දිනය – 2104 දෙසැම්බර් 5 අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට් කාර්‍ය මණ්ඩලය – 15 ජනපද වැසියන් – 2000 කළල – 1140 ගමනාන්තය – ඔරිගෙයි-6 ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන…

දිනය – 2104 දෙසැම්බර් 5
අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට්
කාර්‍ය මණ්ඩලය – 15
ජනපද වැසියන් – 2000
කළල – 1140
ගමනාන්තය – ඔරිගෙයි-6
ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් කල යුතු වෙනවා. මෙම ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව හොයාගෙන, එහි නව ජනපදයක් පිහිටුවීමයි මෙම යානාවේ සිටින්නාවූ කාර්‍ය මණ්ඩලයේ මෙහෙයුම වන්නේ. එකම එක පුද්ගලයෙකු හැරෙන්නට අන් සියලු දෙනාම හිමායන නිද්‍රාවේ පසුවෙනවා. ඒ, ආරම්භයේ පටන් මේ දක්වාම අභ්‍යවකාශ යානාවේ සියළුම කටයුතු කළමනාකරණය කරන්නාවූ, වෝල්ටර් නමැති කෘතීම මිනිසායි.
සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. නමුත්, එක්තරා දිනයකදී සියල්ල වෙනස් ස්වරූපයක් අරගන්නවා. නොසිතූ මොහොතක, ආසන්න තාරකාවක සිට යානාව වෙත එල්ල වෙන්නාවු අධිකව ආරෝපණය වූ කම්පන තරඟයක් හේතුවෙන් යානාවේ ගින්නක් හටගන්නවා. මේ හේතුවෙන් දශකයක් පුරාවට හිමායන නිද්‍රාවේ පසුවූ කාර්‍ය මණ්ඩලය හදිසියේම අවදි කරවනු ලබනවා. නමුත්, ඔවුන් පමා වූවා වැඩියි. සියලු දෙනා හටම මරු පහරක් එල්ල කරමින් දරාගත නොහැකි අන්දමේ අහිමිවීමක් ඔවුන් හට සිදුවෙනවා.
නමුත්, ඔවුන් ළතවෙමින් සිටියේ නැහැ. වහ වහා යානාව අලුත්වැඩියා කිරීමේ කටයුතු හි නිරත වුණා. මේ අතරවාරයේදී ඔවුන් විසින් කිසිසේත්ම විශ්වාස කිරීමට අපහසු අන්දමේ සොයාගැනීමක් කරනු ලබනවා. එනම්, ඔවුන්ට ඉතාමත් සුළු දුරක් ඔබ්බට වන්නට, ජීවය පැවතීමට ඉහළ සම්භාවිතාවක් පැවතිය හැකි ග්‍රහලොවක් තිබෙන බව සොයාගැනීමයි. කෙතරම් සූක්ෂම ලෙස සොයා බැලුවත් ඔවුන්ට මෙය මීට පෙරාතුව හමුනොවූයේ මන්ද? මෙතරම් කාලයක් මෙම ග්‍රහලෝකය සියලු දෙනාගෙන්ම සැඟවී පැවතියේ කෙසේද? පිළිතුරු අනුමාන කළ නොහැකි ප්‍රශ්න සමුදායක්. අවසාන තීරණය ලෙස, යානාවේ දෙවැනි නිලධාරිවරයාගේ බලවත් විරෝධය ප්‍රතික්ෂේප කරමින්, නාදුනන ග්‍රහලොව වෙත මිනිසුන් සහිත ගොඩබැස්සවීමේ යානාවක් පිටත්කර හරිනවා.
සුන්දර ලෝකයක්… බැලු බැලු දසත දිස් වූයේ ඝන වනාන්තර පමණයි. පිරිසිදු නැවුම් වාතය. ඔවුන් සොයමින් පැමිණියේ මෙවැනි ආකාරයේ නව ලොවක්. ඉතිං කුමටද තවත් අවුරුදු හතක කාලයක් අභ්‍යාවකාශය තරණය කරමින් වෙනත් ලොවක් සොයා යන්නේ? අහෝ, කෙතරම් සුන්දරද… නමුත්, මේ සුන්දරත්වයෙන් වසාගෙන තිබෙන්නාවූ ඇඟ කිළිපොලා යන්නාවූ රුදුරු බිහිසුණු බව පිළිබඳව අංශු මාත්‍රයක් හෝ ඔවුන් දැනගත්තා නම්, මෙම ග්‍රහලොව ලෙස බැල්මක් හෝ හෙලන්නට පෙර ඔවුන් දහස් වතාවක් කල්පනා කරන්නට තිබුණා. නමුත්, ඔවුන්ගේ දෛවය ලියවී තිබුනේ වෙනස්ම ආකාරයකට. කිසිඳු පිළිසරණක් නොමැතිව, නන්නාදුන බිහිසුණු ලොවක අතරමං වූ ගවේෂකයින්ගේ ඉරණම කුමක් වේද? නොසිතූ මොහොතක ඔවුන්ගේ සහයට පැමිණි අමුතු මිනිසා කවුරුන් වේද? අවසානයේ, කී දෙනෙකුට තම ජීවිතය ගලවා ගැනීමට වාසනාව ලැබේවිද? සියල්ල ඔබ සැමට භාරයි.
වර්ෂ 2017 මැයි මස 4 වෙනිදා… මුළු ලොවම චිත්‍රපට ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් පුන පුනා බලා සිටි දිනයක් යැයි කිවහොත් මුසාවක් නොවෙයි. විශේෂත්වය තමයි, වර්ෂ 1979 දී ප්‍රථම වතාවට ආරම්භ වූ Alien චිත්‍රපට මාළාවේ නවතම චිත්‍රපටය නිළ වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුනේ එදිනටයි. එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසයේදී පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් බිහිවෙන්න ඇති. නමුත්, මෙම Alien චිත්‍රපට මාළාව තරම් ප්‍රේක්ෂක අවධානය දිනාගත්, ආදායම් අතින් සාර්ථක වූ, පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට මාළාවක් නම් තවමත් බිහිවී නොමැත. නමුත්, පෙර චිත්‍රපට වලට සාපේක්ෂව, මෙවර චිත්‍රපටයේ සුළු පසුබෑම් තත්වයක් පෙන්නුම් කර තිබෙන බව පිළිගත යුතුයි. ඇමරිකානු ඩොලර් මිලියන 97ක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම චිත්‍රපටය, මෙම සටහන ලියවෙන මොහොත වනවිට බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 232ක මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම, IMDB දර්ශකයේ 6.8 ක අගයකින්ද, Rotten Tomatoes හි 71% ක මනාප ප්‍රතිශතයක්ද, Google පරිශීලකයන්ගෙන් 80% ක මනාප ප්‍රතිශතයක්ද ලබාගෙන තිබෙනවා. පෙර චිත්‍රපට හා සංසන්දනයේදි, අදායම් මුදල සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ අඩුවීමක් තිබෙනවා තමයි. හැබැයි මගේ මතය අනුව නම් ඉතාමත් හොඳ කතා තේමාවක් අන්තර්ගත වෙනවා. පෙර චිත්‍රපට පරිදිම මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Alien (1979), Blade Runner (1982), Gladiator (2000), Hannibal (2001), Black Hawk Down (2001), American Gangster (2007), Robin Hood (2010), Prometheus (2012), Exodus: Gods and Kings (2014), The Martian (2015) ආදී අති විශ්ෂ්ට නිර්මාණ රාශියක් ලොවට දායාද කරමින්, මේ වනවිට සිය ජීවන මංපෙතෙහි අසූවන කඩයිම පසුකරමින් සිටින Ridley Scott විසිනි. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, Jonah Hex (2010), X-Men: First Class (2011), Prometheus (2012), X-Men: Days of Future Past (2014), Steve Jobs (2015), X-Men: Apocalypse (2016), Assassin’s Creed (2016) ආදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි, Michael Fassbender සහ, Steve Jobs (2015), Fantastic Beasts and Where to Find Them (2016) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි සුරූපී Katherine Waterston විසිනි.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. විශිෂ්ට නිර්මාණයක් කියල සහතික කරලා කියනවා. මෙච්චර කියලත් බලන්න හිත් දුන්නේ නැත්නම් ඉතිං කියන්න තියෙන්නෙ… “පිං මදිද දන්නේ නැහැ… කරුමයද දන්නේ නැහැ…” කියලා තමයි. 😀
ඔන්න එහෙනම් මං ගියා. තවත් චිත්‍රපටයකින් හමුවෙමු. එතකම්, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබාදී ඇති උපසිරැසිය, සියළුම HD/BR පිටපත් සඳහා අදාළ වේ.
45,150 downloadsDownload Alien-Covenant-2017-BR.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
114 comments
prabodha
Sachintha Pradeep
Thnkx sahooo subata me dan film eka bawa witharai subath dila ewarai...jaya wewa
ThiZara
එනකන් හිටියේ
තැන්ක්ස් බංashan lankanath
thanks ...............................good luck
devinda
denakalma hitapu movie ekak saho...ty,,,,Gdk Pin....
නවින් නිසල්
උපසිරසියට තුති..
widuranga
thanx broooooo sabata
Eranga Deshapriya
Thankz Bro .....
Praneeth Maduranga
Patta bro
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Shehan sathmika
Patta kollo...ela.....
Blood drive tv series ekata sub denna beridanirodha uthpala
Ado sisilaya menna vadak elama bro pattama obata jaya digatama demu meka mama dannmama download karanne na bn Meka mage podi kale indalama mage bokke filumak brrip ma one bn hariyata Kong skull island balanna hitiya vage
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
ෆිලුම කොහොමත් සුපිරි..ලිපිය ඊට වඩා සුපිරි! අඩිවියේ හොදම ලිපි ලියන්නා කියලා සිසිල සහෝ අයෙත් ඔප්පු කලා. අර කිවුවත් වගේ මෙච්චර හොද ලිපියක් කියවලත් මේක නොබලන දෑස කුමටද..!!!!!!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kulanjana Maduranga
niayamai…supiri filumak..eth hoda copyak enakam innwa.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asela
ela...
thisan
thx for the sub
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ
අව්ලක් නෑ blue-ray ආවම බලනවා...
තවත් පට්ටම ෆිලුමකින් නැවත හමු වෙමු
#ජය වේවා...Gathsara Umesh Kumara
Aaa..sisila ayyaa..
Lipiynm niyametana liyala thynwa..
Apugmnm dunna neda..bohoom sthuthiy ayyee..
Ikmnim thwth upasiresykin hamuwrmo...Haritha Prabuddha
thanks bn
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග උපසිරැසියෙන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් සහෝ
ජයෙන් ජයම වේවාSajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Mithun
Weprip හරි BRරිප් හරි ආපූගමන් ගන්නව අප්ඩෙට් එකක් දෙන්න සහෝ අසම මුවී කොලිටින් එකක් මාර අසාවෙන් ඔය ඔල්ඩ් ෆිල්ම් ටික පතුරු ගැහුවෙ..
සබ් දැම්මට ගොඩක් ස්තුතියි බ්රොරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamith Mihiranga
Niyamayi saho.. Thank you..
අසිත
elama saho thanks
bluray awama balamuඑල්.සී. දමැල්
BR එනකල් ඉඳිමි බලා...
බොහොම ස්තුතියි සිසිල සහෝ සබ් එකට...
තවත් උපසිරසකින් හමුවෙමු...Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Navee
Thank you
lahiru
tnx niyama wedak
tharaka madushanka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.ජයෙන් ජයම වේවා..!!
Hemal
Thank you saho
dilan lakmal
Ammo sisila aiya ela a.aniwa balanna oni film ekak meka.thanks sub ekata.pattaa.
pasindu
Thanks..............
chandana
බොහොම ස්තුතියි සහො ..........බලාගෙන හිටපු film එකක් .....මේ film එකටත් සබ් කරමුද "The Lost City of Z 2016"
............ ස්තුතියි...........madu
Thank you
Kaveesha
Ela film eka.api nohithuwata minissu gana godak dewal kiya dena film series ekak.
Tharindu Athukorala
ඔන් ගත්තා එහෙනං
stranger
බොහොම ස්තූතියි
Mithun
ඉවසිල්ලක් නැ මෙක web-dl ,br රිප් එකක් එනකල්
Viraj
supirima lipiyak... thank you. jaya wewa!!
Amalka Himeshan
බොහොම ස්තූතියි උපසිරැසියට
buddi
Thanks.......
DG
bohoma sthuthi saho....
amila
thanks bn
Mithun
Please web-dl rip update bro
D J Ushan Remixer
web aawooo
sujan
https://yts.ag/movie/alien-covenant-2017
මෙන්න මේ BR පිටපතට දීලා තියෙන උපශීර්ෂ ගැලපෙනවා ද?
බොහොම ස්තුතියිsameera dananjaya
machan br update dhenawadha,,,jaya wewa
susie
br update karannako
LSM HUSKAA
affatasiri br.
thanks ela pin bn sub 1ta.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Wow... super bro niyama film ekak. Thank uuu