Watch Trailer

Mark Felt: The Man Who Brought Down the White House (2017) sinhala subtitles | ධවල මන්දිරය දණ ගැස්වූ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත්…

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත් සමගින්ය. එම සිදුවීම තීරණාත්මක දේශපාලන ව්‍යවර්තනයකට පවා තුඩු දෙන්නේ එම පුද්ගලයින් එවකට ජනපති රිචඩ් නික්සන් යළි පත්කිරීමේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ පිරිසක් වූ හෙයිනි. එම සිදුවීම පාදක කොටගෙන 1974 වසරේ ජනපති නික්සන්ගේ ඉල්ලා අස්වීම ඇමෙරිකානු ඉතිහාසයේ සනිටුහන් වෙන්නේ ජනපතිවරයෙක් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව ලෙසටයි. ජනපතිගේ ඉල්ලා අස්වීමට ප්‍රථම ධවල මන්දිර උපදේශකයකු වූ ජෝන් ඩින්, බොබ් හෝල්ඩ්මන් සහ ජෝන් එරික්මන් යන ජනපති පරිපාලන මණ්ඩලයත් එවකට නීතිපතිවරයා වූ ජෝන් එන් මිචෙල් මහතාද ඉල්ලා අස්විය.

ජනපති නික්සන් සහ මෙම පිරිසගේ ඉල්ලා අස්වීමට පාදක වෙන්නේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත තුලින් බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටයින් විසින් කළ හෙළිදරව්වන්ය. ඔවුන්ට එම රහසිගත විස්තර ලැබී තිබුනේ බලසම්පන්න ෆෙඩරල් නියෝජිතයකු වන FBI සහකාර අධ්‍යක්ෂකවරයකු වූ විලියම් මාක් ෆෙල්ට් මාර්ගයෙනි. වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඔහුව හදුන්වාලුයේ ‘’Deep Throat’’ යන අන්වර්ථ නාමයෙනි. මේ සිනමාපටය දිග හැරෙන්නේ වෝටර්ගේට් සිදුවීම සම්බන්ධයෙන් එකී මාක් ෆෙල්ට්ගේ ක්‍රියාකලාපයන් ඇසුරෙනි.

Mark Felt: The Man Who Brought Down the White House සිනමාපටය 2017 ඔක්තෝම්බර් 26වන දින බ්‍රසීලයේදී තිරගත වීම ආරම්භ කළා. ලියම් නීසන්ගේ අද්විතීය රංගනයෙන් හැඩවෙන මෙම සිනමාපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් ඉපයීමට සමත්ව තිබෙනවා. සිනමාපටයට පාදක වෙන සිදුවීම වන්නේ වෝටර්ගේට් නමින් සිදු වූ ඇමෙරිකානු දේශපාලනික කුමන්ත්‍රණයයි. 1972 ජූනි මස 17වෙනි දින සිදුවෙන වෝටර්ගේට් සිදුවීම පිළිබදව සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ FBI ආයතනයටයි. 1972 මැයි මස FBI අධ්‍යක්ෂක ධූරය හෙබවූ ජේ එඩ්ගාර් හුවර්ගේ මරණින් පසුව තරමක් අපහසු කාලයක් FBI ආයතනය ගත කරමින් සිටියදී තමයි මෙම සිදුවීම සිදුවෙන්නේ. ඒ වනවිට FBI ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂක ලෙස එවකට සහකාර නීතිපතිව සිටි එල් පැට්‍රික් ග්‍රේ කටයුතු කරමින් සිටියා.

වෝටර්ගේට් විමර්ශනය ආරම්භ වීමත් සමගම ජනපති නික්සන් ප්‍රමුඛ ධවල මන්දිරයෙත් CIA ආයතනයෙත් මෙන්ම සමස්ත ජාතියේම අවධානය FBI ආයතනය දෙසට යොමුවිය. ධවල මන්දිරයත් නීතිපති කාර්යාලත් එක්ව එම විමර්ශන මෙහෙයවීමට දැඩි සේ පියවර ගත් අවධියක මාක් ෆෙල්ට් විසින් රහසිගත තොරතුරු පුවත්පත්වලට හෙළි කිරීමට පියවර ගන්නවා. මෙම සිනමාපටයෙන් මාක් ෆෙල්ට්ගේ පවුල් ජීවිතය පිළිබදවද අපට දැකගන්න පුළුවන්.

එහෙනම් මං මෙතෙකින් විස්තරය සමාප්ත කරනවා. ඇත්තටම කිව්වොත් මට හිතාගන්න බැහැ මොනවිදිහට මේ සිදුවීම විස්තර කරන්නද කියලා… මොකද මේක සත්‍ය සිදුවීමක් නොවෑ… එහෙනම් හැමෝටම බලන්න ආරාධනා කරමින් මා සමුගන්නවා.

 

Bridge of Spies (2015)Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා යාවත්කාලීන කර ඇත.

4,573 downloadsDownload Mark-Felt-The-Man-Who-Brought-Down-the-White-House-2017.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,573 downloadsDownload Subtitles53 KB

55 comments

  1. Helili Hemamali

    නියම කතාවක් වගේ. ස්තූතියි මලේ උපසිරැසියට!

  2. chaminda19951130

    ම⁣ගේ පලවෙනි comment එක,උපසිරසයට තෑන්ක්ස් ,මම චමින්ද පුෂ්ප
    කුමාර

  3. Soori

    බොහෝම ස්තුතියි මධූක සහෝ උපසිරැසියට....!!!

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi saho sub ekata...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. AsithaDilruwan

    elama saho thanks

  7. Iroshan Kumar

    THANKS FOR SUB....

  8. hasanga86

    once upon a time

    helix

    future man

    sinhala sub denna puluwanda

  9. oshanda

    බොහෝම ස්තුතියි මධූක සහෝ උපසිරැසියට….!!!

  10. niwanthaka

    බොහෝම ස්තුතියි.

  11. demon

    Thnkz bro

  12. Kasun A.

    sabata thuthi saho.jaya!

  13. DhanushkaAASL

    Thanks SUB akata

  14. sheiiz

    Thankz Bro

  15. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  16. malith

    Ela ela thanks machan

  17. Wicki

    Thanks

  18. Nirosh C

    ස්තුතියි සහෝ.ජයවේවා !

  19. SunerDVB

    thor ragnarok film ekata sub den nedda demma

  20. Hasilk

    Sub ekata Thanks machan

  21. jagath55

    Thanks

  22. Lt.Snk

    Its in my watch list. gotta watch 2morow. . thnks for the sub friend!

  23. Thanuja31

    Thanks !

  24. Ashan Madusanka

    Thanks bro

  25. tv malli

    tnx bn sub ekata..mcn Happy Death Day 2017 film ekata sub dipanko bn

  26. ඩොක් අයියා

    බොහොම ස්තුති “මධුකප්‍රිය පෙරේරා” මල්ලියෝ ඔයාට මේ උපරැසිය අපිට ලබාදුන්නාට
    එහෙනම් ඔන්න බාගත්තා හොඳේ
    තව එකක් ඉක්මනටම කරමු

  27. lakshankkn

    Thanks for the sub bro

  28. gayanveranga

    Tnx for sub

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. GeethD

    Thanks
    macho Lucifer 11 awa. sub dennako

  32. Nishanfernando

    Thanx bro

  33. Manjula Senaratna

    මචං තැන්ක්ස් සබ එකට
    මන් සබ් එක ඩවුන්ලොඩ් කලා
    ඒත් ලොඩ් වෙන්නේ ඉංග්‍රිසි සබ් එකක්නේ සහෝ
    ඇයි ඒ.
    මන් km player එකට සබ් එක drag කලා.හරි ගියේ නෑ
    ඊට පස්සේ සෙටින්ග්ස් වලින් ලොඩ් සබ්ටයිටල් ගියා. ඒත් වැඩ නෑ. එන්නෙම ඉංග්‍රිෂ් එකක්නේ

  34. sk kanishka

    Thanx bro

  35. dimal

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. Marcofl

    Thanks, mama kamathi type movie ekak

  37. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  38. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  39. Shammi

    Thanks bro

  40. janithhashan

    elama sub aka

  41. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුකප්‍රිය සහෝ.
    ජයෙන් ජය.

  42. thusitha_ jayathilaka

    niyamai

  43. Dasunudayanga

    තෑන්ක් යූ

  44. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  45. lucifer_GOD

    Thanks for sub mcn.

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Amila Mudalige

    Sub ekata Thanks saho

  48. Haritha245

    Thank you so much......

  49. Wayantha Sandaruwan

    ගොඩක් ස්තුතියි සබ් එකට ජය වේවා

  50. Rameshmaxx

    Thnks broo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.