Watch Trailer

Mardaani 2 (2019) Sinhala Subtitles | අයුක්තියට එදිරිව නැවත වරක් ඇය.. [සිංහල උපසිරැසි සමග]

කාන්තාව.. විටෙක මවක්, නැගණියක්, දියණියක්, මිත්තණියක් අනෙක් පසින් පෙම්වතියක්, මිතුරියක්, බිරිඳක් විදියට අපි හැමෝගෙම ජීවිත වල ඉන්නවා. ජීවිතේ විවිධ අවස්ථාවලදී අපිට ඇසුරු කරන්නට සිදු වෙන කාන්තා චරිත බොහෝ වෙලාවට අපේ ජීවිත හැඩගස්සනවා. ඒක හොඳට හෝ නරකට වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් පිරිමියෙකුට සාපේක්ෂව ශරීර…

කාන්තාව.. විටෙක මවක්, නැගණියක්, දියණියක්, මිත්තණියක් අනෙක් පසින් පෙම්වතියක්, මිතුරියක්, බිරිඳක් විදියට අපි හැමෝගෙම ජීවිත වල ඉන්නවා. ජීවිතේ විවිධ අවස්ථාවලදී අපිට ඇසුරු කරන්නට සිදු වෙන කාන්තා චරිත බොහෝ වෙලාවට අපේ ජීවිත හැඩගස්සනවා. ඒක හොඳට හෝ නරකට වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් පිරිමියෙකුට සාපේක්ෂව ශරීර ශක්තියෙන් තරමක් දුර්වල වීම ඇය වෙනස්කොට සලකන්නට මේ යුගයේ හේතුවක් වෙන්නේ නැති බව අපි හැමෝම දන්නවා. ඒත් සමාජය ඇසුරු කරන විට නිතර ඇස ගැටෙන දෙයක් තමයි, කාන්තාවන්ට පිරමින්ගෙන් සිදුවන හිරිහැර, අඩන්තේට්ටම්, අවලාද වගේම අනවශ්‍ය උසුළු විසුළු. මේ දේවල් කොච්චර සුලබද කියනවා නම් අද වන විට මේ දේවල් නොසලකා ඉන්න මට්ටමට කාන්තාව ඒවට හුරු වෙලා. මෙන්න මේ හුරු වීම කොච්චර භයානකද කියනවා නම් මේ ඉවසීම නිවටකමක් විදියට සලකන ඇතැම්, ජන්මයෙන් පිරිමි ලිංගය හිමි සමහරු ඇයට අතවර කරන්නට පෙළඹෙන්නේ නිරායාසායෙන්.

බස් එකක වදින “ජැක්” එකේ ඉඳන් බරපතල ස්ත්‍රී දුෂණ අපරාධයක් දක්වා එය දිගහැරෙන්නේ සමාජාවබෝධයේ මදි කමක් නිසාද, ලිංගික අධ්‍යාපනයේ මදිකමක් නිසාද, මානසික අසහනයක් නිසාද, එහෙමත් නැතිනම් පාලනය කරගත නොහැකි කාමාශාව නිසාද කියන දේ අවස්ථානුකූලව අපිට තේරුම් බේරුම් කරගන්නට පුළුවන්. ඒ කොහොම වෙතත් මෙයින් පීඩාවට පත්වන්නේ කාන්තාවන්. වරක් දූෂණයට ලක් වූ කාන්තාවක්, නැවත නැවත අධිකරණය ඉදිරියේ දූෂණයට ලක් වන්නේ තමන්ට යුක්තියක් ලැබේ යැයි අපේක්ෂාවෙන්. වරද ඇත්තේ සමාජ ක්‍රමයේම නේද? තමන්ට සමීප කාන්තාවන් දෙස ගෞරවයෙන් බලනවා සේම අනික් සියලු කාන්තාවන්ටත් ඒ ගෞරවයම දෙන්න පුළුවන් නම් යම්තාක් දුරකට හරි මේ සමාජය මේ වැටිලා තියෙන තැනින් යන්තමින් හරි ගොඩට ඒවි.

අද මේ අවුරුද්දකට විතර පස්සේ උපසිරැසි ගන්වලා අරන් ආවේ, අන්න ඒ වගේ තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන කාන්තාවන්ට වෛර කරන, ඒ කාන්තාවන්ගේ ජීවිත අපායක් කරන එක තම එකම අභිප්‍රාය කරගත්, සමාජ පිළිලයකට, එරෙහි වන කාන්තා පොලිස් නිළධාරිනියකගේ කතාවක්. තමන්ගේ මවට වෛර කරන්න පුළුවන් කාටද? තමන්ගේ මවට මරණය ලං කරලා දෙන්න පුළුවන් පුතෙක් සිටී නම් ඒ නරුමයෙක්ම පමණයි. එහෙව් පිරිමියෙක් සමාජයේ අනික් කාන්තාවන් දෙස මොන විදියකට බලයිද. මේ චිත්‍රපටය නරඹන ඔබට එයා හිතාගන්නවත් බැරි තරමේ නුහුරු අත්දැකීමක් වෙයි.

ශිවානි ශිවාජි රෝයි. 2014 වර්ෂයේ තිරගත වූ Mardaani පළමු චිත්‍රපටය නැරඹු ඔබට මේ චරිතය අමතක නැති බවට කිසි සැකයක් නැහැ. මුම්බායි පොලිස් බලකායට අනුබද්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරිනයක් විසින් දිල්ලිය පදනම් කරගනිමින් ඒ වටා ගොඩනැගී තිබුණු ළමා ජාවාරමක සුල මුල එළිදරවු කරමින් වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ හැටි ඒ චිත්‍රපටය නැරඹූ ඔබට මතක ඇති. සිත සලිත කරවන එකී සිදුවීම් පෙළ ඉන්දියාව පුරාම තිරගත වූයේ අති සාර්තක ලෙසින්. රාණි මූඛර්ජි නම් අග්‍රගන්‍ය රංගන ශිල්පිනියගේ ඒ අති දක්ෂ රංගනය නැවත වරක් Mardaani 2 මේ චිත්‍රපටයෙන් ඔබට දැකගත හැකිවනු ඇත. පළමු චිත්‍රපටය සාර්තක වූවා සේම දෙවන චිත්‍රපටයත් 2019 දෙසැම්බර් 13 වන දින පටන් ඉන්දියාව පුරා සිනමාහල් වල අති සාර්තක ලෙස තිරගත විය. මර්දානි දෙවන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර තිබෙන්නේ මර්දානි පළමු චිත්‍රපටයේ තිර රචනය කළ ගෝපි පුත්‍රන් විසින්මයි. යෂ් රාජ් නිෂ්පාදනයක් ලෙස තිරගත වූ මෙහි කිසිම ගීතයක් අන්තර්ගත වන්නේ නැහැ. 7.6 ක IMDb අගයකට හිමි කම් කියන මේය ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක සහ නාට්‍යමය කියන කාණ්ඩ යටතේ වර්ගීකරණය කළ හැකියි.

අවුරුද්දක දැඩි නිහඬතාවයකින් පස්සේ තමයි ආපහු උපසිරැසියක් අරන් ආවේ. සියලු දෙනාටම නරඹන්න කියලා ආරාධනා කරනවා. ඔබේ අදහස් පළ කරන්න වෙනදා වගේම. මේ චිත්‍රපටය සැබෑ ලෝකයේ ත්‍රාසජනක අත්දැකීමක් ඔබට ගෙන දෙනවාට සැක නැත. ගිහින් එන්නම්. ජය..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB Rip පිටපත් සඳහා අදාළ වේ.

22,016 downloadsDownload Mardaani-2-2019.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,016 downloadsDownload Subtitles55 KB

27 comments

  1. OsandaFdo

    My fav..actrss..lassna film eka..ftt.. sub ekata tnx..❤️

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. dilum

    #Hail Hydra.

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. indika75

    thanks..

  6. tharanga_sanjeewa

    thanks machan

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. M.W. Dilhani

    Thank you

  9. shanedesilva

    Thanks a lot for the subtitle. Keep it up the good work.

  10. thilz

    thank youuu

  11. wnrodrigo

    Good work friend, Thanks for the sub!

  12. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA.........

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  14. bindusara hasaranga

    Sub Ekat Bohoma Thank Ane Aiye Oyata Puluwanda Supergirl Season 05 Sub Eka Denna Please Anith Eka Oya Ayeth Sub Denna Awa Ekata Sathutui Aiyage Sub Tip Top Ayeth Eka Digata Sub Denna Hodada A Wagema Mage Illima Ganath Puluwannam Salaka Balanna

  15. pamitha

    mardaani 1 eke torrant ekak danawada

  16. Saranga J. Liyanagama

    Thanks

  17. Pramukmili

    Thanxx bro......

  18. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා යසෝ..!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  19. Shamal manojan

    සබ් එකට බොහොම ස්තූතියි. Mulk 2018 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

  20. mindika

    Thanks !!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. විමා

    සබට තුති බන්
    මෙන්න බලනො

  23. chinthaka.max4

    thankx machan

  24. Thiththagalla Gamage Manjula Kumara

    Thank you

  25. Anonymous

    අඩේ බන් අර මග නවත්තපු ,Outlander සීරීස් එක දියන්කො මචන් . දැන් අවුරුදු තුනක ඉදන් බලන් ඉන්නෙ ❤️

  26. pravisara imanga

    meke 1080p subs eka nadda.

  27. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.