Watch Trailer

Wes Craven’s New Nightmare (1994) with sinhala subtitles | නොමිනිසෙකුගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

එල්ම් වීදියේ හීන වලින් මුලින්ම ඔබ හමුවට ආපු නැන්සි නැවත වතාවක් ඔබ හමුවට එනව. ඒ මුල් චිත්‍රපටයෙන් වසර දහයකට පස්සෙ එන සමරුමකුත් එක්ක. මෙය එන්නෙ චිත්‍රපටයක් තුල චිත්‍රපටයක් විදියට. ඒ කියන්නෙ වසර දහයකට කලින් එල්ම් වීදියේ චිත්‍රපට වලට එකතු උන අය සම්බන්ධ වෙලා නව චිත්‍රපටයක් නිපදවීම ගැන තමා කතාව යන්නෙ. වි…

Wes Craven's New Nightmare

එල්ම් වීදියේ හීන වලින් මුලින්ම ඔබ හමුවට ආපු නැන්සි නැවත වතාවක් ඔබ හමුවට එනව. ඒ මුල් චිත්‍රපටයෙන් වසර දහයකට පස්සෙ එන සමරුමකුත් එක්ක. මෙය එන්නෙ චිත්‍රපටයක් තුල චිත්‍රපටයක් විදියට. ඒ කියන්නෙ වසර දහයකට කලින් එල්ම් වීදියේ චිත්‍රපට වලට එකතු උන අය සම්බන්ධ වෙලා නව චිත්‍රපටයක් නිපදවීම ගැන තමා කතාව යන්නෙ. විශේෂිත දේ තමා මෙහි චරිත ටික පෙනී සිටින්නෙ තම සත්‍ය නම් වලින්ම වීම.

චිත්‍රපටය ආරම්භවන්නේ නව චිත්‍රපටයේ ෆ්රෙඩී තම ලෝහ අත නිමවා තම අතට සවිකරගන්නා ආකාරය දක්වමින්. මේ කොටස රූගත කර අවසානයේ ලැබෙන කෙටි විවේකය අතර මෙම රොබෝ අත ප්‍රාණවත් වී එය නිර්මාණය කල ප්‍රයෝග ශිපීන් දෙදෙනාව මරා දමනවා. නමුත් මෙය නැන්සි එහෙමත් නැත්නම් හෙදර්දකින හීනයක්. ඇය විවාහ වෙලා දැන් එකදරු මවක්. ඇගේ ස්වාමියා තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රයෝග ශිල්පියා. පසුවදා උදේ ඇයට තියෙනව විශේෂ රූපවාහිනී වැඩසටහනක්. චේස් ටත් තියෙනව වෙලඳ දැන්වීමක ප්‍රයෝග ඉදිරිපත් කිරීමක්.

හෙදර් රූපවාහිනී ආයතනයට යාමට සූදානම් වනවිට ඇයට සුපුරුදු ඇමතුම එනව. ඒ ටික දිනක සිට ඇයව බයට පත් කරවන ඇමතුම. ෆ්රෙඩී විදියටයි කතා කරන කෙනා කතා කරන්නෙ. පොලිසිය හිතන්නෙ මේක පිස්සු ප්‍රේක්ෂකයාටයෙක්ගෙ වැඩක් කියල. ඒත් හෙදර් මේ පිළිබඳව සැලකිලිමත් වෙනව. මේ අතරෙ ඩිලන්, ඇගේ පුතා අමුතු හැසිරීම් පෙන්වන්න ගන්නව. රූපවාහිනී සාකච්චාව පවත්වන්නෙ ෆ්රෙඩී චිත්‍රපට වලට වසර දහයක් පිරීම නිමිත්තෙන්. එයට ෆ්රෙඩීගෙ චරිතයට පන පොවපු රොබර්ට් එන්ගල්ට් පවා එකතු වෙනව. රූපවාහිනී සාකච්චාවෙන් පස්සෙ ඇයට කැඳවීමක් ලැබෙනව ඇගේ චිත්‍රපට නිශ්පාදකයාගෙන්. ඒ තවත් චිත්‍රපටයක් නිපදවීමට. නමුත් හෙදර් කැමති වෙන්නෙ නෑ චිත්‍රපටයකට. ඒ ඇයට තම පුතා සමග කාලය ගෙවන්න ඕන නිසා.

තිර පිටපත ලියන වෙස් ගේ හීන අනුව මෙවර තමාගේ පුතාත් මේ හීන ගැටලුවට මැදිවී ඇති බව හෙදර් තෙරුම් ගන්නව.
මේ අතරෙ ඩිලන්ගෙ අසාමාන්‍ය හැසිරීම නිසා බය වෙන හෙදර් චේස් ව ආපහු කැඳවනව. තම බිරිඳ හා දරුවා යම් කරදරක කියල දැනගන්න චේස් නිවස බලා එන අතරෙදි ෆ්රෙඩීගෙ ගොදුරක් බවට පත් වෙනව. ඩිලන්ගෙ රෝගී තත්වය වැඩිවෙන නිසා ඔහුව රෝහල් ගත කරන හෙදර් යන්නෙ මෙහි තිර රචකයා හමුවන්න. ඔහු මේ ගැටළුව විසඳන්න යම් උපදෙසක් ලබා දෙනව. වෙස් ගේ තිරපිටපතට අනුව මෙවර ෆ්රෙඩී පරාජය කලහැක්කේ කුමාන අයුරකින්ද? කුඩා ඩිලන් මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?. දැනගන්න කැමති අය චිත්‍රපටය නරඹන්න.

මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ.

 

A Freddy’s Dead: The Final Nightmare (1991) | ෆ්රෙඩීගේ මරණය

Freddy vs. Jason (2003) | ෆ්රෙඩී සමග ජේසන්

New Nightmare (1994) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

161 downloadsDownload A-Nightmare-on-Elm-Street-7-1994.Baiscopelk.com_.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

161 downloadsDownload Subtitles39 KB

10 comments

  1. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  2. Udara Damith B/K

    1

  3. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි.....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  8. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. Amalka Himeshan

    Thanks sub ekata

  10. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!