ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන මම ආවා. මේකත් කොරියානු චිත්‍රපටි ඉතිහාසෙ ඉහළින්ම තියෙන චිත්‍රපටියක්. ඒ නිසා මේකට උපසැරසි නොකර ඉන්න බෑනෙ නේද? ඔයාලත් මේකට කැමති වෙයි කියල මම හිතනවා. මේ චිත්‍රපටිය ගැන කියන්න හුඟක් දේවල් තියෙනවා .මුලින්ම කියන්නම් ම…

ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන මම ආවා. මේකත් කොරියානු චිත්‍රපටි ඉතිහාසෙ ඉහළින්ම තියෙන චිත්‍රපටියක්. ඒ නිසා මේකට උපසැරසි නොකර ඉන්න බෑනෙ නේද? ඔයාලත් මේකට කැමති වෙයි කියල මම හිතනවා. මේ චිත්‍රපටිය ගැන කියන්න හුඟක් දේවල් තියෙනවා .මුලින්ම කියන්නම් මේ චිත්‍රපටිය 2012 පෙබරවාරි 02 තමයි තිරගතවීම ආරම්භ කරේ. පස්සෙ කොරියානු වොන් බිලියන 36.38ක් වගේ ඉහළ ආදාමයක් ලබන්න සමත් වෙලාතියෙනවා. imdb 7.2 ක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය පැය 2යි විනාඩි 14ක් පුරා දිවෙන crime/thriller/drama ගනයට අයත් වෙන්නක්.
කතාවෙ ප්‍රධාන චරිත ගැන කිව්වොත් ඔයාලත් මමත් හොඳින්ම දන්න අය තමයි ඉන්නෙ. ”The Handmaiden, the tunnel, the yellow sea, the chaser, kundo:age of rampant” වගේ දැවැන්ත චිත්‍රපටි වල රඟපෑ හා ජන්ග් වූ වගේම ”Old boy, i saw the devill, new world, the admiral” මේ වගේ දැවැන්ත චිත්‍රපටි රඟපෑ චොයි මින් සුක් තමයි ප්‍රධාන චරිත වෙන්නෙ.එතකොට ”The wailing” චිත්‍රපටියෙ ප්‍රධාන නළු ක්වක් දෝ වනුත් ඉන්නවා. තව තව හුඟක් ඉන්නෙ දැකලා තියෙන අය තමයි. හරි ඉතින් කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි..
1990 ඔක්තොම්බර් 13 දකුණු කොරියාව.”පාතාලයට එරෙහිව යුද්දය” යන රෝහ් ටේ වූ ජනාධිපතිගේ නියෝගයට අනුව. හෝටල් සහඉදිකිරීම් ආයතන වලින් බිලියන ගණනක මුදල් වංචාවට සහ පැහැර ගැනීම් තර්ජන වගේම පහර දීම් වලටත් වැරදිකරු හැටියට බුසන්වල ව්‍යාපාරිකයෙක් වෙන චොයි ඉක් හ්යුන් (Choi Min-sik)ව අත් අඩංගුවට ගන්නවා. මෙයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, හෝටල් අයිතිකරුගෙ ඝාතනයේ අපරාධකාරයා වන කිම් පන් හෝ (Cho Jin-woong) ව භාරව ඉන්නෙ බුසන් මහජන අධිකරණයෙ අභිචෝදක ජෝබොම් සොක්(Kwak Do-won).
මේ චොයි ඉක් හ්යුන් කියන්නෙ 1982 මාර්තු ගනන්වල පගාව ගත්තු පොඩි පොඩි හොර වැඩ කරපු බුසන් පාරිභෝගිකනිලධාරියෙක්.දවසක් මෙයාටයි යාලුවෙක්ටයි අහම්බෙන් කුඩු කිලෝ 10ක් හම්බෙනවා. කොහොම හරි මේක විකුණගන්න කියලා මෙයාල අඳුරන කෙනෙක්ගෙ මාර්ගෙන් මැරයෙක් වෙන චොයි හ්යුන්ග් බේ(Ha Jung-woo) ව මුණ ගැහෙනවා. චොයි ඉක් හ්යුන් දැනගන්නවා මේහ්යුන්ග් බේ කියන මැරයත් තමන්ගෙම පෙළපතින් එන එන කෙනෙක් කියලා. මැරයගෙ තාත්තා එහෙම ඉක් හ්යුන්ගෙ හොඳ යාළුවෙක්. ඉතින් ඉක් හ්යුන් පරණ රස්සාව අත ඇරලා හ්යුන්ග් බේ එක්ක පාතාල වැඩ වලට මැර වැඩ වලට උදව් කරනවා. ඉක් හ්යුන්හුඟක් ලොකු ලොකු මිනිස්සු දන්න නිසා හ්යුන්ග් බේ මැරයත් එයාට කැමති වෙනවා. හ්යුන්ග් බේ මැර බලය ගැන බලාගද්දි ඉක් හ්යුන්මොලෙන් වැඩ ගන්නවා.
අසූ ගනන්වල මැදදි මේ දෙන්නා කිම් පන් හෝගෙ වැයික්කියෙ තියෙන නයිට් ක්ලබ් එකක් බලෙන් පවර ගන්න හදනවා. ඒත් එතනදි හ්යුන්ග් බේවයි අනිත් මැරයින්වයි පොලිසියෙන් අල්ල ගන්නවා. ඒත් ඉක් හ්යුන්ට තියෙන හැඳුනුම්කම් නිසා එතනින් එළියට එන්න පුළුවන් වෙනවා. 1987 මැයි වල ඉක් හ්යුන් සහ හ්යුන්ග් බේ එකතු වෙලා මෙයාලගෙ ව්‍යාපාර තවත් ඉහළට ගෙනියන්න හිතාගෙන කැසිනෝ පටන් ගන්න ජපානෙන් ආපු යකුසා එක්ක එකතු වෙනවා. ඒත් මේ කැසිනෝ තියෙන්නෙත් කිම් පන් හෝ කියන මැරයගෙ පළාතෙ.(වැයික්කියෙ). පන්හෝ හුයින්ග් බේගෙ කල්ලියට තර්ජනය කරලා ඉක් හ්යුන්ටත් එයාගෙ පැත්තට එන්න බල කරනවා.
කල්ලි දෙක අතර තියෙන ආරවුල විසඳන්න හිතාගෙන ඉක් හ්යුන් පන් හෝව හම්බෙන්න යනවා. ඉක් හ්යුන් තමන්ට වැඩිය ඉහළින් යන්න හදන බව හ්යුන්ග් බේට තේරෙනවා. ඉක් හ්යුන්ට හොඳටම ගහලා අවවාද කරලා එයාලගෙ කල්ලියෙන් පන්නලා දානවා. ඉක් හ්යුන්ව ඊට පස්සෙ පොලීසියටත් අහු වෙනවා. අහු වුණාට පස්සෙ තමන්ගෙ ඇඟ බේරගන්න පාතාලෙත් එක්ක මෙයාට තියෙන සම්බන්ධකම් සේරම එළි කරනවා.
කතාවෙ අන්තර්ගතය හුඟක් තියෙනවා. කරදරයක් නැතුව බලන්න පුළුවන්. යම් යම් හේතු නිසා පොඩි ළමයි නොබැලුවොත් තමයි හොඳ. ඉතින් තවත් චිත්‍රපටියකට උපසැරසියක් අරන් එනකම් අදට යන්නම්. ආ.. කලින් චිත්‍රපටි වලට දෙන, දුන්නු ප්‍රතිචාර වලට ස්තූතියි. චිත්‍රපටිය බලලා කමෙන්ට් එකක් දැම්මොත් අනිත් අයටත් බලන්න උදව්වක් වේවි.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Nameless Gangster Rules of the Time (2012) BluRay 720pGanool.com
Nameless Gangster Rules of the Time 2012 Bluray 1080p
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
591 downloadsDownload Nameless-Gangster-Rules-of-the-Time-2012.Baiscopelk.com_.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
19 comments
Kantha_DLA
chamalkalum
Aniwaryenma...
ඉෂාන් මදුෂ
එළ.බොහෝම ස්තුතියි
Seoul Station (2016) එකටත් සබ් දෙනවද සහෝ
මේකේ br පිටපත ඇවිත් දැන් ටිකක් කල්
ජය වේවා!chamalkalum
Issarahata dennam...
ඉෂාන් මදුෂ
නියමයි සහෝ
sura
thanks saho...
mithun
බොහොම ස්තුතියි සහෝ.. මෙකත් බලනව අනිවාර්යයෙන් ඉස්සර හටත් උපසිරැසි කරමූ සුපිරිම එවට ..ඔබට ජය.. මෙක ගන්නව බලලම ඉමු
sanka
thanks...
gayan
thanks mr.korean.keep it up bro...
Rohan
Film eke Link ekak evanna, Please,,
chamalkalum
Link dammata meke waten na saho.man fb ekata dannam.mage nama search karala ganna..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
dilshan
sub eka athulatma torrent file eka dala ewannko ..k
link hoya gnna amaruichamalkalum
Meke torrent ekanam na.. man fb ekata link eka dala thiyenne.awith baganna. Thanks
charuka
යකෝ සුපිරි ඈ.තවත් Korean කතාවක් ඉක්මනටම දෙමු Bro
chamalkalum
Aniwaryenma bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රොයිලි
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ricadodamien
Thank u Very much Chamal brother & baiscope team for the sub, another beautiful korean movie. all the best to baiscope team................
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.