Watch Trailer

The Monk and the Gun (2023) Sinhala Subtitles | සංක්‍රාන්තිය [සිංහල උපසිරැසි]

The Monk and the Gun (2023) Sinhala Subtitles ආයුබෝවන්. අද ඔබට ගෙන එන්නේ ඉතා කෙටි සිනමා ඉතිහාසයක් තියෙන අපේ කලාපයේම රටක් වන භූතානයේ චිත්‍රපටයක්. සුළු කොට හිතන්න එපා පසුගිය වසරේ ඇකඩමි සම්මාන උළෙලට භූතානය විසින් ඉතිරිපත් කල මේ චිත්‍රපටයට විවිධ රට වලින් විශාල ප්‍රසංශා හිමි උනා. භූතාන සිනමා කර්මාන්තය ආ…

The Monk and the Gun (2023) Sinhala SubtitlesThe Monk and the Gun (2023) Sinhala Subtitles

ආයුබෝවන්. අද ඔබට ගෙන එන්නේ ඉතා කෙටි සිනමා ඉතිහාසයක් තියෙන අපේ කලාපයේම රටක් වන භූතානයේ චිත්‍රපටයක්. සුළු කොට හිතන්න එපා පසුගිය වසරේ ඇකඩමි සම්මාන උළෙලට භූතානය විසින් ඉතිරිපත් කල මේ චිත්‍රපටයට විවිධ රට වලින් විශාල ප්‍රසංශා හිමි උනා. භූතාන සිනමා කර්මාන්තය ආරම්භ වන්නේ 1989 වාගේ කාලෙක. 1999 දි Khyentse Norbu  නම් ලාමා වරයා අධ්‍යක්ෂනය කරන ලද The Cup නම් චිත්‍රපටය ලෝක අවදානය හිමි උනා. ඉන්පසු නෝබු සම්මානනීය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂනය කලා. එහෙමයි භූතාන සිනමාව ලෝකයට පිවිසෙන්නෙ. මේ වෙනකොට ලෝකයේ අවධානයට පාත්‍ර වුන චිත්‍රපට කීපයක්ම භූතානය නිපදවා තිබෙනවා. බොහොමයක් හවුල් නිශ්පාදන.

මේ සියවස වෙනකල්ම ලෝකයට නිරාවරනය නොවුනු මේ කුඩා රාජ්‍යය පාලනය කලේ වන්චුක් නැමති රජ පෙළපත විසින්. ඉතා අවම අවශ්‍යතා වලින් යුතු මෙහි ජනතාව ඔවුන් අදහන බෞද්ධ දරශනයට අනුව ඉතා සතුටින් දිවි ගෙව්වා. එහෙත් කෙමෙන් කෙමෙන් නවීන ලෝකය සමග පෑහීමට ඔවුන්ටත් සිදු වෙනවා. රූපවාහිණිය අන්තර්ජාලය ඔවුන්ව සෙසු ලෝකය නෙත් හැර බැලීමට කවුළුවක් බවට පත් වෙනවා. මේ සමගම තම රාජකීය පාලන බලතල ජනතාව වෙත පවරා දීමට රජු තීරණය කරනවා.

මේ කතාවට පාදක වෙන්නේ ඒ සංක්‍රාන්ති කාල සීමාව. රජය වහ වහා නව නායකයෙක් පත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. සෙසු ලෝකය භුක්ති විඳින ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නැමැති ඒ සුවිශේෂී ක්‍රමය තම වැසියාට හඳුවා දීමට රජය උත්සාහ කරන අතර ඒ අනුව මහ මැතිවරණයකට ජනතාව හුරු පුරුදු කිරීම සඳහා ආදර්ශ මැතිවරන සූදානම් කරනවා. මේ සංක්‍රාන්තිය සාමාන්‍ය වැසියාට කෙසේ බලපායිද? මේ සිනමා පටය එම තත්වය ඉතා අපූරු ලෙස විග්‍රහ කරනවා. කෙසේ වෙතත් මේ කතාවේ මූලික අංගය ලාමා වරයෙක් තුවක්කුවක් ලබා ගැනීම සඳහා කරන ලද උත්සාහයක්. විශේෂයෙන්ම මේ සංක්‍රාන්ති සමයක හාමුදුරු නමකට තුවක්කුවක් මොකටද?  ඒ හා බැඳුනු පුද්ගලයින් කවුද?

Pawo Choyning Dorji නම් තරුණ අධ්‍යක්ෂක වරයාගේ කුළුඳුල් චිත්‍රපටය වන Lunana: A Yak in the Classroom නැමති චිත්‍රපටය 2019 ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ චිත්‍රපටයට නොමිනේට් උනා. මේ ඔහුගේ දෙවන කෘතියයි.  එයත් මෙවර ඇකඩමි සම්මාන උළෙලට ඉදිරිපත් උනා. මෙය භූතානය, තායිවානය, ප්‍රංශය, එක්සත් ජනපදය සහ හොංකොං අතර සම-නිෂ්පාදනයක්. ඉතින් මේක බැලිය යුතු චිත්‍රපටයක් හැටියට මම යෝජනා කරනවා.

ළඟ එන අළුත් අවුරුදු සමය වෙනුවෙන් අපි ලස්සන චිත්‍රපට කීපයක් අරන් එනවා. බලාපොරොත්තුවෙන් ඉන්න

හමු වෙමු. ආයුබෝවන්

The Monk and the Gun (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRIP පිටපත් සඳහා වලංගු වේ.

3,339 downloadsDownload The-Monk-and-the-Gun-2023.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Monk and the Gun (2023) Sinhala Subtitles The Monk and the Gun (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

3,339 downloadsDownload Subtitles36 KB

7 comments

  1. රුවිශාන්

    මේක නම් සබ් දෙයි කියල හිතුවෙත් නැහැ.
    බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට!

  2. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට...
    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටයි බයිස්කෝප් ටීම් එකටයි.....

  3. Lochana

    Thank you broo...

  4. Anonymous

    සුපිරි මෙ වගෙ කතා වලට තව සබ් දෙන්නකො. භුතාන් වයිබ් එකෙ කතා නම් පට්ට. රිලෑක්ස් එකෙ බලන්න පුළුවන්

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤