Watch Trailer

Tezaab (1988) Sinhala Subtitles | ඇසිඩ්… [සිංහල උපසිරසි]

මිනිස්සු 60යි, ගෑනු 16යි, ළමයි 40යි තුවාල වෙලා. තුන් දෙනෙක් මැරිලා. කඩ 42ක් මංකොල්ල කාලා. අද වෙනකන් පොලීසියට බැරි වුනා හොයාගන්න උන් කවුද කියල. අපිට දැනගන්න පුලුවන් වුනේ ඒ බයානක අපරාධකාරයෙක්ගෙ කල්ලියක් කියල විතරයි. ඒ මිනිහා ඉස්සර ඉඳන්ම පොලීසියට ඕනෑ කරපු මිනිහෙක්. එයාගෙ නම මුන්නා. අදින් අවුරුද්දකට කල…

මිනිස්සු 60යි, ගෑනු 16යි, ළමයි 40යි තුවාල වෙලා.
තුන් දෙනෙක් මැරිලා. කඩ 42ක් මංකොල්ල කාලා.
අද වෙනකන් පොලීසියට බැරි වුනා හොයාගන්න
උන් කවුද කියල.
අපිට දැනගන්න පුලුවන් වුනේ ඒ
බයානක අපරාධකාරයෙක්ගෙ කල්ලියක් කියල විතරයි.
ඒ මිනිහා ඉස්සර ඉඳන්ම පොලීසියට ඕනෑ කරපු මිනිහෙක්.
එයාගෙ නම මුන්නා.
අදින් අවුරුද්දකට කලින් එයාව පිටමන් කරල තියෙනවා.
මේ තියෙන්නෙ එයාගෙ ෆයිල් එක.
මේ ඉන්නෙ මහේශ් දේශ්මුක් නෙ.
එයා කොහොමද මුන්නා වුනේ?
සර් එයා මේ පැත්තෙ ප්‍රසිද්ද වෙලා ඉන්නෙ මුන්නා කියන නමින්.
මීට කලින් මිනී මැරුමකට අවුරුද්දකට හිරේ ගියා.
ඒත් මගෙ මතකය කියන්නෙ මෙයා අහිංසක නීතිගරුක ඒත්…
සෙල්ලක්කාර තරුනයෙක් කියල.
එයා රට වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානම් වෙලා හිටියෙ.

ඒත් එක දවසක්,

බැංකුවක් මංකොල්ල කන්න ආපු මංකොල්ල කාරයො කට්ටියක් අතින්
මහේශ්ගෙ අම්මයි තාත්තයි මිය යනවා…
මහේශ්ගෙ ජීවිතෙ සතුටුම දවස එක මොහොතකින්…
ජීවිතේ දුකම දවස බවට පත් වුනා.
මන් කවදාවත් දැකල නෑ…
ජීවිතේ කාටවත් මීට වැඩිය ලොකු විහිලුවක් කරනවා.
ටික දවසකින් මහේශ් එයාගෙ නංගිවත් එක්කගෙන මුම්බායි ආවා.
මට ඊට පස්සෙ මහේශ්ව මුන ගැහුනෙ නෑ.
මට දැනගන්න ඕනෙ, මහේශ් මුන්නා වුනේ කොහොමද කියල.
ඔයගොල්ලොන්ටත් දැනගන්න ඕනෙ නම්
එහෙම වුනේ කොහොමද කියල?
එන්න මේ චිත්‍රපටිය බලන්න.

Tezaab කියන එකේ තේරුම ඇසිඩ්. 1988 අවුරුද්දෙ තිරගත වුන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ N. Chandra. රංගනයෙන් දායක වෙන්නෙ අනිල් කපූර් සහ මදුරි ඩික්සිත්. අනිල් කපූර්ගේ මිස්ට ඉන්ඩියා චිත්‍රපටියෙන් පසුව රඟපෑ හොඳම චිත්‍රපටියක් වන අතරම මදුරිව එක්රැ යකින් තරුවක් කිරීමට සමත් වූ බව සඳහන් වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ ලක්ශ්මීකාන්ත් ප්‍යාරේලාල්. මෙහි තියෙන Ek Do Teen ගීතය ඒ කාලෙ වගේම අදටත් බොහොම ජනප්‍රියයි. මේ චිත්‍රපටිය නිපදවල තියෙන්නෙ 1984 අවුරුද්දෙ තිරගත වුන Streets of Fire චිත්‍රපටිය ඇසුරෙන්. ඒ වගේම මෙය දමිල බසින් Rojavai Killathe ද, තෙලුගු බසින් Two Town Rowdy ලෙසින්ද නැවත නිපදවෙනවා.

එම වසරේ ෆිල්ම්ෆෙයාර් උලෙලේ සම්මාන හතරකටද මේ චිත්‍රපටිය හිමිකම් කියනවා. ඒ හොදම නලුවා ලෙසින් අනිල් කපූර්, හොඳම ගායනය ට ‘ඒක් දෝ තීන්’ ගීතය සඳහා අල්කා යාග්නික්, හොඳම නර්තන අධ්‍යක්ශන සඳහා සරෝජ් කාන් සහ හොඳම දෙබස් සඳහා කම්ලේශ් පාන්ඩේ. ඒ වගේම තවත් සම්මාන රැසකට නිර්දේශද වනවා.

මේ චිත්‍රපටියට seeds තියෙන ටොරන්ට් ලින්ක් එකක් තිබුනෙ නැහැ. ඉතින් YouTube එකේ පැය 2.42.27 ක ධාවන කාලයක් සහිත Tezaab Full Movie in HD | Anil Kapoor Hindi Action Movie | Madhuri Dixit | Superhit Bollywood Movie කියන කොපියට තමයි සබ් එක කලේ. ඒ නිසා වෙන කොපි වලට සබ් එක ගැලපෙයිද කියලනම් කියන්න බැහැ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම මුන ගැසෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපත සඳහා අදාළ වේ.

1,290 downloadsDownload Tezaab-1988.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,290 downloadsDownload Subtitles64 KB

20 comments

  1. ශාමල් මනෝජන්

    අම්මෝ දහරා සොයුරි,

    මැණික් කැටයක් දැක්කා වගේ සතුටුයි.

    ආයේ අවුරුද්දක් ඉඳලා තව එකක් දෙන්න හදන්න එපා.

    Please තව දෙන්න. දිගටම දෙන්න. මාස දෙක තුනකට සැරයක් හරි කමක් නෑ. මේවගේ හින්දි චිත්‍රපටයක්, 90 ගණන් වල හින්දි චිත්‍රපටයක් දාලා අපිව සතුටු කරන්න. පින් අයිති වෙනවා 90 ගණන් වල හින්දි ෆිල්ම් බයිස්කෝප් එකට දාන අයට. Please....

    1. ශාමල් මනෝජන්

      දහරා සොයුරි,

      ස්තූතියි නම් කියන්නේ නෑ මං

      පින් අයිති වේවා මේකට සබ් දුන්නට.

    2. sangeeth anuradha

      Lamhe (1991) film ekata sub eka dennko.

  2. මයිකි

    මං තමා 2 දෙවනියට ඩව්න්ලොඩ් කලෙ තැන්ක්ස් සබ් එකට

  3. Anonymous

    sanjay dutt 1990 movie sub danna puluwanda

  4. Deegayu Abeysekera

    thanks!

    ai ikmanata honda parana hindi movie ekakata sub ekk denna..................!

  5. Anonymous

    Thank you dahara nangi..

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. Suranjan

      Thanks jayawewa....!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Priyantha Dayakeerthi

    දහරා මුතු අමා සොයුරිය,
    හින්දි සිනමාවේ ජනප්‍රිය එකකට ඔබ මේ සබ් දීලා තියෙන්නේ. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ ස්තුතිය පිරි නමමි!

  9. W T Ajith

    Best Classic movie, Thanks for that great work! I like to Kati Patang 1971 movie!

  10. Bandara

    Thanks Lot.sister

  11. ප්‍රබුද්ධ

    සුපිරි ෆිල්ම් එකක් ස්තුතියි සබ් එකට. පුලුවන්නම් අනිල් කපුර්ගේ hifazat එකෙත් සබ් දෙන්න තව අමිතාබ් බච්චන්ගේ ගංගා ජමුනා සරස්වතී එකත් සුපිරියි...ඉස්සර අපිව පිස්සු වට්ටපු ෆිල්ම වලට තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා....

  12. Priyantha Dayakeerthi

    මෙම ෆිල්ම් එක සහ Ek phool do mali ෆිල්ම් එක දිනපතා වැටෙන ෆිල්ම් ලිස්ට් එකේ පෙන්වන්නේ නැහැ. ඇඩ්මින් එකට කියලා හදා ගන්න. නැත්නම් අපරාදේ මේවට කැමති අය දන්නේ නැහැනේ. ස්තුතියි!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  14. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  15. sangeeth

    lamhe 1991 film ekata sub dennako..!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි උපසිරැසි නිර්මාණයට.කාලයක් බලාගෙන හිටපු filumak..ජයවේවා !!