මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 8.0 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන, රාජ් කපූර් සහ නර්ගීස් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින…
මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 8.0 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන, රාජ් කපූර් සහ නර්ගීස් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වන්නේ සාගර්, කාමෝ සහ සාමන්ත් ය. මව අහිමි “කාමෝ” ඉතා ධනවත් පවුලක එකම දියණිය විය. ඇයගේ පෙම්වතා වුයේ “සාමන්ත්” නැමැත්තාය. ඔහු වෙනත් තරුණියන් කීප දෙනෙක් ද ඇසුරු කරන ඉතා කපටි පුද්ගලයෙක් විය. නමුත් මේ බව කාමෝ දැන සිටියේ නැත. පියා මෙම සියලු තොරතුරු දන්නා නිසා ඔහු මේ සම්බන්ධයට දැඩිසේ විරුද්ධතාවයක් දැක්වූයේය. දිනක් තම පියා සමඟ උරණ වූ කාමෝ කිසිවෙකුට නොදන්වා අතුරුදහන් විය. ඇය සාමන්ත්ව සොයායන අතරමඟ දී “සාගර්” නමැති පුවත්පත් වාර්තාකරු හමුවිය. ඔහු ඉතාමත් අවංක පුද්ගලයෙක් විය. මේ අතර තම දියණිය සොයාදෙන කෙනෙකුට විශාල මුදල් ත්‍යාගයක් පිරිනමන බවට කාමොගේ පියා විසින් පුවත්පත් දැන්වීමක් පළකරන ලදී. ඒ අනුව බොහෝ දෙනෙක් මෙම ත්‍යාගය ලබා ගැනීමට ඇයව සොයන්නට විය. සාගර්ටද මෙම දැන්වීම දක්නට ලැබිණි. එතැන් සිට ඔවුන්ට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්” , “ගීත්” “අප්නා දේශ්” “අර්සු” “කැරවෑන්“,”අල්බේලා” , “ජන්ග්ලී“යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති මෙම https://drive.google.com/file/d/0B3BxOq2-_xCDd0VIeUFaT0FheWs ලින්ක් එක කොපිකර ගූගල් සර්ච් බාර් එකේ පේස්ට්කර සර්ච් කිරීමෙන් මෙම සිංහල උපසිරසියට අදාළ වීඩියෝව බාගත කිරීම සිදුකර ගත හැකිය.
ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය දිනෙක මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසි තුන්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
1,607 downloadsDownload Chori-Chori-1956.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
14 comments
Udara Damith B/K
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!KAVINDA GAMAGE
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Kulanjana Maduranga
niayamai…great work ...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කසුන් හර්ෂණ
50 දශකයේ තවත් ස්වර්ණමය නිර්මාණයක්.අති විශිෂ්ටයි.ඔබට නම් සම්මානයක් දෙන්න වටිනව ප්‍රියන්ත සහෝ මේ කරන මහඟු සේවය වෙනුවෙන්.මෙවැනි චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණයට තවත් නවක උපසිරැසිකරුවන් යොමු වන එකක් නැහැ.ඔවුන් බලාපොරොත්තු වන download ප්‍රමාණය සහ comment ප්‍රමාණය ඔවුන්ට නොලැබෙන නිසයි
දහරා මුතු අමා
මේක නම් කලින් බලල නෑ. හොඳ ඇති කියල හිතනවා.
බොහොම ස්තූතියි උපසිරැසියට.Mihiraj Abayarathna
me link eke tiyenne wena film ekak needa
Thilakarathna
Mihiraj Abayarathna සොයුර,
ඔබ දක්වා ඇති දෙය නිවැරදියි. ලින්ක් එක නිවැරදි කිරීමට කටයුතු කළා. ස්තුතියි!
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝමත්ම ස්තුතියි මෙම සිංහල උපසිරැසිය ලබාදීම පිළිබඳව..ඔබට ජය විතානගේ සහෝ..!..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මන්නම් මේවා බලන්නේ නැ
එත් බලන අය වෙනුවෙන් උපසිරස දුන්නට ස්තුතියි