Watch Trailer

The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ අවුරුද්දේ ආව Jungle Book (2016) චිත්‍රපටය දැනටමත් ඔයාලගෙන් බොහෝ දෙනෙක් බලලා ඇති. නොබලපු අය ඉන්නවනම් මුලින් මේක බලල හිටියොත් මේ අවුරුද්දෙ ආව චිත්‍රපටය ටිකක් අවබෝධයකින් බලන්න පුළුවන් වෙයි. මේ චිත්‍රපටයේ සිදුවීම් ගොඩක්ම ඒ චිත්‍රපටයට සමානවම ගලාගෙන යනවා. මේකේ දෙවෙනි කොටසක් 2003දී ඇවිත්…

The Jungle Book (1967)

කොහොමද ඉතින්? මේ අවුරුද්දේ ආව Jungle Book (2016) චිත්‍රපටය දැනටමත් ඔයාලගෙන් බොහෝ දෙනෙක් බලලා ඇති. නොබලපු අය ඉන්නවනම් මුලින් මේක බලල හිටියොත් මේ අවුරුද්දෙ ආව චිත්‍රපටය ටිකක් අවබෝධයකින් බලන්න පුළුවන් වෙයි.  මේ චිත්‍රපටයේ සිදුවීම් ගොඩක්ම ඒ චිත්‍රපටයට සමානවම ගලාගෙන යනවා. මේකේ දෙවෙනි කොටසක් 2003දී ඇවිත් තියෙනවා. ඒකට උපසිරස දෙන වේගය තීරණය කරන්නෙ නම් ප්‍රතිචාර අනුව තමයි. 🙂 2016 අාව චිත්‍රපටයට වඩා වෙනස් දේවල් ගොඩකුත් මේ චිත්‍රපටයේත් මෙහි දෙවැන්නෙත් ඇතුළත් වෙලා තියෙනව කියලත් අමතක කරන්න එපා. සතුට, දුක, විහිළුව මේ හැමදේම ගොඩක් ලස්සනට ගැබ් වෙලා තියෙනවා.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Wolfgang Reitherman විසින් කර තිබෙන අතර මේ චිත්‍රපටයට ඔස්කාර් සම්මානයක් තවත් සම්මාන 4ක් සහ සම්මාන සඳහා නාමයෝජනා 3කුත් ලැබිලා තියෙනවා.

දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. චිත්‍රපටය පටන්ගන්නේ මේ දෙබස්වලින් “ඉන්දියාවේ කැළයන් ගැන පුදුම හිතෙන කතා හුඟක් කියනවා, නමුත් ඒ කිසිම එකක් අපි මෝග්ලි කියලා කියන පැටියගෙ කතාව වගේ පුදුම හිතෙන්නෙ නෑ.” ඉතින් “‍ඒ හැම දෙයක්ම පටන්ගත්තේ නුපුරුදු ශබ්ධයක් සමඟින් කැළේ නිහඬත්වය බිඳුණු මොහොතේදීයි. මීට කලින් කිසිම දවසක මේ කැළෑව ඇතුළෙන් ඒ වගේ සද්දයක් ඇති වී තිබුණේ නෑ.”‍ එහෙම කියන්නේ භගීරා කියන කළු දිවියා. ඉතින් දන්නවද මොකක්ද ඒ සද්දය කියලා? ඔව් ඒ මෝග්ලි කියන පුංචි දරුවා හඩන සද්දෙ. මෝග්ලි කියන්නේ කැළේ තනිවුණු ළදරුවෙක්. භගීරට තමයි මෝග්ලිව හමු වෙන්නේ. ඉතින් භගීරා තීරණය කරනවා මේ හයක් හතරක් නොදන්න ළදරුවාව වෘක පවුලට බලාගන්න භාර දෙන්න. ඉතින් වෘක පවුලේ වෘකයෙක් විදිහට මෝග්ලි කැළය තුළම හැදී වැඩෙනවා. ටික කලක් යද්දී ෂෙයා ඛාන් කියලා කොටියෙක්ගෙන් මෝග්ලි නිසා මුළු වෘක රැළටම තර්ජනයක් එල්ල වෙනවා. ෂෙයා ඛාන්ට ඕණෙ වෙන්නෙ මෝග්ලිව විනාෂ කරලා දාන්න. හේතුව චිත්‍රපටය බලද්දී පැහැදිලි වෙයි. රැළට සිදුවන තර්ජනය නිසා වෘක කවුන්සිලය මෝග්ලිව රැළෙන් අයින් කරලා මනුස්ස ගම්මානයට යවන්න තීරණය කරනවා. ඒ වැඩේ භගීරා බාරගන්නවා. ඒ නිසා මෝග්ලි භගීරා එක්ක තරහ ගන්නවා. මෝග්ලි තීරණය කරනව කැළේම ඉඳලා ෂෙයා ඛාන්ට මුහුණ දෙන්න. ඔය අතරේ බලූ කියන වළහා, කා කියන සර්පයා, ගිජුලිහිණියෝ, පිස්සු වඳුරෝ ටික සහ එයාලගේ පිස්සු ලුවී රජතුමා කියන ඔය හැමෝගෙම සිද්ධි මේකෙ ඇතුළත් වෙනව.

ෂෙයා ඛාන්ට මෝග්ලි කොහොම මුහුණ දෙයිද? ෂෙයා ඛාන්, දරුණු කොටියාගෙන් ඔහුට ජීවිතය බේරගන්න පුළුවන් වෙයිද? ආයෙත් වෘක රැළට එකතු වෙන්න මෝග්ලිට පුළුවන් වෙයිද? නැත්නම් මෝග්ලිව මිනිස් ගමට යවන්න භගීරලට පුළුවන් වෙයිද? ඒවට උත්තර දැනගන්න මේ ලස්සන චිත්‍රපටය බලලා ඉන්න…

එහෙමනම් ඉතින් The Jungle Book 2 (2003) කියන මෙහි 2වෙනි චිත්‍රපටයෙන් හමුවෙමු, ප්‍රතිචාර අනුව ඒක දෙන වේගය තීරණය වෙයි 🙂

The Jungle Book (1967) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Jungle.Book.1967.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

455 downloadsDownload The.Jungle.Book_.1967.Baiscopelk.com_.rar38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/L.C.De_.Mal_.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

455 downloadsDownload Subtitles38 KB

12 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ.
    දෙවනි කොටසත් අනිවා සබ් දෙන්න
    ජය වේවා!

  3. Ashen

    Thanks yalu

  4. kavinda

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න.

  5. Chalana Rukshan

    thnx bro...

  6. Udara Damith B/K

    බොහෝම ස්තුතියි................................
    .........................
    .
    ..........
    ..........
    ..........
    .
    .
    .
    .

  7. praneeth madu

    බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..

  8. Rakitha Ranathunga

    සබට තුති සහෝ..
    දෙකත් දෙමු...
    බලන එකා බානවනේ....

  9. Lahiru

    Thanks for sub!

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න බාන්න දැම්මා. දෙවනි කොටසටත් සබ් දෙන්න. ජය වේවා! බුදු සරණයි!

  11. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.