Watch Trailer

The Breakfast Club (1985) Sinhala Subtitles | අප කවුරැන්ද… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතිං නැවතත් ඉක්මනින් චිත්‍රපටයක් සඳහා උපසිරසියක් රැගෙන ආවා. වෙනදා වගේම පැරණි චිත්‍රපටයක් තමා මෙවරත් රැගෙන ආවේ. චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න කලින් මුලින්ම මෙහි අන්තර්ගත වෙන කතාව ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙන්නෙ ඇමරික…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතිං නැවතත් ඉක්මනින් චිත්‍රපටයක් සඳහා උපසිරසියක් රැගෙන ආවා. වෙනදා වගේම පැරණි චිත්‍රපටයක් තමා මෙවරත් රැගෙන ආවේ. චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න කලින් මුලින්ම මෙහි අන්තර්ගත වෙන කතාව ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්.

මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙන්නෙ ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ පිහිටි උසස් පාසලක් වටායි. මෙම පාසලේ වැරදි කරන සිසුන්ට හම්බවෙන දඬුවම තමා, සෙනසුරාදා දවසේ පාසල් පැමිණ, මුළු සෙනසුරාදා දවසම ගුරැවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉන්නට සිදුවීම. ඉතිං පාසල් වේලාව තුළ විවිධ වැරදි වලට හසුවුන සිසු සිසුවියන් 5 දෙනෙක් මෙසේ සෙනසුරාදා දින මෙම දඬුවමට මුහුණ දීම සඳහා පාසලට පැමිණෙනවා. මෙම 5 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය කණ්ඩායමට සිසුන් තිදෙනෙක් සහ සිසුවියන් දෙදෙනෙක් අන්තර්ගතයි. ඇත්තටම මොවුන් පස්දෙනා එකිනෙකට හාත්පසින්ම වෙනස් ගතිගුණ තිබෙන, විවිධාකාර පවුල් පසුබිම් තුළ ජීවත් වෙන, එකිනෙකට කිසිසේත්ම නොගැලපෙන පුද්ගලයින් පස් දෙනෙක්. ඉතිං මොවුන් පස්දෙනා පාසලේ ශාලාවකට වී විවිධ දේ සාකච්ඡා කරමින්, තම තමන්ගේ අදහස් හුවමාරැ කරගනිමින් එම සෙනසුරාදා දවසේ පැය කිහිපය ගත කරන අයුරැ තමා මෙම චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ.

1985 වර්ෂයේ තිරගත උන මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ 80 දශකය තුළ ඉතා ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරයකු වූ John Hughes විසින්. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද Ferris Beuller’s Day Off (1986) සහ Planes, Trains & Automobiles (1987) නැමැති චිත්‍රපට 2ටත් මං මීට පෙර උපසිරසි ලබාදුන්නා. මෙය හොලිවුඩ් සිනමාවේ බිහිවුන ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය නිකුත් වෙලා අද වෙනකොට වසර 30කටත් වැඩි කාලයක් ගතවෙලා තිබ්බත් මෙම චිත්‍රපටය අදටත් හොලිවුඩයේ ඉතාමත් ප්‍රසිද්ධයි. මෙයට රංගනයෙන් දායක වෙලා තිබෙන්නෙ Emilo Estevez,Judd Nelson,Molly Ringwald,Paul Gleason යන නළු නිළියන්. මෙම චිත්‍රපටය ලක්ෂ තුනකට ආසන්න ඉහල ප්‍රේක්ෂක ඡන්ද ප්‍රමාණයකින් 7.9 ක් වැනි ඉහලම IMDB අගයක් හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම Hollywood Reporter නැමැති වෙබ් අඩවිය නිකුත් කෙරෑ Hollywood’s 100 Favourite Films කියන ලැයිස්තුවේ මෙම චිත්‍රපටයට හිමි උනේ 27 වෙනි ස්ථානය. එමෙන්ම හොලිවුඩ් සිනමාවේ High School ආශ්‍රිතව නිපදවුනු චිත්‍රපට අතරින් මෙම චිත්‍රපටය තමා හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන්නෙ. විවිධ සඟරා, වෙබ් අඩවි මගින් High School ආශ්‍රිතව නිපදවුනු හොඳම චිත්‍රපට ලැයිස්තුවක් නම් කරොත් අනිවාර්යෙන්ම මෙම චිත්‍රපටයට තමා ප්‍රථම ස්ථානය හිමිවන්නෙ. එමෙන්ම 80 දශකයේ ප්‍රකට ගීතයක් වන Don’t You (Forget About Me) නැමැති ගීතය තමා මෙහි තේමා ගීතය වී තිබෙන්නෙ.

ඇත්තටම මෙම චිත්‍රපටය අපි එදිනෙදා දකින චිත්‍රපට වලට වඩා හාත්පසින්ම වෙනස්. චිත්‍රපටයකටත් වඩා, මෙය චිත්‍රපටයේ සිටින චරිත අතර සිදුවන සාකච්ඡාවක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි. මෙම චිත්‍රපටය පුරාවටම තිබෙන්නෙ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන, එම පාසල් සිසුන් පස්දෙනා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්නා අයුරැයි. එහිදි මොවුන් තම තමන්ගේ චරිත ස්වභාවය, පවුල් පසුබිම, තම තමන්ගේ හැඟීම් ආදී නෙයෙක් දේ එකිනෙකා අතර බෙදා හදාගන්නවා. හුඟක් වෙලාවට මෙම චිත්‍රපටය ගෙවී යන්නෙ එකම පසුතලයක් ආශ්‍රිතව. ඉතිං ඔබට හිතේවි මේක කම්මැලි චිත්‍රපටයක් කියා. ඉතිං එවැනි පසුබිමක් තුළ මෙම චිත්‍රපටය ගෙවී යන විනාඩි 97ක කාලය තුළ කිසිම කම්මැලි කමක් නොදැනෙන අන්දමට මෙම චිත්‍රපටය නිපදවීමට අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය තුළින් ඔබගේ ජීවිතයට එක්කාසු කර ගැනීමට හැකි කරැණුත් බොහෝමයක් තිබේවි. ඉතිං වෙනස් විදියේ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මෙය නරඹන්නට ආරාධනා කරනවා. ඒ වගේම මෙය පාසල් ළමුන් ආශ්‍රිතව නිර්මාණය වුන කතාවක් වුනත් මෙහි තිබෙන අසංවර භාෂාව නිසා මෙය R කාණ්ඩයට ඇතුළත් උන චිත්‍රපටයක්. මේක මගේ 32 වෙනි උපසිරසි නිර්මාණය. තවත් වටිනා සිනමා සිතුවමකට උපසිරසක් රැගෙන ඉක්මනින්ම පැමිණීමේ බලාපොරොත්තුව පෙරදැරිව මං දැනට සමුගන්නවා. ඔබ සැමට ජය ජයෙන්ම පතමි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබාදී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,134 downloadsDownload The-Breakfast-Club-1985.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

James DC

Subtitles

3,134 downloadsDownload Subtitles50 KB

23 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. tharindu gunarathna

    thanks

  3. dedunu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා…...

  4. dedunu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා……

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. malith

    Ela ela

  7. Krishan NiShalya

    බොහොම ස්තූති ...
    දිගටම පරණ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න

    ,Good Luck

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Chanu mikhail

    meka niyamai , thanks u., jaya.

  12. සමීර කරුණාරත්න

    සිනමා රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නරඹන්න ඕන නිර්මාණයක්.... බොහොම ස්තුතියි මේ වගේ ඒවම අරගෙන එනවාට...

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....
    අනිවා බෑමක්....
    ඊලග සබ් එකෙන් හමුවෙමු.....

  14. jagath55

    Thanks

  15. Lanka k

    Thanks for the sub

  16. ricadodamien

    Thank u James brother & baiscope team for the sub, all the best to baiscope team.............

  17. Mahesh ruwan

    bohoma sthuthi sub ekata

  18. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට..
    ...දිගටම සබ් කරන්න වාසනාව ලැබේවා !!##

  19. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  20. Suranga.Welege

    Thnk you

  21. sasanka

    thanks for the sub

  22. PahasaraDv

    Thankz for sub...

  23. Jay

    is this subtitles correct? it says Breakfast Club"