Watch Trailer

The Mummy’s Hand (1940) Sinhala Subtitles | මමීගේ හස්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක්, නිරෝගිමත් දවසක් වේවා හැමෝටම. The Mummy චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒ කියන්නේ 1932 තිරගත වුන The Mummy චිත්‍රපටයට පස්සේ 1940 දී දෙවන මමී චිත්‍රපටය තිරගත වෙනවා. The Mummy‘s Hand ඇඩොහෙබ් නම් ඊජිප්තු ගුප්ත විද්‍යාඥයෙකුට ඔහුගේ උත්තම පූජකයා විසින් කරිස් නම් මමියක් ආරක්ෂා කිරීමට නියෝග…

ආයුබෝවන්… සුබ දවසක්, නිරෝගිමත් දවසක් වේවා හැමෝටම.
The Mummy චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒ කියන්නේ 1932 තිරගත වුන The Mummy චිත්‍රපටයට පස්සේ  1940 දී දෙවන මමී චිත්‍රපටය තිරගත වෙනවා.

The Mummy‘s Hand

ඇඩොහෙබ් නම් ඊජිප්තු ගුප්ත විද්‍යාඥයෙකුට ඔහුගේ උත්තම පූජකයා විසින් කරිස් නම් මමියක් ආරක්ෂා කිරීමට නියෝග කරනවා. මේ අතර පුරාවිද්‍යාඥයින් වන ස්ටීව් බැනින් සහ බෙබ් ජෙන්සන් අනන්කාගේ සොහොන් ගෙය ගැන හෝඩුවාවක් ලබාගන්නවා. මේ ගැන ගවේෂණය කරන්න මුදල් සම්පාදනය කරගන්නේ සොල්වානී නම් මැජික් සංදර්ශනකරුවෙක්ගෙනි. ඒ මෙයින් ලැබෙන වස්තුවෙන් සම කොටසක් ඔහුටත් ලැබෙන බව පවසමිනි. අනන්කාගේ සොහොන ගවේෂණය කරන මොවුන්ට කරිස්ගේ සොහොන මෙන්ම කරිස්ගේ මමියද හමුවෙනවා. කරිස් යනු වසර ගණනාවකට පෙර අනන්කාගේ පෙම්වතා වන අතර දැන් අනන්කාගේ සොහොන් ගේ ආරක්ෂකයාය.
මේ සියල්ල අතරින් මේ ගවේෂණ කණ්ඩායම දිවි බේරාගෙන එන කතා පුවත තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ.

චිත්‍රපටයේ ස්ටීව් බැනින් ලෙස Dick Foran, බෙබ් ජෙන්සන් ලෙස Wallace Ford, මහාචාර්ය ඇන්ඩෙහොබ් ලෙස George Zucco, ටිම් සුලිවන් ලෙස Cecil Kellaway සහ ඔහුගේ දියණිය මාර්තා ලෙස Peggy Moran ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වේ.

මෙම චිත්‍රපටය Christy Cabanne විසින් අධ්‍යක්ෂනය කල ඇමරිකානු කලු සුදු ත්‍රාසජනක චිත්‍රපටයකි. යුනිවර්සල් පික්චර් සමාගම වෙනුවෙන් Ben Pivar නිෂ්පාදනය කලේය. කතාව Griffin Jay විසිනි. තිර රචනය Griffin Jay සහ Maxwell Shane විසිනි.

චිත්‍රපටය සඳහා පළමු චිත්‍රපටය වන The Mummy චිත්‍රපටයේ ඇතැම් රූප රාමු දර්ශණ ඒ ලෙසම මේ චිත්‍රපටය සඳහාද යොදාගෙන ඇත. 1940 සැප්තැම්බර් 20 වන දින තිරගතවීම ආරම්භ වුන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ. ඩොලර් 80,000 ක් ලෙස මුලින් ගණන් හදා තිබුණත් චිත්‍රපටය නිෂ්පාදනයේ අවසානයේ තවත් වැඩිපුර ඩොලර් 4000ක් වියදම් වී ඇත.

විනාඩි 67ක ධාවන කාලයකින් යුත් The Mummy‘s Hand චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.1ක් සහ Rotten Tomatoes 67%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 87%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,062 downloadsDownload The-Mummys-Hand-1940.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,062 downloadsDownload Subtitles37 KB

6 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request...

    Murder - 1930

    M - 1931

  2. indika75

    thanks..

  3. Priyantha Dayakeerthi

    රොෂාන් ජයසිංහ සොයුර,
    අහලා තිබෙන සිනමාපටයක්.
    සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි,
    ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරනා මහඟු සේවයට මාගේ ස්තුතිය පුද කරමි, ඔබට ජය!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.