කොතනින් පටන් අරං කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක බැලුවෙ සබ් එක කරන ගමන්මයි, ඉතිං අවසානයෙ දැනුන කම්පනය තාමත් ඒ විදියටම තියෙනවා. ඒ හින්දා ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ, ඒ තරම් සංවේදී අවසානයක් තියෙන, එක විදියකට කිව්වොත් ආදර කතාවක් තමයි මේක. සහෝදර සහෝදරියනි, මං සාමාන්‍යයෙන් කියන්න…

කොතනින් පටන් අරං කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක බැලුවෙ සබ් එක කරන ගමන්මයි, ඉතිං අවසානයෙ දැනුන කම්පනය තාමත් ඒ විදියටම තියෙනවා. ඒ හින්දා ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ, ඒ තරම් සංවේදී අවසානයක් තියෙන, එක විදියකට කිව්වොත් ආදර කතාවක් තමයි මේක. සහෝදර සහෝදරියනි, මං සාමාන්‍යයෙන් කියන්නෙ මේකත් පුළුවන්නම් බලන්න කියලනෙ, හැබැයි අද නම් කියන්නෙ මේක අනිවාර්යයෙන්ම බලන්න කියල. අපි දවස ගානෙ ඇතිතරම් ෆිල්ම් TV සීරීස් බලනවා. ඒත් අපේ හිත්වල යම් කාලයක් හරි රැඳෙන්නෙ එහෙමත් එකක් විතරයි. ඉතිං එහෙම එකක් කාලයක් ගියත් මතක් කර කර උනත් රස විඳින්න පුළුවන්. මදැයි ඔය වර්ණනා කලා නේද?

ඉන්න ටිකක් කතාව ගැන කියන්න,

මේක ඇවිල්ලා, දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන ගොඩනගපු කතාවක්. ගොඩක් අය දන්නවා ඇතිනෙ ජපන් හමුදාව විසින් පර්ල් වරායට බෝම්බ දාලා විනාශ කලා කියල. ඉතිං ඒ වෙනුවෙන් පළිගැනීමක් විදියට ජපානයේ ටෝකියෝ වලට බෝම්බ දාන්න ගුවන් යානා පීටත් උනානෙ. මේ කතාවෙ කතා නායකයත් එහෙම ගිය ගුවන් යානයක නියමුවෙක්. ඉතිං හැබැයි එයාලට ගුවන් ගතවෙන්න වෙන්නෙ අනපේක්ෂිත විදියට ගුවන් කලාපයට ගොඩක් මෙපිටින්. ඉතිං ඔවුන්ගේ සැලසුම වන්නේ මෙහෙයුම නිම කර චීනයට ගොස් නැවත ඉන්ධන පුරවාගෙන ආපහු එන එක. ඔවුන් සාර්ථකව මෙහෙයුම අවසන් කලත් ඔවුන්ගේ යානයට සිදුවන හානියක් නිසා එය චීන බිමට කඩා වැටෙනවා. ඊට කලින් ඒ පිරිසම පැරිෂූට් වලින් එලියට පැනගන්නවා. එහෙම පනින ජැක් ටර්නර්ව නුනූ නම් චීන දැරිය විසින් කැලයේදී සොයාගනු ලබනවා. නුනූ කියන්නෙ පියා අහිමි, ධෛර්‍යමත් අම්ම කෙනෙක් ඉන්න කුඩා දැරියක්. ජැක්ව දකින ඇගේ මව වන යිං තීරණය කරනවා ඔහුට සාත්තු කරන්න. මොකද ගොඩබෑමේදී ඔහු අනතුරකට ලක්වෙලා ඉන්නෙ.

ඔය අතරෙදි තමන්ට මහා හානියක් කරපු ඒ පයිලට්ව හොයාගෙන ජපන් හමුදාව යිංගෙ ගමට එනවා. ඉතිං යාළුවනේ කතාවෙ තියෙන්නෙ තම ජීවිත පවා අවධානමේ හෙලාගෙන මේ ආගන්තුකයාව සඟවා තබාගැනීමට ඒ අහිංසක දුප්පත් අය උත්සාහ කරන අන්දම, ඒවගේම ඒ වෙනුවෙන් ඔවුන් කරන කැපකිරීම් ගැන. හැබැයි එහෙම බලද්දිනම් එයාල දුප්පත් නෑ කියල හිතෙනවා. ඒ එයාලගෙ හදවත් වලින්. කැපකිරීම් ගැන කියපු නිසා කියන්න ඕනෙ මේ කතාවෙ දැකපු විශේෂයක් තමයි මෙහි ප්‍රධාන චරිත හැමෝම වගේ විවිධ කැපකිරීම් කරනව, ඒ විවිධ හේතූන් මත. ඒ දේවල් වලින් කතාව ලස්සනට සරසලා තියෙනවා. ඔය ඇති නේද කිව්වා? නැත්නම් බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. බොරුවට කිව්වෙ, ඔය කිව්වෙ කතාවෙ සැකිල්ල විතරයි.

එහෙනම් මේකෙ නිර්මාණ දායකත්වය ගැනත් කෙටියෙන් ටිකක් කියන්නම්. මුලින්ම කියන්න ඕනෙ ඇයි මේකට නම් තුනක්ම දාලා තියෙන්නෙ කියල. මොකද මේ චිත්‍රපටය The Hidden Soldier 2017 , The Chinese Widow 2017, In Herm’s Way 2017 කියන නම් තුනෙන්ම තියෙනවා. එතකොට තව 2017 වගේම 2018 කියලත් සමහර තැන්වල තියෙනවා. In Herm’s Way කියන්නෙ නම් මේක ඇමරිකාව තුල ප්‍රදර්ශනය කරද්දි දාපු නමලු. එතකොට The Hidden Soldier කියන්නෙ බ්‍රිතාන්‍යයෙදි ඒක හඳුන්වලා තියෙන නම. Chinese Widow කියන්නෙ චීන ප්‍රදර්ශනයෙදි ඒක නම් කරලා තියෙන විදිය. ඉතිං ඒ ගැන කිව්වෙ මොකද ඒ නම් වලින් දැනටමත් ඔයාලා ගාව වීඩියෝ එකක් තිබ්බොත් කියල.

මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bille August විසින්, එතකොට කතාව ලියලා තියෙන්නෙ Greg Latter සහ Mabel Cheung යන අය වීසින්. රංගනයෙන් දායක වෙනවා Emile Hirsch, Liu Yifei, Fangcong Li යන අය. විනාඩි 97ක ධාවන කාලයක් සහිත මෙය 6.1ක Imdb අගයක් ලබාගෙන තියෙනවා. මේක වර්ගීකරණය කරලා තියෙන්නෙ History, Romance, War යන ඛාණ්ඩ වලට. මේ සළරුව Shanghai International Film Festival (2017) හිදී Best Feature Film සඳහා යෝජනා වී තිබෙනවා. ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2017 නොවැම්බර් 10වෙනිදායි. ඉතිං ඔය දේවල් තමයි කියන්න තියෙන මූලිකවම කියන්න තියෙන්නෙ.

විශේෂයෙන්ම ස්තූති කරනවා මුහුණු පොතේ මනෝජ් සොයුරාට, ඔහු තමයි මේ උපසිරසිය ඉල්ලා හිටියෙ. ඒවගේම ඉල්ලන ගමන්ම අවසරය ලබා දෙන හැන්ඩි මල්ලිටත්, ඒවගේම අනිත් ඇඩ්මින් සහෝදරයන්ටත්, තරිඳු රුක්ෂාන් ඇතුළු අනිත් සොයුරු සොයුරියන්ටත්, ඒවගේම රසික ඔබ හැමෝටමත්, අපිත් එක්ක රැඳී සිටීම වෙනුවෙන්.

එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් තවත් උපසිරසියකුත් අරං, එතකල්,

ඔබට ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

5,761 downloadsDownload The-Hidden-Soldier-2018.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

5,761 downloadsDownload Subtitles32 KB

52 comments

  1. Tharaka

    THANKS..........

  2. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  3. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  4. Ranga Heshan

    තුති වේවා සහෝ ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගත්තාඅ බලන ඔබට ජය

  5. ranga1984

    Thanks . Brother .. thawa aluth fims karanna jaya ...

  6. rockz2020

    බොහොම ස්තූතියි සහෝ ජයවේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    The Cloverfield Paradox (2018)
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  7. msmanoj

    ස්තුතියි සහෝ.....

  8. Hashan M. Priyadarshana

    Thank you broo

  9. Rumesh dhanushka

    Thanks sahoo

  10. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා.
    අනිවා බලන්න ඕන
    දිගටම සබ් දෙමු ආ...ඔබට ජය

  11. Gayantha Jayaneththi

    බොහොම ඉස්තුතියි වැය වෙහෙසට ඔබට ජය.

  12. sanjeewakbg

    Thanks bro...

  13. Lakshansilva18

    Ww2 movie ekaknam aniwa balanawa

  14. gihan perera

    ස්තුතියි සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජයෙන් ජය.....

  15. jaani

    නියමයි සහෝ ස්තූතියි !

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  18. Sachithra 73337

    thanks for the subtitles...

  19. harshani11112

    ස්තුති ගයාන් සහො
    තෙරැවන්සරණයි

  20. Kulanjana Maduranga

    subata thanks saho

  21. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. suranuwan

    thank you...

  23. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  24. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
    මේ වගේ පිලුම් වලට උපසිරැසි දිගටම දෙන්න.
    තෙරුවන් සරණයි ....!

  25. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. යුරාන් ධනුක (ධනූ)

    නියමයි සහෝ.. බොහෝම ස්තූතියි උපසිරැසියට ජය !!!

  28. D.Chamara

    BOHOMA STHUTHI SAHOOO JAYA

  29. Su

    Thankds saho sub ekata.. :)

  30. JAPBOY

    thank you for the subtitle

  31. prabhathmadushanka

    sub ekta thnx puluwnnam POLIS EVO 2 EKTA SUB EKA DENNAKO

  32. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .gayan bro

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. asithaask

    thank

  35. ricadodamien

    Thank U Gayan Brother & baiscope team for the sub, loved it. all the best to baiscope team............

  36. AsithaDilruwan

    ela saho thanks

  37. Shadow125

    Thanks :)

  38. chinthaka_priyadrshana

    Patta bro. Best film ever seen..........Thank U very much.............

  39. Asanka Nadishan

    thaks saho

  40. bLack_sNow

    Thank you saho sub ekata

  41. AmiLa

    Thanqq bro

  42. R-TJ

    thnqqqq bro

  43. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
    ජයවේවා...!

  44. jediting97

    Sub eka ganna kalin Wisthare kiyawala man comment karanne. film eka nobaluwath, a description eka nam hitha godak kalambanna tharam prabala una.. thanx bro. me danmama film eka balanawa.

  45. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  46. Karan wijesingha

    TAnx bro ගොඩාක් ස්තුතිය

  47. wajira

    Thanks for sub

  48. W.N.M.Perera

    thank you so much

  49. MAALnath

    Thanks ...............good luck ......................

  50. 1997avishka

    Thanks bro

Load more comments