Watch Trailer

The Lost City of Z (2016) with Sinhala Subtitles | ලොවකින් වසන් වූ ‘ඉසෙඩ්’ නගරය [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත…

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් ඇරලා නිදහස් ජීවිතයක් ගත කරන කෙනාට මේ කිසි ප්‍රශ්නයක් නෑ කියලයි මං නම් හිතන්නේ.

අද ලිපිය මේ විදිහට පටන් ගත්තේ පහුගිය මාසය පුරාවට මං බයිස්කෝප් එකට උපසිරැසි නොදෙන්නත් ඒ වගේ කාරණාවක් හේතු උන නිසයි. ඒ වගේම The Lost City of Z (2016) චිත්‍රපටයට වෙනුවෙන් මගේ 23 වෙනි උපසිරැසිය නිර්මාණය කරනකොට මට ඒ කතාවෙන් තේරුම් ගන්න ලැබුණෙත් ඊට සමානම දෙයක් තමයි.

මං හිතන්නේ Miracles from Heaven (2016) චිත්‍රපටයෙන් පස්සේ, මං සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයකට උපසිරැසියක් හදපු පළවෙනි අවස්ථාව මේක. මේ උපසිරැසියේ මුල් භාරකාරයා මං නොවුණත් මේක මට හසන්ත අයියා කරලා දෙන්න කිව්වා. ඇඩ්ඩින් අයියා කෙනෙක්ගෙ වචනය අහක දාන්න බැරි නිසා ඔන්න මං මේක පුළුවන් ඉක්මණට දුන්නා. මේක කරන්න මට සයිඩ් සපෝට් එකක් දුන්න සිසිල සහෝවත් මං මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.

හරි එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. මේ කතාව 20 වෙනි සියවසේ මුල් භාගයේදී උන සිදුවීමක් වටා තමා ගෙතෙන්නේ. පර්සි ෆෝසෙට් (Charlie Hunnam) කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් වරයෙක්. පර්සිගේ දක්ෂ බව නිසාම එයාට ගවේෂණයකට යන්න බ්‍රිතාන්‍ය හමුදාවෙන් නියෝග ලැබෙනවා. හැබැයි මේක යුද්ධයකට යන ගමනක් නෙමෙයි. ඇමසන් වනයේ සැඟවුණු නගරයක් හොයාගන්න අවුරුදු කිහිපයකට යන ගමනක්. පර්සිගෙ බිරිඳ නීනා ෆෝසෙට් (Sienna Miller) තමන්ගේ සැමියාව මේ ගමනට යවන්න කැමති වෙන්නේ නෑ. ඒත් මේ ගවේෂණයේ සාර්ථකත්වය පර්සිගේ උසස් වීම් වලට හේතුවක් වෙන නිසා නීනා වගේම පර්සිත් තමන්ගේ කැමැත්ත බ්‍රිතාන්‍ය හමුදාවට දෙනවා.

පර්සි, කොස්ටින් (Robert Pattinson) සහ මරේ (Angus Macfadyen) ඇතුළු කණ්ඩායමක් හදාගෙන එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම ඇමසන් වනයට ගිහින් “ඉසෙඩ්” නමින් හැඳින්වූ මේ සැඟවුණු නගරය හොයාගන්න උත්සහ කලත් ඒ උත්සහයන් දෙකම අසාර්ථක වෙනවා. පර්සිගේ ඇති නොපසුබට උත්සාහයත් නීනාගෙන් ලැබෙන මිල කරන්න බැරි සහයෝගයත් ශක්තිය කරගෙන ඉසෙඩ් නගරය හොයන්න පර්සි තුන්වෙනි වතාවට යන්නේ තමන්ගේ බිරිඳ අතින්ම ලොකු මහත් කල වැඩිමහල් පුතා ජැක්වත් (Tom Holland) අරගෙනයි. නීනා තමන්ගේ අන්තිම හුස්ම හෙලනකල් සැමියයි වැඩිමහල් පුතයි එනකල් බලන් හිටියත් ඒ දෙන්නා ආපහු ගෙදර එන්නේ නෑ. ඒ එයාලට ඉසෙඩ් නගරය හොයාගන්න පුළුවන් උන නිසාද? නැත්නම් වනචාරීන් අතින් මැරුම් කෑ නිසාද? ඒ තීරණය ඔයාලට බාර කරනවා.

පැය 2ක් සහ විනාඩි 21ක් පුරාවට දිවෙන මේ කතාවේ IMDb අගය 6.8 ක් වෙනවා. චිත්‍රපටය 2016 වර්ෂයට අයත් එකක් උනත් මුලින්ම ප්‍රදර්ශනය කලේ 2017 අවුරුද්දේ මාර්තු මාසයේ ජර්මනියෙයි. මේ කතාව ඇත්ත කතාවක් නිසා කතාවේ වටිනාකම වගේම සංවේදී බවත් වැඩියි. ඒ වගේම චරත තෝරා ගැනීමේ දී අධ්‍යක්‍ෂක James Gray සෑහෙන්න සැලකිලිමත් වෙලා තියනවා. මට ඒක ගොඩක්ම තේරුණේ ජැක්ගෙ මූණ දැක්කම එයා ඇත්තටම පර්සිගෙ පුතෙක් වගේ පෙනුන නිසයි. විශ්වාස කරනවා මේ කතාව වටිනා සිනමා අත්දැකීමක් ඔයාලගේ ජීවිතයට එක්කරාවි කියලා. ඒ වගේම ඒක බැඳීම් වල තියන සුන්දරත්වය වගේම අනියත බවත් ඔයාලට තේරුම් කරලා දේවි.

එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බෙනකල් හැමෝටම ජය වේවා!

The Lost City of Z (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Lost.City.of.Z.2016.720p.BluRay.x264-[YTS.AG]

The.Lost.City.of.Z.2016.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

29,609 downloadsDownload The-Lost-City-of-Z-2016.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

Subtitles

29,609 downloadsDownload Subtitles96 KB

71 comments

  1. devinda

    Ty mcn...Gdk Pin....

  2. නිරෝෂ්

    ස්තුතියි චාමි සහෝ.ජයවේවා !

  3. Kavishka Vikum

    thnx

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Praneeth priyadarshana

    Balan hitiye tks saho

  6. අසිත

    shok dan rank ekakuth denawa ne
    patta

  7. Kasun Widusha

    Tnx mchoo

  8. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  10. prabodha

    Thank u bro...

  11. dilruwan

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!
    Serendipity (2001) මේ ෆිල්ම් එකට උපසිරස දෙන්න පුලුවන්ද ත්

  12. Dilan

    Supirima film ekak saho.jaya wewa saho.

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ

  15. muditha

    good job chami...

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. kavi

    thenks saho sub ekata

  18. chathura layantha

    Thanks

  19. sanath indika

    thx broo

  20. Malinda

    මේ කියන Z නගරය සැබෑවටම හඳුන්වන්නේ එල් ඩොරාඩෝ කියල. පොතක් තිබුනා මේ එල් ඩොරාඩෝ පුරාවෘත්තය, ෆොසේට්ගේ ඉරණම සහ ඔහුගේ අතුරුදහන් වීමෙන් පසු සිදුවීම්.

    ස්තුතියි සබ එකට.

  21. mindika

    THANKS !!!!!!!!!!!!

  22. bandara

    Thanks Lot.God bless You

  23. Rajitha

    Thanks machan......jayawewa.....!

  24. Lakshan

    Thanks for the sub.

  25. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  26. kevin D...

    very thankz...

  27. tharangani

    thanks for sub

  28. A Mune Munasinghe

    ඉස්තුති සහෝ..

  29. silent$

    Thnxxxxxxxxxxxxxx

  30. Nelson

    Good Work Friend, Thanks!

  31. dulitha hashan

    tnxxxxx sub ekataa

  32. para

    thnx brooooooooooo

  33. Risith

    alfred hitchcock mahathage North by Northwest film eke උපසිරසි denna puluvn nm godak vatieeeee......

  34. chinthaka

    thank u bro..!

  35. Lushan Kuruppu

    thanks bro!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Dulanga

    Thanks

  38. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

    1. Chamikara Vidanage

      බොහොම ස්තූතියි මල්ලි

  39. sudarshana fernando

    niyamai chamikara aiye supiri filumak sinhala sube ekata thanks digatama sube karanna ...jayawewa.....///

  40. Suu

    ඉස්තුතියි අයියේ....සබට......දිගටම කරමු...ජයෙන් ජය.....

  41. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  42. keshan

    thanks bro

  43. බුද්ධික

    මන් දන්න පොඩි දෙයක් කියන්නම් පර්සි ෆොසෙට් දේශ ගවේෂණයට අත් පොත් තියන්නෙ ලංකාවේ දී හමුදා සේවය කරද්දි කරලු පොඩි පොඩි ගවේෂණ වලින්

    1. charaka milan wickramasinghe

      එළ

  44. chathura layantha

    බොහොම ස්තූති

  45. තාරක

    තැන්කු සබට... ජය වේවා....!!!

  46. Mithun

    ෆිල්ම් එක අරගෙන ඉවරයි දැනටමත්
    ඔයාට කමෙන්ට් එකක් නොදිම බැරි නිස ඔන්න දැම්ම සුපිරියක් වගේ මෙක නම් ගොඩක් ස්තුතියි සහෝ සබ් දැම්මට

  47. Lahiru

    thanks thanks mchan kiyanna wachana ne. sub eka dakka gaman angata mokakda una wage bn meka enakan iwasillak nathuwa hitiye

  48. Lahiru

    thanks machn....

  49. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  50. lakshan

    thanks

Load more comments