Watch Trailer

The Girl Who Leapt Through Time (2006) AKA Toki o kakeru shôjo with Sinhala Subtitles | නැවත අතීතය කරා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. මං දෙවනි සබ් එකත් ඔයාලට අරන් ආවා. මං හිතනවා මගේ පළවෙනි සබ් එකත් රසවිඳින්න ඇති කියලා. මේ පාර අරන් ආවේත් ජපන් ඇනිම් ෆිල්ම් එකක්. ජපන් ඇනිම් රසික රසිකාවියෝ මාත් ඇතුළුව ගොඩක් ලංකාවේ ඉන්නවනේ . මේ ෆිල්ම් එක ගැන කිව්වොත් සතෝකෝ ඔකුදරා ලියලා මමොරු හොසෝදා විසින් අධ්‍යක්ෂණය කරලා 2006 වසරෙදි ති…

කොහොමද යාළුවනේ. මං දෙවනි සබ් එකත් ඔයාලට අරන් ආවා. මං හිතනවා මගේ පළවෙනි සබ් එකත් රසවිඳින්න ඇති කියලා. මේ පාර අරන් ආවේත් ජපන් ඇනිම් ෆිල්ම් එකක්. ජපන් ඇනිම් රසික රසිකාවියෝ මාත් ඇතුළුව ගොඩක් ලංකාවේ ඉන්නවනේ .

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් සතෝකෝ ඔකුදරා ලියලා මමොරු හොසෝදා විසින් අධ්‍යක්ෂණය කරලා 2006 වසරෙදි තිරගත කළ ලස්සන කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. මේක වර්ග කරලා තියෙන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ 1967 මේ නමින්ම යසතකා සුත්සුයි විසින් ලියවුනු පොතක්. ෆිල්ම් එක තිරගත වෙලා අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ 2009 මේක පාදක කරගෙන චිතු කතාවකුත් 2010 දි මේ නමින්ම ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකකුත් නිකුත් වෙනවා. නමුත් මේ හැම කතාවක්ම එකකට එකක් චරිත සහ අන්තර්ගතය වෙනස්. 2010 ෆිල්ම් සබ් එකත් (A Girl Who Leapt Through Time) බයිස්කෝප් අඩවියෙන් ඔයාලට ගන්න පුළුවන්. මුලින් අවම ප්‍රචාරණයක් යටතේ තැන් කිහිපයක පමණක් තිරගත වුනු මේ ෆිල්ම් එකට ලැබුන හොද ප්‍රතිචාරත් එක්ක ඇමරිකාවේ හා එංගලන්තයේ දී ද ඉංග්‍රීසි බසින් පරිවර්තනය කර තිරගත වීම ඇරඹෙනවා. IMDb 7.8 ක රේටින්ග් මේ ෆිල්ම් එකට තියෙනවා.

කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ මකෝටෝ කොනෝ කියලා ගෑණු ළමයෙක්. මෙයා අනිත් අය වගේම හරිම විනෝදෙන් ජීවත් වෙන්නේ. බේස් බෝල් තමයි ආසම ක්‍රීඩාව. හැමතිස්සෙම කරදර වලට පැටලෙන එක මෙයාගේ පුරුද්දක්. මෙහෙම ඉන්නකොට මෙයා හදිස්සියේ අර වගේ ලෙස්සලා වැටෙනවා. මේ වැටෙන මොහොතේ එයාට තේරෙනවා එයාව වැටෙන්න ගොඩක් වෙලා යනවා කියලා. එයාට ඒක එච්චර ගානක් නෑ. එදා ස්කෝලේ ඇරිලා වෙනදා වගේම මකෝටෝ බයිසිකලෙන් ගෙදර යන්න පිටත් වෙනවා. මකෝටෝ යන්න ඕනේ ලොකු පල්ලමක් එක්ක තියෙන රේල් පාරක් පහු කරගෙන. එයා මෙතනදි බ්‍රේක් ගහන්න හැදුවත් එදා බ්‍රේක් වැඩ කරන්නේ නෑ.මේ වෙලාවෙම කෝච්චියක් එතනින් යනවා. අවාසනාවට මකෝටෝව ඒ කෝච්චියට හැප්පිලා මැරෙනවා. ඒත් මේ මොහොතේ තමයි මකෝටෝගේ ජීවිතේ කනපිට පෙරලෙන්නේ. ඉතුරු හරිය ඔයාලා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. එහෙනම් මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා මං හිතනවා.

 

The Girl Who Leapt Through Time (2006) on IMDb
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත සදහා උපසිරැසි ගොනුව බලන්න.

3,304 downloadsDownload The-Girl-Who-Leapt-Through-Time-2006.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,304 downloadsDownload Subtitles37 KB

34 comments

  1. අසිත

    නියමයි සහෝදරි මේ ෆිල්ම් එකටත් සබ් දෙනකම් හිටියේ...
    ගොඩක් පින්.
    ජය වේවා!!!

    1. Tharuka

      Me anime eke Saha "A letter to momo" kiyana anime deke sub eka ganna vidiyak nadda

  2. KAVINDA GAMAGE

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  3. ඉෂාන් මදුෂ

    නියමයි.මේක සිංහල සබ් එක්ක බලන්න ගොඩක් කාලයක් බලන් හිටියා
    ඔයාට ස්තූති වෙන්න අදම බලන්න පුලුවන්.දිගටම anime වලට සබ් දෙන්න
    මොකද මේවට සබ් කරන අය අඩු පිරිසක්නෙ ඉන්නෙ.පුලුවන්නම් ඉදිරි කාලය
    තුළදී anime series එකකටත් සබ් දෙන්න.Fullmetal Alchemist season 1,2 සබ් දෙනවනම්
    පට්ට.ලගදීම live action ෆිල්ම් එකත් එන නිසා ඒක බලපුවාම කට්ටිය anime එක බලන්න
    තියන ආසාව තවත් වැඩිවෙයි.මම වැනි anime රසික රසිකාවියන් වෙනුවෙන් කරන
    සේවය අවන්කවම අගය කරනවා.ජය වේවා!

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Lushan Kuruppu

    thanks sis! keep it on!

  6. Vidura

    Thanks sis digatama anime walata sub denna :D

  7. supun bro

    bohoma thanx

  8. podda

    thanks sis!!!!!
    Animation walatama sub dennoooo

  9. Udara Damith B/K

    කලින් එක බලලාආයි එකක් කවදා දෙයිද කියලා හිටියේ මෙන එකක් දීලා
    කලින් එක වගේම මේකත් ලස්සන ඇති නෙ
    තව මේවගේ එකකින් මුණගැහෙමු
    ...................................
    සුබ අනාගතයක්

  10. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks SIS..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Navodani Thilini Sasanika

    සුභ පැතූ හැමෝටම

    1. Navodani Thilini Sasanika

      ස්තූතියි

  13. Kasun

    අනෙ පිං සිද්දවෙයි rick and morty වලට සබ්දෙන්නකො අලේ්

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  15. Ice&Fire

    pls put download link..

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. tharangani

    thanx

  18. サムフィッシャー

    ありがとうございました

  19. Sohan Jayasooriya

    ස්තූතියි සබ් එකට

  20. Tharanga

    Thanx

  21. asela ravin

    උපසිරැසි නිර්මාපකයින් ගොඩක් ඉන්නවා වගේම ඔවුන් අගයන අතරේම හදවතට දැනෙන anime සදහා ඔබ ලබාදෙන උපසිරසි ඉතාමත් අගය කොට සලකමි ...හදවතේ රිද්මයට ඔරොත්තු නොදෙන ලෝකයක හදවත ට දැනෙන නිර්මාණ දිගටම ගෙන එන්න ...නවෝදා තිලිණි ජපන් ඇනිමි නිර්මාණ සදහාම පමණක් උපසිරැසි ලබාදීම කරන්නම සිදුවේවි....ඇසට කදුලක් ගෙනෙන ඇනිමි නිර්මාණ ඕන තරම් ඇත ...ජනප්‍රිය දේට වඩා හොද දේ අපට ලබා දෙන්න ....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. GihanC

    විද්‍යා ප්‍රබන්ද ක්‍රියාදාම ඇනිමි නිර්මාණ දෙන අතරේ නෙතට කදුලක් ගෙනෙන සංවේදී ඇනිමි නිර්මාණත් ඕනි ...නැත්නම් ගුටි ...බොහොම පිං ...ඇනිමි වලට sub දෙන්නේ නැති තරම් වගේ

  24. Amalka

    බොහෝම ස්තූතියි සබ් එකට කලින් දුන්න එකත් බැලුව පලවෙනි සබ් එක කියන්න බෑ සබ් එක ලෙසටම තීබ්බ මේකත් එදාම බාගන බැලුව දෙකම පට්ට පූලුවන් නම් ඉස්සරහට තවත් anime ටිකක් දෙන්න

  25. kaweesha kalyana

    plz me film eka download karanna link ekak ona plz

    1. Anonymous

      Thava anime wala sub dhenna baidha.godk animee wala sub adui

  26. dinvithana

    Thank you very much for your great work.

  27. sam fisherr

    Wow මාරම film ඇනිමේ එකක් මම නම් දැනට බලපු හොදම ඇනිමේ film එක.ස්තුති මෙවට සබ් දෙනවට සුපිරි. පුලුවන්නම් mirai film එකටත් සබ් දෙන්න

  28. Anonymous

    Thava anime wala sub dhenna baidha

  29. Kalum harsha

    thnx

  30. Pramith

    සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

    1. Sanupa Ranmeth

      ෆික්ස් කළා සහෝ.