ආයුබෝවන්! ”The Long Way Home” කියන්නෙ 2015 සැප්තැම්බර් 24 තිරගත වුණ imdb 6.5 ක අගයක් ගත්තු war/commedy/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක්. චිත්‍රපටියට පාදක වෙන්නෙ කොරියානු යුද්දය අතරතුර උතුරු කොරියානු සහ දකුණු කොරියානු සොල්දාදුවන් දෙන්නෙක් අතර ඇතිවන මිත්‍රත්වයක්. නම් බොක් කියන්නෙ දකුණු කොරියානු හමුදා…

ආයුබෝවන්! ”The Long Way Home” කියන්නෙ 2015 සැප්තැම්බර් 24 තිරගත වුණ imdb 6.5 ක අගයක් ගත්තු war/commedy/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක්. චිත්‍රපටියට පාදක වෙන්නෙ කොරියානු යුද්දය අතරතුර උතුරු කොරියානු සහ දකුණු කොරියානු සොල්දාදුවන් දෙන්නෙක් අතර ඇතිවන මිත්‍රත්වයක්. නම් බොක් කියන්නෙ දකුණු කොරියානු හමුදාවෙ සාමාන්‍ය සෙබළෙක්. හමුදාවට බැදිල තියෙන්නෙ කැමැත්තකින් නම් නෙමෙයි. ඒත් යුද්දෙදි උතුරු සීමාවෙ ඉස්සරහින්ම තමයි සටන් කරන්න වෙලා තියෙන්නෙ. මෙයාගෙ කණ්ඩායමට මෙහෙයුමක් හම්බෙනවා ඉතාම වැදගත් තොරතුරු තියන රහසිගත ලියවිල්ලක් තවත් කණ්ඩායමකට අරගෙන යන්න. කොහොමහරි මෙයාලට අතරමගදි උතුරෙ හමුදාවෙන් ප්‍රහාර එල්ල වෙනවා. ඒ වෙලාවෙ මෙයාගෙ කන්ඩායමේ හැමදෙනාම මැරෙනවා. ඉතුරු වෙන්නෙ මේ නම් බොක් විතරයි. ඒ වගේම තමයි රහස් ලියවිල්ලත් නැතිවෙනවා. මෙයා ඉතින් තනියම මේක හොයාගෙන යද්දී…..(?)
එතකොට යොන්ග් ග්වන්ග් කියන්නෙ ඉස්කෝලෙවත් ගිහින් ඉවර නැති, උතුරු හමුදාවට අළුත බැඳුණු ගැටවර කොල්ලෙක්.මේකා හෙණ ගොනා.බෝම්බයක්වත් ගහගන්න දන් නෑ.මෙයා ඉන්නෙ යුද්ධ ටැංකියෙ මැෂින් ගන් එක ක්‍රියාකරවන්න.මේ කොල්ල ඉන්න යුද්ද ටැංකිය පවා බකලක්.මෙයාල යුද්දෙට යන ගමන් මේ ටැංකිය කැඩිලා මග නතර වෙනවා.ඉස්සරහින් යන එයාලගෙම හමුදාවෙන් කෑම ටිකක් අරන් එන්න එතන්ට මේ කොල්ලා ගියාම දකුණෙ ගුවන් හමුදාවෙන් මෙයාලගෙ කණ්ඩායමට ගහනවා.වාසනාවකට මේ කොල්ල විතරක් එතනදි බේරෙනවා.ආපහු ටැංකිය ලඟට ගියාම.එයාගෙ යු.ටැකියෙ හිටපු අයත් මැරිලා. ඉතුරු වෙන්නෙ මෙයා විතරයි. යුද්ද ටැංකි ඒකකේ ලොක්ක මැරෙන්න කලින් මේ කොල්ලට කියනවා ටැංකියට මොනවත් වෙන්න දෙන්න එපා.ඒක අරන් ආපහු යන්න කියලා. ඒ වුණාට මූ ඒක එළවන්න දන්නෙත් නෑ. බයට හතර අතේ දුවනවා.
ඔහොම ටික දුරක් යනකොට මේ කොල්ලට හම්බෙනවා අර රහස් ලියවිල්ල.”top secret” කියල තියන නිසා මූ ඒක අරන් දුවද්දිම දකුණෙ හමුදාවෙ ඉතුරු වෙලා ඉන්න ඩයල් එක ඒක හොයාගෙන එනවා. මූණට මූණ දෙන්න හම්බුණත් කොල්ලගෙන් අරක ගන්න බැරි වෙනවා. මූ ගිහින් කොහොම හරි යුද්ද ටැංකියට රිංගගන්නවා. එක කෙළියක් වෙලා කොහොමහරි ටැංකියත් පදින්න හුරු වෙනවා. ඒත් දකුණෙ සෙබළා ටැංකිය පස්සෙන්ම ඇවිත් ඊළඟ දවසෙ කොල්ලව අල්ල ගන්නවා. ඒ වුණාට මූ ලියවිල්ල හන්ගලා. ඒ නිසා කොල්ලව මරන්නත් බෑ. ඉතින් දකුණෙ සොල්දාදුවා අරූගෙම ටැංකියෙ ඌවත් අරගෙනම දකුණට යනවා. ලියවිල්ල නැතත් ටැංකියටයි උතුරු හමුදාකාරයටයි පදක්කමක්වත් හම්බෙයිනෙ කියලා.
ඒත් කොහොමහරි මේ ගමනෙදි හුඟක් දේවල් වුණාට පස්සෙ දෙන්නට බඹරු එහෙමත් ගැහුවට පස්සෙ කොල්ලගෙ අතට තුවක්කුව අහු වෙනවා. ඊට පස්සෙ මූ කරන්නෙ දකුණෙ සෙබළව අරගෙන උට ටැංකිය පදින්න කියලා උතුරට යනවා. ඉතින් මං මුළු කතාවම කියන්න යන්නෙ නෑ. පටන් ගත්ත වෙලේ ඉඳන් බඩ අල්ලන් හිනාවෙන්න තමයි තියෙන්නෙ. ඉවර වෙන්න ළං වෙද්දි හිතෙයි අපරාදෙ දැන්ම ඉවර වෙන්නෙ කියලා. බලන්න වටින ලස්සන කතාවක්. බලල එහෙනම් අදහස් කියන්න.තවත් උපසැරසියකින් හම්බෙමු. ගිහින් එන්නම්.ආ… ”Nameless Gangster” බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න. ඩව්න්ලෝඩ් කරන්න හොයාගන්න බැරි වුණානම් මගෙ ෆේස් බුක් එකේ ලින්ක් එක දාලා තියෙන්නෙ. ඇවිත් ගන්න පුළුවන්.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The Long Way Home (2015) DVDRip 450MB Ganool torrent
The.Long.Way.Home.2015.720p.HDRip.H264
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,263 downloadsDownload The.Long_.Way_.Home_.2015.Baiscopelk.com_.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
31 comments
Kalana
chamalkalum
එලස්...
mithun
මචන් ලිපිය නම් සුපිරි සිත් ඇදබැඳගන්න විදියට තියෙ..
සුපිරි කතාවක් වගේ බොහොම ස්තුතියි චමල් සහෝ මෙ කරන සේවට. ඔබට ජය.. ගොඩක් සතුටුයි මචන් මෙක අරගන්නවchamalkalum
බලලම කියන්නකො සහෝ.
Dish
Korean nam itin chamal thama. tnx saho. jaya wewa !
chamalkalum
හිහි..
අසිත
patta kathawak
jaya wewa!!!chamalkalum
අනිවා..
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamalkalum
එළ..
gayan
tnx mr.korean
chamalkalum
ur welcome bro..
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
mithun
සුපිරි ෆිල්ම් එක සහෝ දැම් තම බලලා ඉවර උනේ
ඔය සුපිරි එකට සබ් එක දල තියෙනව රසවත් විදියට එ වගෙම හැම කොරියන් ෆිල්ම් එකක වගේම මෙකෙත් අන්තිම හරිය සංවෙදි ..
Great ෆිල්ම් එකක් මාර ඩයල් දෙක තම සිරාවටම ..chamalkalum
Thanks mithun saho
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.......!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.chamalkalum
හොදයි සහෝ...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Hiruni Himasha
thanks ayya... korean drama akakath sub denna kohoma hri apita balanna... :-) oyata fansla godaaak innawa hodeee... ;-) GOODLUCK.....
chamalkalum
ඉස්සරහට බලමු... drama වලටත්.
Hiruni Himasha
yup... You Can...!!! Fighting... hyong... :-)
පුෂ්ප සමීර
sub aka dunnata sthuthi
s
Thxxx sub ekata.lassanama katawak
Pushpakantha Sadaruwan
thanks bro
chamalkalum
Ur welcome bro
w a thilak
ස්තුතියි......
Chami.S
Thanks...
nidi
Chamal, oyatath ayu boho wewa! site eka lassana karannata thawa me wage apuru filmswalata subs dennata oyata deergayu lebewa! sinahawath, kandulath atharin jeewithaya diha balannata honda kawuluwak widiyatai mata me film eka denune! thanks Chamal!
chamalkalum
Thank you nidi. Eka loku haiyak .
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro elama thama.