Watch Trailer

Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | ඉන්ඩියානා ජෝන්ස් සහ දෛවයේ මුහුණත [සිංහල උපසිරසි]

ඉතින් කොහොමද හැමෝටම? අද මේ අරගෙන එන්නේ හැමෝම වගේ දන්න කියන කතා මාලාවක් වන Indiana Jones කතා මාලාවේ අවසාන චිත්‍රපටියේ සිංහල උපසිරසි. ඉතින් මේ වෙනකොට මේ ෆිල්ම් එකත් ඇතුළුව මේ කතා මාලාවට චිත්‍රපටි 5ක් අන්තර්ගත වෙනවා. • Raiders of the Lost Ark (1981) • Indiana Jones and the Temple of Doom (1984) • Indi…

ඉතින් කොහොමද හැමෝටම? අද මේ අරගෙන එන්නේ හැමෝම වගේ දන්න කියන කතා මාලාවක් වන Indiana Jones කතා මාලාවේ අවසාන චිත්‍රපටියේ සිංහල උපසිරසි. ඉතින් මේ වෙනකොට මේ ෆිල්ම් එකත් ඇතුළුව මේ කතා මාලාවට චිත්‍රපටි 5ක් අන්තර්ගත වෙනවා.

• Raiders of the Lost Ark (1981)
• Indiana Jones and the Temple of Doom (1984)
• Indiana Jones and the Last Crusade (1989)
• Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
• Indiana Jones and the Dial of Destiny (2023)

ඉතින් අවුරුදු ටික දිහා බැලුවාම පෙනවා ඇතිනේ අවුරුදු 40ක් විතර මේ චිත්‍රපටි ටික හදන්න ගිහින් තියෙන බව. ලාංකීය අපට ඉන්ඩියානා ජෝන්ස් කියන එක සුවිශේෂ වෙන්නේ මොකද ඒකේ සමහර ෆිල්ම් වල (විශේෂයෙන්ම දෙවෙනි චිත්‍රපටියේ) ලාංකීය සහ බොලිවුඩ් නළු නිළියන් පවා යොදාගෙන හ්ටියෙනවා. කොහොම නමුත් මේකේ නම් ඒක දකින්න ලැබෙන්නේ නෑ.

චිත්‍රපටියට මේ වෙනකොට IMDb දර්ශකයේ 6.8ක අගයක් සහ Rotten tomatoes දර්ශකයේ 55%ක අගයක් ලැබිලා තියෙනවා. මීට කලින් ෆිල්ම්ස් හතරම අධ්‍යක්ෂණයේ සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් වුණත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James Mangold විසින්. කොහොම නමුත් ඉන්ඩියානා ජෝන්ස් චරිතයට පණ පොවන්නේ නම් සුපුරුදු පරිදි Harrison Ford ම තමයි. මීට අමතරව Antonio Banderas, Karen Allen, John Davis, Toby Jones, Phoebe Waller වැනි අයත් රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව ගැනත් පොඩි විස්තරයක් කියලා හිටින්නම්. මේකෙදී අපට දකින්න ලැබෙන්නේ වයසට ගිය ඉන්ඩියානා ජෝන්ස් කෙනෙක්. නමුත් වයසට ගියා කියලා වැඩවල නම් වෙනසක් නෑ. මේකේ කතාව ගෙතිලා තියෙන්නේ ආකිමිඩිස් විසින් නිෂ්පාදනය කරපු “ඇන්ටිකයිතීරාව” නම් උපකරණයක් වටා. මේකෙන් පුළුවන් – සරලවම කියනවා නම් – අතීතයට කාලතරණය කරන්න. ඉතින් මේකේ ප්‍රධාන හතුරා තමයි ජර්ගන් වොලර් කියලා නාසිවාදියෙක්. එයාට ඕනේ මේ ඇන්ටිකයිතීරාව පාවිච්චි කරලා හිට්ලර් දෙවෙනි ලෝක යුද්ධය දිනවන්න. ඉතින් මේ ඇන්ටිකයිතීරාව එයාලා හොයාගන්න කලින් හොයාගෙන එයාලව නවත්තන එක ඉන්ඩියානා ජෝන්ස්ට බාරයි. සෑහෙන කාලයක් තිස්සේ එයාගේ වික්‍රමවලින් ඈත් වෙලා ගිය, නාකි වෙච්ච ඉන්ඩියානා ජෝන්ස් කෙනෙක්ට මේක කරන්න පුළුවන් වෙයිද? ඒක ඉතින් ෆිල්ම් එක බලලම හොයාගන්න.

එහෙම නම්, මේ ලිපිය මෙතනින් අවසාන කරන්නම්. චිත්‍රපටිය රසවිඳින්නකෝ. ඒවගේම උපසිරසිය දාන්න දුන්න අවස්ථාවට විමා අයියට හුඟක් ස්තුතියි. ඊළඟ සිංහල උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.

පීස් ✌️.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

29,370 downloadsDownload Indiana.Jones_.and_.the_.Dial_.of_.Destiny-2023-2.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

29,370 downloadsDownload Subtitles58 KB

25 comments

  1. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සනුප මලේ!
    තව තවත් ඔයා වගේ අය අපි එක්ක දිගටම ඉන්න ඕනා.
    ඊයේ (28) කොපිය ආව කිව්ව වෙලේ වචනේ දුන්නා හෙට උදේ (29) සයිට් එකේ දාන්න සබ් එක එවනවා කියල.
    උදේ නැගිටිනකොට ඒ වචනේ ඉටු කරලා :)

  2. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මල්ලී... සුපර් ෆාස්ට් කොලිටි වැඩක්
    ජයවේවා!!!

    1. Anonymous

      Thanks bro...

  3. Pramod

    three musketers 2 eka denn ndd bro

    1. Roshan

      Thnx bro...great job...good luck...

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. lakshan

    thanks ........................

  7. Anton Fernando

    Thank you!

    1. Anonymous

      Thankss sago

  8. Hashan

    Thnx for the sub.....❤️

  9. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තූතියි සනුප මල්ලි උපසිරැසිය මෙච්චර ඉක්මනින් ගුණාත්මකව ගෙනාවට. ජයවේවා!

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  11. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  12. Chandika

    Thanks for subtitle

  13. chanaka.n.k

    thanks bro

  14. ishu

    Sub ekata thx brother

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    Thanks Brother

  17. Udara Damith

    සුපිරි

  18. jack

    thanks for the sub

  19. ss kolla

    gammak suddah

  20. Dewadithya

    Thanks for Sub!

  21. Bhathiya

    Bluray up karannakoo...

  22. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..