Watch Trailer

The Deer Hunter (1978) Sinhala Subtitles | යුද්ධයෙන් අගනා පාඩමක්! [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… ලෂේන් සහෝදරයාගේ අවසරෙන් ඔන්න මං තවත් ලස්සන ඒවගේම ජනප්‍රිය, ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ප්‍රියන්ත සහෝදරයත් මගේ හැම සිංහල උපසිරසියකටම කමෙන්ට් එකකින් දිරියක් දෙන ගමන් රේටින් වැඩි චිත්‍රපටයක් කරන්න කියලා කියන නිසාම ඔන්න ප්‍රියන්ත සහෝ මං ඔයාගේ ඉල…

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම…

ලෂේන් සහෝදරයාගේ අවසරෙන් ඔන්න මං තවත් ලස්සන ඒවගේම ජනප්‍රිය, ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ප්‍රියන්ත සහෝදරයත් මගේ හැම සිංහල උපසිරසියකටම කමෙන්ට් එකකින් දිරියක් දෙන ගමන් රේටින් වැඩි චිත්‍රපටයක් කරන්න කියලා කියන නිසාම ඔන්න ප්‍රියන්ත සහෝ මං ඔයාගේ ඉල්ලීමත් ඉටු කලා.

මේ චිත්‍රපටය ගැන මුලින්ම චමිල ද අල්විස් සහෝදරයාගේ ලිපියකින් අඩවියේ හඳුන්වලා දීලා තියනවා. ඒ 2009 වසරේ. ඒ නිසාම මං ලිපිය ගොඩක් දික් කරන්න යන්නේ නෑ.

The Deer Hunter 1978

අපූරු යාළුවෝ ටිකක්. දුකේදීත් සැපේදිත් එකටම ඉන්න. මේ අතරින් තුන් දෙනෙක් වියට්නාම් යුද්ධෙට යනවා. එහිදී යුධ සිරකරුවන් බවට පත්වන මොවන්ට මුහුණ දෙන්න වෙන්නේ ඉතාම කුරිරු ඉරණමකටයි. ඉරණමට වඩා මේක සූදුවක්. සල්ලි උඩ මියැදෙන ජීවිත. කෙසේ හෝ ඔවුන් මෙයින් පලා ආවත්, ඒ යුද්ධයේ අඳුරු සෙවණැලි මෙයාලගේ ජීවිත ඇතුලේ හොල්මන් කරනවා. හිත හයිය සමහරු එයින් එළියට ආවත් දුර්වල හිත් ඇති අය ඒ තුලම මියැදෙනවා. අපිත් යුද්ධෙන් දශක තුනක් බැට කාපු අය. අපෙත් හිත් ඇතුලේ අදුරු අහුමුළු වල යුද්ධයේ කුරිරු බව හොල්මන් කරනවා.

යුද්ධය පසුබිම් වුනත් මෙය යුධ චිත්‍රපටයක් නෙවෙයි. එනිසාම මේක මඟහැරගන්නත් එපා. චිත්‍රපටයේ රංඟනයෙන් දායක වෙන්නේ Robert De Niro, John Cazale, John Savage, සුරූපී Meryl Streep සමඟින් Christopher Walken ය. චිත්‍රපටයේ කතාව Deric Washburn, Michael Cimino සහ Louis A. Garfinkle සමඟින් Quinn K. Redeker විසිනි. තිර රචනය Deric Washburn ය. Barry Spikings, Michael Deeley, Michael Cimino සහ John Peverall නිෂ්පාදනය කල අතර අධ්‍යක්ෂණය Michael Cimino විසිනි. චිත්‍රපටය මුලින්ම ලෝස් ඇන්ජලීස් වල 1978 දෙසැම්බර් 08 වන දා තිරගත වූ අතර 1979 පෙබරවාරි 23 වන දා සිට එක්සත් ජනපදය පුරා තිරගත වීම ආරම්භ කෙරුණි. විනාඩි 184 ක් (පැය 03 විනාඩි 04ක්) ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 15 වන අතර ආදායම ඇ.ඩොලර් මිලියන 49 ක් පමණ වේ.

ඉංග්‍රිසි බසට අමතරව පසුව රුසියානු, වියට්නාම් සහ ප්‍රංශ බසින්ද මෙම චිත්‍රපටය තිරගත වී ඇත. The Deer Hunter චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මාන (Academy Awards), American Cinema Editors Awards, American Movie Awards, British Academy Film Awards, Golden Globe Awards ඇතුළු සම්මාන උළෙල රැසකින් සම්මාන පිදුම් ලබා ඇත. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 8.1ක්, Rotten Tomatoes 92% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත ලැබී ඇත.

චිත්‍රපටය පිළිබඳ මුල් ලිපිය පල කල චමිල ද අල්විස් සහෝදරයාට මගේ විශේෂ ස්තුතිය පුද කරන ගමන් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

2009 ජූනි 1 චමිල ද අල්විස් සොහොයුරා විසින් පල කළ ලිපිය. 

Robert De Niro ඔබට හුරු පුරුදු නළුවෙක් වෙන්න ඇති. The Godfather චිත්‍රපටි මාලාවෙන් ඔහුගේ අනර්ග රංගනයන් රස විඳලත් ඇති. මේ ඔහුගේ තවත් රංගනයක්. යුද්ධයෙන් අපේ රට හොඳටම බැට කාලා තියෙනවා. යුද්ධයට ගිය සෙබළුන්ගේ පවුල් වලට කොච්චර බලපෑමක් ඇද්ද? The deer hunter වලින් පෙන්වන්නේ එවැනි මාතෘකාවක්. වියට්නාම යුද්ධයෙන් ඇමෙරිකාවේ අඩු ආදායම් ලාභීන්ට ඇති ‍වන බලපෑම කොච්චර ද කියන එක එතනින් පෙන්වනවා. මෙහි ප්‍රධාන පසුබිම වන්නේ රුසියානු සම්භවයක් ඇති ඇමෙරිකානු වැසියන් සිටින නගරයක්. යුද සෙබළුන් ලෙස පෙරමුණට යාමට පෙර හා යාමට පසුව ඔවුන් අතර ඇති මිත්‍රත්වය, එකිනෙකා කෙරෙහි ඇති ලැදිකම කොච්චර වෙනස් වෙනවද කියන එක ප්‍රේක්ෂකයා පැහැදිලිවම දකිනවා.

යුද්ධය ගැන කතාවක් වුනත් යුධ කොටස් තියෙන්නේ බොහොම ටිකයි. ඒ නිසා action හොයන කට්ටියට මේක කම්මැලි එකක් වෙයි. අනිත් අතින් මේ පිරිස අතර ඇති මානසික සම්බන්ධතා විඳීමට ප්‍රේක්ෂකයාට හැකි වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ යාළුවාගේ හිස හරහා උණ්ඩයක් ගිය පසු උල්පතක් සේ විසිවෙන ලේ අතින් වහමින් යාළුවා බදාගෙන මයිකල්(Robert De Niro) හඬන ආකාරය ඉතාම සංවේදියි. වැඩි කතා ඕනේ නෑ. බාගෙනම බලන්න. ඔබ Schindler’s List වලට කැමතියි නම් මෙයට අකමැති නොවන බව අනිවාර්යයෙන් කිව හැකියි.

ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 17 දිනූ,IMDB චිත්‍රපට වර්ගීකරණය අනුව ලොව 137 වැනි ස්ථානයේ තිබෙන මෙම චිත්‍රපටය,

ලිපිය – චමිල ද අල්විස්

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,331 downloadsDownload The-Deer-Hunter-1978.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

2,331 downloadsDownload Subtitles50 KB

28 comments

  1. sithu

    Balala KIyannam.......

    1. R.H. rodrigo

      meke subtitle nane

    2. Sameeraudias

      Me film ekata sub karnnako kawru hari suppa film ekakne

  2. ගල්ලේ බඩා

    පරන ෆිල්ම් එකක් උනත් හොද එකක් වගේ

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  4. Aruna857

    Kohomada bn sub eka ganne

  5. PramodTharuka

    sub nane 2009 dapu ekak.
    tama sub deela natte ayy mekata.
    ikmanata subz denna danwath.
    plzz.....

  6. buddhiika

    ko sub ?

  7. saga500

    sub eka thiyenawa nam maru

  8. Sohan Jayasooriya

    මරු අයියේ.. කට්ටිය සබ් ඉල්ල ඉල්ල ඉදපු ෆිල්ම් එකක් මේක..

  9. Sanka Dilshan

    Thanks bokkah

  10. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    තව IMDb ලිස්ට් වල AFI හොඳම චිත්‍රපට ලිස්ට් වල චිත්‍රපට වලට උපසිරැසි කරන මෙන් යෝජනා කරමි.

  11. Chanuka Nimesh Gunawardana

    Classic films sub nm Highlyrecommend රොෂාන් brother tamai. puluwn nm " Disturbia 2007 "ekta sub eka denna උත්සාහ krnawada.

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    හරි අපූරු සිනමා සිත්තමක් සහෝ...
    ආයිමත්ම බොහොම ස්තූතියි මේ සබ් එක වෙනුවෙන්...

  14. Anonymous

    sinhala upasirasata bohoma sthuthiyi

  15. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    බොහෝ විට වෙබ් එකට ආවහම බලන්නේ ඔබේ නමින් සබ් එකක් තියනවද කියලා. මම මීට පෙර ඔබට සම්මානලාභී සිනමාපට සඳහා සබ් කරන ලෙස යෝජනා කළා. එය ඉහත සඳහන් කිරීම සහ පිළිගැනීම ගැන ගොඩක් ස්තුතියි! මෙය අහලා තිබෙන බලන්නට හිටපු සිනමාපටයක්, දැන් බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට, ඔබට ජය!!!

    1. Priyantha Dayakeerthi

      මම දැක්කා මීට පෙර බොහෝ අය මේ ෆිල්ම් එක නමින්ම ඉල්ලා තිබුණා. ඒ සැලකිලිමත්වීම ගැන ඔබට නැවතත් ස්තුතියි!

  16. Deegayu Abeysekera

    film eke brrip ek dow karala 7yrs
    sub ek enakan hitiye
    tnx!

    1. රොෂාන් ශමීර ජයසිංහ

      ඔබගේ රසවින්දනය මං ඉතා අගය කරනවා සහෝදරයා..
      සිංහල උපසිරසිය ප්‍රමාද වුනාට සමාවෙන්න..
      චිත්‍රපටය රසවිඳ උපසිරසිය ගැන කියන්න..
      ~ ජය වේවා ~

  17. indika75

    thanks..

  18. malith madhushan

    නියමයි අයියේ සුපිරිම වැඩක් මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා ඒවටත් උපසිරස කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. බොහොම ස්තුතියි අයියේ සබ් එකට

  19. Shaggy

    බොහොම ස්තූතියි

  20. Sameeraudias

    Elama wdak thnkz

  21. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  22. Anonymous

    Thanks Bro

  23. devinda

    godak pin brother....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P