂාවෙන්. අනික තම මුලින් කිව්වා වගේ ලොකු වෙළඳ නාමයක් වටතේ නෙමෙයි එලියට බැස්සේ. මේ වගේ හේතු නිසා මේක අපි අතරේ එච්චර ප්‍රසිද්ධ උනේ නැහැ. මේ චිත්‍රපටිය IDMb දර්ශකයේ ලකුණු 5.5/10 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Enrique Gato කියල මහත්මයෙක්. 2013 වසරේ පවත්වන්නට යෙදෙන ස්පාඥ්ඥ සිනමා සම්මාන උළෙලවල් දෙකකින්ම නාම යෝජනා දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා.
එහෙනම් මෙන්න කතාව, “ටැඩ්” කියල පොඩ්ඩෙක් ගැන තමයි මේ කතාව ආරම්භ කරන්නේ. එයාට තියෙන්නේ සැඟවුන නිධාන හොයන විනෝදාංශයක්, පිස්සුවක් කිව්වොත් තමා ගොඩක්ම නිවැරදි. පොඩි කාලේ ඉඳන්ම සිහින මවන්නේ එයාගේ නැතිවුන පියා වගේ දක්ෂ පුරාවිද්‍යාඥයෙක් වෙන්න. ඒ උනාට මෙයාගේ දෛවය මෙයාව හරවන්නේ වෙනත් වෘත්තියකට. ඒ ඉදිකිරීම් කම්කරුවෙක් විදිහට. එහෙම නැත්තන් ගඩොල් අතුරන්නෙක් විදිහට. කොහොමහරි මෙච්චර ලොකු උනත් අර කලින් කියපු පිස්සුව නම් මෙයාට ලොකු වෙලත් හොඳ වෙන්නේ නැහැ. වැඩ කරන තැන කරන්නෙත් ඒ වගේ දේවල්. එහෙම පිස්සු වැඩ කරලා මෙයා එක අවුරුද්දක් ඇතුලත ලොක්කට කියලා 7 වතාවක් අස්වීමේ ලිපිය අරගෙන තියෙනවා. මොකද මෙය වැඩිපුර කරන්නේ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වැඩ, රැකියාවට වඩා. හොයා ගත්තත් හොයා ගන්නේ මෑත කාලේදී පොලවට යටවුන දේවල්. ඒවා කාටත් වලක් හෑරුවොත් අහුවෙන ජාතියේ තරම් පෞරාණික වස්තු. ඉතින් දවසක් මෙය වැඩ කරන තැනින් ඔය වගේ පැරණි කියලා හිතන දෙයක් හොයාගෙන යනවා එයාගේ මිත්‍ර මහාචාර්ය කෙනෙක් ලඟට හොයා ගත්ත එක සනාථ කර ගන්න. ඒ ගියාම මෙයාට වෙන්නේ වෙනද වගේ මූණ බෙරි කරගන්න තමා. ඉතින් මේ මහාචාර්යතුමා යම් දෙයකට සම්බන්ධ වෙලා ඉන්නේ තවත් මහාචාර්ය කෙනෙක් සමඟ. මෙයා ගාව තියෙනවා යම්කිසි වැදගත් දෙයක් නිධනයකට මඟ පෙන්වන. එකත් බාගයක් විතරයි. අනෙක් බාගය හොයා ගත්තා කියලා මේ මහාචාර්යතුමාට එන්න කියලා කැඳවීමක් ලැබෙනවා. ඉතින් මේ ගමනට යන්න උදව් කරන්නේ අපේ මේ “ටැඩ්”. ගුවන්තොටුපල තුලදී “ටැඩ්” ට හිනේන්වත් නොහිතපු දෙයක් වෙනවා. එතනින් තමා මේ කතාව පටන් ගන්නේ. බලන්න අපේ “ටැඩ්” කරන වැඩේ මොකද්ද කියලා……ඉතින් එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්න ඉඩ අරිනවා.
ඇත්තටම කියනවා නම් මේ චිත්‍රපටියේ ඇනිමේෂන් තත්වය නම් අපි බලපු Ice Age, Shrek වගේ ඉහලම මට්ටමක තියෙනවා. තව දෙයක් මේ ෆිල්ම් එකට කොහෙවත් English උපසිරසියක් දීලා නැහැ දැනට. Dutch උපසිරැසිය තමා මේ සිංහලට හැරෙව්වේ. ටිකක් විතර කස්ටක් කෑවා. මොකද කියන කියන වචනය අහල එකෙන් එක හදන්න උනා. තව දෙයක් මේ ගැන අපේ විකියා තමයි මට පෙරේදා රෑ කිව්වේ, දවසක් ඇතුලත ඉවර කළා. ලේසි නැහැ කරලා ඉවර කරනකොට වෙලාව අද උදේ 3.35යි . ඔන්න කොමෙන්ට් එකක් නොදා එහෙම යන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් යන්නම් කියන්න වෙලාව හරි. අයෙත් මේ වගේ උපසිරසියක් හරහා මුණ ගැහෙන තුරු හැමෝටම ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
5,785 downloadsDownload Tad.The_.Lost_.Explorer.2012.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
117 comments
chami
quik
thanks
ganidu
පට්ට පතුරු මෙන්න ෆිල්ම්ස් බොහොම පින්
was
නියමයි මචෝ
සචිත උදාර
එළනේ...! ඊයේ download කරා.වෙලාවට බැලුවේ නෑ.බොහොම තෑන්ක්ස්... :)
hh
maxxxxa hodey thawath susb denna labeywa
lasanatha!!!!!!
english sub nathath sinhala sub patta
ccnp
Thanks
Isuru
great work bro "_
hemal
Thanks you !!! download karala kiyannam hoda naraka . .
was
නියමයි සහෝ අනිවා ඔයාගේ සබ් නියමයි මේකත් එලටම ඇති
wow
wow.... maru :)
g-a-n-d-u
Thnxz U SO MUCH
h[A]s
ඔන්න මරු ෆිල්ම් එකක් සබ් දීලා කොල්ලා.
f_live
බොහොම පින් සහෝ
kalinga
ජයෙන් ජය වේවා අනිවා බානවා තවත් මේ වගේ වැඩ කෙරුමට ශක්තිය වාසනාව ලැබේවා!
ositha
thnx yaluwa
K Anton priyashantha
Ela ela Broo......
yasas
patta patta macho
chamath cafe
සුපිරි වැඩක් අනගි
vee
thnxz U so much
අසංක
ෆට්ට පතුරු වැඩක් මේවා නම් බලන්න හැකි ඕනේ තරමක්
elakiri
එල එල මචං
nalin sameera
ela ela
mindika
thanks!!!!!!!!!!!!!
dineth
super macho
bandula
supiri wadak
කේ.යු.ජී.උදාර
මෙව්වට නොදාන කමෙන්ට්ස් තියෙයි ද බං.......
පට්ට කට්ටක්නෙ කාල තියෙන්නෙ.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.samitha
ජය වේවා !!!
lanka
thnxxxxxxxxxxxxxxxxxx
චතුරංග
ස්තූතී සහෝ..
murad
නියමයි මචෝ.......ජය වේවා
dimuthu තරංග ඉලුක්කුඹුර
මේකනම් පට්ට එකක් වගේ,ජයවේවා
chathura
amaruwen wede karala ikmanata film eka dunnata thanks....jaya weva...
chandi
thanks
ns
thanx....
Sujeewa Priyantha
Niayamai Machan
ymail
thnz lot
සිංහලයා
බලහල්ල මේක පට්ටම ෆිල්ම් එකක් රේටින් අඩු ෆිල්ම් එක කරපු කම්පැනි එක ප්‍රසිද්ද නැති නිසා..නැත්තම් අනිවා 7.9 ක් වත් ගන්නවා...
ලොවෙත් ආයේ සබ් එක්කම බලනවා
Sewwandi
Thank you very much !!!! :)
Isuru Udana
කාලෙකින් හොද ඇනිමේෂන් ෆිල්ම් එකක් බැලුවෙ නෑ. මේකනම් ලස්සන කතාවක් වගේ අනික සිංහල සබ් එක්කම බලන්නත් පුලුවන්නේ. බොහොමත්ම ස්තූතියි හසන්ත සහෝට මේවගේ ලස්සන ෆිල්ම් එකකට සබ් දීපු එකට. එහෙනම් තවත් එකක් ලගදීම බලාපොරොත්තු වෙනවා!
~ ජය! ~
pubudu
patta kollo kiyanna deyak na suppaa
manula
යකෝ paramount pictures කියනෙත් ලොකු නමක් නේ..කොහොම වුනත් ෆිල්ම් එක්ක එල ස්තුති යාළුවා
lakmal
thanks machan jaya wewa
Madusanka
Thankz. Machan good luck
Maduwa
එලකිරි සහෝ.... ලස්සන movie එකක් වගේ. ඔන්න මං බෑවා.....
dev
ela ela....patta katawak wage...
kalekin beluwe ne me wage ekak...
bohoma stuti saho.... .“චූටී මල්ලි”
"කරලා ඉවර කරනකොට වෙලාව අද උදේ 3.35යි . ඔන්න කොමෙන්ට් එකක් නොදා එහෙම යන්න එපා කියලා ඉල්ලනවා"
අපි එහෙම කමෙන්ට් නොදා යනවද මේ වගෙ ඒවාට
නිදි මරාගෙන අපි වෙනුවෙන් පැය ගනන් කට්ට කන එක වෙනුවෙන් අපිට අකුරු 2ක් 3ක් කොටලා තෑන්ක්ස් කරන්න බැරිනම් අපි මොක්කුද?
සබ් එකට අනේක වාරයක් ස්තුතියි, ඒ වගෙම පිං
මේ වගෙ පට්ට පතුරු ඒවාට සබ් ලැබෙන්නෙ බයිස්කෝප් එකෙන්ම විතරයි ඉතින්නලින්
නියමයි හසා..!
හතයි කියන්නේ මල් හතයි ඔං..!!
ජය වේවා...
uda
නියමයි සහෝ මේ වගේ මහන්සියකට මොකුත් නොකියාම බෑ...
අපේ සයිට් එකේ මම ඇරුණම හැකිතාක් ඇනිමේෂන් සිංහල දෙන තව කෙනෙකුට ඉන්නේ ඔයා තමයි මම හිතන්නේ. :)
විකියා මටත් මේක ගැන ඔත්තු කිව්වා. ඒත් මම එයාගෙම කලින් ඔත්තුවකට හිර වෙලා නෙවැ. :D ඒ හින්දා මේක මගෑරෙන්ඩ නොදී සිංහල දීපු එකනම් මාරම වටිනවා සහෝ.
මට කීව එකත් මේ සතියෙම දෙන්ඩයි ට්‍රයි එක. බලමුකෝ නේ... අපි!
එහෙනම් ජය! කරපු කැපකිරීම මහත් සේ අගය කරනවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
pattama macho meywata nam kamathi....