ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල…
ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල්මන් චිත්‍රපටයක් නම් නෙමෙයි. මේක කොමඩි එකක්. මම හැමදාම වගේ කලේ ඔයාලව බය කරන එකනෙ. ඔන්න ඉතිං මම මේ පාරනම් හදන්නෙ ඔයාලව හොඳටම හිනස්සවන්න. මේ බයිකෝප් එකට ඉහල IMDB අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ IMDB දර්ශකයේ 6.3 ක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ shawn levy නැමති අධ්‍යක්ෂකවරයා. ඔහු නිර්මානය කරපු වෙනත් චිත්‍රපට ගැන ඔයාලට මතක් කරනව නම් Real Steel, Night at The Museum, Date NIght වැනි උසස් ගණයේ චිත්‍රපට කිහිපයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මොහු විසින්මයි.
එහෙනම් යාලුවනේ වැඩි කතා නැතිව මම කතාව පැත්තට හැරෙමුකෝ, මේ කතාව ගලායන්නෙ බිලි සහා නික් කියලා තරුණයන් දෙදෙනෙක් වටා. තරුණයන් කිව්වට ඔවුන් ටිකක් වයසින් මුහුපුරා ගිය පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් වෙළද නියෝජිතයන් දෙදෙනෙක්. ඔවුන් ඔරලෝසු වෙලදාම තමයි සිදු කරන්නෙ. නමුත් තාක්ශණික දියණුවක් සමග ඔවුන්ගේ ව්‍යාපාර එකපාරට කඩා වැටෙනවා. ඒ නිසා ඔවුන්ට රැකියා අහිමි වෙනවා. ඔවුන්ගේ පවුල් ජිවිතයට තදින් බලපැම් ඇති කරනවා. ඉන්පසු නික් සහා බිලි විවිධ රැකියා වල නියලෙනවා. ඔවුන් ඒ එක් රැකියාවක්වත් වැඩි දවසක් කරන්නෙ නැහැ. මේ අතර දී තමයි බිලී ගුගල් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කරන්නෙ. ඒ වැඩේට නිකිත් හවුල් වෙනවා. නමුත් ඔවුන්ට ඒ රැකියා ලබා ගැනිම පහසු කාර්යක් වෙන්නෙ නැහැ. තව දෙයක් කියන්න ඕන, ගූගල් ආයතනයේ රැකියාවක් බලාපොරොත්තුව ඉන්න අය අතර වැඩි මහලු අයට මේ දෙන්න විතරයි. මේ නිසා නිකිටත් බීලීටත් විවිධ ගැටලු වලට මුහුන දෙන්න සිද්ධ වෙනවා. එහිදි ඔවුන් කණ්ඩායම් වලට බෙදෙනවා. බිලිටය නිකිටයි හොද කන්ඩායමක් ලැබෙනවා. ඒ කිව්වෙ පොඩ්ඩක් විතර පිස්සු හාදයෝ ටිකක් තමයි ඔවුන්ට ලැබෙන්නෙ. ගුගල් ආයතනයේ රැකියා ලබා ගැනිමට ඔවුන්ට සිදුවෙනවා අභියෝග කිහිපයකටම මුහුණ දෙන්න. ඒව ජයග්රනය කරන එකනම් පහසු වෙන්නෙ නැහැ තවදුරටත් මම ඔයාලට මේ ගැන් කියන්න යන්නෙ නැහැ.
බිලිටයි නිකිටයි මුහුණ පාන්න සිදුවෙන ගැටලු මොනවාද ? නිකි, බිලි ඇතුලු කණ්ඩායමට මුහුණ පාන්න සිදුවන අභියෝග මොනවාද? ඔවුන්ට ගූගල් ආයතන්යේ රැකියා ලබා ගන්න පුලුවන් වේවිද? මේ ගැටලු වලට පිලිතුරු සොයන්න නම් ඔයාලට මේ බයිස්කෝප් එක නරබන්නම වෙනවා… මේ දක්වා මාව දිරිමත් කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා. නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ නෑනේ. ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා. තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා, හැමෝටම ජය…!
420 MB කොපිය මෙතනින් බාගන්න 28ecf0830beb2a0ab9d6a2679e8a0d89d6ff0f4f 870 MB කොපිය මෙතනින් බාගන්න 3bea15c9fcda1db425b2bf010351f0d3f1b57408 1.9 GB කොපිය මෙතනින් බාගන්න 62ca2e028a460bda3e9cb523b363579924327c8b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,212 downloadsDownload The-Internship-2013.zip269 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
74 comments
Saman Prasad (Black Cobra)
was
මගේ අම්මේ ලයින් 2300 ගානක් එල එල කොහොම හරි දුන්න නේ පට්ට
uda
හාහ්! මේ පාර කොමඩියක්... අපිව බය කරලා උඹටම එපා වෙලා වගේ :P
එල එල! අලුත් එකක්නම් නොබලාත් බෑ! ඔන්න ගන්නවා. ජය!
jeewantha
loweth na meyka balannama aswen hitiye machan
tharindu
Ela ela..mekanam blnna oneee
janith
thnx bro aluth wenasak ekka aluth deyak dunnata
quik
thanks
vee
maxxxama machan balanna one :D
wow
wow,, maru :D
yasas
ela wadak machan agaya karanawa subs sahenna thiyena akak mehema dala dunna akata
tharanga
පට්ට පට්ට මේ වගේ එකක් සබ් එක්ක බලන්නම ඕනේ නැත්තම් ගතියක් නෑ
ජය!
isuru
bohoma thuthi saho
nisala
tx for sub
ositha
elakiri kollo thawath demu
amilatk
jayen jaya!!!!
Emi
Many Thanks
kalinga
මේ තියෙන්නේ පට්ටම එකක් තුති
rashim
comady patta naulwo dennek inne super
bandula
thanks sahota thawa hoda awa demu
f_live
ජය පතනවා!
“චූටී මල්ලි”
එල මචන්
ෆිලිම් එක තියෙ
සබ ග්ත්තා
සබට තුති
ඔබට ජය....eranga
pattai :D
hh
ginadara wadak kollo
හර්ෂ ලහිරු
කොල්ලට මොනවා හිතිලද දන්නෑ
එක පාරටම කොමඩියක් දෙන්න හිතුනේ
ජයවේවා සහොkalana
supiri story meywa txz
jack
පට්ට මචෝ. ස්තුතියි සබ් එකට
DANUKA!
meyka sub aka anakam nobala hitiya jaya sahota
sds
gr8 1
iRsHAad මැකා
Trailor එක බැලුවම පට්ටයි වගේ
තැන්කු වේවා ෆිලුම් එකටයි සබ එකටයිසමීර කරුණාරත්න
ඔන්න දුකෙන් වුනත් කියන්න ඕනේ මම නම් බැලුවා මේක, නමුත් ඒ වගේම කියන්න ඕනේ බලන්න හෝ බාගන්න දෙගිඩියාවකින් කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න බොහොම හොඳ කතාවක්, සිනහව වගේම ජිවිතේට ගන්න යමකුත් තියනවා මේකේ, උපසිරසට බොහොම ස්තුතියි සහෝ, පේලි මට මතක හැටියට 3000 කට ආසන්න ගණනක් තිබුනා මේකේ...
Dharshana...
thanks macho.
සචිත උදාර
එල සහෝ, මේක බලනවද නැද්ද කියලා හිත හිත හිටියේ, සබ් තියෙන එකේ දැන් බලලම දානවා,
sp පියමල්
බය වෙලාම එපා වෙලා හිටියේ,දැන්නම් හිනා වෙන්න පුළුවන් වගේ,thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන කතාවක් වගේ අනිවා බලන්න ඕනි,ජයවේවා.
Vidush
ELA KIRI WEDAK MACHOOOOOOOOOOO.....
mudiya / මුදියා
මාර ගති කතාවක්නෙ.අපේ යුශානයගෙ විස්තරේ කියවද්දිම බලන්න ආස හිතුන.ඔන්න බානව.මේ වගේ අහලවත් නැති සුපිරි ඒව ගේනවට පිං බං උඹට.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!nalaka
තෑන්ක්ස් මචං සබ් දුන්නට පට්ට පාරකට
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. බලන්න වටින එකක් වගේ.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට කතාවක් වගේ..අනික ඉන්න නළුවත් පට්ටයි..
අනිවා බලන්න ඕනේ එකක්..
ලබන මාස් ලොවෙත් ගන්නවා..
ජය වේවා යුශාන් මචෝ..දිල්ෂාන් කාලිංග
පට්ට පට්ට...
බලන්න වටිනා කතාවක් වගේ.
මේක ගෙනාවට බොහොම ස්තුතියි සහෝ...
:-)ශාන් විමුක්ති [ විමා]
එල මචං අනිවා බලන්න හිටපු එකක්
සබට බොහොම ස්තුත්යි ආ ;)Uraj Deemantha
Trailer එක දැක්කහම, ඩේටා වලට හෙන ගහපන් කියලා හිතුනා... බානවා 1.84GB එකෙන්ම..... :D
nuwan
thank you ...!
NCJD
මම තවම කතාව බැලුවේ නැහැ. හැබැයි කතාවයි උපසිරසි බාගෙන නම් ඉවරයි. බලපු අය නම් බොහොම අගය කලා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයා කියන හින්දම බාන්නම් කෝ. ජය෴෴ :P :P
chinthaka
sub walata thanks macho,halloween 2007 kiyala horror ekak tiyenawa IMDB 6.0 gaththa,ekatath puluwannam sub diyan
malik
thanks for every thing...
indika
thnq
#ChalinduDeshan (කිනා)
එල එල
ඔන්න අද බානවා
ස්තූතියි
ජයවේවා!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

patta pata pata....elama ela... thanx saho...