හැමෝටම ආයුබෝවන්…! 1995 අගෝස්තු 31 දින තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කයේ කොඩියන්කුලම් වල සිදුවූ ප්‍රචන්ඩත්වය සිහිිගන්වමින් මුළු ගම්මානයටම පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් බලකායක් විසින් පහරදී දේපළ විනාශ කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබීම පිළිබඳ මෙම කථා වස්තුව ව…

හැමෝටම ආයුබෝවන්…! 1995 අගෝස්තු 31 දින තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කයේ කොඩියන්කුලම් වල සිදුවූ ප්‍රචන්ඩත්වය සිහිිගන්වමින් මුළු ගම්මානයටම පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් බලකායක් විසින් පහරදී දේපළ විනාශ කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබීම පිළිබඳ මෙම කථා වස්තුව වෙත ලෙස බලපායි. මාරි සෙල්වරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ධනුෂ්, ලාල්, යෝගී බාබු, නටරාජන් සුබ්රමනියම්, රජීෂා විජයන්, ගෞරි ජී. කිෂාන් සහ ලක්ෂ්මි ප්රියා චන්ද්රමෞලි රංගනයෙන් දායක වේ.
මාරි සෙල්වරාජ් ගේ කුළුදුල් අධ්‍යක්ෂණයවූ Pariyerum Perumal චිත්‍රපටය තුලින්ම මොහුගේ සිනමා ගමන ගැන විචාරකයන්ගේ ගේ බොහෝ අවධානයට යොමු වුනා. ඉන් පසු ඔහුගේ දෙවන චිත්‍රපටය සඳහා දකුණු ඉන්දීය සුපිරි චරිතාංග නලුවා වන ධනුශ් සම්බන්ධ වන්නේද ඒ නිසාමයි. තේමාව ලෙස ගත් කල ඔහුගේ පලමු සිනමා පටයේ තේමාවම මේ සදහාත් ඔහු යොදාගෙන තිබෙනවා. ඔහුගේ Parierum Perumal සේම ඔහු Karanan සඳහා යොදා ගන්නේද ඉතා වෙනස්ම දර්ශන තලයක් හා සංස්කෘතිකව බොහෝ සෙයින් වෙනස් ප්‍රාජාවක්.
සත්‍ය සිදුවීමක් මුල් කරගෙන නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය තුලින් පොඩියන්කුලම් නම් ගමක පරම්පරා ගණනක් අවමන් සහගතව දිවිගෙවූ මනුශ්‍ය ප්‍රාජාවක් වටා ගොඩ නගා තිබෙනවා. ඔවුන්ට අඩුම තරමේ නගරයට යෑමට බස් රථයක් වත් නවත්වන්නේ නෑ. අසල ඉහල කුලයකට අයත් යැයි සිතන ගම්වාසීන්ගෙන් හා නීතීය ක්‍රියාත්මක කරන පොලිස් නිළධාරින්ගෙනුත් ඔවුන්ට සෑම විටම සිදුවන්නේ අසාධාරණයට ලක් වීමටයි. මේ පීඩාවට එරෙහිව නැගී සිටීම යෝජනා කරන තරුණයෙක් වීර චරිතය කොට ගෙන මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.
චිත්‍රපටය සඳහා ලැබී ඇති ප්‍රථිචාර කිහිපයක්…


කුල අර්බුදය ඉන්දියාව පුරාම පැතිරී තිබෙන සාමාජීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න පිලිබදව කලාව තුලින් කොතරම් සංවාදයකට බඳුන් කලද සමාජ තලයේදී ඒ ප්‍රශ්න අළු යට ගිනි පුපුරු සේ නැගී ඒම වලක්වා ගැනීමට අද වන තෙක් සමත් වී නැහැ. මේ තත්වය අඩු වැඩි වශයෙන් ලංකාව තුලද අපට දකින්නට පුළුවන්. විශේෂයෙන් මේ තත්වය දමිළ ප්‍රජාව තුල මෙන්ම කුල භේදය සහමුලින්ම ප්‍රතික්ෂේප කල බුදුන්ගේ පරම අයිතිකරුවන් බවට පත් වූ සංඝ සමාජය තුලද දකින්නට පුලුවන්. මේ චිත්‍රපටයේ එක් දර්ශනයක් තුල මේ පීඩනයට ලක් වන ගම්වාසීන් විසින් විනාශ කරන පොලිස් ස්ථානය තුල වන B.A අම්බඩේකර් ගේ සේයා රුවක් කැමරාවට යොමු කරනවා. එය මේ චිත්‍රපටයේ ප්‍රබල සංකේතයක්. ඉන්දිය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ පුරෝගාමී චරිතයක් වන ඔහු සමාජයෙන් කොන් කොට තිබූ දිලිත් කුලයට අයත් ප්‍රාජාවට සාමාන්‍ය ජන ජීවීතයක් ලබා දීමෙහිලා පුරෝගාමියෙක්. ඔහු විසින් නිර්මාණය කල කිසිම මිනිසෙකුට කුලය ආගම ජාතිය නිසා වෙනස් කිරීමකට ලක් නොකල යුතු ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැදි පවතින පොලිස් ස්ථානය තුල මේ දර්ශනයට සුලු මොහොතකට පෙර වූ දර්ශනය තුල වූ අසාධාරණයත් මේ දර්ශනයත් අතර ඇත්තේ සුලු පටු කියවීමක් නොවේ.
දනුශ් ගේ රංගනයට අමතරව මේ චිත්‍රපටය තුල සංගීතය තුලින් ඉදිරිපත් කරන භාව ප්‍රාකාශනය මේ සිනමා පටය නර්ඹන්නාට ඇති කරන කම්පනය අති ප්‍රබලයි. එය සිනමා නිර්මාණයේ සෑම දර්ශනයක් තුලම ඇති ප්‍රකාශනය නරඹන්නාට අති ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට සමත් වී තිබෙනවා. මේ සදහා සංගීතය නිර්මාණය කරන්නේද Parirum Perumal මෙන්ම සංගීතය තුලින් විශිෂ්ඨ නිර්මාණයක් වූ Vada Chennai හීද සංගීත නිර්මාණ කරුවා වන Santhosh Narayan විසිනි. නූතන දමිල සිනමාව හුදු වීර කතාවකින් ඔබ්බට සමාජය තුල මනුශ්‍ය ජීවිතයට බලපෑම් කරන සාමජීය අර්බුදයන් ඔස්සේ සිනමාව ප්‍රකාශ කිරීමේ රැල්ලේ තවත් සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙය හදුන්වා දිය හැකිය.
නැවතත් උපසිරැසියකින් මුණගැහෙන තෙක් ඔබට ආයු-බෝ-වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HC HD/WEB සහ Proper HD පිටපත් සඳහා අදාළ වේ.
44,777 downloadsDownload Karnan-2021-Proper-HD.zip139 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
49 comments
Kavindu12345desilva
Deshan
අයියෝ..දෙනකන් බලන් ඉදලා ඉදලා වෙන සබ් එකක් එක්ක බැලුව නේ....
කොහොමවුනත් ස්තුතියි සහෝ
ජය වේවා!!!මයුර
කාලෙකින් බලපු හොඳම හොඳම හොඳම දෙමළ සලරුවක්.
බඩ පපුව දාලා ගියා
ධනුෂ්ට අමතරව මාරි සෙල්වරාජ් කියන නම හින්දම බලන්න ඕන එකක්.
අනිවාර්‍යෙන්ම බලන්නPriyantha Dayakeerthi
සඳුන් ධනුෂ්ක සොයුර,
පුද්ගලිකවම මමත් ඉන්දීය සිනමාවට කැමති කෙනක්. ඔබගේ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය පුද කරමි! මමත් සිංහල උපසිරසි නිර්මාණය කිරීමේදී බොහෝ උපදෙස් ඔබගෙන් ලබාගෙන තිබෙනවා. ඒවා සැමදා මතකයේ තිබෙනවා. ඉතින් මෙවැනි වටිනා සිනමාපට සඳහා ඉදිරියේදීත් උපසිරසි ලබාදෙන්න. ඔබට ජය!!!Dots
Kohomada dowload kranne
sandesh
ikmanata film ekath dennako
Stoute
Thanks for the sub bro.
Nithin ge aluth movies 2k release una e deketh sub dennako. plz
Rang de 2021
Check 2021Lucky
බොහොම ස්තූතියි සහෝදරයා. ජයවේවා... ✌
Dots
Kohomada film ek download kre
අචින්ත
ධනුෂ්ටත් වඩා මාරි සෙල්වරාජ් නිසාමයි බලාගෙන හිටියේ මේක බලන්න..
කන්ඩා වර සොල්ලුංග කර්නනක කයියෝඩ කූටි වාරුංග
ස්තුති වේවා...Kirul
Thank bro
Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
web rip eke link ak tiyna knk innwada
CJ 47
Bohoma sthuthiyi saho...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Shaggy
අම්මෝ බොහොම බොහොම ස්තූතියි
sudarshana
thanks bro sinhala sube ekaata {chasing 2021 tamail} {shadow 2021 kannada} film valatath sube dannko jayawewa'l;';l
Ashan
Excellent..
Pramesh
Wada karanne na vlc eke
Vishva
Pot player daganna vlc support naha
Malith
Shadow and bone sub denko
NIPPA
ado matath oni
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lakshan
biriyaani-2021 මලයාලම් ෆිලුමත් දෙන්නකො.උපසිරැසියට බොහොම ස්තුතියි..
Anonymous
mona site ekenda bn download karaganne
isuru srinath sjs
baiscopedownloads .co එකෙන්
Malith Samarawickrama
Thanks bro sub ekata
Kaushan Piumantha
Anegan , VIP වලින් පස්සෙ ධනුෂ්ගෙ ඇඟට දැනෙන ෆිලුමක්.සබට ස්තූතියි
Shalom
Ai dhanushge Pattas film eka maru ban
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Thank u
nipun
Sub eka languge eka pennane nene
Nimeah
Sub thnz bro
Achi
බොහොම ස්තුතියි සබ් එකට
supun
tz sub ekata.
Nadeeja
Supiri Filumak.Recommended
Anonymous
Thada
Tharindu
Thank you
Anonymous
thanks brother
kasun nandana
good
සාරංග ජේ. ලියනගම
Thanks
Viraj
Thank you for the sub bro ! Keep it up your great work
Anonymous
Jagame thanthiram sub eka
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ක්‍රිශාන්ත
ස්තුතිය
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Tnx for sub ayya