Watch Trailer

Do Ankhen Barah Haath (1957) with Sinhala Subtitles | ඇස් දෙක සහ අත් දොළස [සිංහල උපසිරැසි සමඟ]

මහා සිනමාවේදී වී ශාන්තාරාම්ගේ තවත් එක් විශිෂ්ටතම සිනමා කෘතියක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සන්ධ්‍යා සහ වී ශාන්තාරාම් ය. 1930 දශකයේ ඉන්දියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මෙය නිපදවා ඇත. IMDB අගය 8.4 ක් වන මෙහි සංගීතය මහා සංගීතවේදී වසන්ත් දේශායි ගෙනි. එක් ගීතයක් සඳහා පමණක් ප්‍රවීණ ගායන ශ…

මහා සිනමාවේදී වී ශාන්තාරාම්ගේ තවත් එක් විශිෂ්ටතම සිනමා කෘතියක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සන්ධ්‍යා සහ වී ශාන්තාරාම් ය. 1930 දශකයේ ඉන්දියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මෙය නිපදවා ඇත. IMDB අගය 8.4 ක් වන මෙහි සංගීතය මහා සංගීතවේදී වසන්ත් දේශායි ගෙනි. එක් ගීතයක් සඳහා පමණක් ප්‍රවීණ ගායන ශිල්පී මන්නා ඩේ මහතා සංගීතය සපයා ඇත. එවක සිටි මහා කවියෙකු වන භාරත් ව්‍යාස් මෙහි ගීත රචනා කර ඇත. භාරතයේ එම වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ මෙය ඊට අමතරව බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ රජත සම්මානය දිනාගන්නා ලදී. ඊට අමතරව ජාත්‍යන්තර සැමුවෙල් ගෝල්ඩ්වින් සම්මානයද දිනාගෙන ඇත. මෙහි අඩංගු සියළු ගීත ලංකාවේ අද දක්වාම ජනප්‍රිය වී පවතී.

කථාව- තරුණ බන්ධනාගාර අධිකාරීව‍රයෙක් වන අධිනාත් විසින් රජයෙන් විශේෂ අවසරයක් ලබාගෙන සුවිශේෂී පර්යේෂණයක් සිරකරුවන් භාවිතයෙන් සිදු කිරීමට පටන් ගනී. එම පර්යේෂණ නම් මිනීමැරුම් සිදු කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් 6 දෙනෙකු එලිමහනේ රඳවා ගනිමින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම යි. මේ සඳහා ඔහු උ‍පයෝගී කරගන්නා ක්‍රම වේදය පිළිබඳව ඔහු තුල ඇති අධික විශ්වාසය නිසාම මෙය අසාර්ථක වුවහොත් තම සියළු දේපල රාජ සන්තක කරන බවටත් ඕනෑම දඬුවමකට යටත් වන බවටත් රජයට පොරොන්දු වී මේ සඳහා අවසර ලබා ගනී.

නමුත් බොහෝ කාලයක් අභ්‍යන්තර සිර කඳවුරක දැඩි පාලනයක් යටතේ සිටි දරුණු අපරාධකරුවන් 6 දෙනා සාමාන්‍ය ජීවිතයට හුරු කරවීම ඉතා අපහසු බව අධිනාත්ට ඉක්මනින් වැටහේ. නමුත් තමාගේ මුළු ජීවිතයම පරතුවට තබා සිරකරුවන් වෙනුවෙන් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය කෙසේ හෝ සාර්ථක කරගැනීමට තරුණ බන්ධනාගාර නිලධාරියා උත්සාහ ගනී. ඔහු එසේ සිරකරුවන් යහපත් මගට ගෙන නිදහස් කිරීමට උත්සාහ ගන්නා අතර සිරකරුවන් මෙම තරුණ නිලධාරියා මරා දමා පැන යෑමට උත්සාහ ගනී.

ඉතාම වෙනස් ආකාරයක කථා පුවතක් රැගෙන එන මෙම සිනමාකෘතිය නරඹා තරුණ නිලදාරියාගේ ඉරණම කෙසේ විස‍‍‍‍ඳේ දැයි නැරඹීමට ඔබට ආරාධනා කරමි.

බයිස්කෝප් වෙබ් අඩවිය සඳහා මා නිර්මාණය කල පස් වන උපසිරැසිය මෙය වන අතර මීට පෙර පාකීසා, ගයිඩ්, කාලා පානි, ඣනක් ඣනක් පායල් බාජේ යන චිත්‍රපට සඳහා උපසිරැසි සාදන ලදී. පැරණි හින්දි චිත්‍රපට සඳහා උපසිරැසි සෑදීමේදී නිරන්තරයෙන් උපකාර කරන ප්‍රියන්ත දයාකීර්ති මහතා ඉතා ගෞරවයෙන් සිහි කරමි.

Fan (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.

1,268 downloadsDownload Do-Aankhen-Barah-Haath-1957.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරංග සදකැළුම් වීරතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-05-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,268 downloadsDownload Subtitles38 KB

7 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Priyantha Dayakeerthi

    තරංග සඳකැලුම් සොයුර,
    ඔබ මීට පෙර සිංහල උපසිරසි ලබා දුන් පැරණි හින්දි සිනමාපට හතරම මා නැරඹුවා. මෙයත් එසේම යි. පැරණි කලාත්මක හින්දි සිනමාව ප්‍රිය කරනා අප හට ඔබ මහඟු සේවයක් ඉටු කරන්නේ. ඒ සියලු දෙනා වෙනුවෙන් මාගේ උපහාරය ඔබට පුද කරන්නෙමි,
    මෙවන් සිනමාපට සඳහා ඉදිරියේදීත් සිංහල උපසිරසි නිර්මාණය කරනා ලෙස මා යෝජනා කරනවා. ස්තුතියි!

  3. Tharaka

    honda film ekak. mama hoya hoya hitiye. godak thanks...

  4. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. kasun sudangama

    niyama wedak aiye mata puluwan nam apoor sansaar film ekata sub eka dennako

  7. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    පැරණි චිත්‍රපට රසිකයෙක් වගේ...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.