Watch Trailer

Injustice (2021) Sinhala Subtitles | ඉටු කිරීමට යුක්තියක් නැති වූ කල. [සිංහල උපසිරසි]

මේ වසරට නිකුත් වෙන අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය කියලා විශ්වාස කරන්න පුලුවන් Injustice චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි මේ එන්නෙ. මේ මාසයෙ අවසානෙදි නිකුත් වෙන්න තිබුනත් නොහිතපු විදිහට විඩියො පිටපතක් නිකුත් වෙච්ච නිසා ලොව පුරා ඉන්න කොමික් රසිකයන්ගෙ හිත් ඇදගත්ත මේ චිත්‍රපටයට පාදක වුන කොම්ක්වල සම්බන්ධ වීම ග…

මේ වසරට නිකුත් වෙන අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය කියලා විශ්වාස කරන්න පුලුවන් Injustice චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි මේ එන්නෙ. මේ මාසයෙ අවසානෙදි නිකුත් වෙන්න තිබුනත් නොහිතපු විදිහට විඩියො පිටපතක් නිකුත් වෙච්ච නිසා ලොව පුරා ඉන්න කොමික් රසිකයන්ගෙ හිත් ඇදගත්ත මේ චිත්‍රපටයට පාදක වුන කොම්ක්වල සම්බන්ධ වීම ගැන හොද ලිපියක් ලියාගන්න වෙලාවක් ලැබුනෙ නැහැ. නමුත් හැදින්වීමක් නොකර ඉන්න බැරි නිසාම පුංචි විස්තරයක් කරන්නම්.

කොමික් පසුබිම

Tom Taylor, Brian Buccellato දෙදෙනා යටතේ රචනයත්, Jheremy Raapack, Mike S. Miller, Bruno Redondo, Tom Derenick යන ප්‍රමුඛ පෙළෙහි ඉලස්ට්‍රේටර්ලාගෙ එකතුවෙන් නිර්මාණය වුන කොමික් පෙලක් තමයි Injustice: Gods Among Us කියන්නෙ. 2013 වසරේ ජනවාරි මුද්‍රණය කරන කොමික් පෙල මුද්‍රණ 153ක් පුරාවට 2016 වසරේ සැප්තැම්බර් වෙනකල්ම නිකුත් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ කොමික් පෙල නිකුත් වෙන්නෙ Year එකක් එහෙම නැත්තම් වසරක් විදිහට නම් කරලා Year Zero සිට Year Five දක්වාම ප්‍රධාන වශයෙන් නිකුත් වෙලා තියෙනවා. ඒ ඒ වසරක් පාදක වෙන්නෙ වෙනමම කතාවක් පාදක වෙන විදිහට.

විශේෂයෙන්ම කියන්න ඕන මේ කොමික් පෙල සම්බන්ධ වෙන්නෙ පසුකාලීනව නිකුත් වුන වීඩියෝ ගේම් පෙලෙහි ප්‍රික්වල් එකක්, එහෙම නැත්තම් පෙර කතාව පාදක කරගෙන.

 

විඩියො ගේම් නිර්මාණය

 

කොමික් පෙල ලැබූ ජනප්‍රියත්වය නිසාම ‘Injustice: Gods Among Us’ නම යටතේ 2013 වසරේ අප්‍රේල් 16 වැනිදා PlayStation 3, Wii U, Xbox 360, Microsoft Windows, PlayStation 4, PlayStation Vita, iOS, Android වැනි සංස්කරණ සියල්ල වෙනුවෙන්ම විඩියො ගේම් එකක් නිකුත් වෙනවා. මේකට පාදක වෙන්නෙ උඩ සදහන් කල කොමික් වලට පසු කතාවයි.

ඉතිං මුල් විඩියො ගේම් එකෙන්ම ලබන ජනප්‍රියත්වය නිසාම Injustice 2 නමින් 2017 වසරේ මැයි 11‘ වැනිදා නිකුත් කරනවා Android, iOS, PlayStation 4, Xbox One, Microsoft Windows සංස්කරණ යටතේ. මේ විදිහට නිකුත් වෙච්ච ගේම් වලින් පසුවත් වීඩියෝ ගේම් වලට පෙර, මැද හො පසු සිදුවීම් පාදක කරගත් කොමික් නිර්මාණය වනවා. ඒ Injustice: Ground Zero, njustice, Injustice vs. Masters of the Universe හා Injustice: Year Zero ලෙසින්. මේ සියල්ලක්ම මූලිකවම නිර්මාණය වූ කොමික් වලට ස්පින්-ඕෆ් නිර්මාණ විදිහට සලකනවා.

 

චිත්‍රපට නිර්මාණය

කොමික්, වීඩියෝ ගේම් නිකුත් වෙච්ච Injustice: Gods Among Us කොම්ක් පෙල පාදක කරගෙන අද අරගෙන ආව ඇනිමේෂන් චිත්‍රපටය නිර්මාණයට පෙර ලයිව්-ඇක්ෂන් චිත්‍රපට වලටද යම්තාක් සම්බන්ධ ව්මක් සිද්දවෙලා තියෙනවා. ඒ කවදත් වගෙ Watchmen වැනි අභියෝගාත්මක සිනමා නිර්මාණයට සම්බන්ධ වූ Zack Snyder විසින් ගොඩනගපු DCEU එක එහෙම නැත්තම් Man of Steel, Batman V Superman: Dawn Of Justice, Zack Snyder’s Justice League වැනි සිනමා නිර්මාණ හරහා.

මතක ඇතිනෙ BvS ඔස්සෙ පටන් ගත්ත නයිට්මේයර් ටයිම්ලයින් එක? මේක අවසානයට ZSJL චිත්‍රපටය දක්වාම ගෙන ගියා. ඉතිං ඔය අනාගතයේදී වියහැකි දේවල් කියලා විශ්වාස කරන සිදුවීම් නිර්මාණයට පාදක වෙන්නෙත් Injustice: Gods Among Us කොම්ක් පෙලයි. මේකෙ ඉතිරි කොටස් ටිකත් හරිනම් මීලග Justice League චිත්‍රපට දෙක හරහා අපට දැකගන්න නියමිතව තිබුනත් වෝනර් බ්‍රදර්ස් ආයතනයෙ හිතහොද වැඩි නිසාම චිත්‍රපට නිර්මාතෘවරුන්ට වගේම රසිකයින්ට මේ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට ලබන වසරේදී නිකුත් වෙන්න තියෙන The Flash චිත්‍රපටයෙන් මෙතෙක් ගොඩ නගපු කතා කිහිපය මැකි යාමේ ලොකු ඉඩකඩක් තියෙනවා.

අද අරගෙන ආව ඇනිමේෂන් චිත්‍රපටය ගැන කිව්වොත් මේක නිර්මාණයට පාදක වෙලා තියෙන්නෙ Injustice: Gods Among Us කොම්ක් පෙලෙහි Year One මුද්‍රණ වලත් කිහිපයක් දක්වා පමණයි. ස්ටුඩියෝවෙන් හරියට වැඩක් ගත්තොත් ඉතුරු සියල්ලම පාදක කරගෙන Injustice ඇසුරින් වෙනාමම ඇනිමේෂන් චිත්‍රපට යුනිවර්ස් එකක්ම ගොඩනගන්න පුලුවන්.

Gillian Jacobs, Laura Bailey, Anson Mount, Anika Noni Rose, Reid Scott, Justin Hartley වැනි නළු/නිලියන්ගෙ සම්බන්ධ වීමෙන් හඩකැවීම් සිදුකල මෙම ඇනිමේෂන් චිත්‍රපටය Animation, Action, Adventure, Drama, Fantasy. Sci-Fi වර්ගීකරණ යටතේ නිර්මාණය වූ R-Rated චිත්‍රපටයක්. මෙවර ඔක්තෝබර් 19’වැනිදා අන්තර්ජාලයට නිකුත් වීමට තිබු මෙම චිත්‍රපටයෙ ධාවන කාලය පැයකුත් හා විනාඩි 18ක් ලෙසද සටහන් වනවා.

චිත්‍රපටයෙ කතාව කියන්න අවශ්‍යම නැහැ. මොකද මේක ඇතුලෙ වෙන්නෙත් එදාමෙදා කාලය පුරාවට කොමික් නිර්මාණ පුරාවට වෙච්ච ජනප්‍රියම සිදුවීම් පාදක කරගෙන. හොදම දේ බලලම චිත්‍රපටයෙ තත්වය තීරණය කරන එකයි. එහෙමනම් බලලම ඉන්නකො. සුභ සතිඅන්තයක්!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,611 downloadsDownload Injustice-2021.zip86 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

7,611 downloadsDownload Subtitles86 KB

21 comments

  1. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. DanTE

    Thank You!

  4. Nilush Angana

    Sub ekata thanx

  5. ෆිල්ම් පිස්සා

    sub ekata bohoma sthuthi. denkm bln hitiye

  6. madusara

    hammo supiri, big thanks machan

  7. Thilinda Randeera

    ස්තුතියි සහෝ

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  11. sam

    No man's land 2021 sub ona

  12. nithin

    MUCHAS GRAZIAS HERMANO...

  13. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Arawinda Sunimal

    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Tharuka

    ගොඩක් ස්තුතියි උපසිරැසිය ට

  17. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

  18. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️

  19. lakshan

    thanks .........................

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.