බයිස්කෝප් රසිකයන්ට සුභ නව වසරක් වේවා! මේ නව වසරේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මෙවර මට ලැබුණේ The Score කියන ඉංග්‍රීසි චිත්‍රපටය ඒ වගේම මේ මගේ දෙවන ඉංග්‍රීසි උපසිරැසි ගැන්වීම. මුලින්ම කියන්න ඕන Best Heist Movie ලැයිස්තුවේ තියෙන Now You See Me (2013) ආකාරයේ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් මේක. ඉතිං ඔයා…

බයිස්කෝප් රසිකයන්ට සුභ නව වසරක් වේවා! මේ නව වසරේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මෙවර මට ලැබුණේ The Score කියන ඉංග්‍රීසි චිත්‍රපටය ඒ වගේම මේ මගේ දෙවන ඉංග්‍රීසි උපසිරැසි ගැන්වීම. මුලින්ම කියන්න ඕන Best Heist Movie ලැයිස්තුවේ තියෙන Now You See Me (2013) ආකාරයේ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් මේක. ඉතිං ඔයාලා කැමතිද අවුරුදු 17ක් ආපස්සට යන්න? මොකද මම උපසිරැසි ගෙන ආපු නිර්මාණය මීට වසර 17කට නැත්නම් 2001 වසරේ නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. පරණයි කියලා හිතුණත් ගොඩක් ආසා හිතෙන නිර්මාණයක් කියලා මම හිතනවා. සමහරවිට ඔයාලා අහලා ඇති The Godfather: Part II (1974), Taxi Driver (1976), Raging Bull (1980) වැනි සම්මානනීය සිනමා කෘති සඳහා දායකවෙලා ඔස්කා සම්මාන ද්විත්වයක් හිමිකරගත්ත රොබර්ට් දි නීරෝ, ඊට නොදෙවෙනිව තවත් ඔස්කා සම්මාන ද්විත්වයක හිමිකරුවෙක්, The Godfather (1972), On the Waterfront (1954), On the Waterfront (1954). වැනි සම්මානනීය සිනමා කෘති සඳහා දායක වූ සිනමා ඉතිහාසය අලුතින් ලියැවු මාලන් බ්‍රැන්ඩො,ඒ වගේම කියන්න ඕන මේක තමයි මාලන් බ්‍රැන්ඩොට නිම කරන්න ඉඩ ලැබුන අවසාන චිත්‍රපටය වෙන්නෙත්. ඒ වගේම ඊටත් නොදෙවෙනිව Birdman (2014), American History X (1998), Primal Fear (1996) වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් එක්වූ ඔස්කා සම්මාන ත්‍රිත්වයකට නිර්දේශ වීමට වරම් ලැබූ එඩ්වර්ඩ් නෝටන්, ඇන්ජෙලා බසෙට්, කියන නළු නිළියන්. මේ අය අපේ වැඩිහිටියන්ගේ ඒ කියන්නේ අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ ගොඩක් දක්ෂ විදිහට රංගනයේ යෙදුණු දක්ෂ නළු නිළියන්. මේ තමයි The Score චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවන නළු නිළියන්.නික් (රොබර්ට් නීරෝ) කියන්නේ අපේ වචනයෙන් කිව්වොත් හොරෙක්. එයා කරන්නේ එයාගේ ලොක්කා (මාලන් බ්‍රැන්ඩො) කියන කියන වටිනා වස්තූන් හොරකම් කරලා ගෙනත් දෙන එක. කළින් වතාවේ කරපු හොරකමක් අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී නික් බේරුණ නිසා නික්ම හිතනවා ආයේ එයා මේ හොරකම් වලට දායක වෙන්නේ නැහැ කියලා. ඉතින් එයා එයාගේ පාඩුවේ ජෑස් ක්ලබ් එකක් පවත්වාගෙන යමින් ඉන්නවා. මේ අතරේ එයාගේ ලොක්කා දවසක් එයාව හමුවෙන්න ඇවිත් තවත් හොරකමකට එයාට ආරාධනා කරනවා. මේ පාර හොරකම් කරන්න කියන්නේ මොකක්ද? ප්‍රංශ රාජ්‍යයේ රජ කුමරියකට අයත්ව තිබූ සෙංකෝලයක්. මේ සෙංකෝලහි වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්. නික් මුලින්ම මේකට අකමැති වෙනවා, මොකද ඔහුගේ ප්‍රතිපත්තියක් තියනවා තමන් ජීවත්වෙන රටේ කිසිම හොරකමට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් මේකේ වටිනාකම ඇහුවහම ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ ඒ ප්‍රතිපත්තිය ඉවත හෙලන්න. මේ හොරකමට එයාට සහය වෙන්නේ බ්‍රයන් (එඩ්වර්ඩ් නෝටන්), එයා මේ සෙංකෝලය තියන රේගුකාර්යාලයේ සුළු සේවකයෙක්. ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරන සොරකම ගැන තමයි මේ චිත්‍රපටය පුරා දිව යන්නේ. ඇන්ජෙලා බසට් නික්ගේ පෙම්වතිය හැටියට මෙහි රංගනයේ යෙදෙනවා.
මේ චිත්‍රපටය නරඹන කෙනෙකුට හිතෙන්න පුළුවන් හොරකම් ගැන ඉගෙනගන්න නම් මේක නියමයි කියලා. ඒත් මේකෙන් ඊට වඩා දෙයක් අපට ගන්න පුළුවන්. ඒ තමයි තැනට සුදුසු නුවණ, විශ්වාසය කඩ නොකිරීම වගේම මෙවැනි සොරකම් කිරීමේ ක්‍රම වලින් ගැලවෙන්න කරන්න ඕනේ දේවල් මොනවද?කියලත්. 😀 ඉතින් මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2001 ජූලි 9 වෙනිදා. පැය දෙකයි මිනිත්තු 4ක කාලයක් පුරා මේ චිත්‍රපටය දිව යනවා. නිෂ්පාදනය ගැරී ෆොස්ටර් සහ ලී රිච්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ෆ්‍රෑන්ක් ඔස්. ඒ වගේම පිටපත් රචනය ඩැනියෙල් ඊ ටේලර්, කාරියෝ සලේම්, ලෙම් ඩොබ්ස් සහ ස්කොට් මාර්ෂල් ස්මිත් යන පිරිස විසින් සිදු කර තිබෙනවා. Thriller සහ Drama ගණයට අයත් වන මෙම නිර්මාණය බෙදාහැර තිබෙන්නේ Mandalay Pictures මඟින්. නිෂ්පාදනය කර තිබෙන්නේ රිචර්ඩ් පියර්සන් සමඟ Paramount Pictures. සිනමාකරණය රොබ් හාන්. සංගීත අධ්‍යක්ෂණය හොවාර්ඩ් ෂෝ. මෙහි imdb අගය 6.8ක් වෙනවා. ලබා ඇති මුළු ආදායම ඩොලර් මිලියන (ඇමරිකානු) 68ක් වන අතර බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 113යි. ඉතින් අනිත් චිත්‍රපට වගේම මේ චිත්‍රපටයත් බලන්න, බලන්න පරණ උනත් බැලුවට පාඩුවක් වෙන්නේ නෑ ගොඩක් අයට මගහැරුණ චිත්‍රපටයක් මේක. ඉතින් මේ ලස්සන නිර්මාණයත් නරඹන්න කියලා ආයෙමත් ආරාධනා කරනවා. ඒ වගේම උපසිරැසි නිර්මාණකරණයට මාව හඳුන්වලා දුන්න මගේ අක්කා (ගයේෂා සත්සරණී) වත් මතක් කරමින්, මේ නිර්මාණය ලබා දුන් විමාටත් ස්තූතිය පුද කරනවා. නැවත අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,181 downloadsDownload The-Score-2001.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
47 comments
dimal
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි නගෝ උපසිරැසියට. දිගටම කරගෙන යමු.
namal bandara
thanks for the subtitles. can you please give us subtitles for Flypaper 2011 ?? :) :) :)
namal bandara
thanks for the subtitles. Can you please give us subtitles for Flypaper 2011 , Indian in The Cupboard 1995 , Tell Tale 2009 , Throwaways 2015 , Traitor 2008 , Alleycats 2016 , Tell 2014 , Redistributors 2015 ??
Thank you.
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.ඩොක් අයියා
හැමදාම එකම දේ කොපි කරලා ලියන්නේ නැතුව, නරකද අලුත් විදිහට නිර්මාණයක් කලා නම්, තරහා ගන්න එපා, උපදෙසක් විතරයි
Thisal
බොහොම ස්තුතියි
Hemantha De Silva
Super...
Thanks...Shan Ashok
මේක නියම ෆිල්ම් එකක් .මන් මේකදැන් අවුරුදු හය අටකට කලින් discovery වල ෆිල්ම් සම්මාන වලදී tralier එකක දැක්ක .but මට නම දන් නැතුව හොයන්න බැරි වුනා ඉන්ටෙර්නෙට් kohchara සේඅර්ච් කලත් .තැන්ක්ස් ඔයාට .මේ වාගේ බෙස්ට් හොද ෆිල්ම්ස් අපිට දෙන්න .ටව comedy වුනත්හොදටම හිනා යන hottub time machine part 1,3 දෙන්න .මන් මේකේ 2 විටරි දැක්කේ ,තැන්ක්ස් නංගි ඔයාට
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!piyasiri
බුදු සරණයි – දෙවි පිහිටයි
Udara Damith Dissanayaka
...............සුභ නව වසරක් වේවා!.........
THANKS
බොහොම ස්තුතියිSoori
සොනාලි නංගි, මේ වගේ අතහැරුනු හොඳ නිර්මාණයක උපසිරැසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි...!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Perera
බොහොම ස්තූතියි
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න
ජයවේවාcpt.price
Tnx sis
aroshacd
fatta machan!! jaya wewa!!!
DhanushkaAASL
Thanks SUB akata
dinusharivishan
thank you
dinusharivishan
thank you jaya weva
gihan perera
Thanks for the sub sis...god bless you...
Asadaruwan
Ela..
UK_Fernando
Thanks Sonali
Ishan Madusha
බොහොම ස්තූතියි
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සොනාලි.
ජයෙන් ජය.jagath55
Thanks
Manaram
thank you
Prasad Kandamulla
''සිංහල සබ්'' එකට ගොඩාක් ස්තුතියි.... 'රොබට් ඩී'නීරෝ'' මගේ ප්‍රියතම නළුවෙක්... ඒ වගේම ''මාලන් බ්‍රැන්ඩො'' කියන නළුවා ගැන අහල තිබුනට කවදාවත් එයාගේ ෆිල්ම් එකක් බලල තිබුනේ නැහැ.. පිස්සු හැදෙනවා.. නියම ෆිල්ම් එකක්... මේ වගේ පරණ , සුපිරි ගනයේ ෆිල්ම් එකකට සබ් දුන්නට ගොඩාක් ස්තුතියි..... මේ වගේ හැංගිලා තියෙන තව හොඳ ෆිල්ම් වලට් සබ් දෙන්න, සොනාලි සොයුරිය'' ඔබට ජය....
gihan boy
elaaa patta film eka...sub ekata godaaak thankzz
meka hindi dub ekak nedaPathmila_kushantha94
පහරක්!
piyasiri
මේ වගේ හැංගිලා තියෙන තව හොඳ ෆිල්ම් වලට් සබ් දෙන්න, සොනාලි සොයුරිය” ඔබට ජය
Sanu321
Ane im new.....please tell me kohomada me films douload karane.any body tell please
Sanu321
Due to copyright issues, we do not provide any torrent links.
Me message eka tiyene.vena download icon ekak naneAsithaDilruwan
elama sahi thanks
chinthaka_priyadrshana
Thank U very much..........
chamee
thanzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chanbaiscope
Offering your valuable time for us is highly appreciate
Nandana Pathiraja
Thank You SONALI.
duminda0991
thank you sis...
Chapa-anu
Korean drama ekakatath sub ekaka dennako yalu. Thanx jayewa
chinthaka sampath
Thabk U..........Murder on the Orient Express Film Ekata Sub Denna Dear
Nishanfernando
Thanx bro
eraanu1989
thanks
Sherlock holmes
Thanks
TMD
thanks
Anonymous
Thanks Sis
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanks dear