‘සිඳී බිඳී ගියා’ ‘මගේ කුඩා දරුවාගේ සිහිනයක් බඳු වූ සිනහව’ ‘නුඹේ පියාගේ හදවතේ ගිණි ජාලාවක දල්වමින්’ ‘දුරකට යන්න’ ‘නුඹ ගොඩක් දුරකට යන්න’ ‘අන්ධකාරයෙන් නුඹගේ වේදනාව දුරුවී යන ආකාරයට’ ‘නුඹේ නිහඬතාවයන්ගෙන් මා හදවත ලෝ දිය මෙන් පිළිස්සෙනවා’ ‘කිරිල්ලියක මෙන් යලිත් මා සවනට ගුමු ගුමු නදින් කොඳුරනවාද?’ ‘කඳුළු…

‘සිඳී බිඳී ගියා’
‘මගේ කුඩා දරුවාගේ සිහිනයක් බඳු වූ සිනහව’
‘නුඹේ පියාගේ හදවතේ ගිණි ජාලාවක දල්වමින්’
‘දුරකට යන්න’
‘නුඹ ගොඩක් දුරකට යන්න’
‘අන්ධකාරයෙන් නුඹගේ වේදනාව දුරුවී යන ආකාරයට’
‘නුඹේ නිහඬතාවයන්ගෙන් මා හදවත ලෝ දිය මෙන් පිළිස්සෙනවා’
‘කිරිල්ලියක මෙන් යලිත් මා සවනට ගුමු ගුමු නදින් කොඳුරනවාද?’
‘කඳුළු වැස්සක් සමගින් මා නුඹව නැවතත් දිදුලන සඳක් බවට පත්කරන්නම්’
‘නුඹ මා පිළිබඳව සිතන විට, මං නුඹ සමීපයට විගසින් පැමිණෙන්නම්’
‘නිරන්තරනෙන් මං නුඹව ආරක්ෂා කරන්නම්, මගේ ප්‍රාණය බඳු වූ දියණියනි’
අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට තියෙන ලොකුම සම්පත තමයි දරුවන් කියන්නෙ. ඉපදුණු දවසේ පටන්ම තමන්ගේ ජීවිතය දෙවැනි කරලා තමන්ගේ දරුවන්ව රැකබල ගන්නේ, මහමෙරක් උසට දෙමව්පියන්ගේ හිත් තුල තියෙන මේ අපරිමිත ආදරය නිසාමයි. කතාවක් තියෙනවා, ගෑණු ළමයි වැඩියෙන්ම ආදරේ කරන්නෙ තමන්ගේ තාත්තට කියලා. මේ කතාව ඇත්ත කියලා මට තේරුම් ගියේ, මගේ ආදරණීය දුවගේ සෙනෙහස නිසයි. අතාත්වික සුපිරි වීරයන්, නළුවන්, ක්‍රීඩකයන් තමන්ගේ ලෝකයේ වීරයා කරගත්ත ළමයි ඉන්න ලෝකෙක, මගේ දුවගේ ලෝකයේ ඉඩ හිමිවෙච්ච එකම සුපිරි වීරයා තමයි මම. මගේ බිරිඳ සහ දුව එක්ක පුදුමාකාර සතුටකින් තමයි මං ජීවත් වුණේ. බොහොම සතුටින්, සාමයෙන්, ආදරණීය කුරුළු පවුලක් වගේ ජීවත් වෙච්ච අපේ පවුලට සුළඟකින් වත් බාධාවක් වුනේ නැහැ. නමුත්, එක දවසක් සුළඟක් හමුවා. නිකන්ම නිකං පොඩි හුළඟක් නෙමෙයි. අතිශය දරුණු චණ්ඩ මාරුතයක්. මේ චණ්ඩ මාරුතයට අහු වෙලා, මෙච්චර කාලයක් තිස්සේ ආදරයෙන් පිරී ඉතිරිලා තිබ්බ අපේ කුරුළු කූඩුව සී සීකඩ බිඳී විසිරිලා ගියා. නැවත කවදාවත් යලි එකතු කරගන්න බැරි වෙන්නම…
සී සී කඩ විසිරිලා ගියපු අපේ පවුලට සිදුවෙච්ච කැළලත් සමගින් මගේ ජීවිතය වෙනස්ම මගකට යොමු වුණා. ඉපදුණු දවසේ ඉඳල ඇහැක් වගේ බලාගත්ත මගේ දියණිය අද නිසොල්මන්ව ඉන්නවා. එයාගේ අම්මා-තාත්තා වෙච්ච අපි දෙන්නා කරකියාගන්න දෙයක් නැතිව අසරණව, බලාගත්ත අත බලාගෙන ඉන්නවා. හයක් හතරක් නොදන්න මගේ අහිංසක දුවට මේ අපරාධය කරපු තිරිසනා, සමාජයේ කොහේ හරි අස්සක හැංගිලා, අපිට හිනා වේවි, තවත් ගොදුරක් ඩැහැගන්න මාන බලනවා ඇති. හෙට දවසේදී අපි වගේම තවත් අම්මා-තාත්තා කෙනෙක් මේ විදියට තමන්ගේ දරුවා වෙනුවෙන් අඬා වැටේවි. පිළිකාවක් වුණත්, මුළු ශරීරය පුරාම පැතිරෙන්න කලින් එක පුච්චලා දාන්න ඕනේ. නැත්නම් ඒක අයින් කරලා දාන්න ඕනේ. එහෙම නැති වුනොත් ඒක හැමතැනටම උඩු දුවනවා. ඒත්, මගේ දුවට මේ අපරාධය කළේ කවුද කියල කිසිම සාක්ෂියක් තිබුනේ නැහැ. අංශු මාත්‍රයක වත් ඉදිරියට යන්න පාරක් තිබුනේ නැහැ. සතෙකු හෝ වේවා, මිනිහෙකු හෝ වේවා, මේ සොබාදහම් මාතාවගේ නීතියට අපි යටත් විය යුතුයි. ඒත්, ඒ බව තේරුම් නොගත්ත මිනිස් වෙස් ගත්ත සත්තු ඕනේ තරම් මේ සමාජයේ ඉන්නවා. මේ සමාජයේ නීතිය ක්‍රියාත්මක කරන්න, යුක්තිය ක්‍රියාත්මක කරන්න, මොන දේ කරන්න සිද්ධවුණත්, දෙපාරක් හිතන්නේ නැතුව ඒ දේ කරන්න මං තීරණය කළා. දැන් මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ, දෙවියන්ගේ නීතිය වත්, රටේ නීතිය වත් නෙමෙයි… මේකට තමයි තාත්තා කෙනෙක්ගේ නීතිය කියන්නෙ!!!
එහෙනම්, තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. මලයාලම් සිනමාවෙන් 2017 වර්ෂය සඳහා බිහිවෙච්ච අංක එකේ සලරුව ලෙස අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන් අති විශිෂ්ටම නිර්මාණයක් තමයි මේ අරගෙන ආවේ. එදා මෙදා තුර මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ මෝහන්ලාල්ට පසුව බිහිවුණු දෙවැනි ජනප්‍රියතම රංගන තාරකාව හෙවත්, “අල්ටිමේට් පවර් ස්ටාර්” ලෙස හඳුන්වන Mammootty සහ, තමා සතු අති දක්ෂ රංගන ප්‍රතිභාවෙන්, රූපයෙන්, සහ දැවැන්ත ශරීරයෙන් වර්තමාන දමිළ සිනමාව තුල තමාට හිමි අනන්‍යතාවයකින් සමගින් දමිල සිනමාවේ ජනප්‍රියතම රංගන තාරකාවක් වන Arya ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වෙන මෙම සලරුව, පන්දහසකට අසන්න ප්‍රේක්ෂක මනාපයකින්, imdb දර්ශකයේ 8.2 ක් වැනි ඉහළම අගයක් කරා ලඟා වී තිබෙනවා. Action, Crime, Mystery, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ මාර්තු මස 30 වන දින තිරගතාවේම ආරම්භ කරන ලද මෙම සලරුව, එදා පටන් මාස කීපයක් ගතවූ තැන පවා, කේරල ප්‍රාන්තයේ සිනමා ශාලා තුල එකඳු ආසනයක් හෝ හිස් නොමැතිව, ජනයාගෙන් පුරවා දැමීමට සමත් වී තිබෙනවා. ලබාගත් බොක්ස් ඔෆිස් ආදායක් වාර්තා පිළිබඳව තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැති වූවත්, නිළ නොළත් වාර්තා වලට අනුව 2017 වර්ෂයේදී ඉන්දියානු රුපියල් කෝටි සියයක ආදායමක් හිමිකරගත් පළමු මලයාලම් චිත්‍රපටය ලෙස මෙය සඳහන් වෙනවා. එය එසේ නම්, එදා මෙදා තුර මලයාලම් සිනමා ඉතිහාසයේ ඉන්දියානු රුපියල් කෝටි සියය ඉක්මවූ දෙවන මලයාලම් සිනමා සිත්තම ලෙස මෙය ඉතිහාසගත වනු ඇති.
මෙතරම් කාලයක් තුල, ක්‍රියාදාම ජවනිකා සඳහා එතරම් රුචියක් නොදැක්වූ මලයාලම් සිනමාව, දමිළ සිනමාවේ පතාක යෝධයෙකු වන Arya ගේ සම්ප්‍රාප්තියත් සමගින් වෙනස්ම අන්දමේ ක්‍රියාදාම සහිත චිත්‍රපට කලාවක් සඳහා මෙම චිත්‍රපටය තුලින් මුල පුරනු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම, ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිත දෙකක් එකිනෙකා ඝට්ටනය කරමින්, ප්‍රේක්ෂකයා හට උපරිම රසවින්දනයක් මෙම චිත්‍රපටය තුලින් ලබාදීමට ගත් උත්සාහය අතිශයින්ම සාර්ථක වී තිබෙනවා. එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටයක් වන Dhuruvangal Pathinaaru (2016) බොහෝ විට ඔබ නරඹන්න ඇති. ඒ හා නොදෙවෙනිව, අවසාන මොහොත දක්වාම ප්‍රේක්ෂකයා කුතුහලයේ උච්චතම ස්ථානයේ රඳවා ගැනීමට සමත් කම් දක්වමින්, අවසාන නිමේෂයේදී ප්‍රේක්ෂකයා මොහොතකට නිසල කරමින් සමස්ත කතාවම උඩි යටිකුරු කරන්නා වූ, මලයාලම් සිනමාවේ නූතන හැරවුම් ලක්ෂ්‍ය ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි මෙම සලරුව නැරඹීමට ඔබ සැමට කෙරෙන්නා වූ සුහද ආරාධනයත් සමගින්, යලිත් හමුවන තුරාවට සමුගෙන යෑමට අවසරයි.
ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.nu – The Great Father (2017) Malayalam DVDRip x264 700MB ESubs.mkv
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
19,172 downloadsDownload The-Great-Father-2017.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
59 comments
Lahiru
kumara
මාර ආශාවකින් මග බලාගෙන ඉඳපු ප්ට්ට පහරක් මචං එල එල. ංබාහෝම ස්තූතියි. ගොඩාක් පිං.
shasith sandaruwan
මලයාලම් වසන්තයට තවත් උපසිරැසියක් එක්කල
සිසිල ඔබට බොහොම ස්තූතියි. :P
ඔබට ජය!Udaya Fernando
Thanks machan
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ සබට,මේ ෆිලුමේ හොඳ පිටපතක් ඇවිල්ලා තවම සතියක්වත් ගතවුනේ නෑ ,ඉතින් ඒ තරම් ඉක්මනින් සබ් එක කරලා පල කරපු එක ඇත්තටම ලොකු දෙයක්,ඒ වගේම අනිවාර්යෙන්ම ඒකට ලොකු මහන්සියක් වෙන්නත් ඕනේ,ඉතින් ඒ හැමදෙයක් වෙනුවෙන්ම ස්තුති කරන අතරම ඉස්සරහටත් මලයාලම් ෆිලුම් වල සබ් දෙමු!ජය සහෝ!
prabodha
Thank brooo. Jaya wewa....
අසිත
elama saho thanks
Dilan
Saho supirima film ekak wage..saho obata jayen jaya wewa!
කෞෂාන් පියුමන්ත
ආර්යා ඉන්නවනම් අනිවා බෑමක් තමයි.සබට තෑන්ක්ස් බොක්ක.බයිස්කෝප් ඩව්න්ලෝඩ් එකට මේක තාම දාල නෑ වගේ.ඉක්මනට දාහන්.ජය!!!!
කෞෂාන් පියුමන්ත
අපේ සන්ත්නම් අයියගේ dhilluku dhuddu-2016 එකටත් පුලුවන්නම් සබ් දියන්.ඉංග්‍රීසි උපසිරසියක්නම් තිබ්බේ නෑ.ලයින් ගගහ තමයි කරන්න වෙන්නෙ කරනවනම්.එනිවේ සබට තෑන්ක්ස්.ජය!!!
prasanna
THANK YOU
"චූටී මල්ලී"
Ade thnks
720p Web hd ekata match wena ekak naddaSisila Prasad
කියන්න බැහැ, සහෝ. හොඳම දේ තමයි DVDRip එකක්ම ගන්න එක.
hasith
tnx sahoo supiriyakne genath tiyenne
widuranga
ela film ekak nam sisila bro thamaiiiiii
thanxxxrangika Kariyawasam
1971 වසරේදී මලයාලමි සිනමා අමිබරයට අද්විතීය වූත් ආකර්ෂණීය වු තරැවක් පැයුවා.Anubhavangal Paalichakal ෆිල්ම් එකේ සහය නලුවෙකු ලෙස ප්‍රථිස්ථාපනය වෙමින්,තමාට ආවේණික වූ ශෛලියකින් ප්‍රෙක්ෂකයා වසඟයට ගනිමින් මලයාලමා,කන්නඩ,දමිල සිනමාව අතික්‍රමණය කල ඒ සුපිරි නලුවා අප කවුරුත් හොදින් දන්න, බයිස්කෝප් එකේ සිසිල ප්‍රසාද් සහෝ අපට හදුන්වාදෙනු ලැබු Mammootty . ඇත්තටම ඔහුගේ ෆිල්මි තාත්වික මෙන්ම කාලෝචිත මාතෘකා යටතේ කතාකරන විශිෂ්ටතම සිනමා කෘති, The Great Father සිනමා පටයත් එසේමයි කියලා සිසිල සහෝ අපට දැනටමත් හඟවලා ඉවරයි.
දෙයක් කියන්න ඔිනා Mammoottyගෙන් පසු ඔහුගේ අඩිපාරේ යමින් Second Show ෆිල්ම් එකෙන් මලයාලමි සිනමාවට පෑයු ඔහුගේම ආදරණිය පුතා Dulquer Salmaan හෙවත් DQ ෴මලයාලමි සිනමාවට නැතිවම බැරි තරැවක් වී හමාරයි..2015 වසරේ චාර්ලී සිනමා පටයට ලැබුනු සමිමාන෴හොදම නලුවා සමිමානය ඔහු දිනා ගැනීම එයට කදිම නිදසුනක් .
මම කතා කලා හොදටම වැඩී ඒකට සමාවෙන්ට.
සිසිල ප්‍රසාද් සහෝ ඉතාම කෙටි කාලයකින් තමාගේ වටිනා කාලය අපවෙනුවෙන් කැපකර පරිඝණකය ඉස්සරහට වෙලා ඇස් කඩාගෙන සබ ටයිප් කරලා ඔයා අප වෙනුවෙන් ගත් මහන්සියට ෴හදවතින්ම අනේකවාරයක් ස්තුතීයි සහෝ ,ඒ වගේම බොහෝමයක්ම පිං෴෴
The Great Father ටැමිල් රොකර් එකට ආවම මට මතක් උනේ සිසිල ප්‍රසාද් සහෝ.අනිවා හිතුනා ඔයා සබ දේවි කියලා.ඒකයි ෆිලුම ඩවුන්ලෝඩි කරලා සබ දෙනකමි බලන්නැතිව හිත එකඟ කරන් හිටියෙ.
මමත් සියලුම මලයාලමි බයිස්කෝප් වාසීන්ට ආරාධනා කරමින් මේ අනගි සලරැව අසල නෙත් රදවන මෙන් නිහඩ වෙන්නමි මම.සිසිල ප්‍රසාද් සහෝ ජය ජය හෝ...
SPD
ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් තුනක් වත් නෑ. මේ තරම් ඉක්මනට උපසිරැසිය දුන්නු එකට බොහොම ස්තුතියි සහෝ. ෆිලුම ආව ගමන්ම බාගන බලාගන හිටියේ දැනගන හිටියා දවස් 2-3 ක් ඇතුලත සිසිල සහෝ අනිවා සබ දෙනවා කියලා. ජය වේවා...!
බොහොම ස්තුතියි මචංKantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Thilakarathne
thanks saho sub ekata
meka downlod kara gnna thanak kiynnakoPalitha de Silva
thank you verymuch...
thisal
බොහොම ස්තුතියි සහෝ සබට,
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
මලයාලම් ෆිල්ම් වසන්තයේ අලුතම එක. පට්ට සහෝ! මලයාලම් ෆිල්ම් බලපුම නැති කෙනෙක් මාත්. හැබැයි දැන්නම් එකක්වත් නොබලා ඉන්නේ නෑ..මලයාලම් බලන්නේ නැති කට්ටියටත් ආරාධනා කරනවා. එකක් අරන් බලන්න නිකමට. අයේ තියෙන සේරම බලලා තමයි නවතින්නේ..
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::හේමන්ත
Thanks...
ගොඩක්ම ස්තුතියි...
මලයාලම් සිනමා වසන්තය උදා කළාටChalana
thnx bro...
Kulanjana Maduranga
niayamai…malayalam nm ithin download thama...thawa malayalam film denna...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Kasun Widusha
Elama tnxx
Jack
නියමයි මචෝ..
ලිපිය දීලා තියනවා සුපිරියටම.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Mithun
අම්මො බානකම් ඉවසිල්ලක් නෑ
8ත් පැනල රෙටින්
ගොඩක් ගොඩක් ස්තුතියි සහෝ
බයිස්කෝප් සයිඩ් එකට බිහිවෙච්ච තවත් වාසනාවන්ත උපසිරැසි කරුවෙක්
සතුටක්muditha
good job sisila
saho.
thanksEranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි!…
ජය වේවා!…රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malan Kurera
දිගටම මලයාලම් films වලටම සබ් දෙන්න...බොහොම පින්...
Chamith Mihiranga
Ela Ela aiya... Thank you.
Shehan prathapasinghe
ela saho aniwa baleemak thama
Chami.S
Thanks..
Good Luck..හේමන්ත
බයිස්කෝප් මලයාලම් වසන්තයට තවත් එකක්..
ස්තුතියි ප්‍රසාද්...
ස්තුතියි බයිස්කෝප්....෴෴udana
supiri bro.... thnx
dinushan
thanks sub ekata
Menu
Thank you
Prabash
Thank you for sub.sisila aiyage sub ekak kiyanne aye kiyanna deyak na ne.me dan baanna yanne.ජයවේවා එහෙනම් ...
Silent$
Thnxxxxxxxxxxxxxxx
Deex
Great Selection................................!
Great
Great
Great
Indrajith
thanks for the subtitle
mahesh babu
අනේ මන්දා.....
මට නම් ඔයාගේ ලිපිය තරම් filume සුපිරි බවක් දැනුනේ නැහැ සහෝ....
2017 මීට වඩා සුපිරි Malayalam Film ආවයි කියලා තමයි මගේ හැගීම නම්.....
තරහ වෙන්න එපා සහෝ,මන් කිව්වේ මට හැගුනු දේ...
කොහොම වුනත් ඔයා Byscope අඩවියේ සිටින සුපිරිම උපසිරසිකරුවෙක්,ඒකේ කතා දෙකක් නැහැEashan Fernando
Dhruva 2016 film ekata sub eka dennako bro. Ram charan inna supiri film ekk
Kasun
Turront link 1th denna appa hoyanna giyama epa wenawa dn sites aththeth naa comment secshan eke hari danna
SG
ustad hotel film ekata sub ekak denna.. e kathawa balapu hamoma kiwwe maru kiyala
honda copy ekak magnet link eka me yatin thiyenne
magnet:?xt=urn:btih:9671878EA5B34AA7EB6B5AFA8F9637E8474B770C&dn=www.TamilRockers.ac%20-%20Ustad%20Hotel%20%282012%29%20Malayalam%20720p%20HD%20AVC%20X264%202GB.mp4&tr=udp%3a%2f%2fzer0day.to%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.ilibr.org%3a80%2fannounce
Damith
thankzz sub ekata
Mahesh
supirima film ekak balalama comment kale onna.
tawa lassana malayalam film denna.
jaya wewa !!!Chathu Thee
supiriiiiiii
Avishka Didulanga de silva
Sub ekata thanx saho...thama beluwe nm ne...balalama hoda comment 1k dannmko...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Machoo uba nm ela aa maga balagena idapu filumak pin ee