Watch Trailer

The Hatred (2017) with Sinhala Subtitles | වෛරයෙන් පලිගැනීමට ආ යුදෙව් යක්ශණියක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය…! හොදින් ඉන්නවනේ. ඔන්න එහෙනම් නැවතත් සුපිරිම ෆිලුමක් අරගෙන එන්න හදන්නෙ. අද එක්කෙනෙක් නෙවෙයි. සචීල දෙන්නෙක්ම. ඉතින් මේ ෆිලුම බාරගෙන තිබුණෙ දිල්ශාන් සචින්ත අයිය වුණත් එයාට හදිස්සි ගමනක් යෙදුණ නිසා මේකෙ ඉතුරු ටික කරන්න මට බාර කරා. ඔන්න එහෙනම් වැඩි වැල් වටාරම් නැතුව යමුකො ෆිලුම දිහාවට. 20…

කොහොමද කස්ටිය…! හොදින් ඉන්නවනේ. ඔන්න එහෙනම් නැවතත් සුපිරිම ෆිලුමක් අරගෙන එන්න හදන්නෙ. අද එක්කෙනෙක් නෙවෙයි. සචීල දෙන්නෙක්ම. ඉතින් මේ ෆිලුම බාරගෙන තිබුණෙ දිල්ශාන් සචින්ත අයිය වුණත් එයාට හදිස්සි ගමනක් යෙදුණ නිසා මේකෙ ඉතුරු ටික කරන්න මට බාර කරා. ඔන්න එහෙනම් වැඩි වැල් වටාරම් නැතුව යමුකො ෆිලුම දිහාවට.

2017 අගෝස්තු 17 ලොව පුරා තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය IMDb 3.9ක් ලබාගන්න සමත් වෙලා තියනවා. පොඩ්ඩක් අඩු අගයක් වුණත් වගකීමෙන් යුතුව කියන්න ඕන මේක සුපිරිම ෆිලුමක් කියලා. Horror, Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම විනාඩි 90ක් විකාශය වෙනවා. Horror චිත්‍රපටි බලන අයට මතක ඇතිනෙ 2015 තිරගත වුණ Hush චිත්‍රපටිය. අන්න ඒ චිත්‍රපටිය අධයක්ශණය කරපු Michael G. Kehoe තමයි මේ සුපිරි ෆිලුමත් අධ්‍යක්ශණය කරල තියෙන්නෙ. නලු නිලියන් ගැන කතා කරොත් Stitchers ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණ Sarah Davenport තමයි මේ චිත්‍රපටියෙත් රේවන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. Andrew Divoff , Darby Walker , Nina Siemaszko , Shae Smolik , Gabrielle Bourne සහ Bayley Corman තමයි මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය දක්වන අනෙකුත් නලු නිලියන් වන්නේ. ඒ වගේම ඉතින් රංගනය, කැමරාකරණය, පරිගණක සැකසුම වගේ දේවල් ඉතා ඉහලින්ම තියනව කියල කියන්න පුලුවන්. ඉතින් මේක Horror චිත්‍රපටියක් නිසා මේකෙ කතාව එච්චරම නොකිය ඉන්නම්.

චිත්‍රපටිය ආරම්භ වෙන්න 1968 සියර්ස් කියන ගොවිපලෙන්. ඒකෙ අයිතිකරු තමයි සැමුවෙල් සියර්ස්. ඉතින් එයා දෙවන ලෝක යුද්ධයෙදි නාසි හමුදාව නියෝජනය කරපු සොල්දාදුවෙක්. ඉතින් එයා යම් ආකාරයක අමුතු ජීවිතයක් තමයි ගත කරන්නෙ. දන්නවනෙ ඉතින් දීර්ඝ කාලයක් සොල්දාදුවෙක් වෙලා හිටියම යුද්ධයේ අමිහිරි අත්දැකීම් එක්ක වෙන දේවල්. ඉතින් මෙයාගෙ දුව තමයි ඇලිස් කියන්නෙ. ඉතින් මේ සැමුවෙල් තමන්ගෙ දුවට කිසිම නිදහසක් නැති සම්ප්‍රධායික ජීවිතයක් පුරුදු කරනවා.

ඉතින් මේ ගැන කතාවක් ඇති වෙලා සැමුවෙල් අතින් තමන්ගෙ දුව වෙන ඇලිස්ව මියයනවා……එතනින් පස්සෙ කතාව යන්නෙ 2017 අවුරුද්දට. ඒ සිදුවීම් පෙල නම් ඉතින් ඔයාලම බලාගන්නකො. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් සුපිරිම චිත්‍රපටියක්. යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් හමුවෙමු. එතකන් කස්ටියටම ජය වේවා…!

෴ජය෴

The Hatred (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,678 downloadsDownload The-Hatred-2017.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සහ  “දිල්ශාන් සචින්ත(සචී)” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,678 downloadsDownload Subtitles36 KB

22 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  3. අසිත

    elama saho thanks

  4. අසිත

    පුංචි නිවැරදි කිරීමක් මේක අධ්‍යක්ෂණය කරපු කෙනා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hush (2016) නෙමේ Hush (2015) නමින් තිරගත උනු short ෆිල්ම් එකක්.Hush (2016) Mike Flanagan ගේ අධ්‍යක්ෂණයක්....

  5. Amalka Himeshan

    තැන්ක්ස් මචන්ල සබ් එකට ෆිල්ම් එක බාගත්ත

  6. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Malinda

    thanks bro

  8. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. shashika

    tnQ mchn sub ekata..

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  11. pradee

    thanks

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. nirosha

    Trailer ekanam hoday wage. imbd eka adu ay danna. balannama wenawa. sub ekata thanksh

  14. M.S

    බලමු එකක්

  15. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  16. viraj

    ANE MATA limk ekak dennko me subtitle ekata gelapena

  17. Gayan madushantha

    Thanks sub ekata...

  18. Sohan Jayasooriya

    සබට තුති වීවා සචී පුතීලා..

  19. Amila windika

    උපසිරැසියට බොහොම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. mahibandara

    හැමදේම හොදයි යාළුව. ස්තූතියි. ඒත් අැයි චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගන්න මේ තරම් කට්ටක් කන්න වෙන්නේ? අැයි සබ් ඒකයි ෆිල්ම් ඒකයි ඒකම තැන කිසිම චාටර් ඒකක් නැතුව ගන්න පුළුවන් විදිහට දාන්න බැරි? අැයි අවුලක් නැති විදිහට කාලය නාස්ති නොවී ගන්න පුළුවන් විදිහට දානන්න බැරි?

  22. Shenal sachin

    Niyama wadak macho