ඉරාන සිනමාකරුවෙකු වූ Majid Majidi ට මං වශී වුණේ Children of heaven බලපු දවසෙ ඉඳලයි. අතිශය සංයමයෙන් ඉදිරිපත් කරන තම නිමැවුම නරඹන්නාගේ පපුවට කිඳා බහින තරමට ම ලං කරන්න පුළුවන් කමක් Majid ට තියෙනවා. මහ පොළොවෙන් අර ගත්තු වස්තු විෂයන් ඔහු විසින් තම කැමරා කාචයට සමීප කර ගැනීම මීට එක හේතුවක් විදිහට හඳුන ගන්…

ඉරාන සිනමාකරුවෙකු වූ Majid Majidi ට මං වශී වුණේ Children of heaven බලපු දවසෙ ඉඳලයි. අතිශය සංයමයෙන් ඉදිරිපත් කරන තම නිමැවුම නරඹන්නාගේ පපුවට කිඳා බහින තරමට ම ලං කරන්න පුළුවන් කමක් Majid ට තියෙනවා. මහ පොළොවෙන් අර ගත්තු වස්තු විෂයන් ඔහු විසින් තම කැමරා කාචයට සමීප කර ගැනීම මීට එක හේතුවක් විදිහට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම ඒවා ප්‍රේක්ෂක හද සසල කරවන අයුරින් ඉදිරිපත් කිරීමටත් ඔහු සමත්. ඉතිං ඔන්න ඔය කියන ගුණයන්ට වහ වැටිල තමයි මේ සැරේ මං පාරාදීසයේ පැහය සිංහලෙන් හැඩ කරන්න ඕනෙයි කියල හිතුවේ.
මොහොමඩ් නම් අන්ධ දරුවෙකු වටා තමයි මේ කථාව ගලාගෙන යන්නෙ. බිරිඳ අහිමිව තවත් දරුවන් දෙදෙනෙකුගේ ද බර කරට ගෙන දිවි තවලම ගෙන යන කෙනෙකු තමයි මොහමඩ්ගේ පියා. ගහේ ගෙඩි ගහට බර නැතිය කිව්වත් තමන්ගේ අනාගතය ගැන හිතද්දි තනිව කිසිත් කර කියා ගත නොහැකි මොහොමඩ්ව ඔහුගේ පියාට පේන්නේ මහා බරක් ලෙසටයි. ඔහුගේ අනාගතය යහපත් කරන බැව් හඟවමින් පියා සිදු කරන කටයුතු සියල්ලේ ම අරමුණ මේ බරින් නිදහස්වීමයි. ඒත් මොහොමඩ්ගේ ලෝකය නම් තමන්ගේ ම ආච්චි සහ සහෝදරියන් දෙන්නයි. ඒ කොහොමවුණත් තම පියාගේ අභිලාෂයන් සහ මොහොමඩ්ගේ සතුට හැමවිට ම පවතින්නේ එකිනෙකට පරස්පරවයි. විටෙක සිනහවෙන් ද විටෙක දයානුකම්පාවෙන් ද හද පුරවාලන මේ පුවතේ අවසානය නම් හද සසල කරවන්නක්.
IMDb දර්ශකයේද සැලකිය යුතු අගයක් (8.0/10) හිමි කර ගන්නට සමත් කමක් දක්වන මෙකී සිනමාපටය සම්මාන සහ නිර්දේශ රැසකට ම හිමිකම් කියන බවත් මතක් කරන්න කැමතියි.
එහෙම නම් මෙකී විශිෂ්ට සලරුව හැමෝට ම බාගෙන බලන්න කියල ඇරයුම් කරන ගමන් ආයේ දවසක මෙවැනි ම විශිෂ්ට සලරුවක් සමඟින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නම්………
ඔබ හැමට ම ජය!!!
4a3d73dcc9af291f18c79a5bc7c3b6f9cbb9fab0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
895 downloadsDownload The-Color-of-Paradise-1999.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කේ.යූ.ජී.උදාර
Subtitles
36 comments
warshamanage
upali
Thnxzzzzz
isuru
Bohoma pin
එරංග
බොහොම තුති!!!
chami
thxxxxxxxx
wow
wow,,,maru :D
tharanga
ජය වේවා දිගටම සබ් දෙන්න
hm
මේ ෆිල්ම් එක මම කලින් බලල තියෙනවා.ඔයා කියපු විදියමයි.මජීඩ් මජිඩිගේ හැම ෆිල්ම් එකක්ම හොඳයි.අබ්බාස් කිසොරස්තාමිගේ ෆිල්ම් වුනත් ඒ වගේ තමයි.පුලවන් කමක් තියෙනවනම් සියලුම ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන්න.ඔයාගෙ මහන්සියට ගොඩක් ස්තුති.
කේ.යූ.ජී. උදාර
බලමු මගෙත් එහෙම අදහසක් නම් තියෙනවා. වෙලාව තියෙන විදිහට තමයි ඉතිං කරන්න වෙන්නෙ........
udeah
sherlock Tv serious eke sub dennda puluwannda.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Thisara NEO
thanksa saho
Wayantha
ela kiri saho, niyama film ekak wage thanx
“චූටී මල්ලි”
එල එල
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.....ශාන් විමුක්ති [විමා]
අහ් මෙන්න එල කොල්ලෙක් සුපිරි නිර්මාණයක් එක්ක ආයේ ඇවිත්
Children of heaven බැලුවා
හුරු නැති බාශාවකින් උනත් හොද දෙයක්නම් ඉතින් මගහැරගන්න හොද නැහැ නොවැ
එහෙනම් උදාර සහෝ
උපසිරසට බොහොම ස්තුතියි
වෙලාවක් ලැබෙන ලැබෙන හැටියට මේ වගේ හොද නිර්මාණ අරන් එන්න
ජය!:)දිමුතු තරංග ඉලුක්කුඹුර
උදාර සහෝගෙන් ගොඩ කාලෙකට පසු යලිත් උපසිරසියක්, බොහොම ලස්සන කතාවක් වගේ අනිවා බලන්න ඕනි, මාසෙකට දෙකකට වතාවක්වත් උපසිරසියක් දෙන්න බලන්න,ජයවේවා.
Emi
Thank you so much
Nilantha
Niyamay thanks a lot
namika
බොහොම ස්තුතියි සහෝ ලස්සන සංවේදී සලරුවක් ගෙනාවට,
පරණ එකක් වුනත් බොහොම සංවේදී එකක් කියල හිතෙනවා.
උපසිරසියට වුන මහන්සියට බොහොම ස්තුතියි සහෝ!
තවත් හිත සසල වෙන සලරුවක් ගේන්නකෝ!රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. කියන විදියටනම් බාගෙන බලන්නම හිතෙනවා. මෙන්න ගන්නවා. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
ප්‍රතිචාරයක් දක්වල හයියක් දුන්නු හැමට ම තුති.........
දැන් ඉන්න හුඟක් අයට වගේ ලඟ නවන්න බැරි වුණත් මේ වැඩේ ඉස්සරහටත් කරගෙන යන්න තමයි හිත.mudiya / මුදියා
ඕං ඉතිං බලහල්ලකො කලින් දාපු එක මොන හත්ඉලව්වකද කොහෙද ගිහිල්ලනෙ.
මං කිවුවෙ මේ කොමෙන්ටුව.
නියමයි උදාරයා.
අනිව බෑමක් මේක.
තව මේ වගේ සුපිරි ඒව දෙමු.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!kolita
I need to download this film, but i dont know how to do that. when i clicked the (700 MB) file download small file ([kickass.to]the.color.of.paradise.rang.e.khoda.1999.dvdrip.subs.en.pt.br (6))...but not go futher...hence..can u help me to advice step by step download the file
කේ.යූ.ජී. උදාර
go to this link......
http://www.baiscopelk.com/?page_id=1012
Thusitha Kumara
ඉරාන සිනමාකරු Majid Majidi ෙග නිර්මාණ අතිශයින් ම අපූර්වයි. දරුවන් සම්බන්ධ ඔහුෙග් නිර්මාණ වල විශ්වීය බව නිසාම කුමන රටක දරුෙවකුට වුවත් ඒය රස විදිය හැකියි. ඉදිරි දිෙනක අප පසෙල් දරුවන් සමඟ ෙමය රස විින්නට අප සූදානම්. ඔබට ෙබෙහවින් ම ස්තුතියි ෙමහි සිංහල උප සිරැසි ඒක් කළාට.
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍චතුර මදුසංක
elama thamay
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
වරුණ නිරෝෂණ
වෙනස් ආකාරයේ බයිස්කෝප් එකක් වගේ... සබ් සමගම දුන්නාට බොහෝම ස්තුතියි සහෝ.........
wiki
Thanks
Nandana
Thank U Udara.
nidi
Udara, udara wedak! thank you very much. harima lassana, itha sanwedi, honda film ekakata ee wagema hondata subs deela baiscope rasikayanta thilina kalata godak sthuthii. wasanawantha suba aluth awuruddak wewa!
prasad
Torrent weda karanne neththe ai
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
රොෂාන්
ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසියට...... බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටියක ට උපසිරැසි හැදුවට......❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you