ආයූබෝවන් බයිස්කෝප් හිතවතුනේ, ඔන්න කාලේකින් හොල්මන් චිත්‍රපටයක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2019 වසරේනම් තවම අපිට Horror ගණයේ හොඳ නිර්මාණ දකින්න ලැබුනේ නෑ. Annabelle 3 සහ It : Chapter 2 තමයි මේ වසරේ ඉදිරියට පැමිණීමට නියමිත බලාපොරොත්තු සහගත නිර්මාණ වෙන්නේ. එම චිත්‍රපටත් පැමිණි විගසම අප වෙබ් අඩවිය හරහා…

ආයූබෝවන් බයිස්කෝප් හිතවතුනේ, ඔන්න කාලේකින් හොල්මන් චිත්‍රපටයක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2019 වසරේනම් තවම අපිට Horror ගණයේ හොඳ නිර්මාණ දකින්න ලැබුනේ නෑ. Annabelle 3 සහ It : Chapter 2 තමයි මේ වසරේ ඉදිරියට පැමිණීමට නියමිත බලාපොරොත්තු සහගත නිර්මාණ වෙන්නේ. එම චිත්‍රපටත් පැමිණි විගසම අප වෙබ් අඩවිය හරහා උපසිරැසි ලබා ගැනීමට අපේ බයිස්කෝප් සහෝදර සහෝදරියන් කටයුතු කරයි. ඒ වගේම මේ සලරුව උපසිරැසි ගැන්වීමට අවසර දුන් තිසර අයියාවත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමු.
Lee Cronin විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම සිත්තම 5.8 ක IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 87% ක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙය Thriller/Horror යන කාණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. සාම්ප්‍රදායික හොලමන් කතා තේමාවලින් බැහැරව අළුත් යමක් ප්‍රේක්ෂකයාට ලබා දීමට අධ්‍යක්ෂවරයා උත්සහ දරලා තියෙනවා. ඒ වගේම ඉතා සීමිත නළු නිළියන් සංඛයාවක් තමයි මේ චිත්‍රපටයට දායකත්වය ලබා දෙන්නේ.
සාරා ඕ නීල් ඇගේ පුතා ක්‍රිස් සමඟ නව නගරයක් වෙත ජීවත් වීමට පැමිණෙන්නේ, ඔවුන්ගේ ජීවිතවල අඳුරු අතීතයන් අමතක කර නව ජීවිතයක් ඇරැඹිමටයි. නමුත් ක්‍රිස් වෙනත් නගරයක පදිංචියට යාම ගැන නොසතුටෙන් පසු වන අතර ඔහු ඔවුන් පදිංචිව සිටින නිවස යාබද වනයේ සැරිසරන්නට කැමත්තෙන් පසු වෙනවා. දිනක් තම මව සමඟ අමනාප වෙන ක්‍රිස් මෙම වනය තුලට පිය නගන් අතර, ඔහු පසුපස එන සාරාටද වනය මැද ඉතා අස්වාභාවික සිදූවීමක් දකින්න ලැබෙනවා. මේ සිද්ධියෙන් පසු ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වන තවත් සිදූවීම් දාමයක් නිවස තුල සිදුවෙනවා. සාරා හා ක්‍රිස්ට වනය මැද දකින්න ලබුනේ මොකක්ද ? මේ සිද්ධිය ක්‍රිස්ට බලපාන්නේ කොහොමද ? ඇත්තටම මේ සිදුවීමවලට වග කිවයුතු පාර්ශ්වය කවුද ? මේ අස්වාභාවික බලවේග වලට එරෙහිව මොවුන්ට සටන් කල හැකිවෙයිද ? ඒ සියල්ලටම පිළිතුරු සොයා ගැනීම ඔබට භාරයි.
Seana Kerslake විසින් සාරා ඕ නීල් ලෙසත්, James Quinn ක්‍රිස් ලෙසත් Game of thrones, Troy 2004 , Wonder Woman 2017 ආදී චිත්‍රපට වල රඟ පෑ James Cosmo ඩෙස් බ්‍රැඩී ලෙසත් රංගන දායකත්වය ලබා දෙනවා, ඒ වගේම කියන්න ඕන ඔයාලා දාන පොඩි හරි කොමෙන්ටුවක් අපිට ලොකු දෙයක්, ඔයාලා දක්වන අදහස් නිසා තමයි කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව උපසිරැසි කරන්න ධෛර්යය ලැබෙන්නේ, ඒ නිසා ඔයාලගේ අදහසක් නැත්නම් යෝජනා කොමෙන්ටුවක් වශයෙන් පල කරන්න කියලා ආදරෙයින් ඉල්ලා සිටිනවා. එහෙනම් ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා…! 😀

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,212 downloadsDownload The.Hole_.In_.The_.Ground.2019.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
40 comments
Hashan M. Priyadarshana
Lakshan
Thanks Bro.
Rumesh dhanushka
THANKS all admins ✨
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ict
Sub ekata thanks saho
stblack10
Sub ekata thanks, issarahatama yamu jayen jaya.. Puluwannam me film walath sub dennna balanna ( Jim Button And Luke The Engine Driver / Unthinkable / I Remember You / King Of Thieves )
Crathnayake
thank u..good luck
Udaya Saman
කොල්ල දැන් ලග ලගම නවනව වගේ...ෆීල්ම් එක ඩවුන් කරා, මේවනම් අනිවා බලනව ඉතන්..උපසිරසියට බොහොම තුති..
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි මචෝ..
037destroyer
Good luck bro
Janith Jayasankha Adhikari
sub eka gatta mcn thanks
mindika
Thanks !!!!!!!!!!!
Coolsudantha123
Thanks macho....
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
Indika Aruna Kumara
Onna math gaththa. Sub ekata godak thnks.
Saho... puluwan nam 'The Isle (2019)' film ekata sub eka denawada.MAALnath
Thanks ...........good luck .....................
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!suranuwan
thanks bro..
Nirosha Nirosha
Thanks
maduzzhan
තෑන්ක්ස් බ්‍රෝ...
Tharaka
THANKS........................
parindyabopage
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Oska2001
thank u bro
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!
Jazz Mutant
Thanks bro
AsithaDilruwan
ela saho thanks
Ara N Madhu
thanks malli
Wasanthapere
thank yiu
Su
Thanks saho sub ekata.. :)
ruchiralakmal
Thanks for the sub!
RUCHIRAMA1992
ela bro. thanks
malithmadhushan45
නියමයි බන් අද තමයි බැවේ. thanx sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!maduzzhan
තෑන්ක්ස් බ්‍රෝ
sethiya
elm. thank you
බොබී
හොරර් ෆිල්ම් කාලෙකින් බලන්න බැරිවුනා. ඔන්න මාත් සබ් එක ගත්තා සහෝ. බොහොම ස්තූතියි මේකට.
mindika
Thanks !!!!!!!!!!!!!!!
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Boomika
Thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you broo sub ekata... puluwan nam Abduction (2019) film ekata sub eka denawada machan....
Jaya wewa!