Watch Trailer

Ode to My Father AKA Gukjesijang (2014) with Sinhala Subtitles | මල්නෝනාගේ සාප්පුව [සිංහල උපසිරසි සමඟ]

කොරියානු යුද්ධය සහ ඒ හා බැඳුනු සත්‍ය සිදුවීම් ගණනාවක් පාදක කරගෙන නිර්මාණය වුනු, කොරියන් සිනමාවේ ආදායම් වාර්තා බිඳහෙලීමට සමත් වුනු විශිෂ්ඨ සිනමා කෘතියක් ගැන තමයි බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසි ගැන්වීමට තෝරගන්නේ. දොක්සූ කියන සීයාගේ , කොරියානු යුද්ධය සිදුවූ ඔහුගේ ළමා අවධිය සහ ඉන්…

Ode to My Father (2014)

කොරියානු යුද්ධය සහ ඒ හා බැඳුනු සත්‍ය සිදුවීම් ගණනාවක් පාදක කරගෙන නිර්මාණය වුනු, කොරියන් සිනමාවේ ආදායම් වාර්තා බිඳහෙලීමට සමත් වුනු විශිෂ්ඨ සිනමා කෘතියක් ගැන තමයි බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසි ගැන්වීමට තෝරගන්නේ.

දොක්සූ කියන සීයාගේ , කොරියානු යුද්ධය සිදුවූ ඔහුගේ ළමා අවධිය සහ ඉන්පසු ඔහුගේ සහ පවුලේ අයගේ ජීවිත කතාව තමයි මේ නිර්මාණයෙන් ගලායන්නේ.

චිත්‍රපටය ගැන කියනවානම්, කතාව කෙටියෙන් කිව්වොත් ඒකේ රසයට හානිනොවන විදියට, මෙහෙමයි. උතුරු දකුණු කොරියා යුද්ධයේදී ගම්බිම් අතහැර පලායන පවුලක සාමාජිකයින් අතරේ දොක්සූ කියන ඒ පවුලේ ලොකු පුතා, කතාවට අනුව සීයා අතින් සිදුවන අත්වැරදීමකින් පස්සේ ඔවුන්ගේ ඉරණම කොහොමද විස‍‍‍‍දෙන්නේ,? ඊට පස්සේ කොරියාව රටක් වශයෙන් මුහුණදෙන අභියෝග වලදී ඔවුන්ගේ උත්සාහයන් කොච්චර දුරට සාර්ථක වේවිද ? යන්න තමයි කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය ගැන කියන්න පුළුවන්. ඊට වඩා කිව්වොත් තේරුමක් නැහැ. ඇත්තටම.

විශේෂයෙන්ම කොරියන් චිත්‍රපට නරඹන්න කැමැත්තක් දක්වන අය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. ඒ විතරක් නෙමෙයි කොරියන් සිනමාව අතාත්විකයි, හරි බොළඳයි කියලා නැරඹීම ප්‍රතික්ශේප කරන කෙනෙක් ඉන්නවනම්, එයාට කොරියන් සිනමාවේ සාරය මේකයි කියලා පෙන්නන්න පුළුවන් විදියේ නිර්මාණයක්. 2014 දි එලිදැක්වුන මේ නිර්මාණය ගොඩක් දෙනා නරඹලා ඇති විශේෂයෙන් කොරියන් භාෂාව දන්න අය සහ ඒ සිනමාවට කැමති අය. ඉතිං එයාලා වෙනුවෙන් සහ අනිත් කොරියන් බාසාව නොතේරෙන අනිත් අය වෙනුවෙනුයි මේ නිර්මාණය බයිස්කෝප් සහෘදයන්ගෙන් උපසිරැසි ගැන්වීමට වෙන්කරගෙන වැඩි මහන්සියක් දරලා උපසිරැසි ගන්වන්නේ, හුදෙක්ම ඉංග්‍රිසි උපසිරැසියක් පරිවර්තනය කිරීමටකට එහා ගිහින්. ඒවගේම මේක බාරගෙන උපසිරැසි ගන්වන්නත් වැඩි කාලයක් ගත්තා. ඒ ගැන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සහෘදයන්ගෙන් විශේෂයෙන්ම සමාව අයදිනවා.

කික් ඈස් ටොරන්ට් එකේ මේක තිබුනත් දැන් හොයාගන්න නැතිනිසා ඒ වගේම අනිත් සයිට්වල තියෙන ෆයිල් ගොඩක් ලොකුනිසා ( අවම 5 GB HD rip) 2GB වෙන කොපියක්  DVDrip XviD AC3 2AUDIO මට්ටමේ මං සීඩ් කරනවා. ඉතිං දාගත්තාට පස්සේ තවකෙනෙක්ටත් බලන්න සීඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා විශේෂයෙන් ඉන්ටර්නෙට් සබඳතාවට ලොකු වියදමක් යන්නේ නැති අයගෙන්. (කොරියාවේ ඉන්න අය වගේ).

ප.ලි. චිත්‍රපටයක් බලද්දී ගොඩක් හිතට ගන්න අය කෝකටත් කියලා ලේන්සුවක් අතේ තියාගෙනම නැරඹීමෙන් සිදුවන අපහසුතාවයන් වලක්වාගන්න පුළුවන් වේවි.

Ode to My Father (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ode.to.My.Father.2014.XviD.AC3.2AUDIO-Zoom

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,351 downloadsDownload Ode.to_.My_.Father.2014.Baiscopelk.com_.zip47 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂ් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

2,351 downloadsDownload Subtitles47 KB

23 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    1. amisha

      ane kohenda meka downolad karaganne. matath link 1 dennako

    2. chamalkalum

      Link me site eke danna thahanam.e nisa hoya ganna bari unoth mage fb ekata msg ekak danna.

  2. oshanda

    hoda tamil,english action movie walata sub dennako... me wage ewa balanna hithenne nene

  3. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  4. ධනුෂ්ක

    The dauntless soldier කොරියන් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො..තව The warlords ෆිල්ම් එකටත් පුළුවන් නම් සබ් දෙන්න

  5. Tharaka

    පළවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. එල්.සී. දමැල්

    පළවෙනි උපසිරසට සුභ පැතුම් සහෝ...
    තවත් උපසිරසකින් හමුවෙමු...

  7. ඉෂාන් මදුෂ

    සුබපැතුම් සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට

  8. Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    අඩෝ මටත් ඇදුනා කියපන්කො මේක බලලා
    පලවෙනි සබ් එකෙන්ම ඇඩේව්වනේ

  9. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  10. praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. chamalkalum

    Maath meka baluwa.korean film ithihasaye dewani thanata thiyenne me film eka.forrest gump film eka wage mekath.good job

  13. අසිත

    ealam saho thanks

  14. Chami.S

    Thanks..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. rkkasun

    thanx

  17. atuwabendela

    හරි අගෙයි.
    ජයෙන් ජය !

  18. ricadodamien

    Thank U Mahesh Brother & baiscope team for the sub, beautiful movie.

  19. sasanka

    thanks for the sub

  20. hasi

    sub wada karanne na baiscopelk eke godak ewa dan. me error eka hadanna

    1. Ravindu Heshan - Admin

      Dan Wada Karanawa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.