2022 වසරේ තවත් බලාපොරොත්තු දල්වාගෙන සිටි තවත් දැවැන්ත සිනමාපටයක් අරගෙන තමයි මම අද ආවේ. Mark Greaney විසින් රචිත The Gray Man යන ග්‍රන්ථය ඇසුරින් එනමින්ම නිකුත් උන මේ සලරුව 2022 ජූලි 22 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ මෑත කාලයේ හොලිවුඩය දෙවනක් කරපු Russo සහෝදරයෝ විසින්.…

2022 වසරේ තවත් බලාපොරොත්තු දල්වාගෙන සිටි තවත් දැවැන්ත සිනමාපටයක් අරගෙන තමයි මම අද ආවේ. Mark Greaney විසින් රචිත The Gray Man යන ග්‍රන්ථය ඇසුරින් එනමින්ම නිකුත් උන මේ සලරුව 2022 ජූලි 22 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ මෑත කාලයේ හොලිවුඩය දෙවනක් කරපු Russo සහෝදරයෝ විසින්. මතකයිනේ මෙයාලා අධ්‍යක්ෂනය කරපු Avengers: Endgame (2019) එහෙම වාර්තා පිට වාර්තා තිබ්බා කියලා. ඒ වගේම නෙට්ෆ්ලික්ස් ආයතනය මේ චිත්‍රපටයට ඩොලර් මිලියන 200ක පිරිවැයක් යොදපු බවත් සඳහන්. ඒ නිසා මෙතෙක් නෙට්ෆිලික්ස් ආයතනය වැඩිම මුදලක් පිරිවැයට යොදපු Red Notice (2021) චිත්‍රපටය සමඟ සමතැන් ගන්න The Gray Man චිත්‍රපටය සමත් වෙනවා. ඉතිං මේ වෙද්දි IMDb හි 6.6ක ඉතා ඉහළ අගයක් සහ 90%ක ගූගල් මනාප ලබාගෙන යහපත් ගමනක යෙදෙන්න මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. Action\Thriller කාණ්ඩයන්ට අයත් මෙම සිනමාපටයේ සුප්‍රසිද්ධ නළු නිළිකැලක්ම දකින්න ලැබෙනවා. කැප්ටන් ඇමරිකා ලෙස ජනාදරයට පත් Chris Evans සමග Ryan Gosling, Ana De Armas, Billy Bob Thornton, Jessica Henwick, Alfre Woodard යන රංගන ශිල්පීන් මෙහි රංගනයෙන් එක් වෙනව. ඒ වගේම ඔයාලා දැනටමත් දන්නවා කොලිවුඩයෙන් හොලිවුඩයට තම දෙවෙනි පියවර තබන ප්‍රතිභාපූර්ණ දකුණු ඉන්දියානු නළු “ධනූෂ්” වත් අපිට මේ චිත්‍රපටියේ දැකගන්න පුළුවන් කියලා. එහෙනම් විස්තර වැඩි විස්තර ඕන නෑ හැඳින්වීමේ ලිපිය කියවලා ෆිල්ම් එක බාගෙන කොමෙන්ටුවක් දාලා යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.
ඒ වගේම කියන්න දෙයක් තියෙනවා මේක අපේ අශාන් විමුක්ති සහෝ කර කර හිටපු එකක්. වැරදීමකින් මාත් මේක කරන්න ගත්ත නිසා විමා සහෝ මටම මේක කරන්න කිව්වා. බෑ නොකිය එයාගේ ෆිල්ම් එක මට දුන්නට විමාට ගොඩක් ස්තූති කරනවා. ඒ නිසා නැවතත් විමාගෙන් සමාව ඉල්ලනවා මම නිසා වෙච්ච මහන්සියට. ඒ වගේම මට මේක උපසිරසි ගන්වන්න අවසර අරන් දෙන්න උදව් කරපු එල්. සී. ද මැල් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඇමරිකාවේ ආරක්ෂාව භාර විවිධ කාර්යාංශ අතර CIA ආයතනය ඉතා ඉහළින්ම වැජඹෙන බව ප්‍රසිද්ධ කරුණක්. ඔවුන් ඉදිරියෙන්ම සිටින්න ප්‍රධානතම හේතුවක් තමයි ඔවුන් සතු නියෝජිතයන්ගේ අති විශිෂ්ට දක්ෂතාවය. නමුත් ඔවුන් කෙතරම් දක්ෂ උනත් නීතියට අනුව ඔවුන්ගේ දක්ෂකමට සීමාවක් පැනවුනා. ඒ නිසා විවිධ තර්ජන හමුවේ නීතියට පිටින් නිළ නොවන ආකාරයට ක්‍රියාකිරීමට ඇති අවශ්‍යතාවය CIA සංවිධානයට තදින්ම දැනුනා. මේ අවධියෙ තමයි ඉහළ නිළධාරින්ගේ මූලිකත්යෙන් “සියේරා වැඩසටහන” ආරම්භ වෙන්නේ. මේ වැඩසටහනට අනුව මිනීමැරුම් වැනි අපරාධවලට සිර දඬුවම් විඳින අනාථ පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ව ඝාතන යන්ත්‍ර බවට පරිවර්තනය කිරීමක් තමයි මේ වැඩසටහනෙන් කලේ. මේ අනන්‍යතා රහිත සුපිරි නියෝජිතයන් තමන්ට පැවෙරෙන කාර්යය කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අවසන් කරන්න ඇප කැපවී සිටියා.
“නියෝජිත සික්ස් (6)” වසර 20කට ආසන්න කාලයක් මුළුල්ලේ CIA ආයතනයේ සියෙරා වැඩසටහනට අනුබද්ධිත සුපිරි ඝාතකයෙක්. තමන්ට ඉහලින් ලැබුන ඉලක්කයක් පසුපස බැංකොක් නගරයේ දඩයමක නිරත වෙන මොහුට එම ඉලක්කයෙන් විශ්වාස කරන්න අමාරු රහසක් දැනගන්න ලැබෙනවා. එතැන් පටන් මේ නියෝජිතවරයා CIA ආයතනයේ පසමිතුරෙකු සහ ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්වෙනවා. “ලොයිඩ් හැන්සන් ” කලක් CIA ආයතනයේ සේවය කර නොගැලපෙන හැසීරීම සේවයෙන් පහකරනු ලැබූ කෘර, බිහිසුණු, අති දක්ෂයෙක්. CIA සංවිධානය තමන්ට පිටුපෑ නියෝජිත සික්ස්ව ඝාතනය කිරීමට බාර දෙන්නේ මේ සාහසික පුද්ගලයටයි. මේ දෙදෙනාම කලක් CIA ආයතනය නියෝජනය කල අති දක්ෂයන්, බිහිසුණු ඝාතකයන්, වෙස්වලා ගැනීමේ ප්‍රවීණයන්, ලොව පුරා අත්දැකීම් ලැබූවන්. ලොව පුරා රටවල් ගණනාවක සැරිසරමින් ඝට්ටනය වෙන මේ අති බිහිසුණු ද්වන්ධ සටන කෙසේ අවසන් වෙයිද ? ජීවිත කොපමණක් අහිමි වෙයිද ? අවසානයේ දිවි ගලවා ගන්නෝ කවුරු වෙත්ද ? එසේනම් හොලිවුඩයේ දැවැන්තයන් දෙදෙනෙක් මුහුණට මුහුණ ගැටෙන සංග්‍රාමය නරඹන්න ඔබටත් ආරාධනා.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
34,090 downloadsDownload The-Gray-Man-2022.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
51 comments
supun sathsara
kevin D
Thanks
THISANGA
Cam copy neweyd
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..Pasindu Madumal
සබට තුති සහෝ ❤️
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ishan
thnxxxx
D
Patta
Ravindra
Thanks sub ekata :)
හිෂාන් සමරසිංහ
Thank you for the Subtitle file. Baiscopelk is the BEST.
Kushan
Sub akta thanks
Anonymous
thanks bro
Anonymous
Sub එකට ස්තූතියි. ඒත් film එක ගැන කිව්වොත්නන් මෙලෝම රහක් නැති එකක්.. හිරගෙදරක ඉන්න එවුන් ටිකක් අරගෙන සුපිරි ටීම් එකක් හදාගන්න බයිලාව දැන් ඕනතරම් දැකලා තියෙන්නෙ Actionනන් තියෙනවා. ඒත් කිසිම storyයක් නෑ ඇතුලේ..ඇක්ටිනුත් ඖල් මටනන්.. පැය 2ක් මේකට වෙන් කරන එක අපරාදෙ..
Anonymous
thank u for the sub ❤
Naveen
උපසිරසියට තුති
malith madhushan
උපසිරසට ස්තුතියි ධනුවා, මේක ලේසි පහසු සබ් එකක් නම් නෙවෙයි ලයින් ටික සුපිරියටම තිබ්බා.
Anonymous
Thanks Brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
තාරක නුවන් දිල්හාර
සබට තුති බ්‍රෝ.. ජය...!!!
Anonymous
Thanks for sub
Anonymous
තෑන්ක්ස් මා පුතී
Neo
Thanks brother
Keep it upBuddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
dulan
ස්තුතියි !
lakshan
thanks ......................
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා ..!!
එරංග සඳරුවන්
කාලෙකින් ඉංගිරීසි ෆිලුමක් බැලුවේ. පට්ට.
එනිවේ
උප සිරැසියට බෝම ස්තූතියි..
ජයින් ජයම වීවා..dasun
tnx
indika 75
thanks..
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Gihan
බොහෝම ස්තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි උපසිරැසියට යුරාන් සහෝදරයා! ගැම්මක් තමයි! සුපිරි ෆිල්ම් එහෙකට සුපිරියටම සබ් එක ගෙනල්ලා තියෙනවා! බයිස්කෝප් නම් ආයේ දෙකක් නෑ!
Request: The Man from Toronto මේකට පුලුවන් නම් උපසිරැසි අරගෙන එන්න බොසා
ජයවේවා!
Naveen
Thank you very much friend
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sahangayantha
thanks a lot saho sub ekata
THISANGA
Ela
ptt
supiriy
thankSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan
Tnx bro...Great job...
Tharindu
Thank you Very Much
Mathew sheron
Thanks
Akila Dilhara
Thanks Brother...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanks
viraj
thanks..............
Dinal
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
first downloader and thanks for this sub