Watch Trailer

The Ghost and the Darkness (1996) with Sinhala Subtitles | සාවෝහි මිනී කන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

වසරකටත් වැඩි කාලයක් තිස්සේ බයිස්කෝප් අඩවියෙන් ප්‍රයෝජනයක් ගත්තට අද වෙනකම් කමෙන්ට් එකක් ඈරෙන්න කවදාවත් ලිපියක් නම් දාල නැහැ. ඒත් පහුගිය දවස් ටිකේම හිත කිව්වෙ තවත් පරක්කු නොවීම සිනමා සිත්තමක් සිංහලෙන් හැඩ කරන්න කියලයි. අද ඔබ මේ ලිපිය කියවන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. 1996 වසරේ දී හොලිවුඩ්පුරයෙන් කළ…

වසරකටත් වැඩි කාලයක් තිස්සේ බයිස්කෝප් අඩවියෙන් ප්‍රයෝජනයක් ගත්තට අද වෙනකම් කමෙන්ට් එකක් ඈරෙන්න කවදාවත් ලිපියක් නම් දාල නැහැ. ඒත් පහුගිය දවස් ටිකේම හිත කිව්වෙ තවත් පරක්කු නොවීම සිනමා සිත්තමක් සිංහලෙන් හැඩ කරන්න කියලයි. අද ඔබ මේ ලිපිය කියවන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.

1996 වසරේ දී හොලිවුඩ්පුරයෙන් කළ එළි බැස්ස The Ghost and the Darkness කියන්නෙ මගේ පපුවටම බැහැපු චිත්‍රපටයක්. මේකට සිංහල සබ් දාන්න මං තීරණය කළෙත් ඒ හින්දමයි. Adventure, Drama, Horror යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Stephen Hopkins. මෙයාම තමයි Predator 2 චිත්‍රපටයත් නිර්මාණය කළේ. මේක IMDb Rating වල 6.6/10 ක අගයක් ලබාගෙන තියෙනවා.1997 වසරේ දී Best Sound Editing සදහා ඔස්කාර් සම්මානය දිනාගන්නටත් මේ චිත්‍රපටය සමත් වෙනවා.

ඒ විස්තර ටික එහෙම වෙද්දි චිත්‍රපටයේ කථාව මොකක් ද කියල කියන්නයි දැන් මේ හදන්නේ.

අයිරිෂ් ජාතික කර්නල් ජෝන් හෙන්රි පැටර්සන් කියන්නෙ පාලම් හදන ඉංජිනේරුවරයෙක්. මෙවර ඔහුට පැවරෙන්නේ කෙන්යාවේ සාවෝ නදිය හරහා පාලමක් ඉදිකිරීමටයි. මේ කටයුත්තේ දී ඔහුට වැඩ කරන්න සිද්ධවෙන්නේ බර්මන්ට් කියන දරුණු පුද්ගලයෙකු යටතේයි. මාස පහක් වැනි කෙටි කාලයක් තුළ දී මේ කටයුත්ත අවසන් කළ යුතු බව බර්මන්ට් අවධාරණය කරනවා. ඒක හැබෑම අභියෝගයක් බව දැනගෙනම තමයි කර්නල් පැටර්සන් වැඩේට බහින්නේ. කොහොම වුණත් සාවෝවලට ආවහම තමයි පැටර්සන් දැනගන්නේ එහි පාලම හැදීමට අමතරව තවත් එක් බරපතල අභියෝගයක් තියෙන බව. ඒ තමයි නිරන්තරයෙන්ම මිනිසුන්ට මුහුණදීමට සිදුවන සිංහයින්ගේ පහරදීම්. කොහොමවුණත් මුලදි කර්නල් පැටර්සන් බොහොම සාර්ථකව මේකට මුහුණ දෙනවා. ඊට පස්සේ ඔහු තමන්ට පැවරුණු පාලමේ වැඩ කටයුතුත් සාර්ථකව ඉදිරියට කරගෙන යනවා. ඒත් කිසිවෙකුත් නොහිතපු වෙලාවක සිද්ධවෙන සිංහයෙකුගේ පහරදීමත් සමගින් තත්වය යලිත් වරක් නරක අතට හැරෙනවා. මෙතැන් සිට ඉදිරියට පැටර්සන්ට මුහුණ දෙන්න සිද්ධවෙන්නේ බොහොම දුෂ්කර කාලපරිච්ඡේදයකටයි. සිංහයින් දෙදෙනෙකු එකතුවෙලා දිගින් දිගටම සිදුකරන පහරදීම් මීට හේතුවයි. කොහොමවුණත් ඔහු මේ දුෂ්කර කාලපරිච්ඡේදයට මුහුණ දෙන්නේ කොහොම ද කියල දැන ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය නැරඹිය යුතුයි.

ඒ වගේම තමයි මේ චිත්‍රපටය ගැන කියන විට කිව යුතු වැදගත්ම කරුණක් වන්නේ මෙය සත්‍ය සිදුවීමක් ඈසුරින් නිර්මාණය කරපු චිත්‍රපටයක් යන්නයි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මේ සිංහයින් දෙදෙනා වර්ෂ 1898 මාර්තු සිට දෙසැම්බර් දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දි මිනිසුන් 130 කට අධික සංඛ්‍යාවක් මරා දමා තිබෙනවා. ජාලෙ පොඩි සර්ච් එකක් දැම්මොත් ඔයගොල්ලන්ට ඈත්තම සිංහයෝ දෙන්නත් බලාගන්න පුලුවන්. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් කර්නල් පැටර්සන් රචිත ග්‍රන්ථයත් අද වන විට සිංහලට පරිවර්තනයවෙලා තියෙනවා.

චිත්‍රපටයේ එන කැමරා කෝණ , පසුතල නිර්මාණය , හඩ ප්‍රයෝග , විශිෂ්ට වූ රගපෑම් ආදී මේ සියලුම දෑ ඔස්සේ මේ නිර්මාණය ඔබට ත්‍රාසය , භීතිය , කුතුහලය පිරි අත්දැකීමක් ලගා කරනු නොඅනුමානයි. විශේෂයෙන්ම කර්නල් පැටර්සන්ගේ චරිතයට පණ පොවන Val Kilmer චිත්‍රපටය තුළ ඉදිරිපත් කරන්නේ විශිෂ්ට රංගනයක්.

කොහොමවුණත් ලිපිය අවසන් කරන්න කලින් මම මෙන්න මේ ටිකත් කියන්න කැමතියි. ඒ තමයි චිත්‍රපටය පරණ එකක් කියල කවුරු හරි අත අරින්න හිතනව නම් එහෙම කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න කැමතියි. බය නැතුව මේක බාගෙන බලන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබට නැවුම් අත්දැකීමක් ගෙන එනවා සහතිකයි… ඒ වගේම තමයි යන ගමන් කමෙන්ටුවකුත් දාගෙන ගියොත් ඒක ඊළග වැඩේටත් ලොකු හයියක් වෙයි කියල හිතෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.

3,427 downloadsDownload The-Ghost-and-the-Darkness-1996.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/08/16

Subtitles by

කේ.යූ.ජී.උදාර

Subtitles

3,427 downloadsDownload Subtitles23 KB

93 comments

  1. නිෂූ

    ඔන්න එහෙනම් ජයවේවා කියලා බාන්න දැම්මා !
    බලල ආයෙත් ලියන්නම් !
    ස්තුතියි

  2. chamila

    ela.... thanks kiwwa..... :D

  3. lucky

    Thanks Apith banawooooooooooooooooooo;

  4. Buddika

    thank you soooomuch..lot of people waiting films with sinhala sub.good work.keep it up

  5. තිසර ප්‍රමුදිත

    බොහොම පින් උපසිරස වලට....

  6. Sakus

    එල එල.. ඔන්න අපිත් බෑවා එහෙනම්.

  7. තිසර ප්‍රමුදිත

    උදාර සහෝදරයට ජය වෙවා!! තව තවත් උපසිරස්‌ කිරිමට ශක්‌තිය ලබෙවා!!!!

  8. Anonymous

    Thnx.අනිවා බලනවා.

  9. chamath

    ela saho patta onna math banna dama mathasa me wage ewata thamai maxa

  10. විකියා

    ඉස්තූතියි සහෝ හුගාක්.. :)
    තව තව වැඩියෙන් උපසිරස යොදන්නට ශක්තිය ලැබේවා..!

    ජයෙන් ජය!

  11. කල්හාර

    ඔන්න දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න ....
    තෑන්ක්ස් ........

  12. lakshan

    parana unata aulak naha film aka hodanam sinhala sub walata thanxxxx machan ..........

  13. M.D.A Pradeep (අමිල මනනදේව)

    ස්තුත්යි සහෝ.මේක නම් අනිවාර්යෙන් බලන්න ඔනේ ෆිල්ම් 1ක් කියලා හිතෙනවා.ඔන්න මමත් බාන්න දැම්මා.තවපාරක් ස්තුතියි සිංහල සබ් වලට

    ජය වේවා

  14. $uvin

    thanx sahoo!!! mekath baanawa aniwaaa.....

  15. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං. පරණ එකක් නිසා පොඩ්ඩක් පස්සට ගියත්, අර වාක්‍ය නිසා බාන්න හිතුවා. තව තවත් උප සිරැසි දැමුමට දිරිය විරිය ලැබේවා.

  16. halapaya

    suba anagathayak ;)

  17. සාගර

    ස්තුතියි උදාර! ඔයාගේ මහන්සියට මෙන්න මගෙන් තුති මල් මිටක්

  18. AL17171

    Thanks Machan me movie Eka Dunnata Kalin mama Meka gena Ahala Thiyanawa
    Thanks Wewaa Singhala Sub Ekka ma Dapu Ekata

    JayA Wewwaa Oanna Apith Gannawa

  19. Bagi

    Thanks saho...Onna mamath Banna demma...

  20. සාගර

    බානකොට error එකක් එනවෝ (Application not found)

  21. සුරංග වන්නිආරච්චි

    Download Wenna Damma Blala Thawa Comment Ekak Dannam..

    Jaya Wewa!!!!

  22. Dinuka

    බොහෝම පිං අයිති වෙන්ඩ ඕනි සිංහල සබ් දාල මේ කරන කුසල කර්ම වලට. ස්තූතියි සහෝ....

  23. SanathK

    lassana film ekak. sub ekka ayet balanawa. thanx saho.

  24. uda

    මම කොමෙන්ට් කරන එකට පොඩි නැවතුමකක් තබල හිටියත් මේක දැක්කහමනම් කොහොම එහෙම ඉන්නද කියල හිතුණා!

    හේතුව මම මේක බලලා තියෙනවා. පට්ටම පට්ට කතාවක්, බලපු ඉහළම කතාවක්. මේකනම් කවුරුවත් මගහරින්න එපා
    මේ වගේ කතා හරි හීඟයි.

    මට මේකේ නම මතක නැතුව මේක කොහොමද හොයාගන්නේ කිය කියා හිටියේ; සහෝ ඔයාට ගොඩක් පින් මෙහෙම සිංහල සබ් එක්කම මේක ළඟටම ගෙනැත් දුන්නට! මේකනම් අනිවා බානවා. ගොඩක් පින් හොඳේ!

    පළමු එක උපරිමයි! තව ඩිගට ‍රැ‍ඳෙමු අපිත් එක්ක!

  25. Viraj

    බොහොම ස්තූතියි උදාර සහෝ, දිගටම සිංහල උප සිරැසි දාන්න ශක්තිය ලැබේවා!!!

  26. nuwan

    patta machan......!

  27. boralu

    xam iwara unama bannamko.... thawa dawas 4ine

  28. Dixney

    apith banava ehenam..

  29. ganesh

    thanks machan

  30. Shashi Fernando

    elaaaaaaaaaaa. niyamai nee. onna download wenna dammaaaaaaaaaaaaaa..............

  31. Nilantha

    Patta film eka

  32. susantha

    film akanam hodi vage......thnx sin sub valata.........

  33. Charith

    Thanx bro

  34. ruwan0914

    thanx saho sub walata. next time thawa ekak denna.

  35. geethika

    සිරා ෆිල්ම් එකකි....

  36. කේ. යූ. ජී. උදාර

    කමෙන්ට්ස් දාල දිරිමත් කරපු හැමෝටම පිං. ඊළඟ ෆිල්ම් එකත් ඉක්මනටම දෙන්නම්.

  37. පිස්සු පුසා

    ආයෙත් හොර :'( සබ් හින්ද බානව. ස්තුති සහො.. තව තවත් සබ් ඩෙන්න හැකියාව වාසනාව ලැබෙවා...

  38. rohan

    hmmmmm :( shit
    torrent site eka block dubai wala. plss kawruhari mata torrent eka mail karanawadooo.
    [email protected] ekata

  39. driftkingdj59

    ස්තුත්යි සහෝ.ඔන්න මමත් බාන්න දැම්මා.තවපාරක් ස්තුතියි සිංහල සබ් වලට

  40. shiwantha

    niyami. thanx machan

  41. Jayan Chamal

    mamanam meka baluva eth baleve normal story ekak vidiyata isara danne kathave atha natha danne ai ban balanava sihalath ekka ele ela machan thanks danuvath kalata

  42. ruwan0914

    movie eka beluwa patta wasi parana ekak kiyala kiyannawath be.thank tou so much.....

  43. cc

    aniwa baanawa machoo. tawa me wage hoda films apita laba denna.

  44. රාම් රාජ්

    දැන්ම නම් බාන්නේ නෑ.හාඩ් එක පිරිලා. ඒවා ඩිවීඩි වලට ගහලා තමා මේක බාන්නේ.

  45. dinnu

    bohoma pin saho.onna mamath banawa.
    jayawewa...

  46. Sampath & Ishi from uk

    thanks friend..keep going.good luck

  47. Anonymous

    ela ela,,maxxxxa,,,,,downloading,,,

  48. amith

    aniwa thawa film 1k onaa....

  49. rohan

    thanks a lot udara malli torrent eka mail kalata :)

  50. රසික

    ජය වේවා,හිත තුටින් බාමි,,,,,,,,,,,,,,,,,

Load more comments