Watch Trailer

The Courier (2020) Sinhala Subtitles | යුද්ධයක් වැලකූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම…අද මං උපසිරැසි අරගෙන එන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවුනු පසුගිය මාර්තු 19 වෙනිදා තිරගත කිරීම් ඇරඹුණු The Courier නම් චිත්‍රපටයටයි.Thriller | Drama කාණ්ඩයන්ට අයත් මිනිත්තු 112ක ධාවන කාලයක් සහිත මෙය IMDb දර්ශකයේ 7.1 ඉහල අගයක් අරගන්නට සමත් වුනා.මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ…

සුබ දවසක් සියළුදෙනාටම…අද මං උපසිරැසි අරගෙන එන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවුනු පසුගිය මාර්තු 19 වෙනිදා තිරගත කිරීම් ඇරඹුණු The Courier නම් චිත්‍රපටයටයි.Thriller | Drama කාණ්ඩයන්ට අයත් මිනිත්තු 112ක ධාවන කාලයක් සහිත මෙය IMDb දර්ශකයේ 7.1 ඉහල අගයක් අරගන්නට සමත් වුනා.මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Sherlock කතා මාලාවෙන් සහ Doctor Strange චිත්‍රපටයෙන් කා අතරත් ජනප්‍රිය වුන Benedict Cumberbatch සහ Treadstone, Homeland කතා මාලාවන්ට සහ Tom Clancy’s Without Remorse චිත්‍රපටයට රංගනයෙන් දායක වුන Merab Ninidze. මීට අමතරව Zeljko Ivanek, Anton Lesser සහ Rachel Brosnahan වැනි නළු නිළියන් මෙයට දායක වෙනවා.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව බොහෝ දෙනෙක් බිය වුනා මීලඟ ලෝක යුද්ධය ධනවාදී ඇමරිකාව සහ සමාජවාදී සෝවියට් සංගමය මුල් කරගෙන ඇතිවෙයි කියලා.දෙරටම තමන්ගේ න්‍යෂ්ටික අවි ගබඩා දිනෙන් දින වැඩිදියුණු කලා.මේ සීතල යුද්ධය කොයි මොහොතේ හෝ න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වේවි කියලා බොහෝ දෙනා හිටියෙ බයෙන්.එයින් කෙනෙක් තමා සෝවියට් කර්නල් කෙනෙක් වුන ඔලෙග් පෙන්කෝව්ස්කි කියන්නෙ.සෝවියට් සංගමයේ නායක කෘෂෙව් ඇමරිකාව කෙරෙහි දක්වන පාලන පිලිවෙත යුද්ධයක් කරා යාවි කියලා බිය වුන ඔලෙග් CIA එකට පණිවිඩයක් යවනවා.මොස්කව් වල CIA නියෝජිතයන්ගේ අඩුව නිසා ඔවුන් බ්‍රිතාන්‍ය MI6 එකෙන් ඔලෙග්ව සම්බන්ධ කරගන්න උදව් ඉල්ලනවා.කෙලින්ම නියෝජිතයන් හරහා ඔලෙග්ව සම්බන්ධ කරගැනීම අවදානම් නිසා ඔවුන් නැගෙනහිර යුරෝපයේ සංචාරය කරලා තියෙන ග්‍රෙවිල් වින් නම් ව්‍යාපාරිකයාව මේකට සම්බන්ධ කරගන්නවා.

ග්‍රෙවිල් හරහා ඔලෙග්ව සම්බන්ධ කරගන්නා MI6 එක ඔලෙග්ව වෙලඳ සංචාරයකට ලන්ඩනයට ගෙන්වාගෙන ඔහු සතුව ඇති සෝවියට් සංගමයේ බුද්ධි තොරතුරු ලබා ගන්නවා.එක් වරකට පමණක් රුසියාවට යාමට එකඟ වූ ග්‍රෙවිල් ඔලෙග්ගේ ඉල්ලීම නිසා නැවත නැවතත් රුසියාවට ගොස් ඔවුන්ගේ බුද්ධි තොරතුරු රැගෙන යන්නෙක් විදිහට කටයුතු කරනවා.මේ තොරතුරු වලින් තමා රුසියාව විසින් කියුබාවේ ස්ථාපනය කරපු මිසයිල ගැන පවා දැනගන්නේ.මේ අතරතුරේදි CIA එකේ ඉන්න KGB තොරතුරු සපයන්නෙක් අනතුරු අඟවනවා මොස්කව් වල ඔත්තුකරුවෙක් සිටින බවට.මෙතනින් එහාට මොකද වෙන්නෙ කියලා නරඹලාම දැනගන්නකෝ.

මේක වෙන් කරලා දුන්න ලෂේන් සහෝදරයාට ස්තූති කරමින් මං සමුගන්නවා..හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්න.කොරෝනා වසංගතය දරුණු විදිහට පැතිරෙන මේ දවස්වල ඇවිදින්න නොයා ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලාගෙන ඉන්න…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

7,605 downloadsDownload The-Courier-2020.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

7,605 downloadsDownload Subtitles46 KB

29 comments

  1. Dineth sithumina

    thanks for sub brother

  2. Shaggy

    බොහොම ස්තූතියි සහෝ..එනකන් බලන් හිටිය එකක්

  3. Anonymous

    Benedict ඉන්නවයි කියන්නේ ඉතින් ඕක බැලුවට වැඩක් නෑ ඇයි ඌ ඉන්න ඒවා තේරුම් ගන්න ඌටවත් බෑ මන් හිතන්නේ

    1. Anonymous

      අහිංසක ජීවිත

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Bandara

    Thanks Lot Lahiru

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. කවිඳු ජයවර්ධන

    බෙනඩික් ඉන්න හින්දම රිලීස් උන දවස් වලම බැලුවා.මේ ෆිල්ම් එකට සබ් දෙයි කියල හිතුවෙ නෑ.ඩ්‍රාම කැටගරියෙ ෆිල්ම් බලන අයට මේක අනිවා සෙට් වෙයි.මේ ෆිල්ම් එකට සබ් කරාට ගොඩක් ස්තූතියි සහෝ..English ෆිල්ම් වලට දිගටම සබ් දෙමු..ඔබට ජය.!!!

  10. MAALNATH

    Thanks. .....good luck ........

  11. Sahan

    thanks a lot saho

  12. Rangika Lakmal

    Wrath of man film ekata sub dennako please

  13. Pramukmili

    Thanxxxxxxxxxxx bro..............

  14. Anonymous

    thank you very much brother. Im waited for this.

  15. Anonymous

    thank you very much brother. Im waited for this...........

  16. Anonymous

    Thank you

  17. Manjula Nadeeka

    maru

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Amith Chandana

    Sub aka download karanna bahana..Wana pag akak open wanna

  20. Anonymous

    අඩෝ ඇයි බන් මේක ඩව්න්ලෝර්ඩ් කරන්න බැරි

    1. Anonymous

      ane mnda saho.ehm awlk ne

  21. Anonymous

    meka download karanna bene wena page ehekata yanawa

  22. Eranda

    Thanks bro

  23. tharangani

    thanx

  24. Dewadithya

    Thanks for sub!

  25. jagath55

    Thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Nadun Piyumantha

    බොහොම ස්තූතියි උපසිරසට සහෝ