සමහර යාලුකම් තියෙනවා පොඩි කාලේ ඉදලම පවත්වන් යන, අදටත් හොදම යාලුවෝ වෙලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. යාලුවෝ වෙනවා කියන්නේ ගෑනු පිරිමි භේදයකින් තොරව පවත්වයන් යන්න පුලුවන් දෙයක්. මං කිව්වේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක්ව තමන්ගේ හොදම යාලුවා කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කොටින්ම බලන් ඉන්න මොකක් කිව්වත් ඒ…

සමහර යාලුකම් තියෙනවා පොඩි කාලේ ඉදලම පවත්වන් යන, අදටත් හොදම යාලුවෝ වෙලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. යාලුවෝ වෙනවා කියන්නේ ගෑනු පිරිමි භේදයකින් තොරව පවත්වයන් යන්න පුලුවන් දෙයක්. මං කිව්වේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක්ව තමන්ගේ හොදම යාලුවා කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කොටින්ම බලන් ඉන්න මොකක් කිව්වත් ඒක අපිට අදාලම නැහැ. මොකද ඒක තමන්ගේ නිදහස. එල් වගේම ලී කියන්නේ ඒ වගේ දෙන්නෙක්. මේ දෙන්නා ඉපදෙන්නේ එකම රටක, එකම රෝහලක, එකම වෙලාවේදී. මේ දෙන්නා පොඩි කාලේ ඉදන්ම හුගක් හිතවත්. කොටින්ම ගෙවල් වලින්වත් කිසිදු බාධාවක් මේ දෙන්නට ඇති වෙන්නේ නැහැ. මේ නිසාම මේ දෙන්නා ඒ දෙන්නගේ ජිවිතේ පොඩි කාලෙදි ගත කරන කාලෙදි වගේම ලොකු වෙලා පාසල් යද්දිත් පවා ඒකටම වගේ ඉන්නේ. එල්ට ඉස්කෝලේ කෙල්ලන්ගෙන් ලොකු කැපිල්ලක් තියෙනවා.මේ නිසාම එයාට ගෑනු යාලුවො ඇත්තෙත් නැහැ. ලී කියන්නේ එල්ට වදාඅ පොහොසත් වුනත් ලී අදින පළදින විදිහ නිසා එයාට කියලා වැඩි තැනකුත් නැහැ. ලී ෆ්ලින් කියන්නේ ෆ්ලින් පවුලේ දෙවැනි දරුවා. ලීට ඉන්නවා වැඩිමහල් අයියා කෙනෙක් නෝහා කියලා. නමුත් එයාට නම්ඉස්කෝලේ හොද තැනක් තියෙනවා. විශේෂයෙන්ම ලස්සන කෙල්ලන්ගෙන්.
ලී වගේම එල් දෙන්නට තියෙනවා එයාලගෙම කියලා නීති ගොඩාරියක්.ඒ නීතිවල නමවැනි නීතිය තමයි මේ දෙන්නට ආදරේ කරන්න කාව තෝරගන්න පුළුවන් වුනත් තමන්ගේම පවුලේ සහෝදර සහෝදරයින්ව තෝරගන්න බැහැ කියලා. ඒවගේම යාලුවන්ව තෝරගන්නත් බැහැ. මොන එහෙකට එහෙම නීතියක් දැම්මද කියලා නම් දන්නේ නැහැ. එල් නම් පොඩි කාලේ ඉදලම නෝහාට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ. නමුත් නීති නිසා එයාට මේක බාධාවක් වෙලා තියෙනවා. දවසක්දා ඉස්කෝලේ අරමුදල් එකතු කරන වැඩකට ලී වගේම එල් යෝජනා කරනවා කිසින් බූත් එකක් නොහොත් සිපගන්න කුටියක් නිර්මාණය කරන්න. මේකෙදි වෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් වේවා තමන්ට අවස්ථාවක් ලැබෙනවා අහම්බෙන් කෙනෙක්ව සිපාන්න. සැලසුම් නොකරපු විදිහට එල්ට අවස්ථාවක් ලැබෙනවා නෝහාව සිපගන්න. මේ සිපගැනිල්ලෙන් තමයි සැහෙන දේවල් පටන් ගන්නේ. අර කතාවක් තියෙනවනේ මොනවා හැංගුවත් තව කෙනෙක්ට තියෙන ආදරේ වහන් කරන්න බැහැ කියලා. කතාව රසවත් නිසා මම කතාවේ මොකක්ද වෙන්නේ කියලා මින් ඉදිරියට කියන්න යන්නේ නැහැ.
ඔන්න එහෙනම් සැහෙන කාලෙකට පස්සේ ආයෙමත් ආවා චිත්‍රපටයක උපසිරැසි අරගෙන. කතාමාලා වලටම හිරවෙලා චිත්‍රපටයක් කලේම නැහැ නෙවැ. මම දන්නවා ඔයාලා මේ වෙද්දීත් දන්නවා ඇති කියලා Netflix කියන්නේ මොකක්ද කියලා. ඔව් ඔයාලා ආදරය කරන කතාමාලා වගේම චිත්‍රපට රැසක් මේ වෙද්දී නිර්මාණය කරපු Netflix ලගේ චිත්‍රපටයක් තමයි මේක. මේක එයාලගේ සේවය හරහා විකාශය වීම ආරම්භ කරන්නේ 2018 මැයි 11’වැනිදා. අධ්‍යක්ෂණය වගේ තිරපිටපත්වල වැඩ කටයුතු වෙන්නේ Vince Marcello අතින්. ඒවගේම තිරපිටපත්වල වැඩ වලට තවත් කෙනෙක් එකතු වෙනවා කාන්තා පාර්ශවයෙන් Beth Reekles කියලා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි 2012 දෙසැම්බර් 13 වැනිදා නිකුත් වුන Beth Reekles විසින් රචනා කල නවකතාවක් වන The Kissing Booth නම් පොත පාදක කරන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. The Dark Knight Rises (2012), The Conjuring (2013), White House Down (2013), Independence Day: Resurgence (2016) වගේ ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ Joey King තමයි මේ චිත්‍රපටයේ ශෙලී එල් එව්න්ස්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. ඒවගේම Netflix ලගෙම පසුගිය වසරේ චිත්‍රපටයක් වූ F*&% the Prom (2017) චිත්‍රපටයෙන් වගේම CW නාලිකාවේ විකාශය වුණු The Messengers රූපවාහිනී කතාමාලාවෙන් පවා රංගනයෙන් දායක වුනු Joel Courtney තමයි මේ චිත්‍රපටයේ ලී ෆ්ලින් වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ. ඒවගේම Jacob Elordi කියන රංගධරයා තමයි නෝහා ෆ්ලින් කියන චරිතයෙන් දායක වෙලා තියෙන්නේ. පැයකුත් විනාඩි හතලිස් පහකුත් පුරාවටම ධාවනය වන මේ චිත්‍රපටය Comedy, Romance කියන කැටගරි වලට අයත් වෙනවා. ඒවගේම චිත්‍රපටය විකාශය වූ දවසෙ ඉදන් මේ වෙනකන්ම 6.6/10 වගේ IMDb සෑහිමට පත්වෙන්න පුලුවන් අගයක් ලබාගෙන තියෙනවා.
එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. මං ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
29,569 downloadsDownload The-Kissing-Booth-2018.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
49 comments
සමීර කරුණාරත්න
විදුෂාන් සජිත්
:-) දැන් නම් ඉතින් බලන්නම වෙනවා නොවැ,.... බොහෝම ස්තූතියි “චාමර" සහෝ උපසිරැසියට.. දිගටම යමු, ජය වේවා...!!! :-)
Kulanjana Maduranga
niayamai…lassana storyak wge..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
අද download කරේ මේක...
මෙච්චර ඉක්මනට සබ් එක දෙයි කියල හිතුවේ නැ.SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයIsaac
Tnks bro sub ekata
Kanchaka
Thanks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!sublove
me wage lassana film ekakata sub dunata bohomath sathuthi
prashal1025
Tnx bro sub ekta
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
ජයෙන් ජය.dedunu
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.....
ජය වේවා…!!!THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ… ජය වේවා…!!!
Gathsara Umesh
Bhoooooom sthuthiyi ayyee
Dew visanka
newness ekata puluwan nm sub dennako bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..Netflix වැඩක්නම් නොබලා කොහොමද..අනිවා බැලිල්ල තමා!
malith
Ela ela
N_R
Thanks.
saduhiru1
thanks saho.............
madushan
thnkszz
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
jagath55
Thanks
AsithaDilruwan
ela ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Srimal
Thnq saho ❤️
thevindu22
Download kranna bane
Ravindu Yureshaka
Thank you very much...!
tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයsk_perera
බොහොමත්ම ස්තූතියි !
malithmeegoda1
බොහොම ස්තූතියි
Prageeth Gaya
thank uuuuuu broooooo sub ekata
elaaaaaricadodamien
Thank u Chamara brother & baiscope team for the sub, all the best to baiscope team..........
priyanthapremarathna
ස්තුතියි සබ් එකට හොදට කරල තියෙනවා
Kaveen Gayath
Thanks bro
yasith Maduran
Nice job Chamara
Dulanjana Randu
Film eka koheda gaththe
Dulanjana Randu
Film eka kohomada ganne
mangalaP
Thank you...
Kasun
The kissing booth movie eka sub eka denna na kohomada ganne
baiscopelkishu
Thanqq machn sub ekata
Ksun
Sub meka denne nane
dogcat
Thank you bro AFTER PARTY film ak sub ak dendkooo please please please
Manohari
Thank you..
aruni
kissing booth 2 eketh subtitle dnn.
Pasan
Thankz sahoo...
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Nishan S Ariyarathna
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Kissing Booth (2018) with Sinhala Subtitles | ඔහු ඇයට ආදරෙයි, ඇය ඔහුගෙ සොහොයුරාට ලෙන්ගතුයි.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/The-Kissing-Booth-2018.jpg)
මම ඉතින් මේ වගේ කතා බලන කෙනෙක් නෙමෙයි.. හැබැයි මේක නම් බැලුව... පට්ට ලස්සනයි... අවුලෙන් ඉන්න වෙලාවක බලන්න සිරාම කතාවක්.... කමෙන්ට් නොකරන කෙනෙක් වුනත් මේකට නම් දෙයක් කියන්නම ඕන කියල හිතුන... අනිවා බලන්න ලස්සන කතාවක්.... ස්තුතියි චාමර....