ඔන්න යාළුවනේ ගිය සතියෙත් මම ෆිල්ම් දෙකක් ඔයාලට ගෙනාවා. ඒ වගේම මේ සතියෙත් දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ සතියට අදාළ දෙවැනි සබ් එක අරගෙන. අද ඉක්මනට ෆිල්ම් එක ගැන බලමු මොකද මේක ඉවර වෙලා පන්තියේ ගෙදර වැඩත් කරන්න තියෙනවා. මේ ෆිල්ම් එක ගැන කිවුවොත් මේකෙ දිනවකවානු නම් සුපිරියටම අවුල්. මේක රිලීස් වෙලා තියෙන්නේ…

ඔන්න යාළුවනේ ගිය සතියෙත් මම ෆිල්ම් දෙකක් ඔයාලට ගෙනාවා. ඒ වගේම මේ සතියෙත් දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ සතියට අදාළ දෙවැනි සබ් එක අරගෙන. අද ඉක්මනට ෆිල්ම් එක ගැන බලමු මොකද මේක ඉවර වෙලා පන්තියේ ගෙදර වැඩත් කරන්න තියෙනවා.
මේ ෆිල්ම් එක ගැන කිවුවොත් මේකෙ දිනවකවානු නම් සුපිරියටම අවුල්. මේක රිලීස් වෙලා තියෙන්නේ 2019 ජනවාරි මාසේ. ඒ වුනාට Google එකෙයි IMDb එකෙයි 2018 කියලා තමයි තියෙන්නේ. Rotten Tomatoes එකේ අවුරුද්ද දාලා තියෙන්නේ 2019 කියලා. අනේ මන්දා කැමති එකක්. කොහොමහරි මේකට IMDb අගය 5.8 කුත්, කුණුතක්කාලි ප්‍රතිශතය 84% කුත් ලැබිලා තියෙනවා. මේකේ ධාවන කාලය පැය 1 යි මිනිත්තු 48 ක් තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jen McGowan කියන අධ්‍යක්ෂකවරිය විසින්. මේකෙ ප්‍රධාන චරිතය වන සෝයර්ට Hermione Cornfield කියන රංගන ශිල්පිණිය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම සෙසු චරිත වන ලෝවෙල් සඳහා Jay Paulson ද, හොලිස්ටර් සඳහා Micah A. Hauptman ද, ෂෙරිෆ් සඳහා Sean O’Bryan ද රංගනයෙන් දායක වෙනවා.
ඉතිං කතාව කිවුවොත් සෝයර් කියන්නේ රස්සාවකට යන්න සම්මුඛ සාකච්ඡාවක් සඳහා ආරාධනාවක් ලැබුණු කෙල්ලෙක්. පේනවිදියට නම් දක්ෂ කෙල්ලෙක් වගේ. කොහොමහරි මේ කෙල්ල සම්මුඛ සාකච්ඡාවට වොෂින්ටන් යන්නේ Google Map එක බලාගෙන. දන්නවනේ Google map එක ෂෝර්ට් කට් පෙන්නන්න යද්දී පිස්සු කෙලිනවා කියලා. ඉතිං ෆිල්ම් එකෙත් ඒක හින්දම මේ කෙල්ලට පාර වරදිනවා. ඉතිං කොහොමහරි රවුමක් ගිහිල්ලා මේ කෙල්ල ඇවිල්ලා වැටෙන්නේ කැලෑවක් මැද්දට. ඉතිං ඔතනදි තමයි සීන් එක පටන් ගන්නේ. මේකිට උදවු කරන මුවාවෙන් එන ඩබලක් මේකිට බලහත්කාරකම් කරන්න යනවා. කෙල්ලත් වැඩේ අතඅරින්නෑ දීලා අරිනවා. කොහොමහරි මෙතන යන වලියෙන් අර ඩබලගෙන් එකෙක් නහය තලාගන්නවා. අනිකා පිහිපාරක් කනවා. කොහොමහරි කෙල්ලත් පිහිපාරක් කාගෙනම කැලේට පනිනවා. ඉතිං ඊටපස්සේ වෙන්නෙ මොකද කියලා දැනගන්න ඕන නම් කතාව බලන්නම වෙනවා. ඉතිං මේ ෆිල්ම් එකේ මැදින් හෙන රසායන විද්‍යාව පාඩමකුත් සෙට් වෙනවා. මමත් අතපය තියන් ඉන්න බැරිකමට සබ් මැද්දෙන් ඒවත් පැහැදිලි කළා. කැමති අය ඕන නම් ඒකත් කියවන්න. කැමති නැත්තම් නොබලා යන්න. කොහොමහරි කමක් නෑ ඉස්සරහට දෙන ෆිල්ම් වලටත් එහෙම දාන්නද එපාද කියලා කමෙන්ට් එකකුත් දාන්න.
ඉතිං මේ ෆිල්ම් එකට අවසරය දුන්නු හසන්ත අයියටත් බයිස්කෝප් ටීම් එකටත් ස්තූතියි කියන්න ඕනේ. ඒ වගේම සුපුරුදු පරිදි හැමෝටම මේ ලෙඩෙන් පරිස්සම් වෙලා ඉන්නත් කියනවා. ඉතිං කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.. ඔබට සුභ දවසක් !!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,949 downloadsDownload Rust-Creek-2018.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
22 comments
Ruwan
indika75
උපසිරැසියට ස්තූතියි.මමනම් කැමතියි අපි නොදන්න කරුණු පැහැදිළි කරනවට.
ගීත් මිහිර සත්සර
ඔයාගේ අදහසට ස්තූතියි..
Bawantha
සුපිරිම ඒක..❣️
Suranjan
Thanks jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ස්තුතියි
bandara
Thanks lot Mihira
Nelson
Good work brother, Thanks for the sub,
Do your homework too... :)Anonymous
Thanks..........
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!!
Ayuru Jeewana
Awulak aha ela ewata explanations gena eka .superb
Melaka
Thanks....
Malith Samarawickrama
Thanks malli sub ekata .kamak na film eka gana full discriptionally dammata eka wadagath .
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ...........................
nilanka_baiscop
thanks
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
kumara
විස්තරාත්මක සබ් එක වඩා හොඳයි, ඒ විදියට දිගටම කරන්න. සුබ පැතුම්..
Rishantha
Thanks Brother
Advertisement
Niyama Thanks , Tawa Hoda ewa Genna