කොතනින් පටන් අරං කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක බැලුවෙ සබ් එක කරන ගමන්මයි, ඉතිං අවසානයෙ දැනුන කම්පනය තාමත් ඒ විදියටම තියෙනවා. ඒ හින්දා ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ, ඒ තරම් සංවේදී අවසානයක් තියෙන, එක විදියකට කිව්වොත් ආදර කතාවක් තමයි මේක. සහෝදර සහෝදරියනි, මං සාමාන්‍යයෙන් කියන්න…

කොතනින් පටන් අරං කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක බැලුවෙ සබ් එක කරන ගමන්මයි, ඉතිං අවසානයෙ දැනුන කම්පනය තාමත් ඒ විදියටම තියෙනවා. ඒ හින්දා ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ, ඒ තරම් සංවේදී අවසානයක් තියෙන, එක විදියකට කිව්වොත් ආදර කතාවක් තමයි මේක. සහෝදර සහෝදරියනි, මං සාමාන්‍යයෙන් කියන්නෙ මේකත් පුළුවන්නම් බලන්න කියලනෙ, හැබැයි අද නම් කියන්නෙ මේක අනිවාර්යයෙන්ම බලන්න කියල. අපි දවස ගානෙ ඇතිතරම් ෆිල්ම් TV සීරීස් බලනවා. ඒත් අපේ හිත්වල යම් කාලයක් හරි රැඳෙන්නෙ එහෙමත් එකක් විතරයි. ඉතිං එහෙම එකක් කාලයක් ගියත් මතක් කර කර උනත් රස විඳින්න පුළුවන්. මදැයි ඔය වර්ණනා කලා නේද?
ඉන්න ටිකක් කතාව ගැන කියන්න,
මේක ඇවිල්ලා, දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන ගොඩනගපු කතාවක්. ගොඩක් අය දන්නවා ඇතිනෙ ජපන් හමුදාව විසින් පර්ල් වරායට බෝම්බ දාලා විනාශ කලා කියල. ඉතිං ඒ වෙනුවෙන් පළිගැනීමක් විදියට ජපානයේ ටෝකියෝ වලට බෝම්බ දාන්න ගුවන් යානා පීටත් උනානෙ. මේ කතාවෙ කතා නායකයත් එහෙම ගිය ගුවන් යානයක නියමුවෙක්. ඉතිං හැබැයි එයාලට ගුවන් ගතවෙන්න වෙන්නෙ අනපේක්ෂිත විදියට ගුවන් කලාපයට ගොඩක් මෙපිටින්. ඉතිං ඔවුන්ගේ සැලසුම වන්නේ මෙහෙයුම නිම කර චීනයට ගොස් නැවත ඉන්ධන පුරවාගෙන ආපහු එන එක. ඔවුන් සාර්ථකව මෙහෙයුම අවසන් කලත් ඔවුන්ගේ යානයට සිදුවන හානියක් නිසා එය චීන බිමට කඩා වැටෙනවා. ඊට කලින් ඒ පිරිසම පැරිෂූට් වලින් එලියට පැනගන්නවා. එහෙම පනින ජැක් ටර්නර්ව නුනූ නම් චීන දැරිය විසින් කැලයේදී සොයාගනු ලබනවා. නුනූ කියන්නෙ පියා අහිමි, ධෛර්‍යමත් අම්ම කෙනෙක් ඉන්න කුඩා දැරියක්. ජැක්ව දකින ඇගේ මව වන යිං තීරණය කරනවා ඔහුට සාත්තු කරන්න. මොකද ගොඩබෑමේදී ඔහු අනතුරකට ලක්වෙලා ඉන්නෙ.
ඔය අතරෙදි තමන්ට මහා හානියක් කරපු ඒ පයිලට්ව හොයාගෙන ජපන් හමුදාව යිංගෙ ගමට එනවා. ඉතිං යාළුවනේ කතාවෙ තියෙන්නෙ තම ජීවිත පවා අවධානමේ හෙලාගෙන මේ ආගන්තුකයාව සඟවා තබාගැනීමට ඒ අහිංසක දුප්පත් අය උත්සාහ කරන අන්දම, ඒවගේම ඒ වෙනුවෙන් ඔවුන් කරන කැපකිරීම් ගැන. හැබැයි එහෙම බලද්දිනම් එයාල දුප්පත් නෑ කියල හිතෙනවා. ඒ එයාලගෙ හදවත් වලින්. කැපකිරීම් ගැන කියපු නිසා කියන්න ඕනෙ මේ කතාවෙ දැකපු විශේෂයක් තමයි මෙහි ප්‍රධාන චරිත හැමෝම වගේ විවිධ කැපකිරීම් කරනව, ඒ විවිධ හේතූන් මත. ඒ දේවල් වලින් කතාව ලස්සනට සරසලා තියෙනවා. ඔය ඇති නේද කිව්වා? නැත්නම් බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. බොරුවට කිව්වෙ, ඔය කිව්වෙ කතාවෙ සැකිල්ල විතරයි.
එහෙනම් මේකෙ නිර්මාණ දායකත්වය ගැනත් කෙටියෙන් ටිකක් කියන්නම්. මුලින්ම කියන්න ඕනෙ ඇයි මේකට නම් තුනක්ම දාලා තියෙන්නෙ කියල. මොකද මේ චිත්‍රපටය The Hidden Soldier 2017 , The Chinese Widow 2017, In Herm’s Way 2017 කියන නම් තුනෙන්ම තියෙනවා. එතකොට තව 2017 වගේම 2018 කියලත් සමහර තැන්වල තියෙනවා. In Herm’s Way කියන්නෙ නම් මේක ඇමරිකාව තුල ප්‍රදර්ශනය කරද්දි දාපු නමලු. එතකොට The Hidden Soldier කියන්නෙ බ්‍රිතාන්‍යයෙදි ඒක හඳුන්වලා තියෙන නම. Chinese Widow කියන්නෙ චීන ප්‍රදර්ශනයෙදි ඒක නම් කරලා තියෙන විදිය. ඉතිං ඒ ගැන කිව්වෙ මොකද ඒ නම් වලින් දැනටමත් ඔයාලා ගාව වීඩියෝ එකක් තිබ්බොත් කියල.
මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bille August විසින්, එතකොට කතාව ලියලා තියෙන්නෙ Greg Latter සහ Mabel Cheung යන අය වීසින්. රංගනයෙන් දායක වෙනවා Emile Hirsch, Liu Yifei, Fangcong Li යන අය. විනාඩි 97ක ධාවන කාලයක් සහිත මෙය 6.1ක Imdb අගයක් ලබාගෙන තියෙනවා. මේක වර්ගීකරණය කරලා තියෙන්නෙ History, Romance, War යන ඛාණ්ඩ වලට. මේ සළරුව Shanghai International Film Festival (2017) හිදී Best Feature Film සඳහා යෝජනා වී තිබෙනවා. ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2017 නොවැම්බර් 10වෙනිදායි. ඉතිං ඔය දේවල් තමයි කියන්න තියෙන මූලිකවම කියන්න තියෙන්නෙ.
විශේෂයෙන්ම ස්තූති කරනවා මුහුණු පොතේ මනෝජ් සොයුරාට, ඔහු තමයි මේ උපසිරසිය ඉල්ලා හිටියෙ. ඒවගේම ඉල්ලන ගමන්ම අවසරය ලබා දෙන හැන්ඩි මල්ලිටත්, ඒවගේම අනිත් ඇඩ්මින් සහෝදරයන්ටත්, තරිඳු රුක්ෂාන් ඇතුළු අනිත් සොයුරු සොයුරියන්ටත්, ඒවගේම රසික ඔබ හැමෝටමත්, අපිත් එක්ක රැඳී සිටීම වෙනුවෙන්.
එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් තවත් උපසිරසියකුත් අරං, එතකල්,
ඔබට ජය…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,761 downloadsDownload The-Hidden-Soldier-2018.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
52 comments
Tharaka
තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Ranga Heshan
තුති වේවා සහෝ ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගත්තාඅ බලන ඔබට ජය
ranga1984
Thanks . Brother .. thawa aluth fims karanna jaya ...
rockz2020
බොහොම ස්තූතියි සහෝ ජයවේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
The Cloverfield Paradox (2018)
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥msmanoj
ස්තුතියි සහෝ.....
Hashan M. Priyadarshana
Thank you broo
Rumesh dhanushka
Thanks sahoo
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා.
අනිවා බලන්න ඕන
දිගටම සබ් දෙමු ආ...ඔබට ජයGayantha Jayaneththi
බොහොම ඉස්තුතියි වැය වෙහෙසට ඔබට ජය.
sanjeewakbg
Thanks bro...
Lakshansilva18
Ww2 movie ekaknam aniwa balanawa
gihan perera
ස්තුතියි සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජයෙන් ජය.....
jaani
නියමයි සහෝ ස්තූතියි !
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Bandarajbandara
ස්තුතියි ජයවේවා
Sachithra 73337
thanks for the subtitles...
harshani11112
ස්තුති ගයාන් සහො
තෙරැවන්සරණයිKulanjana Maduranga
subata thanks saho
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!suranuwan
thank you...
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
මේ වගේ පිලුම් වලට උපසිරැසි දිගටම දෙන්න.
තෙරුවන් සරණයි ....!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
යුරාන් ධනුක (ධනූ)
නියමයි සහෝ.. බොහෝම ස්තූතියි උපසිරැසියට ජය !!!
D.Chamara
BOHOMA STHUTHI SAHOOO JAYA
Su
Thankds saho sub ekata.. :)
JAPBOY
thank you for the subtitle
prabhathmadushanka
sub ekta thnx puluwnnam POLIS EVO 2 EKTA SUB EKA DENNAKO
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .gayan bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asithaask
thank
ricadodamien
Thank U Gayan Brother & baiscope team for the sub, loved it. all the best to baiscope team............
AsithaDilruwan
ela saho thanks
Shadow125
Thanks :)
chinthaka_priyadrshana
Patta bro. Best film ever seen..........Thank U very much.............
Asanka Nadishan
thaks saho
bLack_sNow
Thank you saho sub ekata
AmiLa
Thanqq bro
R-TJ
thnqqqq bro
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
ජයවේවා...!jediting97
Sub eka ganna kalin Wisthare kiyawala man comment karanne. film eka nobaluwath, a description eka nam hitha godak kalambanna tharam prabala una.. thanx bro. me danmama film eka balanawa.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Karan wijesingha
TAnx bro ගොඩාක් ස්තුතිය
wajira
Thanks for sub
W.N.M.Perera
thank you so much
MAALnath
Thanks ...............good luck ......................
1997avishka
Thanks bro
Advertisement
THANKS..........