The Childe AKA Gwigongja (2023) Sinhala Subtitles ඔන්න යාළුවනේ තවත් සුපිරි කොරියානු චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 6.9/10 ක ඇගයීම් ප්‍රමාණයක් වගේම 92% ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය 2023 ජූනි 31 තමයි දකුණු කොරියාවේ මුලින්ම ප්‍රදර්ශනය සිදු ව…
The Childe AKA Gwigongja (2023) Sinhala Subtitles
ඔන්න යාළුවනේ තවත් සුපිරි කොරියානු චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 6.9/10 ක ඇගයීම් ප්‍රමාණයක් වගේම 92% ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය 2023 ජූනි 31 තමයි දකුණු කොරියාවේ මුලින්ම ප්‍රදර්ශනය සිදු වෙලා තියෙන්නෙ. ඒ වගේම මේ වෙනකොට විට ඩොලර් 5,992,128 ක දළ ආදායමක් උපයගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. පැයකුත් විනාඩි 58ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය ක්‍රියාදාම, නාට්‍ය සහ ත්‍රාසජනක ගණයට අයිති වෙනවා. 43 වෙනි ගෝල්ඩන් සිනමා ෆිල්ම් ෆෙස්ටිවල් සම්මාන උළෙලෙදි සම්මාන 02ක් සඳහා නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය හොඳම නලුවාට හිමි සම්මානය හිමි කරගන්න සමත් උනා වගේම තවත් සම්මාන 09 කට නාම යෝජනා ලබලා එයින් සම්මාන 02ක් දිනාගන්නත් මේ සමත් වෙලා තියෙනවා.
කොපීනෝ දරුවන් කියන්නේ කාටද? තාත්තා කොරියානු සහ අම්මා පිලිපීන වෙලා එයාලට දාව උපදින දරුවන්ව හඳුන්වන්නේ කොපීනෝ කියන නමින්. ගොඩක් වෙලාවට මෙහෙම ළමයි බිහි වෙන්නේ කොරියාවේ ඉඳලා පිලිපීනේ සංචාරය කරන්න එන මිනිස්සු පිලිපීන ගෑණු අයව රවට්ටලා යන නිසා. මේ ළමයින් සමාජයෙන් නිතරම වගේ ගැරහුම් ලබන ජාතියක්.
ඉතිං මේ කතාවේ එන ප්‍රධාන චරිතය වන මාකෝ කියන්නෙත් මේ වගේ කොපීනෝ දරුවෙක්. මාකෝ ගෙ අම්මා අසනීප තත්වයෙන් පසුවෙන කාන්තාවක්. ඇයට ලොකු ශල්‍යකර්මයක් කරොත් විතරයි ඇයව බේරගන්න පුළුවන් වෙන්නේ. මාකෝ සල්ලි හම්බ කරන්නේ බොක්සින් ක්‍රීඩාවෙන්. වෘත්තීමය බොක්සින් නෙවෙයි. ඔට්ටු අල්ලන තැන් වල සටන් කරලා. ඉතිං මෙහෙම හොයන සල්ලි වලිනුත් මාකො වැඩි හරියක් ඔට්ටු දාන එක තමයි කරන්නේ. ඒ අතරේ මාකෝ තමන්ගෙ කොරියානු තාත්තව හොයන්න කිම් කියන පුද්ගලයගෙන් උදව් ගන්නවා. මාකෝ හිතන්නෙ ඒ කොරියානු තාත්තා සල්ලිකාරයෙක් වෙන්න ඇති… ඒ නිසා එයා අම්මගෙ ශල්‍යකර්මයට උදව් කරාවි කියලා. හිටිහැටියේ දවසක් කිම් කියන පුද්ගලයා මාකෝ ට කියනවා මාකෝ ගෙ තාත්තව හොයාගන්න එයාට පුළුවන් උනා කියලා. ඒ වගේම මාකෝ ව කොරියාවට එක්කන් යන්න තාත්තා හදිසියේම එනවා කියලා..
ඉතිං කතාව ගැන මීට වඩා කියන්න යන්නෙ නෑ. කවුද මේ මාකෝ ගෙ තාත්තා? ඔහු ඇත්තටම මාකෝ ගෙ තාත්තද? ඔහු මාකෝව කොරියාවට එක්කන් යන්න හදන්නෙ ඇයි? මාකෝ ගෙ අම්මව බේරගන්න මාකෝට පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමොටම ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
3,933 downloadsDownload The-Childe-2023-Sinhala-Subtitles.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Childe AKA Gwigongja (2023) Sinhala Subtitles
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
- #2023
- #Editor's Pick
- #Gwigongja
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #The Childe Sinhala Sub
- #The Childe Sinhala Subtitles
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
සියන්ත
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සම්පත් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Anonymous
Thank you very much for the sub
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Childe AKA Gwigongja (2023) Sinhala Subtitles | කොපීනෝ දරුවා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Untitled-design1.jpg)
❤️