සමාවෙන්න පමා උනාට. සෑහෙන දෙබස් ගානක් තිබ්බා සබ් එක කරන්න ගත්තෙත් පමා වෙලා. කොහොමහරි ඔන්න ගෙනාවා වැඩේට බහිමු එහෙනම්. මට කිසිම අදහසක් නැහැ මේක කොහොම පටන් ගන්නද කියල. ඒත් කොහෙන්හරි පටන් ගන්නත් එපැයි ඒ නිසා මේ විදියට පටන්ගන්නම්. එයාගේ නම.. ඔගස්ටස්. ආදරේට කිවුවේ ගස් (Guz) කියල. ජීවිතය කියන්නේ මහා පුදුම…
සමාවෙන්න පමා උනාට. සෑහෙන දෙබස් ගානක් තිබ්බා සබ් එක කරන්න ගත්තෙත් පමා වෙලා. කොහොමහරි ඔන්න ගෙනාවා වැඩේට බහිමු එහෙනම්. මට කිසිම අදහසක් නැහැ මේක කොහොම පටන් ගන්නද කියල. ඒත් කොහෙන්හරි පටන් ගන්නත් එපැයි ඒ නිසා මේ විදියට පටන්ගන්නම්. එයාගේ නම.. ඔගස්ටස්. ආදරේට කිවුවේ ගස් (Guz) කියල. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. අපි මේ ලෝකෙට එනවා යනවා. එන්න හා යන්න ලේසි කියමුකෝ හැබැයි ඔය දෙක අතර තියෙන ජීවිතය කියන දෙය ගෙවාගන්න තමයි බොහොම අපහසු. බොහොම බාදා කම්-කටොලු බොහොමයක් එනවා. ඒවා නිසා හිතෙන්නෙම දමලා ගහලා යන්න. අද ලෝකයේ එහෙම කරන මෝඩයන් නැතුව නෙමෙයි ඕන තරම් ඉන්නවා, ඒක හපන් කමක් ද? මම නම් හිතන්නේ නැහැ, බොහොම දෙනෙක් මගෙත් එකක් එකග වේවි. හැබැයි ජිවිතයේ අමාරුව දැනෙන්න අපේ දෙමව්පියන් කියනවා වගේ ලොකු වන්න ඕනේ, අත්දැකීම් ලබන්න ඕනේ… අත්දැකීම් ලබන්න නම් කලක් ජිවත් වෙන්න වෙනවා නේ හැබැයි ඔබට තරුණ වියේම “ඔන්න දැන් යන්න කාලේ හරි, මේ තරම් දවසක් ජිවත් වෙන්න පුළුවන්” කිව්වොත්. විනාසයි නේද ?
හේසල්, ඒ කියන්නේ මම. යාන්තම් ජිවිතයේ ලස්සන දකින්න ලෝකය ලස්සන කරන්න ජිවත් වෙන මම ජිවත් වෙන්නේ මහා බරක් එක්ක, ඒ බර තමයි පිළිකාව. මිතුරන් නැහැ අනික් තරුණ තරුණියන් කරනා විනෝද කෙලී සෙල්ලම් උරුම නැහැ. බොහොම පැත්තකට වුන ජිවිතයක් තමයි ගෙවන්නේ. ගස් කියන්නේ මැරෙන්න බලාගෙන ඉන්න තරුණයෙක් නෙමෙයි, හැබැයි ඔහුටත් මැරෙන දවසක් නම් වෛද්‍ය විද්‍යාව ලබාදීලා තියනවා. ඔහුගේ අරමුණ මේ ඔකොම එකක් සතුටෙන් ඉන්න. විනෝද වෙන්න හැබැයි නරක හැටියට නම් නෙමෙයි. නමුත් ජීවිතය විදින්න. ඉන්න ටිකේ හොදින් ඉන්න එක, ඔහුට නෙමෙයි අපි කොයි කාට වුනත් හොඳයි නේ.. අපි දෙන්නා ඔහොම දෙලොවක ජීවිතය ගෙවනකොට දෙමව්පියන් සුදානම් නැහැ මේක අපිට තනියම දරාගන්න දෙන්න. ඔවුන් අපි දෙන්න යොමු කරනවා උපකාර කණ්ඩායමක් වෙත, දැකලා ඇතිනේ රවුමට ඉදගෙන තමුන්ගේ දුක සතුට බෙදාගන්නා කණ්ඩායම්. එහෙම එකකදී ඔන්න අපි දෙන්නා ඔවුනොවුන් හමුවෙනවා අහම්බයෙන්….. එතෙකින් මම කතාවේ නවතින්නම් හැබැයි අවසානය පුදුම ලස්සන ආදරයක්, ජීවිතය ගැන පාඩමක්, ආදරේ කියාදුන්නු ජිවිතයට ආදරේ ගෙනත් දුන්නු හදවතක්, අනිවාර්යයෙන්ම ඔබේ ඇසට කදුලක්… ඔබත් ගැහැණු ළමෙක් නම් ඔබත් ඔගස්ටස් කෙනෙක්ව ප්‍රර්ථනා කරාවි….
John Green නම් තරුණ ලේඛකයා අතින් ලියවුන The Fault in Our Stars නම් කෘතිය ඇසුරෙන් ඔහු වැනිම තරුණ අධ්‍යක්ෂකවරයෙක් වන Stuck in Love (2012) හි අධ්‍යක්ෂක Josh Boone පුළුල් තීරණය ගෙනා The Fault in Our Stars කතාවයි. මේ වෙනවිට IMDB මීටරයේ 8.3 ක වගේ ඉහල අගයක් ලබාගත්ත මේ සිනමා පටය පාදක වෙන ග්‍රන්ථයත් විශාල වශයෙන් අලෙවි වුන ග්‍රන්ථයක්. චිත්‍රපටය අති සාර්ථක මිලියන 226 කඩයිමක් ලොව පුරා පසු කරන්නේ මිලියන 12 වගේ සුළු මුදලක වියදමෙන්. ඔක්සිජන් ටැංකියක් සමඟ ජිවිතයට පොර බදන ඇය වෙනුවෙන් Divergent (2014) හි රංගනයෙන් දායක වූ සුරූපී (හප්පේ ඉතින් නේ 😀 ) Shailene Woodley නම් තරුණ නිළිය බොහොම හැගුම්බර රංගනයක නිරත වෙන විට ඇය හා ආදරය බෙදාගන්නා ගස් ලෙස එක්කාසු වෙන්නේ තරුණ නළු Ansel Elgort. මොවුන් දෙදෙනාට අමතරව Nat Wolff, Laura Dern, Sam Trammell හා තවත් විශාල තරුණ හා මහලු නළු නිලි පිරිසක් කදුළු හා මුසුවුන මේ ආදර අන්දරය අපි වෙත ගෙන එන්න මහන්සි වෙලා තියනවා. ඒ වගේම මේකේ එක දර්ශනයක් තියනවා හේසල් ඔගස්ටස් එක්ක බංකුවක වැඩිවෙලා ඉන්නවා. කවුරුහරි කෙනෙක් ඒ බංකුවත් හොරකම් කරලා කියල ආරංචියි 😛 අවසාන වශයෙන් කියන්නේ තියෙන්නේ මේ චිත්‍රපටය සිනමා ශාලා ආක්‍රමණය කල සතියේ වැඩිම අදායම උපයන්න සමත් වුනා ඒ 48,002,523 වගේ විශාල මුදක්, හැබැයි අන්තර්ජාලයේ වැඩියෙන්ම කැපිලා පෙනුනේ වෙනත් දෙයක්. ඒ සිනමා පටය නරඹා පැමිණි ප්‍රේක්ෂකයන් දැක්වූ අදහස්. බොහොම දෙනෙක් John Green තිත්ත කුණුහරුප භාවිතයෙන් වර්ණනා කොට තිබුනා, ඒ ඔවුන්ගේ හිත පෑරුන නිසා, ඔවුන් කදුළු සාගරයක ගිල්වූ නිසා, ඒ වගේම සිනමාපටය අවසානයේ තිබෙන ගීතයටත් සිංහල උපසිරැසි ගණවල තියනවා මෙතනින් ගිහින් බලාගන්ට ඇහැකියි. සිනමාපටය අවසානයේ තියනවා මේ සින්දුව ඒකටත් උපසිරසි එක්කලා. ඉතින් එහෙමනම් ඔබත් සුදානම් නම් දශකයේ ආදර කතාව නරඹන්න ඔවුන් හා හැඟුම්බර වන්න, හැබැයි බයිස්කෝප් අපිට නම් බනින්න එපා ඔන්න… සහය දැක්වූ දිල්ශාන් කාලිංග අයියට බොහොම ස්තුතියි 🙂 මේකටනම් කමෙන්ට් එකක් දාගෙන යමු නේද?
“If you want the rainbow – you have to deal with the rain”
HD, Web සහ BR පිටපත් සඳහා උපසිරසි ලබා දී ඇත
20,316 downloadsDownload The-Fault-In-Our-Stars-2014.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
162 comments
ලක්ෂාන් නිලංක
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි ලක්ෂාන් සහෝ අදහස් දැක්වීමට
මාත් සැහෙන කල් බලන් හිටියා උපසිරසක් එනකම් :)
jayani chathupraba
Thank you Shan..
Nalaka Lakmal
thxxxxxxx......... me enakan balaaagena hitiyeeee.........:)
senel
Ade film eka gena kiyapu tika ahala edenna wage... film eka aashiqui wagema ethi ehenam... baiscope enakanma hitiye meka monawageda kiyala denaganna.. den balamuko.. thank u bro
ශාන් විමුක්ති [විමා]
ආශිකී පරාදයි සහෝ ;)
බොහොම ස්තුතියි සෙනිල් අදහස් දැක්වීම වෙනුවෙන්!
මලිත් ප්‍රියශන්
thanks for subs bro
පෙන විදිහට නම් පට්ටම ෆිල්ම් එකක් වගෙ :)නලින්
ස්තුතියි විමා!
හිතුවේ නැහැ මෙතරම් සුපිරි කථාවක් කියලා!
ලිපිය කියෙව්වම අනිවා බලන්න ඕනේ කියලා හිතුනා!
ජය වේවා!
ශාන් විමුක්ති [විමා]
අනිවාර්යෙන්ම බලන්න නලින් අයියේ
බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන් :)
me
Thanks
අදිත ප්‍රවීන්
නියමයි ශාන් අයියා !
බාලා තියාගත්තා කලින් .
මේක ගැන නේද කොලුවා බුකියේ සද්ද දැම්මේ .:D
ෆිලුමනම් කියන්න දෙයක් නෑ සුපිරි.
එච්චර පරක්කුත් නෑ .
ඊළඟ එකත් ඉක්මනට ගේමු .:D
ජය !VisH
බොහොම ඉස්තුතියි
samadhi
thanx bro sub ekata
කල්හාර ප්‍රසාද්
හප්පේ ඉතින් නේ!
අයියගෙ ලිපිය කියවලා මට ඇඬුනා...
කතාව බලන්න හිත හදාගන්න අමාරුයි. :'(ශාන් විමුක්ති [විමා]
අයියා :o
මම මල්ලි අයියේ :D
Sisira Hegoda
Thanks.
chandima amarasinghe
ela ela maka aniwa balanawa thaz sahooo superi katawak waga vestaranam niyamatama tiyanawa subapaum....
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ :)
AsanTha AkiLa
sirawata balanna kalinma adenawa :P
Thisal
ela kiri machan ;) thanxx
Buddhila
හම්මේ....! මුළු දවසම සබ් සීන් එක අප්ඩේට් වෙනකන් බලාගෙන ඉදලා උඹ අපි වෙනුවෙන් කරපු කැපවීම අගය කරනවා විමෝ...! පෝස්ට් එක කියෙව්වම මෙහෙම ඇඩෙන්න ආවනම් කථාව බැලුවම කොහොමද කියලා හිතන්න පුළුවන්. මචන් දිගටම රොමෑන්ස් වලට දාපන්. “If you want the rainbow – you have to deal with the rain” well said මචන්. සැප හා ජය!
ශාන් විමුක්ති [විමා]
අනිවා අනිවා මලයෝ
ඒවා අත්හැරලා කොහොමද ඉතින් නේ :D
Samantha
Thank you very much for keeping us happy.
wappula
thank you malli pattai....
නිර්මාණි
pain demands to be felt......
බොහොම ස්තූතියි මල්ලි උපසිරසියට .එනකන් බලන් හිටියෙ.උපසිරසියත් නියමයි.ගොඩක් ලස්සන ඒ වගේම ගොඩක් දුක හිතෙන කතාවක්.බලලා ඇඩුවත් එක්ක.ඒත් ස්තූතියි හොදේ.තව මේ වගේම ලස්සන කතාවක් අරන් ඉක්මනට එමු නේද.ජය...ශාන් විමුක්ති [විමා]
අනිවාර්යෙන්ම අක්කේ මේ වගේ තව ලස්සන කතාවක් ඉස්සරහදි එනවා එකත් අරන් එන්නම්කෝ :)
nuwan rajapaksha
sira vadak...thanks.thanks.thhan.....................s
Chami
Thank you very much...
රවිඳු නිපුන්
පරක්කුයි කිව්වට පරක්කුම නෑ...
මටත් හිතුණා විමා කොළුවම මේ ගෙනෙයි කියලා..
අවසානය ඇඬෙන එක නේද?(මට නිකන් දැන්මම ඇඬෙන්න වගේ)
කොහොමහරි තෑක්ස් විමෝ!!!ශාන් විමුක්ති [විමා]
අවසානය වෙන්න කලින් ඇඩෙනවා කොලුවෝ :(
Naveen Randika
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා !sumith
thanks vima
Saketha Pulasthi
මම English Romantic Movies බලන්නෙම නෑ. ඒත් බයිස්කෝප් මංසලේ තිබුන ලිපිය කියෙව්වම අනිවාර්යෙන් ඕන බලන්න හිතුනා. මාව අඩවපු ෆිල්ම් තියෙන්නේ අතේ ඇගිලි ගාණට.බලමු මේ ෆිල්ම් එකත් එහෙමද කියලා.(ලිපියත් ලස්සනයි)
උපසිරසියට බොහොම ස්තූතියි :)ශාන් විමුක්ති [විමා]
English Romantic නොබලා දෑස මක්කටෙයි ආ :o
richi
kalayak thisse enakan balan hitapu film ekak lassana love story ekaj thanks a lot mcn..........
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ
කළිදු වසුක
සුපිරිම ආදර කතාවක්
නියමයි සහෝgayan
wowww..menna badu..tnx bro..
වරුණ රංගජිත් (වරූ)
ELA ELA
DANMA BAMI
JAYAසමීර චතුරංග
අප්පේ මේ දීලා තියෙන්නේ... මේ ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නැහැ විමෝ.. උබ සබ් එක දෙන්න කලින් දෙපාරක් බැලුවා කිව්වොත් තරහා වෙනක් එකක් නැහැ නේද?.. මොකද උබේ සබත් එක්ක ආයේ බලන නිසා.. අනික කවුද බං කියන්නේ පරක්කුයි කියලා. මේ ෆිල්ම් එක එනකම් මාස ගානම් ඉන්න පුළුවන් නම් ඇයි එක දවසක් නිවැරදි සිංහල උපසිරැසියක් එක්ක බලන්න ඉවසන් ඉන්න බැරි.. ආ නැද්ද මම අහන්නේ??? ජය කිව්වා එහෙනම්, හැමදාම මේ වගේ ෆිල්ම් අරන් එන්න හැකියාව ධෛර්ය ලබෙන්නම ඕනේ. ලිපියත් සුපිරියටම තියෙනවා.
ඔන්න එහෙනම් මම මේ පාර තනියෙන් නම් නෙමේ මේක බලන්නේ ඈ... :P
ශාන් විමුක්ති [විමා]
අපිට කොයින්ද පූසො මාළු
අපි යනවද මූදූ... :p
දෙන්නෙත් එක්කම බලන්නකෝ ආයෙම එහෙනම් :)සමීර කරුණාරත්න
මුට මොකුත් කියන්න බැහැ, දැන් ඒ අසරනයාටත් හින්ට් පාස් කරන්න අරගෙන... :P
තිසර නියෝ (Thisara Buddhika)
හම්මේ නියමයි. brrip ආව දවසේ ඉඳන් බලන් හිටියේ සබ එනකල්.. :P මේ දවස් ටිකේම බැලුවේ රොමැන්ටික් ඒවමයි. ඒ ඔකොටම හරියන්න මේ තියෙන්නේ සුපිරිම එකක්. මන්සලේ ලිපිය කියෙව්වට පස්සේ මග බලන් හිටියේ.
උපසිරැසියට තුති ශාන් සහෝ. තව ටිකකින් බාගෙන ඉවරයි. අද රෑම බලනවා…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශාන් විමුක්ති [විමා]
රොමැන්ටික් ඒවම බැලෙන්න නම් එහෙනම් හේතුවක් ඇති නේද තිසර සහෝ :P
බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන්
කේ.යූ.ජී. උදාර
ඔන්න පුතේ එහෙනම් මාත් සබයි ටොරන්ට් එකයි දෙකම ගන්නවා...........
සබට වගේම ෆිල්ම් එක ගැන ලියපු ලිපියටත් තුති එහෙනම්.ශාන් විමුක්ති [විමා]
ලිපිය ගැන නම් අනේමන්දා :D
අනිවා බලන්න උදාර අයියේ
අදහස් දැක්වීම වෙනුවෙන් බොහොම ස්තුතියි!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
මෙන්‍න එහෙනම් බයිස්‍කෝප් රෝමීයෝගේ
හිත ඇදිලා ගිය කතාව ගෙනල්‍ලා.
අපි(මම) ඔය වගේ කතාවක් බලයිද කියලා නම් දන්‍නේ නෑ.
නමුත් නිලියව දැකලා නම් නොබලා ඉන්‍නත් ලෝබයි.
බලමු බලමු.
කට්‍ට කාලා, දවස් ගානක් බලන් ඉදලා ඉදලා,
කරපු සබ් එකට ගොඩාක් ස්‍තුතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!ශාන් විමුක්ති [විමා]
අපි(මම) අනේමන්ද ඉතින් නේ :P
අනිවා බලන්නලස්සන කතාවක් සිරාජ් මලයෝ
Ashain
balanna kalin adena size ekak thiyenne......mama nm wadiya romance paththata bara na...eth meka balwna..thnx saho..
ශාන් විමුක්ති [විමා]
එහෙමම නැහැ කොල්ලෝ
ලස්සන කතාව,
අනිවා බලන්න :D
Nilu
Godak stutei mchn sub ekata
Kulanjana Maduranga
kollonge basawen kiwwoth me lipiya kiyawwama bokkatama waduna.e nisa aniwa adenna kiyalama balanawa.thanks VIMA saho me wge 1k dunnata.digatama sub denn.jaya wewa......
ශාන් විමුක්ති [විමා]
අනිවාර්යෙන්ම
ඉදිරියේදී තව එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා
බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන් සහෝ :)
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
[Prash]
Thnx mcn...
නදීෂ්
අනේ බන් දුකයිද මේක.. මම මේ දවස් වල ඉන්නෙත් පට්ට දුකේ නිසා මා මේක පස්සේ බලනවා බන්.. අනිවාර්යෙන් සබට පින් ඈ.. :)
ශාන් විමුක්ති [විමා]
අදහස් දැක්වීම වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ
ඉක්මනට දුක නැතිවේවා ;)
සමීර කරුණාරත්න
යන්තම් මේකා දීලා :P පරක්කු නැහැ බන් ! මොකෝ දේව හදවත විකෘති කරලා ඉක්මනින් විකාර දෙන්න ඕනේ නැහැ නෙව ;) (උඹ මේකේ තේරුම දන්නවා නෙව අනික් උදවිය දැනගන්න ඕනේ නැහැ ඉතින්). HD එක ආව දවසෙම බැලුවා ආයේ බලනවා සුපිරිම කතාවක් ආශිකී එකට මිනිස්සු හොඳයි කියනවා නම් මේකට කියන්න වචන නැහැ ඔන්න මට කියන්න තියෙන්නේ එපමණයි. තැන්කු බන් ! :D
ශාන් විමුක්ති
හෙහ් හෙහ් හේ....
ආයෙත් අහලා තේරෙනවා තේරෙනවා. පල්ලියට යන පාර නේ ;)Saman Prasad ( Black Panther )
පට්ට හදවත නේ... :D
නිරෝෂ්
ස්තුතියි විමා.සබ් දෙන කම් බලන් හිටියෙ.ජයවේවා !
mekala
Running Shaadi.com එකටත් සබ් දෙන්න
Geen
thanks bro.
“චූටී මල්ලි”
"හප්පේ ඉතින් නේ"
අනේද කියන්නෙ :D
මේක නොබලා ඉන්නෙ කොහොමද බන් ඉතින්
ෆිල්ම් එක තියෙ සබ ගන්නවා
ලිපියත් එල ඈ...
සබට තුති
ඔබට ජය.......ශාන් විමුක්ති [විමා]
නැතුව නැතුව චුටි මලේ
අනිවා බලාන් :D
sandaruwan
thanks bro..
Jack
නියමයි මචෝ.
ෆිලුම නම් බාලා ඉවරයි.
ස්තුතියි සබ් එකට.ලිපියත් සුපිරියටම තියනවා.
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ
ලිපිඑ අදහස නම් මගේ නෙමේ හැබැයි :D
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන්න මහන්සි වෙලා දාපු සබ් එකක් නේද මේ? බලමු බලන්න එහෙනම් මෙච්චර කල් අගය කරපු මේක කොහොමද කියලා. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
නොබලනවානම් ආයේ ෆිල්ම් බලන්නත් එපා ඈ
සබ් කලාටනම් කමක් නැහැ හැබැයි ;)
අදහස් දැක්වීම වෙනුවෙන් බොහොම ස්තුතියි රොයිලි අයියේ!
Sandun Wijewardhana
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා ! :D :D :Dbee
patta patta tnx wewaaaaaa
miichelle
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Fault In Our Stars (2014) | දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ…[සිංහල උපසිරැසි ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Fault-in-Our-Stars-2014.jpg)

මෙන්න විමා බඩු දීලා....මේක දෙනකන් ගොඩක් කල් ඉදලා බලාගෙන හිටියෙ..සබට බොහොම තුති...ජය වේවා...!