Watch Trailer

Dhuruvangal Pathinaaru (2016) with Sinhala Subtitles | මැදියම් රැයේ සිදුවූ අභිරහස් මනුෂ්‍ය ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

මං මුලින්ම ප්‍රශ්න දෙකක් අහලා ඉන්නම්. පලවෙනි ප්‍රශ්නය – එක දවසකදී ඔයාලා ගොඩක් දේවල් කරනවා. සමහර දේවල් හොඳට හිතලා බලලා කල්පනාකාරීව කරනවා. තවත් සමහරක් දේවල් කිසිඳු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව කරන්නම් වාලේ කරනවා. මේ කරන්නම් වාලේ කරපු දෙයක් නිසා, කවදාහරි දවසක ඔයාගේ ජීවිතය උඩි යටිකුරු වෙලා තියෙනවද….? ද…

මං මුලින්ම ප්‍රශ්න දෙකක් අහලා ඉන්නම්. 

පලවෙනි ප්‍රශ්නය – එක දවසකදී ඔයාලා ගොඩක් දේවල් කරනවා. සමහර දේවල් හොඳට හිතලා බලලා කල්පනාකාරීව කරනවා. තවත් සමහරක් දේවල් කිසිඳු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව කරන්නම් වාලේ කරනවා. මේ කරන්නම් වාලේ කරපු දෙයක් නිසා, කවදාහරි දවසක ඔයාගේ ජීවිතය උඩි යටිකුරු වෙලා තියෙනවද….? 

දෙවැනි ප්‍රශ්නය –  ඒ විදියට හිතා බලන්නෙ නැතිව මොකක්හරි දෙයක් කළා නම්, ඒකෙන් මොකහරි ලොකු ප්‍රථිපලයක් ලැබෙන්න ඇතිනෙ. ඒ ලැබුණු ප්‍රථිපලය දරුණු විදියේ එකක් නම්, ඒ වෙලාවේදී ඔයා පුදුමාකාර විදියට අසරණ වුණා නම්, ඒ වෙලාවේ ඔයාට ශක්තියක් වෙමින් ඔයාගේ පිහිටට හිටියේ කවුද…? 

ප්‍රශ්ණයට පිළිතුරු හිතන ගමන්ම මගේ කතාවටත් පොඩ්ඩක් ඇහුම්කම් දෙන්නකෝ.

මං මේ බෙදාගන්න හදන්නෙ මගේ ජීවිතේ එක කොටසක් විතරක්ම නෙමෙයි. එතකොට මට යන්තම් 27 ක් වුණා විතරයි. මට ලැබිච්ච පොලිස් රස්සාවට මං හුඟක් ආසා වුණා. මට හැමදෙයක්ම ලැබුණා. ඒත්, දැනුම් දීමක් නැතිවම, ජීවිතය මාව ‘චෙක් මේට්’ කළා. මට මගේ බිරිඳව නැති වුණා. ඒත් ඒ කම්පනයට පස්සේ වුණත්, මං සතුටින් හිටියා. වතාවක් මගේ යාලුවෙක් මගෙන් ඇහුවා, මෙච්චර ලොකු ඛේදවාචකයක් වෙලත්, ඔයා කොහොමද හොඳින් ඉන්නෙ කියලා. මට ඒකට දෙන්න තරම් හරියාකාර උත්තරයක් තිබුණේ නැහැ. ඒ නිසා, පොඩි හිනාවක් දාලා, මං මාතෘකාව වෙනස් කළා. ඒත්, සමහරක් ගැටළු තියෙනවා, කාලයට පවා සුව කරන්න බැරි විදියේ ඒවා. හරියට, ස්ථිර කැළලක් විදියට, කවදාවත් නැතිවෙලා යන්නෙ නැතිවම. ඒ දිහා බලනකොට අඳුරු මතකයන් විතරයිමයි එලියට එන්නෙ. ඒකත් එක්ක විධි දෙකකට ගණුදෙණු කරන්න පුළුවන්. පලවෙනි එක තමයි, ඒ ගැනම හිත හිත, දුකෙහි ගිලෙමින් ඉඳීම. අනිත් විදිය තමයි, ඒකට අනුවර්තනය වෙලා,ඒකත් එක්කම ජීවත් වීම. මං සාමාන්‍යයෙන් මේ වගේ දර්ශන විද්‍යාවන් ගැන දේශනා දෙන්නෙ නැහැ. මොකද, ඒ දේවල් තේරුම් ගන්න, මට පොඩි කාලයක් ගතවෙනවා. එතකොට ගොඩක් පරක්කු වැඩියි. එක දෙයක් නම් විශ්වාසයි, කර්මය කියන්නෙ…..? 

දිනය හරියටම 2016 ජූලි 23 වෙනිදා. වෙනදා වගේම පොලීසියේ වැඩට ආවා. ඒත්, මේ දවස මගේ ජීවිතය සදහටම උඩි යටිකුරු කරාවි කියලා, මොහොතකට වත් එදා නම් හිතුනේ නැහැ. වසර ගණනාවක් ගෙවිලා ගියත්, එදා වෙච්ච හැම දෙයක්ම අකුරක් නෑර තවමත් හදවතේ රැඳිලා තියෙනවා. උදේ පාන්දරම ලැබුනේ නම් හොඳ ආරංචියක් නෙමෙයි. කවුදෝ මන්දා තරුණයෙක් තුවක්කුවකින් ඔලුවට වෙඩි තියාගෙන මැරිලා. නමුත්, දිගින් දිගටම පරීක්ෂණ කරනකොට, මේක ඝාතනයක්දෝ කියන සැකයත් ඇතිවෙන්න පටන්ගත්තා. තරුණයාගේ මරණයේ ආරංචිය ලැබිලා පැය කීපයක් යද්දී, තවත් අමිහිරි තොරතුරක් ලැබුණා. මහල් නිවාසයක ජීවත්වුණ තරුණියක් එදා දවසෙම හිටිහැටියේ අතුරුදහන් වෙලා. ඒ ඇරෙන්න ඇයගේ කාමරය පුරාම ලේ පැල්ලම් තිබුනා. මේ ගැටළු දෙකම ලොකු අභිරහස් දෙකක්. වෙච්ච කිසිම දෙයක් හිතාගන්න බැහැ. නමුත්, හදිසියේම දෙයක් සිද්ධවෙනවා. මේ වගේ දෙයක් මුළු පොලිස් ඉතිහාසය පුරාවටම සිද්ධවෙලා නැහැ. මේ සිද්ධවෙච්ච දේ නිසා මාත් ඇතුළුව, කිහිප දෙනෙක්ගේ ජීවිත උඩි යටිකුරු වෙනවා. සිද්ධවෙච්ච දේ අකුරක් නෑර දැනගන්න අවශ්‍ය නම්, එන්න…මාත් එක්ක අත්වැල් බැඳගන්න. මගේ ජීවිත කතාවේ වැදගත්ම කොටසක් මාත් එක්ක බෙදාගන්න. විශ්වාසයෙන් කියනවා, මේ වගේ කතාවක් නම් ඔයාලා ජීවිත කාලය පුරාවටම අහලා නැතිව ඇති. ඒ වගේම, අහන්න හම්බෙන එකකුත් නැහැ. ඔයාලට හුස්ම ගන්න එක පවා මොහොතකට අමතක වේවි. මුලින් මං අහපු ප්‍රශ්න දෙකටත්, ඔයාලට උත්තර හම්බවේවි. එන්න… මගේ කතාවට සාදරයෙන් පිලිගන්නවා. මෙයට, ඔබේම හිතවත්, දීපක්. 

දමිළ සිනමාව කිව්වම ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ, අතාත්වික සටන් සහිත, බොළඳ චිත්‍රපට ක්ෂේත්‍රයක් හැටියට. මේ චිත්‍රපටයත් සමගින්, ඒ සියලුම දෙනාට මං අභියෝග කරනවා. මේ චිත්‍රපටය අවසානය තෙක් නරඹලා, පුළුවන් නම් කියන්න, දමිළ සිනමාව කියන්නෙ කිසිම වැඩකට නැති දෙයක් කියලා.  Mystery, Thriller  යන කාණ්ඩ යටතේ,  IMDB දර්ශකයේ 9.2 ක අගයක් සහිතව,  මෑත කාලීන දමිල චිත්‍රපට ඉතිහාසයේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් චිත්‍රපටය… විචාරක මතයන්ට අනුව, එදා මෙදා තුර දමිල චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදනය වූ විශිෂ්ටතම චිත්‍රපට අතුරින් පෙරමුණේම තැබිය හැකි ඇති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්… දමිළ, තෙලිඟු සහ මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයන් සිය අසීමිත රංගන කෞශල්‍යයෙන් හැඩගැන්වමින්, චිත්‍රපට 150 කට අධික ප්‍රමාණයක රංගනයෙන් දායක වූ Rahman ගේ තවත් සුවිශේෂී රංගන හැකියාවක් විදහා පාන්නාවූ චිත්‍රපටයක්… ඉන්දියානු රුපියල් කෝටි 17 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සහිත විශිෂ්ට නිර්මාණයක්… සියළුම දෙනා වෙත සෙනෙහෙ සිතින් පිදීමට අවසරයි එසේනම්….

The Girl with All the Gifts (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.cz – Dhuruvangal Pathinaaru (2016)[720p HD – AVC – MP4 – 950MB – ESubs – Tamil]

ලබා දී ඇති උපසිරසි සියලුම TamilRockers HD පිටපත් සඳහා අදාළ වේ.

14,622 downloadsDownload Dhuruvangal-Pathinaaru-2016-සිංහල-උපසිරැසි.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

14,622 downloadsDownload Subtitles46 KB

76 comments

  1. mithun

    මේ පර නම් ෆට්ටම එකක් වගෙ ගෙනත් තියෙන්නෙ සිංහල සබ් එකට තැන්ක්ස් සහෝ රෙටින් එක දකිද්දීම පිස්සු හැදිල කොම් හෙව්වෙ ඉක්මනින් ගන්න කියල නියමයි සහෝ සතුටුයි

  2. කෞෂාන් පියුමන්ත

    හම්මේ ඉතින්, නොබලා කොහොමද. සබට ස්තූතියි සහෝ

  3. Jack

    නියමයි මචෝ.
    මේක නම් බලන්නමයි හිතෙන්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sachin gimhan

    Sub ekata thuthi.... :)

  6. thisal

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  7. Joel shehan

    Mchn puluwan nm bairavaa eke sub denna ikmanata tamilrocker.cz site ekata dala thiyenne original copy eka

  8. Nirodha uthpala

    Yako sisilayaaaaa a ummma digatama demu obata jaya bro

  9. Marco

    Thank you very much machan..diagatama sub denna....hodata visthara karalan thiyenava...mewa kammali amaru weda..ubala kana katta apita therenava ban...api me athal eke balanne ubalage watina kalaya kapa karapu subs...ubata pin

  10. Dilan

    Thank bro.. jaya wewaa..!!

  11. අසිත

    patta saho thanks

  12. Iresh Laksahan

    Thank bro

  13. lahiru

    wisthare kiyawala gaththe.......sirawatama patta film ekak saho.bohoma sthuthi sub ekata

  14. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Sasitha Asaranga

    me wage tamil movies balanna patta kemathi.. Thanks macho

  16. Dhanushka

    උබල නම් එල ඕයි HD ආව විතරයි මෙන්න සබත් දාල එල එල සබ එනකම් හිටියේ

  17. CMX

    Doctor Strange Ekata Sub Dennako...

  18. dedunu

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
    සුබ අනාගතයක්!
    බුදුසරණයි.

  19. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  20. Malith

    Ela kollohhh ohoma yan

  21. Chalana Rukshan

    thnx bro.. patta lipiya

  22. නිරෝෂ්

    ස්තුතියි සිසිල.ජයවේවා !

  23. mahesh

    supirima film ekak wage kathawen hithenne.
    sub ekata thank you!!!

  24. Chamara

    Sub eke file type eka rar. tiyena nisa sub eka daganna amarui. srt nam awlak na. pls help.

    1. Sisila Prasad

      දීලා තියෙන ෆයිල් එක extract කරගන්න.

    2. Chamara

      Thanx saho. wade hari. All the best

  25. Thili

    sisil aiye oua dunnoth pattayak tama.aniwa balanawa.oualage magansiyata apen suba patum.aiye tawa aluth ewa aran ennna.api balan innawa.gd luck aiyeeee.

  26. sara

    Thank you!

  27. Priyantha

    සහෝ sub file එක extract වෙන්නේ නැනේ.
    plz help

    1. Sisila Prasad

      මුලින්ම winrar සොෆ්ට්වෙයා එක install කරගන්න.

  28. vishwa

    patta film eka.thankz for sub................

  29. Palitha de Silva

    thank you verymuch..

  30. Thili

    film eka ganna me site ekaga yanna.300mbmoviesdl.com.patta site eka bro.

  31. Menu

    Thank you!

  32. සුරේෂ් ජයතිලක

    නියමයි සිසිල අයියා

  33. kevine

    Sinhala subtitle can not download brother help me plz

  34. Jim Anderson

    niyamai ayya.jayawewa !!!!!

  35. Saranga Liyanagama

    Thanks bro

  36. Chami.S

    Thanks...

  37. Kasun Widusha

    Tnx bro

  38. ධනුක

    super machooo

  39. pasindu

    thanks..................!

  40. අනුෂ්ක දිල්ශාන්

    thanx bro sub ekata

  41. Kavishan Werasinghe

    Me movie ekata 950mb copyia nathuwa 400MB/700MB link enne nadda .hd rip ekata sub eka wadakaraida.

  42. Priyan Chngd

    යාලුවනේ බලපු අය මගේ පටලැවිල්ල ලිහලා දෙනවද.?
    ඒ තාත්තා මිනීමරුව මෙයාමයි(කවුද කිව්වොත් බලන්න ඉන්න අයට කරන අසාධාරණයක්නෙ ) කියලා දැනගන්නේ ජීප් එකේ එලවනකොට නේද අර පන්නන වෙලාවේ.?
    ඒත් එයා කාගෙ කවුද එතන සිද්ධියේ නාදුනන අයත් ඉන්නවනේ..
    අනේ තෝරලා දෙන්ටකො සැදැහැති පින්වතෙක්.මට අඤ්ඤකොරොස් වෙලා වගේ

    1. Priyan Chngd

      hari hari..again & again baluwa 3 paarak withara..
      dan theruna..........

      pattama Maxxa film 1k..recomment for all :-)

  43. R.S. Samantha

    onna mamath banna damma
    visthare baluwama nogena bane...
    Thank You
    ela ela

  44. malith

    Ela ela

  45. sudujaya

    ela

  46. Kaveen Gayath

    Thanks for sub bro...

  47. MAMC

    Film eka ganne kothaninda

  48. Amilperera

    Thnks saho sub ekata

  49. NuwanK

    Thanl u bro

  50. nihalpujitha

    super broo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.