Watch Trailer

The Dead 2: India (2013) Sinhala Subtitles| දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවනි කොටසත් ඇරන් ආවා. මේකේ අවුරුද්ද විදියට සදහන් වෙන්නේ 2013. පලවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද, කතා දෙකේ කිසිම සම්බන්ධයක් නැති නිසා. හැබැයි පලවෙනි කොටස ඉවරවුන විදිය ගැනනම් මගේ කිසිම කැමැත්තක් නෑ.. ඒ වගේම කියන්න ඕන සයිට් එකේ කමෙන්ට් එකක් දාලා මේ…

ඔන්න එහෙනම් දෙවනි කොටසත් ඇරන් ආවා. මේකේ අවුරුද්ද විදියට සදහන් වෙන්නේ 2013. පලවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද, කතා දෙකේ කිසිම සම්බන්ධයක් නැති නිසා. හැබැයි පලවෙනි කොටස ඉවරවුන විදිය ගැනනම් මගේ කිසිම කැමැත්තක් නෑ.. ඒ වගේම කියන්න ඕන සයිට් එකේ කමෙන්ට් එකක් දාලා මේකේ උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවේ “ඉෂාන් මදූෂ“ කියන යාලුවා. ඒ ඉල්ලීම නිසා මේකටත් උපසිරැසි දෙන්න තීරණය කරා. IMDB දර්ෂකයේ 5.2/10 අගයක් මේ සිනමාපටයට ලැබිලා තියනවා. බලමුකෝ කතාව කොහොමද කියලා.

මේකත් සොම්බි කතාවක්. හැබැයි මේ කතා දෙකේ ම අනිත් සොම්බි කතාවලට වැඩිය වෙනසක් තියනවා. මේ දෙකේම ඉන්න සොම්බිලා ගොඩක් හෙමින් තමයි ඇවිදින්නේ. සමහරතැන් වල අපිටම හිතෙනවා මෙයාලට කොච්චර ලේසියෙන් මේ සොම්බින්ගෙන් බේරෙන්න පුලුවන් ද කියලා. මෙන්න කතාව එහෙනම්. නිකලස් කියන්නේ ඇමරිකානු ඉන්ජිනේරුවෙක්. සුලං බලාගාරවල වැඩ කරන කෙනෙක්. නිකලස් ආදරේ කරන්නේ ඉෂානි කියන ඉන්දියන් කෙල්ලට. මේ ගෑනු ළමයගෙන් කෝල් එකක් එනවා නික්ට. එයා ඉන්න පැත්තේ කළඹලයක් ගැන නික් ට කියන්න තමයි කතා කරන්නේ. ඒත් නික්ට ඒ ඇමතුම හරියට ඇහෙන්නේ නෑ. ඒ අතරේ නික් දකිනවා මොකද්දෝ වැඩක් කරකර ඉන්න මනුස්සයෙක් ගේ ඇගට තව මනුස්සයෙක් කඩාපැනලා පහර දෙනවා. පහර දෙනවා කියන්නේ මස් කනවා ඉතින්. මේකෙන් නික් කලබල වෙනවා. ඒ අතරේ ඉෂානිට කෝල් කරලා කියනවා ගෙදරට ම වෙලා ඉන්න, එයා එන්නම් කියලා.

පලවෙනි කොටසෙදි බ්‍රයන්ට ඩැනියෙල් උදව් කරා වගේ මේ කොටසේ දී නික්ට උදව් කරන්නේ ජාවෙඩ් කියලා පුංචි පිරිමි දරුවෙක්. මේ දෙන්න කොහොමද මුණගැහෙන්නේ? නික්ට ඉෂානි මුණගැහේවිද? ඉෂානිට මොනවා වේවිද? අන්තිමට මොකද වෙන්නේ? මේ ප්‍රශ්ණවලට උත්තර හොයාගන්න මේ සිනමා පටය නරඹන්න කියලා ආරාධනා කරනවා.

 

https://www.youtube.com/watch?v=KB98AlAaBeo

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,864 downloadsDownload The-Dead-2-India-2013.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

2,864 downloadsDownload Subtitles24 KB

26 comments

  1. Praniya2000

    තෑන්ක්ස් බයිස්කෝප්, සුභ නව වසරක් වේවා, මේ අලුත් ක්‍රමයට මම ගොඩක් කැමතියි. (බයිස්කෝ එකෙන්ම රෙජිස්ටර් වීම ගැන.)

  2. Ishan Madusha

    එලම.බොහොම ස්තූතියි සහෝ
    ඉල්ලීම සලකා බැලුවට පින්
    ජය වේවා!

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි සහෝ. ඔයා නිසා තමයි මෙකේ දෙවනි කොටසක් තියනවා කියලා දැනගත්තෙත්. බොහොම ස්තූතියි.

  3. Bhathiyawijesundara

    Thanks....macho sub ekats.Puluwannam kauruhari
    "star trek: discovery 2017 tv series" ekata sub denna.

  4. Iroshan Kumar

    Thanks machan subtitle ekata....

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  8. Rashmika_king1

    සුපිරි ❤️

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. gihan perera

    Good job bro..god bless you....

  11. Ayodya Dulantha

    Thanks Bro !!!

  12. dinusharivishan

    thank you sub ekata

  13. ඩොක් අයියා

    ඔන්න එහෙනම් මමත් බාගත්තා
    බොහොම ස්තුතියි “කැළුම් ගුණසේකර” මල්ලියෝ උපරැසියට
    ඉක්මනට තවත් එකක් කරමු, ඔය ස්පීඩ් එකෙන්ම හා ද

    1. කැලුම් ගුණසේකර

      හා අයියා. අනිවා කරනවා. බොහොම ස්තුතියි.

  14. Kaveesharanasingha

    Thanks bro sub akata.....

  15. Subhash13

    Ane machan zoo season 3 wala sub dennalo puluwannam..

  16. lahiru supun devinda

    sub akata thanks sahooo..

  17. VTDilshan

    thanx bro sub ekata.
    thawa zombie film tikaka sub tikak daanna puluwanda?

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. jmdsandamali

    Nice

  20. Sachitha

    thankzz brooo

  21. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කැළුම් සහෝ.
    ජයෙන් ජය.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. chathura malshan

    elama ayye thank,,meeke 1 kotasa nama mokakda

  24. සොහාන් ජයසූරිය

    Thanks aiye sub ekata