Watch Trailer

The Jungle Book 2 (2003) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා සහ මිනිස් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න එහෙමනම් කිව්ව විදිහටම අපේ කැළෑ පොතේ දෙවෙනි කොටසත් ගෙනාවා. :D. මේකෙ පළවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර අඩුවුණු නිසයි මේක ගේන්න ටිකක් පමා වුණේ. කොහොමවුණත් මේක බලන්න කලන් මේකේ පළමු චිත්‍රපටය, The Jungle Book (1967) අනිවාරෙන්ම බලල ඉන්න මොකද ඒ චිත්‍රපටය ඉවර වුණු තැන සිට තමයි මේ චිත්…

The Jungle Book 2 (2003)

කොහොමද ඉතින්? ඔන්න එහෙමනම් කිව්ව විදිහටම අපේ කැළෑ පොතේ දෙවෙනි කොටසත් ගෙනාවා. :D.

මේකෙ පළවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර අඩුවුණු නිසයි මේක ගේන්න ටිකක් පමා වුණේ. කොහොමවුණත් මේක බලන්න කලන් මේකේ පළමු චිත්‍රපටය, The Jungle Book (1967) අනිවාරෙන්ම බලල ඉන්න මොකද ඒ චිත්‍රපටය ඉවර වුණු තැන සිට තමයි මේ චිත්‍රපටය පටන්ගන්නෙ.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Steve Trenbirth විසින් කර තිබෙන අතර මේ චිත්‍රපටයට එක සම්මානයක් සහ සම්මාන සඳහා නාමයෝජනා 3කුත් ලැබිලා තියෙනවා. මේකෙදිත් පළවෙනි එකේ වගේම නියම සිංදු ටිකකුත් අහන්න පුළුවන්.

දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු. කලින් චිත්‍රපටය ඉවර වුණේ මෝග්ලි, වතුර අරගෙන යන්න ආව ගෑණු ළමයෙක්ගෙ පස්සෙන් මනුස්ස ගමට යන සිද්ධියත් එක්කනෙ. දැන් වෙනකොට මෝග්ලි ජීවත් වෙන්නේ මනුස්ස ගමේ මනුස්ස පවුලක් එක්ක, ඒ කිව්වෙ අර පළවෙනි කොටසෙ අපි දැක්ක ගෑණු ළමයගේ පවුලෙ අය එක්ක. ඒ ගෑණු ළමයගේ නම තමයි ෂාන්ති. එතකොට එයාගේ අම්මවව, තාත්තව සහ මෝග්ලි කියන කැළෑවේ සිදුවීම්වලට පිස්සු වැටිලා ඉන්න ෂාන්තිගේ මල්ලිව මේ චිත්‍රපටයේදී අපිට මුණගැහෙනවා. ෂාන්තිගේ තාත්තා කැළේට යන එක තහනම් කරලා තියෙන්නේ කැළේ තියෙන භයානකකම තේරුම් අරගෙන තියෙන නිසා, මෝග්ලිට ඒ නිසා ගම එපා වෙන තත්වෙට පත්වෙනවා. ඔය අතරේ මෝග්ලි නැතුව බලූ දැන් ඉන්නේ පුදුම කම්මැලිකමකින්. බලූ තීරණය කරනවා ගමට ගිහින් මෝග්ලිව කැළේට අරගෙන එන්න. ෂෙයා ඛානුත් මේ අතරේ ගමට එන්නේ මෝග්ලිගෙන් පළිගන්න. මේකෙදිත් කළු දිවියා භගීරා, කා කියන සර්පයා, පිස්සු වඳුරන් ටික (දැන් උන් ටික හරි හොඳයි) ජුලිහිණියෝ (ෂෙයා ඛාන්ට මුන් ටික දෙන ටෝක් නිසා හිනා වෙන්න බලාගෙනම මේක ගන්න) අපිට මුණගැහෙනවා.

මෝග්ලි ආපහු කැළේට යයිද? ගමේම නතර වෙයිද? බලූ මොනව කරයිද? බලූගේ වැඩවලට භගීරා මොන ප්‍රතිචාරයක් දක්වයිද? ෂෙයා ඛාන්ට තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙයිද? හැමදේකටම උත්තර දැනගන්න මේ ලස්සන චිත්‍රපටය බලලා ඉන්න…

තවත් උපසිරසකින් හමුවෙමු!

The Jungle Book 2 (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Jungle.Book.2.2003.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

615 downloadsDownload The.Jungle.Book_.2.2003.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/L.C.De_.Mal_.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

615 downloadsDownload Subtitles31 KB

15 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  2. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    The.Transformers.The.Movie.1986.720p.BluRay.x264-NeZu
    The Iron Giant (1999) Signature (1080p Bluray x265 HEVC 10bit AAC 5.1 Tigole)
    මේ දෙකටත් සබ් දෙන්න බලන්න සහෝ
    ජය වේවා!

    1. එල්. සී. දමැල්

      වෙන කවුරුත් මේව නොකළොත්, අනිවාරෙන්ම කාලය අනුව ඔය දෙකටත් දෙන්න බලන්නම්...

  3. kavinda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  4. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  5. Rumesh Nilantha Jayaweera.

    තෑන්ක්ස් බන් බාගෙන ඉදියෙ සබ දෙනකම් එල oya k ealin kiwa 2 denawa kiyala thanks again

  6. Chalana RUkshan

    bro meka 720p ta wada karanne nadda?

    1. එල්. සී. දමැල්

      සහතික වෙනවා, කිසිම අවුලක් නැතිව වැඩ කරනවා. හැබැයි YTS සයිට් එකෙන් ගන්න...

    2. Chalana RUkshan

      thnx bro...

    3. Anonymous

      The jungle book 2016 mekatath sub ekak denawada.meke thiyana eka wada na

  7. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Lushan Kuruppu

    එළ බ්‍රෝ! එළ...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. 1rostar

    Kaalakaandi (2018) , Lust Stories (2018) , The Death Of Superman (2018) [WEBRip] [720p] [YTS.AM]
    SAB EKA DANNAKO

  11. Arawinda Sunimal

    thanks brother