Watch Trailer

Ooops! The Adventure Continues (2020) AKA Two by Two: Overboard! Sinhala Subtitles | ගොඩබිමක් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න මම සති කිහිපයකට පස්සෙ චිත්‍රපටයක් අරගෙන ආවා. සංජන චමෝද් මල්ලි මේක ගැන මට කිව්ව නිසයි මම දැනගත්තේ Ooops! Noah is Gone… (2015) අයර්ලන්ත ඇනිමේෂන් ෆිල්ම් එකේ සීක්වල් එකක් ඇවිත් කියලා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවෙ සංජන මල්ලිට. ඇත්තටම දැන් මේක ගැන එයා මට කියලත් ගොඩක් කල්. අනිත් දේවල් එක්ක ගොඩක්…

ඔන්න මම සති කිහිපයකට පස්සෙ චිත්‍රපටයක් අරගෙන ආවා. සංජන චමෝද් මල්ලි මේක ගැන මට කිව්ව නිසයි මම දැනගත්තේ Ooops! Noah is Gone… (2015) අයර්ලන්ත ඇනිමේෂන් ෆිල්ම් එකේ සීක්වල් එකක් ඇවිත් කියලා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවෙ සංජන මල්ලිට. ඇත්තටම දැන් මේක ගැන එයා මට කියලත් ගොඩක් කල්. අනිත් දේවල් එක්ක ගොඩක් හෙමින් තමයි මේක කළේ ඉතින්. ‍ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නෙත් නැතිව ඇතිනෙ මේක. කමක් නෑ, හැබැයි මේ වගේ පවුලම එකට බලන්න හැකි විනෝදයෙන් පිරි චිත්‍රපටි දෙකක් මග අරින එකනම් අපරාධයක්. මොකද මට හිතෙන්නෙ මේක අන්ඩරේටඩ් (අවතක්සේරුවට ලක් වූ) චිත්‍රපටයක්. එහෙනම් කැමති අය බලත්වා!

මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Toby Genkel සහ Sean McCormack විසින්. කතා රචනය Richie Conroy සහ Mark Hodkinson විසින් කර තිබෙන අතර ප්‍රධාන චරිතවලට හඬකැවීමෙන් Max Carolan, Dermot Magennis සහ Ava Connolly දායක වී තිබෙනවා.

හරි, පළවෙනි කොටස බැලුවානම් ඔයාලා දන්නවා නෙස්ට්‍රියන් කියන සත්ව විශේෂයට අයිති ෆිනීයි, එයාගෙ තාත්තා ඩේව් කොයි තරම් හරඹ කළාද කියලා ජල ගැල්මෙන් බේරෙන්න නැවට ගොඩ වෙන්න. මේ හටන් අස්සෙ ෆිනී මාංශ භක්ෂක ග්‍රිම්ප් කෙනෙක් එක්ක මිතුරු වෙනවා. කොහොම වෙතත්, පුදුම වැඩේ නැවේ ලැයිස්තුවෙ ෆිනීලගෙ නම් තිබුණෙ නෑ නෙව. අවසානෙදි තමයි දැනගන්නෙ මෙයාලායි මෙයාලගෙ කණ්ඩායමෙ හිටිය අයයි උභය ජීවීයො කියල. ඒ කියන්නෙ වතුරෙයි ගොඩබිමෙයි දෙකේම ජීවත් වෙන සතුන්. අන්තිමේ එයාලාව අයිති තැන, ජලය බව එයාලා දැනගත්තා.

හැබැයි ඉතින් කතාව එතනින් නවතින්නෙ නෑ. අනිත් අයට උදව් කරන එක නෙස්ට්‍රියන්ලගෙ පුරුද්දක්නෙ. ඉතින් ඩේව් තීරණය කරනව, එයාගෙ පුතා ෆිනී එක්ක නැවේ ඉඳං නැවේ සූපවේදී රාජකාරිය කරන්න. මේ අතරෙ නැවේ කට්ටියගෙ කෑම අවසන් වීගෙන එන නිසා හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින් ගොඩබිමක් හොයාගන්න එකයි. ඉතින් එතනින් පටන්ගන්න කතාව සුපුරුදු පරිදි ෆිනී සහ ලියා මිත්‍ර හවුල නිසා ලොකු ලොකු ගැටළු ඇති වෙනවා. දන්නවනෙ ලියාගෙ පණ්ඩිතකම නිසා කොයි වෙලෙත් සෙල්ලම ලෙල්ලම වෙලා ෆිනීත් අමාරුවෙ වැටෙනව කියල.

ඉතින් මේ පාර මොන වගේ සෙල්ලම් ලෙල්ලම් වෙයිද? කෑම ප්‍රශ්ණෙ ඩේව් කොහොම විසඳයිද? කෑම අවසන් වෙන්න කලින් කට්ටියට ගොඩබිමක් හොයාගන්න හැකි වෙයිද? කියන ප්‍රශ්ණ ටික ඉතිරි කරලා මම සමුගන්නවා.

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,285 downloadsDownload Ooops-The-Adventure-Continues-2020.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

4,285 downloadsDownload Subtitles40 KB

9 comments

  1. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. UDARA DAMITH

    errerr

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Anonymous

    The girl from nowhere season 2 ekata sub denne nadda

  7. Dewadithya

    Thanks for sub!

  8. Anonymous

    Samahara welawata sub 1 download wenna

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.