බයිස්කෝප්වාසී යාළුවො හැමෝටම ආයුබෝවන් ! ඔන්න අද අරන් ආවෙ Social awareness drama, ඒ කියන්නෙ සමාජ දැනුවත්කිරීමේ චිත්‍රපට ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මීට කලින් ඔයාලා බලලා ඇතිනේ, Padman (2018), Toilet ; Ek Prem Katha (2017) වගේ ඒවා, අන්න ඒ වගේ එකක්. මේක කාන්තා මූලික චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අප…

බයිස්කෝප්වාසී යාළුවො හැමෝටම ආයුබෝවන් ! ඔන්න අද අරන් ආවෙ Social awareness drama, ඒ කියන්නෙ සමාජ දැනුවත්කිරීමේ චිත්‍රපට ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මීට කලින් ඔයාලා බලලා ඇතිනේ, Padman (2018), Toilet ; Ek Prem Katha (2017) වගේ ඒවා, අන්න ඒ වගේ එකක්.
මේක කාන්තා මූලික චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපෙ කතා නායිකාව, මනෝකාම්නා ත්‍රිපාති, චන්දේරි වල කෙල්ලෙක්. විස්ස පැනපු හැම කෙල්ලෙක්ටම තියෙන ප්‍රශ්නෙ මෙයාටත් තියෙනවා. කසාද කතන්දරේ. ඒත් එයාට ඕන රස්සාවක් කරන්න. හැබැයි උපාධි දෙකක් තිබිලත් මනූට රස්සාවක් ලැබෙන්නෙ නෑ. අම්මා රස්සාවක් හොයාගන්න දීපු මාසෙත් ඉවර වෙනවා.
ඒ අතරෙ මනූට අවස්ථාවක් ලැබෙනවා “ලිට්ල් අම්බ්‍රෙල්ලා” කම්පැනියෙ වැඩ කරන්න. කලබලේට රස්සාව බාරගෙන ඇඩ්වාන්ස් එකකුත් ගත්තට, මනූ පස්සෙ තමයි දැනගන්නෙ එයාට කරන්න තියෙන්නෙ කොන්ඩම් විකුණන එක කියලා.
ඉතින්.. ඉන්දියාවෙ, අර්ධ නාගරික, සාම්ප්‍රදායික මිනිස්සු අතරේ.. කොන්ඩම් විකුණන්න? ඒකත් කෙල්ලෙක්? එතකොට.. මනෝකාම්නා ත්‍රිපාති, මනෝකාම්නා ප්‍රජාපති වුණාම?
Taboo එකක් විදියට සැළකෙන දේවල්වලට එරෙහිව යනකොට මූණ දෙන්න වෙන දාහක් අභියෝග, මේ පැය දෙකයි විනාඩි ගාණක කාලෙ ඇතුළත ලස්සනට කැටි කරලා තියෙනවා. ෆිල්ම් එකට ලැබිලා තියෙන IMDb අගය 7.2 ක්. ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතේ 95%ක් තරම් ඉහළ අගයක් ගන්නවා.
Nusrat Bharuchha, Anud Singh Dhaka, Vijay Raaz ඇතුළු දක්ෂ නළු නිළියො පිරිසක් ඔයාලට මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන්. Dream Girl (2019) අධ්‍යක්ෂණය කරපු Raaj Shaandilya තමයි මේකෙ කතාව රචනා කරලා තියෙන්නේ. නිෂ්පාදන බරපැන දරන්න ආයතන කීපයක්ම එකතු වෙලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Jai Basantu Singh විසින්. සංගීතය Aman Pant විසින්. Dhvani Bhanushali, Javed Ali, Asees Kaur, Raftaar ඇතුළු ගායක ගායිකාවො කීපදෙනෙක්ම මේකෙ ගීත ගායනයට එකතු වෙලා තියෙනවා. ලස්සන සින්දු ටිකකුත් ඔයාලට රසවිඳින්න පුළුවන්.
මේ මගෙ 12 වෙනි උපසිරැසිය වුණත්, භාර අරගෙන ඊට පස්සෙ නිර්මාණය කරපු පළවෙනි එක. අනික ලයින් 3000කට ආසන්න සංඛ්‍යාවක් තිබුණා. ෆිල්ම් එකට තියෙන ආසාවට වගේම අභියෝගයක් විදියට භාර අරන් කළා වුණත් ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕනි.
යෝජනා චෝදනා වලට, ගුණදොස් වලට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි.. ඔයාලගෙ අදහස් පළ කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..
එහෙනම්, ලස්සන කතාවක්, සුපිරි කොමඩියක්, ආදරේ, යාළුකම්, පවුල, සම්මතේ සහ “සමාජ අසම්මත” දේවල් අතරෙ දෝලනය වෙන, අපූරු, ඒ වගේම වැදගත් පණිවිඩයක් කියාදෙන ෆිල්ම් එකක්. ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා. ආයෙත් දවසක තවත් ෆිල්ම් එකක් එක්ක මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,628 downloadsDownload ජන්හිත්-මේන්-ජාරී-2022.zip83 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Anji (ඇන්ජි)
Subtitles
- #2022
- #Anji (ඇන්ජි)
- #Anud Singh Dhaka
- #Editor's Pick
- #Jai Basantu Singh
- #Janhit Mein Jaari (2022)
- #MaxxA
- #Must Watch
- #Nushrratt Bharuccha
- #Offbeat
- #Raaj Shaandilyaa
- #Sinhala Subtitle
- #Sub
- #Subtitles
- #Sunidhi Chauhan
- #Utsav Sarkar
- #Vijay Raaz
- #You Decide
- #Yusuf ali Khan
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Sujith
Kushan
Sub akta thanks
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaa......
මයුර
අම්මෝ නංගි මරු මරු...
Anonymous
777 charlie
Salaga
God se films sub plzNaveen
උපසිරසියට තුති
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!malith madhushan
උපසිරසට බොහොම ස්තුතියි සුපිරි කතාවක් වගේ. දිගටම කරගෙන යමු.
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Anonymous
Thanks for sub
Bandara
Thanks Lot Dear Anji
Anonymous
Thaks sub එකට.. මචන් සබ්එක දාද්දි x264 da x265 or hevc ද කියලත් දාපන් මචන් ලොකු උදව්වක් ඒක.. සමහරක් සබ් ෆයිල් එකෙ නමේ නම් තියෙනව සමහර සබ් වල ෆිල්ම් එකෙ නම විතරයි තියෙන්නෙ...
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Neo
Thanks sister
Keep it upBuddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Adeesha
Thanx
dulan
ස්තුතියි
Dineth de silva
Thanks sister
Udara Damith
ela
indika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
sahangayantha
thanks a lot sis sub ekata
Anonymous
“Kaduva” -2022 sub plz
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතී....ජය වේවා!
UDARA DAMITH
maru
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
saman
නියම ෆිල්ම් ඒකක්.මේ වගේ ඒවට සබ් ඒකක් කරන ඒකනම් හරිම වටිනවා.සමහර ජනප්‍රිය නලු නිලියො රඟන හද්ද ගොං පාට් ඒවට වඩා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dan
Thank You ...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Wijitha A.
සබ් එකට ස්තූතියි සහෝදරිය...මේ වගේ හින්දි චිත්‍රපටිවලට සබ් දෙමු පුළුවන් තරම්. බයිස්කෝප් එකේ හින්දි ෆිල්ම් ගැන අවධානය පොඩ්ඩක් අඩුයි. ඒ නිසා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Janhit Mein Jaari (2022) Sinhala Subtitles | “මහජනයාගේ දැනගැනීම පිණිසයි” [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/07/ජන්හිත්-මේන්-ජාරී-2022-1.jpg)
Thanks for sub...