හොඳයි, එහෙනම් මේ තමයි මම 2019 අවුරුද්දේ බයිස්කෝප් අඩවියට ලබා දෙන පළමු චිත්‍රපටිය, මේක ඇවිල්ලා කොමඩියක්. ඔයාලා හුඟක් අය මං හිතන්නේ බළලා ඇති අර 300 (2006) කියන පුරාණ යුධ සටන් චිත්‍රපටිය. ඒක තාම බළලා නැත්තම් ඒකත් බලන්න. මරුම චිත්‍රපටියක්. මේ මම ඔයාලට ගෙනත් තියන චිත්‍රපටිය ඇවිල්ලා ඒ චිත්‍රපටියේ කොමඩියට…

හොඳයි, එහෙනම් මේ තමයි මම 2019 අවුරුද්දේ බයිස්කෝප් අඩවියට ලබා දෙන පළමු චිත්‍රපටිය, මේක ඇවිල්ලා කොමඩියක්. ඔයාලා හුඟක් අය මං හිතන්නේ බළලා ඇති අර 300 (2006) කියන පුරාණ යුධ සටන් චිත්‍රපටිය. ඒක තාම බළලා නැත්තම් ඒකත් බලන්න. මරුම චිත්‍රපටියක්. මේ මම ඔයාලට ගෙනත් තියන චිත්‍රපටිය ඇවිල්ලා ඒ චිත්‍රපටියේ කොමඩියට ගහපු එකක්. ඒ කියන්නේ ජෝක් එකට. ඉතින් ඔයාලා මේ වගේ චිත්‍රපටි වල ස්වාභාවය ගැන හොඳට දන්නවනේ. කටපූරාම පැලෙනකන්ම හිනා වෙන්න තමයි පුළුවන් මේ වගේ ඒවා බළලා. කොමඩි චිත්‍රපටි ලෝලීන් නම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම බලන්න ඕනේ. මේ 300 චිත්‍රපටිය අනුකරණය කරලා තවත් මම මේ ඔයාලට අරන් ඇවිත් තියනවා වගේම කොමඩි චිත්‍රපටියක් තියනවා, ඒ තමයි Meet the Spartans (2008) චිත්‍රපටිය. ඉතින් මේ ටයිප් එකේ චිත්‍රපටි වල සැබෑ චිත්‍රපටියේ දර්ශන සහ සිදුවීම් තනිකරම විකාර කරලා තමයි තියෙන්නේ. ඒ හින්දා ඉතින් බලනකොට හිනා යන ප්‍රමාණය වැඩියි, මොකද ඒ ඒවා වල සැබෑ චිත්‍රපටි අපි මීට කලින් බළලා තියන හින්දයි. ඉතින් ඔයාලා මේක බලන්න යනවා නම් මුලින්ම මේකේ 300 ‍ෆිල්ම් එක බළලා ඉන්න බළලා නැති අය. අනිත් අය දැන්ම අරගෙන බලන්න.

කතාව ගැන පොඩි හැදින්වීමක්,

ඕසමස්ට් මැක්සිමස් කියන්නේ ට්‍රෝජන් දේශයේ රජ්ජුරුවන්ගේ දුවව බැඳලා ඉන්න ලස්සන තඩි බතල තරුණියන් ඇසුරුකරමින් විනෝදයෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන පුද්ගලයෙක්. ඒ වගේම ලොව ප්‍රබලම හමුදාව වෙන ට්‍රෝජන් හමුදාවේ අණ දෙන නිළධාරියා. හැබැයි එහෙම වුනාට මිනිහගෙන් නම් හමුදාවට කිසිම වැඩක් නෑ. කොටින්ම මේ ඕසමස්ට් ට තමන්වත් හරියට බලාකියාගන්න බෑ. ඕසමස්ට්ගේ ළගින්ම ඉන්න හමුදාව දෙවනියට මෙහෙයවන නිළධාරියෙක් වගේ කෙනෙක් තමයි මුළු හමුදාවෙම වැඩ කටයුතුයි ඕසමස්ට්වයි නිතර පරිස්සම් කරලා ‍රැක බලාගන්නේ. මෙච්චර කාලයක් මේ රාජධානිය නූලෙන් හරි බේරිලා තියෙන්නේ මේ ඕසමස්ට් ළගින්ම ඉන්න බුද්ධිමත්, රණශූර දෙවනි නිළධාරියා හින්දයි. ඕසමස්ට් මුළු හමුදාවම මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා වුනත් මිනිහට හරියට කඩුවක්වත් යන්තමින් වනා ගන්නවත් තේරුමක් නෑ. ඉතින් මෙයාට තමන්ගේ රාජධානිය ගැනවත් මිනිස්සු ගැනවත් මෙලෝ ගාණක් නෑ. මෙයාට ඕනේ බී බී විනෝද වේවී කෙල්ලොත් එක්ක ඇලවෙලා නිතර සොමියේ ඉන්න. රජ්ජුරුවෝ තමන්ගේ දුවව මේ වගේ වැඩකට නැති මිනිහෙකුට බන්ඳලා දීලා තියෙන්නේ ඒක හේතුවක් නිසයි. ඒ තමයි ඕසමස්ට් ගැන කාලෙකට කලින් දෙවියන් විසින් අනාවැකියක් කියලා තියනවා ”ඕසමස්ට් මැක්සිමස් යම් දිනක මිහිපිට සිටිනා ශ්‍රේෂ්ඨම පාලකයෙකු වන බවට” ඉතින් මේ නිසා රජ්ජුරුවෝ ඕසමස්ට් මොන දේ කරත් මොන වැඩේ අනාගත්තත් මිනිහා ගැන තදබල විශ්වාසයෙන් ඉන්නවා මිනිහා කවදාහරි වෙනසක් කරයි කියලා හිතාගෙන. දවසක් ඕසමස්ට්ට රජ්ජුරුවෝ වැඩක් පවරනවා. ඒ තමයි තමන්ගේ ළමාක සමලිංගික පුතාව ග්‍රීසියට ගිහින් පරිස්සමට ට්‍රෝජන් වලට අරගෙන එන්න කියලා. රජ්ජුරුවන්ගේ මේ පුතා සතියක විනෝද චාරිකාවක් සදහා තමයි ග්‍රීසියට ගිහින් ඉන්නේ. නමුත් රජ්ජුරුවන්ට බයයි මිනිහා එහේ මොකක්හරි ලෙඩක් දාගත්තොත් ග්‍රීසියත් එක්ක යුද්ධක් ඇති වේවී කියලා. ඉතින් මේ නිසයි ඕසමස්ට්ව මේ ගමන යවන්නේ. හැබැයි මිනිහව යවන්නේ තනියම. මීට කලින් ඕසමස්ට් තමන්ගේ සේනාව නැතුව පිට කොහෙවත් කටයුත්තකට ගිහින් නෑ. ඕසමස්ට් ළගින්ම ඉන්න අර දක්ෂ නිළධාරියා තදින්ම රජ්ජුරවන්ට ඒ වෙලාවේ පවසනවා මේ මෙහෙයුමට ඕසමස්ට්ව යවන්න එපැයි කියලා, මිනිහව යවන්නයි කියලා. මොකද ඒ නිළධාරිය දන්නවා ඕසමස්ට්ට තමන්වත් හරියට බලාගන්න බැරි විත්තිය. නමුත් රජ්ජුරුවෝ මේක අහන්නේ නෑ, ඕසමස්ට්ව තට්ට තනියම වැඩේට පිටත් කරලා අරිනවා. කාලයක ඉඳන් ඕසමස්ට්ගේ බිරිඳ පවසන තමන්ගේ පියාගේ හිතා දිනාගන්න කියන බලවත් ඉල්ලීම ඉ‍ටු කරන්නත් එක්ක කියලා මිනිහා වැඩේට යනවා. රජ්ජුරු වන්ගේ පුතා රජ්ජුරුවෝ හිතුවා වගේම ලොකු ලෙඩක් ග්‍රීසියට ගිහින් දාගන්නවා. ග්‍රීසියේ ඉන්න පාලකයා මේ නිසා ට්‍රෝජන් දේශයට එරෙහිව යුධ ප්‍රකාශ කරලා යුද්ධෙකට එනවා.

මොකක්ද ඒ රජ්ජුරුවන්ගේ පුතා දාගන්න ලෙඩේ ග්‍රීසියත් එක්ක ? හයක් හතරක් නොතේරෙන ඕසමස්ට් තනියම ගිහින් මොනවා කොර ගනියිද ? ඕසමස්ට් ගැන දෙවියෝ කියපු ඒ අනාවැකිය ඇත්තද ? ඕසමස්ට් යුද්ධයෙදි කොහොම සටන් කරයිද ? ට්‍රෝජන් දේශය විනාශ වෙයිද ?

මේවට උත්තර දැනගන්න එහෙනම් හිනා ගිහින්ම පැලෙන මේ ‍ෆිල්ම් ඒක අරගෙන බලන්න.

* මේ චිත්‍රපටියේ හුඟක් අසභ්‍ය වගේ වචන තියනවා, ඒවා වල තේරුම් නිවැරදිවම අදාල වෙන විදියට හොඳ හැටි ‍තෝරලා බේරලා ගළපලා මම නියමාකාරවම යොදලා තියනවා. මේ හැමදෙයින්ම උත්සහා කරේ මම ලබා දෙන උපසි‍රැසියේ ගුණාත්මකත්වය උපරීමෙන්ම නරඹන්නන් වන ඔබ හට ලබා දීමටයි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,228 downloadsDownload The-Legend-Of-Awesomest-Maximus-2011.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

6,228 downloadsDownload Subtitles58 KB

35 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. dsdkavishka

    Thenks for sub

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දිගටම සුපිරි කොමඩි වලට සබ් දෙමු....

  4. Dhanushka1991

    කෝ මචන් ‍ෆිල්ම් එක නෑ ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකේ...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  6. AsithaDilruwan

    ela saho thanks

  7. dinusha

    supiri thanx bro sub akata

  8. Lucifer94

    tnx broooo

  9. gamage_thanuj

    tnx machan.. download krnne khmada film 1,,,,?

  10. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  11. Ranga Heshan

    කො ෆිල්ම් එක අප්ලෝඩ් කරල නෑනේ

  12. Thisal

    no seeds

  13. LimeGreenSoda

    tHANKSmATE

  14. sancha

    Thanks...................

  15. Kulanjana Maduranga

    subata thanks.....saho..

  16. jagath55

    Thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. Achi

    Thanks ❤️

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ෂෙහාන් සහෝ.
    උත්සාහය සහ කැපවීම අගෙයි.
    ජයෙන් ජය.

  21. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. sarithkarunarathne

    Thank you bro!

  23. akalankagayan

    Thnx .......

  24. luckysun

    super comedy siries sub

  25. yapa63

    link ekak ewannako ba ganna

  26. Rumesh Asanka

    thank you

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Kusal chamara

    thanks bro for sub.

  29. neelanethra

    thankz

  30. Sandeepmadushan

    Thanx saho

  31. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  32. Sameerasandaruwan1234

    link please

  33. danushka-bandara

    sub එක දුන්නට Thanks සහෝ වැඩේ දිගටම කරගෙන යන්න අපෙම් සුභ පැතුමි................

  34. TharakaWAS

    Subata thanks bro...!!!

  35. chanakadushmantha

    Niyamai....