2019 අවුරුද්දේ ආපු ඇඩම්ස් පවුලේ කතාන්දරය බලපු අයට මතක ඇති කියලා හිතෙනවා. ඒක නොබැලුවා කියල මේක බලන්න අපහසුවක් නෑ. හැබැයි බලන තරමට හොඳයි. උපසිරැසිකරණයෙන් කාර්යබහුලතාවය නිසා මම ඉවත් වෙලා ටික කාලයක් වෙනවා. නමුත් මේකේ දෙවැනි කොටස ඇවිල්ල කියල දැනුම් දුන්න මොහොතේ මුල් චිත්‍රපටයට උපසිරැසි කල නිසාම මේකත් කර…

2019 අවුරුද්දේ ආපු ඇඩම්ස් පවුලේ කතාන්දරය බලපු අයට මතක ඇති කියලා හිතෙනවා. ඒක නොබැලුවා කියල මේක බලන්න අපහසුවක් නෑ. හැබැයි බලන තරමට හොඳයි. උපසිරැසිකරණයෙන් කාර්යබහුලතාවය නිසා මම ඉවත් වෙලා ටික කාලයක් වෙනවා. නමුත් මේකේ දෙවැනි කොටස ඇවිල්ල කියල දැනුම් දුන්න මොහොතේ මුල් චිත්‍රපටයට උපසිරැසි කල නිසාම මේකත් කරන එක හොඳයි කියල මට හිතුනා. ඒ නිසයි මේ චිත්‍රපටයේ උපසිරැසි මදක් ප්‍රමාද වෙලා හරි, ඔබට ලැබෙන්නේ.
සුපුරුදු විදියටම අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වන ඇඩම්ස්ලා ගේ ජීවිතේ කතන්දරයක් මේකෙන් දැක බලාගන්න පුළුවන්. අස්වාභාවික නමුත් පවුලේ අයට ස්වාභාවික තිබෙන ගති ලක්ෂණ කිසිවක් පවුලේ දියණිය වන වෙන්ස්ඩේට පිහිටලා නෑ. එයාගේ කතා බහත් හරියට පොතේ භාෂාව වගේ අමුතුයි. කෙටියෙන් කීවොත් පවුලේ අය අතරින් වෙනස් කෙනා එයා. ඉතින් එයා ක්‍රම ක්‍රමයෙන් පවුලෙන් ඈත් වී යන ස්වාභාවයක් පෙන්වන නිසා තාත්තා, ගෝමස් ඇඩම්ස්, සහ අම්මා, මෝටීසියා ඇඩම්ස් තීරණය කරනවා එයාලගේ පවුලේ හැමෝම වන පුතා පග්ස්ලි, අන්කල් ෆෙස්ටර්, උන්මත්තක සේවකයා ලර්ච් සහ තින්ග් කියන තනි අතේ චරිතයත් එක්ක පවුලේ සවාරියක් යන්න. ඒ පවුලේ අය අතරේ සම්බන්ධතා වැඩි දියුණු කරගන්න්නත් එක්ක. ඒත් මෙයාලගේ පස්සේ එනවා පෝසත් වගේම බුද්ධිමත් විද්‍යාඥයෙක්, වෙන්ස්ඩේව පැහැරගන්නා අරමුණින්.
ඉතින් එයාලගේ සවාරිය අස්සේ මේ මිනිස්සුන්ගෙන් බේරෙන හැටි, පවුලේ මත ගැටුම් අවුල් වියවුල් විසඳාගන්න හැටි එක්ක ලස්සන ඇඩ්වෙන්චර් කතාවක් මේ පාරත් දැක බලාගන්න පුළුවන් වේවි. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ කොන්රඩ් වර්නන් අතින්. ඒ වගේම IMDb රේටින් 5.3ක් එක්ක 23%ක රොට්න්ටොමැටෝ අගයක් ලබාගෙන තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,781 downloadsDownload The-Addams-Family-2-2021-Blu-Ray.zip106 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #2021
- #Addams Family
- #Bette Midler
- #Charlize Theron
- #Chloë Grace Moretz
- #Conrad Vernon
- #Javon 'Wanna' Walton
- #Must Watch
- #Nick Kroll
- #Offbeat
- #Oscar Isaac
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Snoop Dogg
- #Subs
- #The Addams Family
- #You Decide
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
මධුකප්‍රිය පෙරේරා
Roshan
Tnx Bro...Good Luck...Stay Safe...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
tanx sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
tharusha_samaranayake
niyamai
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Devinda Priyadarshana
ade macn maliiii ela a.....
Anonymous
thanks
nithin
muchas grazias hermano...
salamuthu
thank you
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි...
Chämàrá Sâmpáth
සබට තුති සහො!!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
GG bro ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි