Watch Trailer

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | නිදහස උදෙසා සඳලුතලයෙන් යුධපිටියට පැමිණි අභීත කුමාරිකාව [සිංහල උපසිරැසි සමග]

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු, Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත් රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ මනිකර්ණිකාව! මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට ස…

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක
විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු,
Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක
ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත්
රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ
ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ
සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ
මනිකර්ණිකාව!

මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට
සිනමාහල් Housefull කරවපු
ඛාන්, කපුර්, සිං, දේව්ගන්ලගේ චිත්‍රපට වලට වගේම
ප්‍රේක්ෂයාගෙන් විසිල් නාද, අත්පොලසන් ලබපු
කෙල්ලෙක්ගේ කරමතින් දුවපු
මනිකර්ණිකාව!

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.1ක අගයක් අරන්
විචාරක ප්‍රේක්ෂක නොමද ආදරයට පාත්‍ර වුණු
කෝපයෙන්, වේදනාවෙන් කවුරුත් මුසපත් කළ
මනිකර්ණිකාව!

ලොව වටා කෝටි 154ක ආදායමක් උපයා
එදා මෙදාතුර කාන්තා චිත්‍රපට වලින් වැඩිම ආදායමක් ලද
තුන්වන චිත්‍රපටය ලෙසත්,
වැඩිම එක්දින ආදායම ලැබූ කාන්තා චිත්‍රපට ලෙසත්
වැඩිම සතිඅන්ත ආදායම ලද කාන්තා චිත්‍රපටය ලෙසත්
අභිෂේකලත් ඒ සිනමාපටය
මනිකර්ණිකාව!

ජාන්සිහි ලක්ෂ්මිභායි රැජිණිය එහෙමත් නැත්තම් ඇගේ විවාහප්‍රාප්ත වෙන්නට පෙර නමින් හැඳින්වුවහොත් ‘මනිකර්ණිකා’, බ්‍රිතාන්‍යයින්ට එරෙහිව ඉන්දියාවේදී 1857දී සිදුවූ විප්ලවයන්ට පුරෝගාමී වූ රණශුරියක්, කුමාරිකාවක්, රැජිණක්. වරනාසියේ 1828දී ඇය උපත ලැබුවා. ඇය ගංගාධර් රාඕ රජතුමා සමඟ විවාහප්‍රාප්ත වෙනවා, ඉන්පසුවයි ඇය ජාන්සි රාජ්‍යයේ රැජිණිය වන්නේ. කුමාරිකාවක් කොහොමද රණශුරියක් වුණේ? ඒ කතන්දරේ මෙතන නොකියා චිත්‍රපටිය බලලාම දැනගන්න මං ඉඩහරිනවා. ඒ රසවත් කතාව ඔබේ මනසින්ම විඳගන්න.

අපි හැරෙමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටයට හිමිවුණු ධනාත්මක ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර වල නම් නිමක් නැහැ. එසේමයිපළමු සති දෙක තුළ වේගවත් ලෙස එය ආදායම් රැස් කරගත්තේ වාර්තා කිහිපයකුත් අලුත් කරමින්. දෙවන දින කෝටි 18.1ක ආදායමක් ලබමින් ඉන්දීය සිනමාවේ කාන්තාවක් කේන්ද්‍රකොටගත චිත්රපටයක් ලබාගත් වැඩිම එක්දින ආදායමේ වාර්තාව මනිකර්ණිකා තමන් සතු කරගන්නවා.

කංගනා රනෞත්ගේ චිත්‍රපටියක් එනවා කියන්නේ ඒත් එක්කම ආරවුල් ගණනාවක් පැටලිලා එනවා. මනිකර්ණිකාටත් ඒ කතන්දරේ වෙනසක් වුණේ නැහැ. කංගනා ලක්ෂ්මිභායි ජීවිත කතාව සිනමාවට නගන්න කලින් එකඟව සිටියේ කේතන් මෙහෙතා නම් අධ්‍යක්ෂකවරයා සමඟ. ඔහු තමා Mangal Pandey නම් සිනමාපටයේ අධ්‍යක්ෂක. නමුත් කවුරුත් පුදුමයට පත් කරමින්, විශේෂයෙන්ම කේතන්වද පුදුම කරමින් කංගනා, රාධා ක්‍රිෂ්ණා යන අධ්‍යක්ෂකවරයා සමඟ අත්වැල් බැඳගත්තා. කේතන් මේ නිසා කංගනාට විරුද්ධව නඩු පැවරුවා, තමන් මහන්සියෙන් රැස් කරගත්ත තොරතුරැ ඇය සොරාගත් බවට චෝදනා කරමින්. නමුත් ඒ නඩුවට වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ. නඩුව නිමාවුණේ කංගනාගේ පැත්තට වාසිදායක තීන්දුවක් සමඟින්. එහෙනම් ඒ ප්‍රශ්නය එතනින් ඉවරයි.

කංගනා සහ රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි අධ්‍යක්ෂකතුමා

ඉවරයි කිව්වට ඉවරම නැහැ. බරපතලම ප්‍රශ්නය උද්ගත වුණේ ඊළඟට. අලුත් අධ්‍යක්ෂකවරයත් එක්ක. රාධා ක්‍රිෂ්ණා නියමිත දවසට පෙර චිත්‍රපටිය සම්පුර්ණ කරලා නිෂ්පාදකයින්ගේ අතට පත් කළත් කංගනා සහ නිෂ්පාදකවරුන් ඒ අවසන් නිමැවුම පිලිබඳ සෑහීමකට පත්වුණේ නැහැ. ඔවුන් කිව්වේ සමහර දර්ශන නැවත රූගත කළ යුතු බවයි. නමුත් ක්‍රිෂ්ණාට ඒ වෙනුවෙන් තවත් කැප කරන්න කාලය තිබුනේ නැහැ. ඔහු ඒ වන විටත් NTR Kathanayakudu සහ NTR Mahanayakudu සිනමාපට වෙනුවෙන් දින වෙන් කර තිබීම නිසා. මනිකර්ණිකාවට තවත් ප්‍රමාදවෙන්නට බැරි නිසා, කංගනා තීරණය කළා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කටයුතු තමන්ගේ අතට ගන්නට. කොහොමින් කොහොමින් හරි අය මේ චිත්‍රපටිය නිසියාකාරව අවසන් කරගත්තා. ඇය අධ්‍යක්ෂණය බාර ගත්තේ අඩුලුහුඩුකම් කිහිපයක් රූගත කිරීමට වුවත් චිත්‍රපටයේ 70%කට වැඩි ප්‍රතිශතයක් ඇයටඅධ්‍යක්ෂණය කිරීමට සිදු වූ බව ඇය මෙන්ම නිෂ්පාදකයන්ද කියා සිටියා. චිත්‍රපටිය නිකුත් වූ පසු කංගනා සහ ක්‍රිෂ්ණා අතර ඇතිවුණේ සීතල යුද්ධයක්. ඒ චිත්‍රපටියේ වූ දර්ශන වැඩිහරියක් රූගත කළේ ක්‍රිෂ්ණා විසින් වුවත් අධ්‍යක්ෂකගේ නම සඳහා ප්‍රථමව කංගනාද දෙවනුව ක්‍රිෂ්ණාවද යොදාතිබීම නිසයි. මේ යුද්ධයේදී කංගනාගේ පැත්තට නිෂ්පාදක මඩුල්ලද, අංකිතා, නිහාර්, සීෂාන් යන සහය නළු නිලියෝ ඉදිරිපත් වූවා වගේම ක්‍රිෂ්ණාගේ පැත්තෙන් මිෂ්ටි, උන්නති සහ චිත්‍රපටය මගදී හැරදා ගිය සෝනුසූඩ් ඇතුළු නළු නිලියන් සිටගත්තා. මිෂ්ටි ඇතුළු බහුතරයකගේ චෝදනාව වූයේ කංගනා විසින් තම තිර කාලයද අඩුකොට ඇති බවටයි. කෙසේ හෝ අවුල් වියවුල් මැද චිත්‍රපටය ඉතාමත් හෙමින් ඉන්දියාව තුළ කෝටි 104ක ආදායම පසු කළේ පිරිවැය කෙසේ හෝ ආවරණය කරගනිමින්.

චිත්‍රපටිය බලලම ඔබට තීරණය කරන්න පුළුවන් මේ හොඳ නරක. මගේ පුද්ගලික අදහස නම් ඉන්දීය සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වෙන ක්‍රිෂ්ණා විසින්ම මෙය නිම කළා නම් මේ චිත්‍රපටය Super Hit හෝ Blockbuster එකක් ලෙස ලේබල්ගත වීම කාටවත් වළක්වන්න බැරිවෙන්න තිබුණා. කෙසේවෙතත් බහුතරය මනිකර්ණිකාව ආදරයෙන් වැළඳගෙන අවසන්.දැන් අවස්ථාව ශ්‍රී ලාංකික ඔබටයි, ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී ලක්ෂ්මිභායි රැජිණගේ වික්‍රමාන්විත අරගලය නරඹන්නට.!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD සහ WEB පිටපත් සඳහා අදාළ වේ.

20,315 downloadsDownload Manikarnika-The-Queen-of-Jhansi-2019-WEB.zip96 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

20,315 downloadsDownload Subtitles96 KB

80 comments

  1. tharidu16

    යකො විනාඩි දහයට 28ක් බාාලා

  2. uvinduvix

    Total dhamal sub eka onii

  3. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  4. ඔෂද ධනංජය

    thanx sahoo...

  5. WA@

    Ela.

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata

  7. Janasanka

    බොහොම ස්තුතියි සහෝ..
    සිංහල උපසිරැසියට...
    ඔබට ජය...

  8. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  9. Rumesh dhanushka

    බොහොම ස්තුතියි

  10. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  11. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  12. darshana100

    thanks saho godaaak

  13. dimithri

    thank you brother

  14. ict

    Thanks bro

  15. DIlshanmapalagama

    Patta

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  17. nishannw

    සබ් එනකල් බලන් හිටියේ.ස්තූතියි

  18. Ayesh Prashan

    Thank You

  19. Udaya Saman

    උපසිරසියට බොහොම තුති...

  20. C lakmal

    thanks

  21. gihan perera

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දෙනකන් බලන් හිටිය ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය ජය ජය වෙිවා.....

  22. thilz

    Thankyouuu

  23. vas0303

    Thank you very much

  24. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  25. D.Chamara

    bohoma sthuthi sahooo.....

  26. subodha

    Thanks

  27. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  28. Deepani

    Makshimas bro oyata godaaak thanks. Me wage nirmana karanna shakthiya diryaya lebewa !! biscope ekata hemadaama jayen jaya !!!

  29. zero123@123

    Thanks for the sub

  30. jagath55

    Thanks

  31. aks

    Thanks...

  32. samathandi

    thanks

  33. Nilush Angana

    Sub ekata thanx

  34. KH2130

    thank you !!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Haritha245

    Thanks Bro

  37. prasakr

    supiri wadak bohoma sthuthi

  38. H_anuru

    thank you bro

  39. Tharindu07

    Thanks a lot machoo.....!!!

  40. Harishprasad

    Good work bro Thanks

  41. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. wajira

    Thanks for sub

  43. kkasthurisinghe

    thanks

  44. LimeGreenSoda

    thanks mate

  45. Shehan putha

    thanks

  46. SPrasa

    Thank you

  47. Lasantharathnasirirox

    සහෝ ඔයාගෙ පළවෙනි උපසිරැසිය මම මේ බලන්නෙ.. බොහෝම ස්තුතියි...ජයවේවා !!!"

  48. MadhuBandara

    thank You Yaluwa...

  49. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  50. damith_janaranjana

    Thanks

Load more comments