Watch Trailer

Kanne Kalaimaane (2019) Sinhala Subtitles | නුඹයි මගේ ආදරබර පෙම්වන්තී [සිංහල උපසිරසි සමඟ]

ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්… තමන්ගේ ජීවිතය තවත් කෙනෙක්ගේ ආලයත් එක්ක ගැටගැහෙද්දී දෙන්නෙක් වුණත් එකම හීනයක කොටස්කාරයෝ වෙද්දී ආදරේ නාමයෙන් ජීවිතේ සුන්දරම කාලේ ගෙවෙද්දී.. ඇත්ත! ඒ ලෝකේ වෙනමම හීනයක්. තමන්ගේ ප්‍රේමිය වෙනුවෙන් ඕනේම දෙයක් කරන පෙම්වතුන් මේ ලෝකේ ඉන්නවා. අද මන් කියන්නෙත් ඒ වගේ කතාවක්.. නෑ.…

ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්…
තමන්ගේ ජීවිතය තවත් කෙනෙක්ගේ ආලයත් එක්ක ගැටගැහෙද්දී
දෙන්නෙක් වුණත් එකම හීනයක කොටස්කාරයෝ වෙද්දී
ආදරේ නාමයෙන් ජීවිතේ සුන්දරම කාලේ ගෙවෙද්දී..
ඇත්ත! ඒ ලෝකේ වෙනමම හීනයක්.
තමන්ගේ ප්‍රේමිය වෙනුවෙන් ඕනේම දෙයක් කරන පෙම්වතුන් මේ ලෝකේ ඉන්නවා.
අද මන් කියන්නෙත් ඒ වගේ කතාවක්..
නෑ. නෑ. මල් ගස් වටේ දුවන ලව් ස්ටෝරියක් නෙමෙයි.
වීරයා ඇවිත් දුෂ්ටයාව අඩි හයක් උඩ යවලා කෙල්ලව බේරගන්න කතාවක් නෙමෙයි.
ඇත්තම ආදර කතාවක්..
පොළොවේ පය ගහපු “කපල්” එකක්..
අන්තිම තත්පරේ වෙනකන්ම හිත හිරිවට්ටන ජාතියේ හීනයක්..
මොන මොන තත්වේ උඩ වුණත් තමන්ගේ ප්‍රේමියව දාලා නොයන
මොන මොන බාධක උඩ වුණත් ආදරේ රස හොයන
සාමාන්‍ය ගමක ඉන්න මධ්‍යම පාන්තික පෙම්වතෙක්ගේ කතාවක්…
හරි ලස්සනට මැච් වෙන ස්ටෝරිලයින් එකක්..

කන්නන් කියන්නේ ගමේ ඉන්න සාමාන්‍ය කොල්ලෙක්!

භාරතී තමයි ඒ ගමට අලුතෙන් ආපු බැංකු මැනේජර්වරිය..

ලස්සනයි, ඒත් කොහෙන්දෝ මන්දා පාත් වුණු අවාසනාවකුත් ඒ ලස්සන අස්සේ හැංගිලා තිබුණේ කාටත් නොදැනීමයි. බය නැතිව කියන්න පුලුවන්, මේ 2019 වසරේ මුල භාගයේ ආපු ලස්සනම ඉන්දියානු ආදර කතාවලින් එකක්.

තමන්නා!!!

මුලු ඉන්දියාවම වසඟ කරගත්තු සුන්දරිය. මේ තමන්නාගේ 50වෙනි චිත්‍රපටියයි. ප්‍රධාන චරිතයකට රඟපාන්නේ 23වෙනි වතාවටලු. මෙච්චර ලොකු කඩයිමක් වෙනුවෙන් තමන්නාගේ තේරීම නම් හරියටම හරි…

88% ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගනිමින් පෙබරවාරි 22 වනදා තිරගත වීම ඇරඹි Kanne Kalaimaane චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙන්නේ මධුරෙයි අසල අතිශය ලස්සන ගම් පියසක. 2018 වසරේ ජනවාරි මාසේ තමයි නිෂ්පාදන කටයුතු ඇරඹිලා තියන්නේ. ආදායම පිළිබඳ නම් එච්චර තොරතුරු හොයාගන්න ලැබුණේ නැහැ. ප්‍රථම දින ආදායම විදිහට කෝටි 1.03 ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඊළඟට මුල් දින දහය ඇතුළත තමිල්නාඩුවේදී පමණක් ඉන්දියානු රුපියල් ලක්ෂ 525 සීමාව පසු කරන්න හැකි වුණා. සලරුව අයත් වෙන්නේ Romance | Drama වර්ගීකරණයටයි.

ශ්‍රී දේවි හා කමල්හසන් රඟපාන Moondram Pirai (1982) චිත්‍රපටියේ ජනප්‍රිය සිංදුවක මුල් පද පේළි දෙකෙන් තමයි Kanne Kalaimaane කියන චිත්‍රපටියේ නම යොදාගෙන තියන්නේ. Seenu Ramasamyගේ තිර පිටපතකට අනුව ඔහු විසින් අධ්‍යක්ෂණය කළ මෙය සංගීතවත් කරන්නේ ඉන්දියාවේ ප්‍රබලම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන යුවන් ශංකර් රාජා විසිනුයි. දින 45ක් වැනි කෙටි කාලයකින් සියලුම රූගත කිරීම් අවසන් කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වුණා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා.

Gethu, Saravanam Irukka Bayamean, Ippadai Vellum වැනි චිත්‍රපට තුළින් ජනප්‍රිය වුණු Udhayanidhi Stalin ප්‍රධාන චරිතයට රඟපානවා. චිත්‍රපටියේ නිෂ්පාදකවරයාත් ඔහුමයි. ප්‍රධාන චරිතේ තමා අර ගමේ ඉන්න සාමාන්‍ය කොල්ලා…

ඊළඟට කවුද? ඔව්..ඔව්.. එයා තමා මේ චිත්‍රපටිය සාර්ථකව දුවන්න ප්‍රධානතම හේතුව වුණේ. තමන්නා!! ගමට එන අලුත් බැංකු මැනේජර්. Next Enti, F2: Fun and Frustation, Sketch වැනි සුපර්හිට් තුළින් සාර්ථක වූ ඇය වැඩියෙන්ම මිනිස්සු අතරට ගියේ Baahubali චිත්‍රපටි ද්විත්වයෙනුයි.

ඔය ඇති නේද කතා කළා..? ලොකු විස්තරයක් කියලා බොරුවට මහන්සි කරවන්නත් ඕනේ නෑනේ. දැන් ඉතින් හා හා පුරා කියලා බලන්න පටන් ගන්න. යන ගමන් තමන්ගේ අදහසත් කියාගෙනම ගියා කියලා තරහ වෙන්නේ නෑ ඉතින්.. 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper Web-DL පිටපත සඳහා අදාළ වේ.

8,594 downloadsDownload Kanne-Kalaimaane-2019.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිනු වීරක්කොඩි” සොහොයුරාට සහ ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,594 downloadsDownload Subtitles57 KB

35 comments

  1. චානක ඉඳුනිල්

    ස්තූතියි සහෝලා සබ් එකට

  2. isuru srinath sjs

    ස්තුතියි ❤️

  3. Lalani Maduwanthi

    Thank you

  4. ඔෂද ධනංජය

    dala thiyena photo eka parana film ekak wage...

  5. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata...

  6. Ayesh Prashan

    Thank You

  7. gayanmagee

    thanks

  8. thilz

    Thank you

  9. TharakaWAS

    Thanks for sub...!!!
    Jaya wewa...!!!

  10. D.Chamara

    bohoma sthuthi ....

  11. Aac3

    ගොඩාරියක් ස්තූති සහෝලා සබ් එකට... දිගටම සබ් දෙමු මේ වගේ... ජය වේවා !!! මේ වගේ දිගටම සබ් දෙන්න වෙලව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  12. Kavishna

    thnx bro sub ekata..

  13. Lasantharathnasirirox

    ස්තුතියි broo.....ජයවේවා.

  14. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  15. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  16. damith_janaranjana

    Thanks

  17. R_deshan

    අතාත්ත්වික අරුමෝසම් ආදර කතා වෙනුවට යථාර්ථය පෙරදැරි කරගෙන කරපු හරිම තාත්ත්වික නිර්මාණයක්....පට්ට ෆිල්ම් එක.සබ් එකට රුම්බ තෑන්ක්ස්.

  18. pradeep505

    suppa broo...LKG ekatah sub dennako

  19. Nilush Angana

    Sub ekata thanx

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. prasakr

    supiri wadak bohoma sthuthi

  22. kelumchathuranga

    thanks

  23. Roja

    Thanks Dear........

  24. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  25. Samsan jayantha

    Lassanai

  26. ශසිත් සඳරුවන්

    දෙන්නටම සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  27. prageeth chamalka

    සිංහල උපසිරැසියට බොහොම තුති සහෝ ❤️

  28. basura indrachapa

    ස්තූතියි සහෝල දෙන්නටම...

  29. Rukshan37

    Ela ela

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  31. Dewadithya

    Thanks for Sub!

  32. ricadodamien

    Thank U Kavinu, Dananjaya brothers & Baiscope team for the sub, all the best to Baiscope team.........

  33. nish47

    Thanks saho

  34. supun priyanath

    Elama

  35. kaviya

    thanx bro