Watch Trailer

Bone Tomahawk (2015) with Sinhala Subtitles |බිහිසුණු කෙටේරිය… [සිංහල උපසිරසි සමඟ]

සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් වාසී ඔබ සැමටම! හැමෝටම ආයුබෝවේවා! මේක මගේ පළමු උපසිරැසිය. ඔන්න ඉතින් අන්තිමට මමත් බයිස්කෝප්ලන්තෙට එකතු වුනා. මටත් හිතුනා හැමදාම නිකමෙක් වගෙ ඉදලා හොරෙන් හොරෙන් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගියාට වැඩක් වෙන්නෙ නෑ කියලා. යාළුවනේ අවංකවම කියනවානම් මම සබ් සියයකට වඩා බාගෙන ග…

Bone Tomahawk (2015)

සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් වාසී ඔබ සැමටම! හැමෝටම ආයුබෝවේවා! මේක මගේ පළමු උපසිරැසිය. ඔන්න ඉතින් අන්තිමට මමත් බයිස්කෝප්ලන්තෙට එකතු වුනා. මටත් හිතුනා හැමදාම නිකමෙක් වගෙ ඉදලා හොරෙන් හොරෙන් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගියාට වැඩක් වෙන්නෙ නෑ කියලා. යාළුවනේ අවංකවම කියනවානම් මම සබ් සියයකට වඩා බාගෙන ගිහින් ඇති නමුත් ලැජ්ජාවෙන් වුනත් කියන්න වෙනවා, මේ අයියලා අක්කලා මහන්සි වෙලා මේ කරන සේවය ගැන, අගය කරලා මං තවම වැඩිම වුනොත් කමෙන්ටු දෙකක් දාලා ඇති. ඉතින් යාළුවනේ මේ මගේ පලවෙනි සබ් එක නිසා අඩුපාඩු ඇති.ඒ නිසා අඩුපාඩු කියලා බැනලා හරි පහලින් කමෙන්ටුවක් දාගෙන යන්න හැමෝම. පංපෝරි ගැහුවා ඇති. දැන් අපි හැරෙමුකො ෆිලුම පැත්තට.

හෝව් හෝව් පොඩ්ඩ්ක් ඉන්න තව පොඩ්ඩෙන් අමතක වෙනාවා. මුලින්ම මං ස්තූති කරන්න ඕනි මගේ හොඳ යාලුවෙක් වෙන ‘සමීර කරුණාරත්න’ සහෝට. මොකද මට සබ් එකක් කරන්න ඕනි කිවුව ගමන්ම එයා තමයි මේ ෆිලුම ගැන මට කියලා ඒක එයාම මට වෙන් කරලා දුන්නේ. ඒ වගේම මං ‘සමීර චතුරංග’ අයියටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මොකද ඔහුත් මට ගොඩාක් උපදෙස් ලබා දුන්නා මේ ගැන. එහෙම ස්තූති නොකරනම් ඉතින් මං මෙලෝ රහක් නෑනෙ නේද? හොඳයි දැන් හැරෙමුකෝ ෆිලුම පැත්තට. මේක drama,horror ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. මේක 7.1 ක් වගෙ imdb අගයක් අරන් තියෙනවා. ඒ වගේම මේකෙ ඔයලා කවුරුත් අඳුරන නළුවෝ සෙට් එකක් ඉන්නේ. The Art of the Steal (2013) ෆිල්ම් එකේ ඉන්න Kurt Russell මේකේ පොලිස්පති හන්ට් විදියට රඟපානවා. ඒ වගේම Lost (2004) රූපවාහිනී කථා මාලාවේ ඉඳපු Matthew Fox මේකේ බ්රූඩර් විදියටත්, Fargo (2014) රූපවාහිනී කෙටිකථා මාලාවේ වගේම Zipper සලරුවේ ඉන්න Patrick Wilson මේකෙ ඕ’ඩ්වයර් විදියටත්, White House Down (2013) වගේම Jack Reacher (2012) සලරු වල ඉන්න Richard Jenkins මේකෙ නියෝජිත කෝරි, එහෙමත් නැතිනම් චිකරි විදියටත් රඟපානව.

මේකෙ කථාව නම් අන්තර්ගත වෙන්නේ මේ හතරදෙනයි, රතු ඉන්දියානුවන්ගෙන් වෙන්වුනු, භාශාවක් නැති ගෝත්‍රිකයොයි අතර වෙන ඇබැද්දියක් ගැන. මේ කියන ඉන්දියානුවෝ මිණීකන ගෝත්‍රයක පිරිසක්. පොඩි විස්තරයක් කරනවනම්, මං මුලින් කිවුව අර, ඕ’ඩ්වයර් කියන පුද්ගලයගේ බිරිඳව අර දාමරිකයො විසින් පැහැරගෙන යනවා. ඉතින් ඇයව බේරගන්න මේ ඕ’ඩ්වයරුයි, පොලිස්පති හන්ට්, බ්රූඩර් සහ චිකරි යි අර දාමරිකයින්ගේ වාසභූමියට යනවා. ඒ යන අතරමඟදි වෙන්නෙ මොනවද, ඔවුන්ට දාමරිකයො එක්ක සටන් කරගන්න පුලුවන්ද, මෙයාලා ජීවත් වෙයිද, ඕ’ඩ්වයර් මහත්මිය ජීවතුන් අතරද කියලා දැන ගන්නත් එක්ක ෆිලුම බාගෙනම බලන්නකෝ.

මං ඔක්කොම කියන එකේ අගයක් නෑනෙ නේද? ඉතින් එහෙනම් යාලුවනේ ලඟදිම තව ෆිල්ම් එකකින් හමු වෙමුකෝ. ජනවාරි පලවෙනිදාට කලින් දෙන්න හිතාගෙන හිටියේ. නමුත් කරගන්න බැරි වුනානේ. ඉතින් එහෙනම් හොඳ නරක කියලා අදහසක් පහලින් පළකරගෙන යන්න හොදේ. හැමෝටම බුදුසරණයි!!!   

Bone Tomahawk (2015) on IMDb

 

 

988 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

2F763C2719CAF912FD8CB49F29F28EB3386C91C6

1.93 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

9FCFE734B62A8EFDC489FA979A6317240C162AC6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,251 downloadsDownload Bone-Tomahawk-2015-baiscopelk.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/unnamed-e1451677903477.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් කරුණාතිලක

Subtitles

2,251 downloadsDownload Subtitles94 KB

23 comments

  1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    කැපවීමට ගොඩාක් ස්තූතියි
    ලස්සන කතාවක් වගේ
    ඒ වගේම අවංකව පිළිගෙන, මේ කාර්යෙහි අමාරුව තේරුම ගැනීම ගැන සතුටුයි
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සහෝ!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතමි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා සහෝ
    ජයෙන් ජයම වේවා !!!

  2. Purnima

    ඊතන්ගේ ෆිල්ම් හැම එකම වගේ මං බලලා තියෙනවා. මේකත් අනිවා බලනවා. අද මං එකද? Happy new year!

  3. udara

    welcome baiscope team....1st sub ekta congrts broo
    twa ma wage hit ekaktma sub argena enna labenna kyla wish krnwa
    keep it up broo
    nice work..
    jaya wewa...

  4. asd

    thanks bro. happy new year.

  5. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
    happy new year......

  6. එල්.සී.දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා කසුන් සහෝ...
    ජය...

  7. nirosh

    welcome to baiscope bro.. den ithin digatama sub dimak tama thiyenne.. ala ala... good luck.

  8. සනත් ශ්‍රීමාල් පෙරේරා

    සදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
    පළමු උපසිරස ගැන්වීමට සුබ පැතුම් සහෝට...
    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  9. sumeda

    wc back

  10. Jeewantha

    පලමු උපසිරසියට සුභ පැතුම්

  11. asitha

    පට්ට ෆිල්ම් එකක් වගේ.බාල මේ පැත්තේ ආව විතරයි සබත් දීලා.
    එල.තෑන්ක්ස්
    මගෙන් සුබපැතුම්!!!!

  12. මධුකප්‍රිය පෙරේරා

    අලුත් අවුරුද්දක් පටන්ගන්න කොටම කරපු
    වැඩේට හදවතින්ම සුබ පතනවා.අලුත් අවුරුද්දක අලුත් කොල්ලෙක් අලුත් ෆිලුමක්
    එක්කම ඇවිත්.ඒවගේම මේ වැඩේ තියෙන අමාරුව තේරුම් අරගෙන කරන එකත් ලොකු දෙයක්.
    අමාරුයි කියලා නවතින්නේ එහෙම නැතුව දිගු ගමනක් යන්න සුබ පතනවා..
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඔබව.ඒවගේම උපසිරසියටත් ස්තුතියි..

  13. නලින් පෙරේරා

    පළමු උපසිරස නිර්මාණයට සුභ පැතුම් කසුන් සහෝ...

    දිගටම අඩවිය වෙනුවෙන් නිර්මාණ අරන් එන්න..

    ජය වේවා!

  14. Madusanka Jayasooriya

    එල මචන් දිගටම උපසිරැසකරණයේ යෙදෙන්න. ජය වේවා.

  15. Isuru

    Thanx bro

  16. Sajith Anthony

    පලමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම් සහෝ!
    සබ් එකට ගොඩාක් ස්තුති,
    ජය වේවා...!!!

  17. sanjeewa

    පළමු උපසිරස නිර්මාණයට සුභ පැතුම්

    ලස්සන ෆිල්ම් එකක් දුන්නට ගොඩක් ස්තුතියි..දිගටම අඩවිය වෙනුවෙන් නිර්මාණ කරන්න

    ඔබට ජය!

  18. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!

  19. Jack

    නියමයි මචෝ...
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරමු.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  20. Iraj Asela

    Thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. Kasun

    එල

  23. Prasad Kandamulla

    ''''''''''''''''බොහොම ස්තුතියි සබ් එකට සහෝ'''''''''''