Watch Trailer

The Breadwinner (2017) Sinhala Subtitles | අසාධාරණය තුලින් මතු වූ පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලේකට පස්සේ අරන් ආවා සිනමාපටයක්. මේක ඇවිත් ඇනිමේටඩ් සිනමා පටයක්. මේක අයිති වෙන්නේ Animation, Drama, Family කියන ගනයට තමා. මේකේ හොද කොපියක් ඇවිල්ලා නම් දවස් තුනක් විතර වෙනවා. මීට කලින් මේක දෙන්න හිටියත් දෙන්න බැරි උනා මගේ වැඩත් එක්ක. කෝම හරි ඔන්න කරලා අරගෙන ආවා.මේක ප්‍රදර්ශනය කරන්ක පටන…

ඔන්න එහෙනම් කාලේකට පස්සේ අරන් ආවා සිනමාපටයක්. මේක ඇවිත් ඇනිමේටඩ් සිනමා පටයක්. මේක අයිති වෙන්නේ Animation, Drama, Family කියන ගනයට තමා. මේකේ හොද කොපියක් ඇවිල්ලා නම් දවස් තුනක් විතර වෙනවා. මීට කලින් මේක දෙන්න හිටියත් දෙන්න බැරි උනා මගේ වැඩත් එක්ක. කෝම හරි ඔන්න කරලා අරගෙන ආවා.මේක ප්‍රදර්ශනය කරන්ක පටන් ගත්තේ 2017 නොවැම්බර් 17 වෙනිදා ඇමරිකාවෙන්. මේ පිලුම අධ්‍යක්ෂණය කරන්නේ Nora Twomey විසින්. ඇය තමා Song of the sea (2014) සහ The secret of kells (2009) යන නිර්මාණ අධ්‍යක්ෂණය කරන්නෙත්. මේ සිනමා පටයෙහි බොක්ස් ඔෆිස් ආදායම $304,074(පෙබරවාරී වන විට)වෙනවා. තව දෙයක් මේ සිනමා පටය එසේ මෙසේ සිනමා පටයක් නෙවේ. මේක මේ වෙද්දි සම්මාන 5ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 43 කට නාමයෝජනා නිර්දේශය වෙලා තියෙනවා. ඒ අතර විශේෂම දේ තමා මේ අව්රුද්දේ ඔස්කාර් සම්මාන උලළේ හොදම හොදම ඇනිමේටඩ් සිනමා පටයට නාම යෝජනා වී තියෙන එක.ඒ වගේම, golden globes, EDA award,Annie Awards යන හුගක් සම්මාන උලේළවල් වල සම්මාන සදහා නාම යෝජනා ඉදිරිපත් වී ඇති අතර සමහරක් සම්මාන දැනටමත් දිනා ඇත. මේ සිනමාපටයට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම තියෙන නවකතාවක්. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මේ කතාව ගෙතෙන්නේ මුස්ලිම් පවුලක් වට. අන්ත දුගී දුප්පත් අසරණ පව්ලක් වටා තමා කතාව යන්නේ. කතාවේ කතා නයිකාව තමා පර්වානා..ඇගේ පව්ලේ තාත්තා, අම්මා අක්කා සහ මල්ලි කෙනක් තමා ඉන්නේ. මෙයාලා ඉන්නේ තලේබාන් සංවිධානයේ අනසකට යටත් උන ඇෆ්ගනිස්තානයේ කාබුල් කියන නගරේ. ශාරියා නිතිය ක්‍රියාත්මක වන මේ නගරේ, කාන්තාවන් හට සලකන්නේ ඉතාමත් තුච්ච අසික්කිත විදිහටයි. කතාවේ විදිහට පර්වානාගේ තාත්තා බොරු චෝදනාවකට වැරදිකරු කරලා හිරගෙදරට දානවා. ශාරියා නිතියට අනුව පිරිමි කෙනෙක් නැතුව කාන්තාවන්ට ගෙදරින් එලියට බහින්න තහනම් වන අතර තමන්ට අනිසි ලෙස අවදානයක් ගන්න තැත් කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක් උනා. ඉතින් තාත්තා නැති මේ අසරණ පව්ල ජිවත් වෙන්නේ කොහොමද, වතුර ටිකක් ගේන්න හරි බඩු මුට්ටුවක් ගේන්නේ හරි එලියට යන්නේ කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට පර්වානා අැතුලු පව්ලේ අයට ⁣මුහුණ දෙන්න වෙනවා.ඉතින් මොකක්ද මේ බොරු චෝදනාව?? කව්ද ඒක කිව්වේ? පර්වානා ඇතුලු පව්ලේ අයට මොකද වෙන්නේ? තාත්තා මැරෙයිද? තාත්තා බේරිලා ගෙදර එයිද? මෙන්න මෙි වගේ ප්‍රශ්න ටිකක් මං ඔයාලට ඉතුරු කරලා ලිපිය මෙතනින් නවත්වනවා. ඒවට පිලිතුරු හොයන්න නම් කතාව බලලම ඉන්න. මං එක දෙයක් කියන්නම් ඇනිමේටඩ් එකක් නිසා බලන් නැතුව ඉන්න එපා. මොකද මේක සුපිරියටම කරලා තියෙනවා. මේක බලලා යම් විදිහක අදහසකුත් ගන්න පුලුවන් ඔයාලට ශරියා නිතිය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අදට මම සමු ගන්නවා.. හෙට අනිද්දම සුපිරි රුපවාහිනී කතාමාලවක කොටසක් එක්ක ආයේ හම්බෙමු.

ජය වේවා!

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL / HD / Blu-Ray පිටපත් සඳහා ගැළපේ

2,927 downloadsDownload The-Breadwinner-2017-Blu-Ray.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

2,927 downloadsDownload Subtitles86 KB

23 comments

  1. Nuwan_Hero

    thanks bn Ferdinand (2017) meketh sub demuko bluyray awilla

  2. Panther

    Thanz brother sub akta

  3. Panther

    Niyama wadak thanz sub akta

  4. එල්.සී. දමැල්

    thanks

  5. Pasi 1234

    Thahda

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. JackJill

    BR out in Yify machan

  8. IshaN22

    Ferdinand (2017) ekata sub dennako

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චමල් සහෝ.
    ජයෙන් ජය.

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  13. AsithaDilruwan

    elama saho thanks

  14. Sanjeewa herath

    ස්තුතියි මචං උපසිරැසියට.

  15. ranga11112

    උපසිරැසියට ස්තූතියි සහෝ

  16. hasi nammuni

    බොහොම ස්තූති සහෝ සබ් එකට. බ්ලූරේ එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒකටත් දෙන්න.

  17. Arrow T

    Thank you so much

  18. madhusankha

    Thanks bro...

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. IreshSampath

    thanks

  21. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  22. rishan_1

    බොහොම ස්තුතියි

  23. sulakshana

    thank you bro
    can you please tell me a site to download afghan movies